Divaina - ඩොනල්ඞ් ජයන්ත ගේ කලා දිවියට වසර 35 යි... එදා විජය කුමාරතුංගගේ ඉඳන් මෙදා හේමාල් එක්කත් වැඩ කළා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

doland1

 

* චිත‍්‍රපට 58 ක් සහය අධ්‍යක්‍ෂණය කළා

* පූජා චිත‍්‍රපටයේ රූගත කිරීමකදී පෝරකය කඩාගෙන බිමට වැටුණා

ඩොනල්ඞ් ජයන්ත කිව්වහම සිනමා ක්‍ෂේත‍්‍රයේ කවුරුත් හොඳින් දන්න නමක්. හරියට ගහට පොත්ත වගෙයි. ශී‍්‍ර ලාංකීය සිනමාවේ වැඩිම චිත‍්‍රපට සංඛ්‍යාවකට සහය අධ්‍යක්‍ෂණයෙන් දායක වී ඇත්තේ ඩොනල්ඞ් ජයන්ත. මේ වෙනකොට ඔහු චිත‍්‍රපට 58 ක් සහය අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ප‍්‍රවේගය අධ්‍යක්‍ෂණය කරමින් සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසුණා. ඒ වගේ ඔහු අධ්‍යක්‍ෂණය කළ මායාද ලොකු කතාබහකට ලක්වුණා. ඩොනල්ඞ් මේ දක්වා පැමිණි ගමන් මඟ වසර 35 ක්. ඊට උපහාරයක් වශයෙන් ඔහු උපන් ගමේ දෙනියාය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපහාරයක් ද සංවිධානය කරල තියෙනවා. වසර 35 ක ඔහු පැමිණි ගමන් මගේ මතක සටහන් මෙලෙස අපට දිගහැරියා.

ඩොනල්ඞ් ජයන්ත සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත්

පාසල් යන කාලේ ඉඳන් මට පුදුම ආසාවක් තිබුණා කවදාහරි දවසක චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඒ කාලේ මම අධ්‍යක්‍ෂවරු ගණනාවකට ලිපි ලිව්වා. නමුත් ඒ කිසිම ලිපියකට පිළිතුරු ලැබුණේ නැහැ. ඒ කාලේ වාණිජ චිත‍්‍රපටවල බොක්ස් ඔෆිස් අධ්‍යක්‍ෂවරු වන යසපාලිත නානායක්කාර, ජේ. සෙල්වරත්නම්, ලෙනින් මොරායස් වගේ අයයි. මම ඒ දවස්වල ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකාගේ චිත‍්‍රපට හරියට බලනවා. මට ඉස්කෝලේ කාලේ කිව්වේ පිච්චර් පිස්සා කියලා. මම ඉගෙන ගත්තේ මාතර දිස්ති‍්‍රක්කයේ කොටපොළ ජාතික පාසලේ. ඒ කාලේ මගේ ලෝකේ වීරයා තමයි ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකා ඉන්න චිත‍්‍රපට 10.30, 2.30, 6.30 ත් බලනවා. මම මේ ගමන අතහැරියේ නැහැ. ඉස්කෝලෙන් ගුටි කාපු වාර අනන්තයි. ඔහොම ඉන්නකොට මගේ අම්මාගේ මාර්ගයෙන් ධර්මසිරි ගමගේව මට මුණගැහෙනවා. ඊට පස්සේ ඔහු මට අම්මා අතේ පණිවුඩයක් එවලා තිබුණා මට එන්න කියලා. ඔහු ඒ දවස්වල යොවුන් ජනතා පත‍්‍රයේ කර්තෘ. ඔහුගේ තිබුණ පහන් ටැඹ කියලා ටැබ්ලොයිඞ් පත්තරයක්. මම ඒකට සම්බන්ධ වුණාට පස්සේ කිව්වා මගේ චිත‍්‍රපටයක් තියෙනවා යස ඉසුරු කියලා ඒකට සහායකයෙක් විදියට සම්බන්ධ වෙන්න කියලා.

