Divaina - යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සමග සකල ගුරු පුංචි තිරයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

yanthara2

* අපේ ජීවිතයේ අඩුපාඩු අපිටම දකින්න පුළුවන් -- අධ්‍යක්‍ෂ - ටිකිරි රත්නායක
 
 
yanthara1ටෙලි නාට්‍යයට නියාමනයක් නැති අපේ රටේ පුංචි තිරය ආක‍්‍රමණය කර ඇති ඉන්දියානු ටෙලි නාට්‍යයට තරගයක් දෙන්න, අභියෝගයක් වෙන්න අපේම ටෙලි නාට්‍යයක් බිහි වෙන්නෙ ඉඳහිට වගේ. එහෙම බිහිවෙන ටෙලි නාට්‍ය ප‍්‍රදර්ශනය කර ගන්නත් කන්න වෙන්නෙ ලොකු කට්ටක්.
 
 ටිකිරි රත්නායක කියන්නෙ අපේ ටෙලි නාට්‍ය කලාව පවත්වාගෙන යන්න දශක දෙකක කාලයක