ඔබ ඊට පසුව සම්බන්ධ වුණාද?

ඔව්. මම සම්බන්ධ වුණා. මම පූජා චිත‍්‍රපටයේ දෙවන සහාය අධ්‍යක්‍ෂවරයා විදියට තමයි සම්බන්ධ වුණේ. ඒ චිත‍්‍රපටයේ තමයි මගේ සිනමා doland3ලෝකයේ වීරයා මුණගැසුණේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, ගාමිණී ෆොන්සේකා. මේ චිත‍්‍රපටයේ විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා පවා මුහුරත් උළෙලේදී මට හමුවුණා. ඊට පස්සේ මට ධර්මසිරි ගමගේ කතා කරලා කිව්වා ගාමිණී ඔයාට පුදුම කැමැත්තක් මෙයා ළඟ තියෙන්නේ ඉතිං මම මේ වැඬේට සම්බන්ධ කර ගත්තා. ඊට පසුව ගාමිණී ෆොන්සේකා ඇහැව්වා තමුන් මොනවාද මේ චිත‍්‍රපටයේ කරන්නේ කියලා. මම කිව්වා සර් මම දෙවන සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට අයි. එම් හේවාවසම් මහත්මයා සමග වැඩ කරනවා කියල. ඒ වෙලාවේ මම කිව්වා ඉදිරියේදී මම දෙවන සහාය අධ්‍යක්‍ෂවරයත් වෙන්න කැමැතියි කියලා. ගාමිණී කිව්වා ඉවසීම හා කැපවීම තියෙනවා නම් මේ ගමන යන්න පුළුවන් කියල. හෙමින් යන්න කියලායි කිව්වේ. මගේ ජීවිතයට ඒ වචනය ලොකු ධෛර්යක් වුණා. එදා ඉඳලා මම චිත‍්‍රපට 58 ක් මම සහාය අධ්‍යක්‍ෂණය කළා.

 

doland3doland4



doland6

 

සහාය අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට මොනවා ද කිව්වොත්?

doland2

82 තමයි යස ඉසුරු කළේ. ඊට පසුව 85 දී පූජා කළා. 87 දී තමයි දැහැන චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ. ඒ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ පි‍්‍රයන්ත කොළඹගේ. ඔහුගේ පළමු චිත‍්‍රපටය.

දෙවන සහාය අධ්‍යක්‍ෂවරයා වශයෙන් චිත‍්‍රපට කීයක වැඩ කළාද?

මම ඇත්තටම පූජා චිත‍්‍රපටයේ විතරයි දෙවන සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට වැඩ කළේ. නමුත් මම මෙතැන කට්ට කාලා හොඳට ඉගෙන ගත්තෙ. හැම දර්ශන තලයකටම ගියා කොහොමද රූපගත කිරීම් සිදුවන්නේ කියලා. ඒ යන හැම දර්ශන තලයකදීම මම ගාමිණී - මාලනී හමු වුණා. ඇත්තටම ගාමිණී ෆොන්සේකා මැරෙනකම්ම මාත් එක්ක හරි මිත‍්‍රත්වයෙන් හිටියා.

ඔබ ගාමිණී සමග වැඩ කරන්න ඔහුගෙන් අවස්ථාවක් ඉල්ලූවේ නැද්ද?

නැහැ.
ඇයි ඒ?

ඇත්තටම ඒකට හේතුව තමයි මම ආදරය කරන වීරයාගෙන් අවස්ථාවක් ඉල්ලලා බැරි වෙලාවත් ගාමිණී මහත්තයා මට කිව්වොත් ඔයාට අවස්ථාවක් දෙන්න බැහැ කියලා එතකොට මට දුක දැනෙනවා. එතකොට මම ඔහුට ආදරය කරන එක ගිලිහී යයි කියලා හිතුණා. ඒ නිසා මම අවස්ථාවක් ඉල්ලූවේ නැහැ.

යස ඉසුරු, පූජා ගෙන් පසුව ඔබේ සහාය අධ්‍යක්‍ෂක කාර්යයට මොකද වුණේ?

මම ඒ කාලේ ගොඩක් ටෙලිනාට්‍යවල වැඩ කළා. ඊට පසුව 1986 දැහැන චිත‍්‍රපටය තමයි වැඩ කළේ. 1990 වසරේ මම මහමෙර උසට කියලා චිත‍්‍රපටයක වැඩ කළා. ඊට පස්සේ ගිනි අවි සහ ගිනි කෙළි චිත‍්‍රපටයේ වැඩ කළා. එතැන් පටන් මම නොකඩවා චිත‍්‍රපට 57 ක් සහාය අධ්‍යක්‍ෂණය කළා.

ඔබ වැඩ කළ ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

එක ගෙයි කුරුල්ලෝ, සාගරය පරදා, රැකවරණය කියන ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කළා. 1990 වසරේ මම ටෙලිනාට්‍ය කලාවෙන් බැහැර වුණා.

ඇයි ටෙලිනාට්‍ය කලාවෙන් බැහැර වුණේ?

මම ඇත්තටම සිනමාවට කැමතියි. මගේ සිහිනය වගේම ආසාව තිබුණේ සිනමා කාර්මික ශිල්පියෙක් වෙන්න.

ටෙලි නාට්‍ය කලාවේදී ඔබට මුණගැහුණ අධ්‍යක්‍ෂවරු ගැන මතක් කළොත්?doland6

අසෝක සේරසිංහ තමයි මට මුලින්ම කතා කරලා රැකවරණය ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කරන්න කියලා කිව්වේ. ඊට පස්සේ ඔහුගේ නිසැක විය යුතුමයි ටෙලිනාට්‍යයේ වැඩ කළා. ඊට පස්සේ මම උදයකාන්ත ගේ එකගෙයි කුරුල්ලෝ සාගරය පරදා, සෙනෙහසේ ගීතය කියන ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කළා. හිමාලි ජිනදාස ගේ සුරලොව කියලා ටෙලිනාට්‍යයක වැඩ කළා.

වැඩිපුර සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදියට වැඩ කළේ කාත් සමගද?

මම උදයකාන්තගේ චිත‍්‍රපට විසිහතරේම සහාය අධ්‍යක්‍ෂවරයා විදියට වැඩ කළා.

උදයකාන්තව ඔබට මුණගැසුණේ කොහොමද?

ඇත්තටම මට උදයකාන්තව මුණගැසුණේ පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්‍ෂවරයා හරහායි. ඉතිං උදයකාන්ත ගේ පළමු චිත‍්‍රපටයෙන් සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට කටයුතු කළේ මම. ගොඩක් පළමු අධ්‍යක්‍ෂවරුන්ගේ සහාය අධ්‍යක්‍ෂවරයා වුණේ මමයි.

කවුද ඒ අධ්‍යක්‍ෂවරු කිව්වොත්?

චන්න පෙරේරාගේ, ටෙනිසන් කුරේගේ, ධම්මික සිරිවර්ධනගේ, රංජන් රාමනායකගේ වැනි අධ්‍යක්‍ෂවරුන් ගේ චිත‍්‍රපටවල. ඒ හැම චිත‍්‍රපටයක්ම බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා. මම වාණිජ චිත‍්‍රපටවලට හරි කැමැතියි. පිටපතක් කියවලා ඒ චිත‍්‍රපටය මට හොඳ නැහැ කියලා හිතුණොත් මම ඒ චිත‍්‍රපටයේ වැඩ කරන්න

භාරගන්නේ නැහැ. මම කියනවා බැහැ කියලා.

ඔබ කැමති මොන වගේ අධ්‍යක්‍ෂවරු සමග වැඩ කරන්නද?

මම පැරණි සහ නවක අධ්‍යක්‍ෂවරු සමග වැඩ කරන්න කැමතියි. මොකද මම ඕනෑ අධ්‍යක්‍ෂවරයෙක් සමග වැඩ කිරීමේදී මට ආසයි ඔවුන්ගේ තිබෙන දක්‍ෂතාවයන් මට දැනගන්න. මම ඒකයි සහාය අධ්‍යක්‍ෂණය කරන්නේ. මට අධ්‍යක්‍ෂණය කරන්න ඕනෑ තරම් පුළුවන්. අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න මට නිෂ්පාදකවරුන් ඉන්නවා. මම ඊට වඩා කැමතියි එක් එක් අධ්‍යක්‍ෂවරු සමග වැඩ කරලා ඔවුන්ගේ දැනුම මට ලබාගන්න. මට ඒක ප‍්‍රවීණ ද නවක ද කියලා අදාළ නැහැ.

ඇත්තටම ඔබ චිත‍්‍රපට කීයක සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට වැඩ කරලා තියෙනවාද?

උදයකාන්තගේ ප‍්‍රසිඩන්ට් සුපර් ස්ටාර් කියන්නේ මම සහාය අධ්‍යක්‍ෂණය කරපු 57 වැනි චිත‍්‍රපටය.

ගොඩක් සහාය අධ්‍යක්‍ෂවරු චිත‍්‍රපට 2 ක් 3 ක් සහාය අධ්‍යක්‍ෂණය කරන කොට අධ්‍යක්‍ෂණයට පිවිසෙනවා. ඔබ එයට ඇයි වැඩිපුර නැඹුරුවක් නැත්තේ?

මගේ අරමුණක් තිබුණා. මම හැම තිස්සේම අරමුණකට වැඩ කරපු කෙනෙක්. මගේ බලාපොරොත්තුවක් තිබුණා චිත‍්‍රපට පනහක් කරනකම් අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ නැහැ කියලා. පනහක් සහාය අධ්‍යක්‍ෂණය කරලා පනස් එක්වැනි එක තමයි අධ්‍යක්‍ෂණය කළේ.

ඔබත් සමග කතා කරන කොට ප‍්‍රවේගය ගැන කතා නොකරම බැහැනේ?

මම ඉස්සර චිත‍්‍රපට බලනකොට මිනිස්සු විසිල් ගගහ ගගහ තමයි බැලූවේ. ඉතිං මමත් විසිල් ගැහැව්වා. මට ඕනෑ වුණා කවදාහරි දවසක මම අධ්‍යක්‍ෂණය කරන චිත‍්‍රපටයක් දකින්න. මම ඒක ඇස් දෙකට දැක්කා. මම සමහර සිනමා ශාලාවලට යනකොට හැම සිනමා ශාලාවකම කළමනාකරු කිව්වේ අවුරුදු තිහකට පස්සේ මිනිස්සු විසිල් ගහලා බලපු චිතපටය තමයි ප‍්‍රවේගය කියලා.

ප‍්‍රවේගය සිනමාවේ ලොකු වෙනසක් කළා කියලා ඔබට විශ්වාසද?

අපි එදා ලෙනින් මොරායස්ගේ චිත‍්‍රපටවල දැකපු සටන් ජවනිකාවලට වැඩිය වෙනස් සටන් ජවනිකා තමයි ප‍්‍රවේගයට යොදා ගත්තේ. ඒක නිසයි ඒ චිත‍්‍රපටය සාර්ථක වුණේ.

ගොඩක් දෙනෙක් කිව්වේ ප‍්‍රවේගය කොපියක් කියලා?

එදා අපේ සිංහල චිත‍්‍රපට ගත්තොත් මාතලන්, එදත් සූරයා අදත් සූරයා, ජය සිකුරු, නැවත හමුවෙමු වගේ ඒවා දමිළ චිත‍්‍රපටවල පිටපත් 70 දශකයේ 80 දශකයේ කරපු ගොඩක් චිත‍්‍රපට ටැමිල් කොපි. හැබැයි කාබන් කොපි නෙමෙයි. නමුත් ප‍්‍රවේගය කියන්නේ කාබන් කොපියක් නෙමෙයි ඒක හැදුවේ අපිට ආවේණික විදිහට.

ඔබේ දෙවන අධ්‍යක්‍ෂණය මායා. මේ වෙලාවේ ඒ ගැනත් කතා කරමු නේද?

ඔයා කියන්නේ ටැමිල් කොපියක් කාංචනා කියන චිත‍්‍රපටයේ කොපියක්. ඒක මම මීට කලින් මාධ්‍යයට කිව්වා. නමුත් කාබන් කොපියක් නෙමෙයි. හැබැයි එහෙම වුණා කියලා ඒක පේ‍්‍රක්‍ෂකයෝ ප‍්‍රතික්ෂේප කළේ නැහැ. එදා සිනමාවෙත් හින්දි, දමිළ කතා සිංහලට ඕනෑ විදිහට සකස් කරගෙන ලංකාවේ රූගත කළේ. කොහොමත් ප‍්‍රවේගය මායා කාබන් කොපි නෙමෙයි ඉස්සරහටත් මම චිත‍්‍රපටයක් හදාගෙන යනවා.

ඩොනල්ඞ් ජයන්ත සිනමාවට හඳුන්වා දුන් අලූත් මුහුණු එහෙමත් ඇති නේද?

ප‍්‍රවේගය චිත‍්‍රපටයෙන් හේමාල් ආවා. ගොඩක් මම සහාය අධ්‍යක්‍ෂණය කරපු චිත‍්‍රපටවල අලූත් මුහුණු හිටියා. හේමාල් දක්‍ෂ රංගන ශිල්පියෙක් වගේම ස්ටාර් වැලිව් එකක් තියෙන නළුවෙක්. මම එදා විජය කුමාරතුංගගේ ඉඳන් මෙදා හේමාල් එක්කත් වැඩ කරලා තියෙනවා.

සහාය අධ්‍යක්‍ෂණ කාර්යයේදී ඔබ මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් මතක් කළොත්?

මගේ ජීවිතේ නැතිවෙන්න අවස්ථා ගොඩක් තිබුණා. පූජා චිත‍්‍රපටයේදී පෝරකයේ රූගත කිරීම් කරන කොට මම පෝරකයේ ලෑල්ල උඩ ඉන්නකොට වේෂ නිරූපණ ශිල්පි රංජිත් මතඟවීර ලිවර් එකට පයින් ගහලා පෝරකයත් කඩාගෙන බිමට වැටුණා. ප‍්‍රභාකරන් චිත‍්‍රපටයේ මමයි කැමරා ශිල්පි ජයනාත් ගුණවර්ධනගේ කැමරා එකේ ඉන්නකොට හමුදාවෙන් බෝම්බයක් පුපුරණ දර්ශනයක් රූගත කළේ. ඔවුන් දන්නේ නැහැ අපිට ඕනෑ විදිහට පුපුරවන්න. ගහක අයිනේ තියලා පුපුරවපු බෝම්බයක් හින්දා ගහේ අත්තක් කඩාගෙන ඇවිත් අපි දෙන්නගේ ඔළුවට වැටුණා. ජීවිතේ බේරුණේ අනූ නවයෙන්. ඒ වගේම බහුභාර්යා චිත‍්‍රපටයේදී සංගීතා වීරරත්නට කන්දක් උඩට ගිහින් පෙරළෙන දර්ශනයක් කළා. ඒක කළේ උඩිස්පත්තුවේදී. මම තමයි උඩට අරන් ගියේ. උඩ ඉඳන් ආපහු බහිනකොට කඹය කඩාගෙන බිමට වැටුණා. වන් ෂොට් චිත‍්‍රපටයේ කෝච්චියේ හැපෙන දර්ශනයක් ගන්න තිබුණා. අනුරාධපුරයේ තමයි රූගත කිරීම් කළේ. ඒ වෙලාවෙත් මම අනූ නමයෙන් බේරුණේ. බස් එක කෝච්චියේ හැපිලා කඩාගෙන මම ඉන්න පැත්තට ආවා. මම පැනලා දුවලා තමයි බේරුණේ.



විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles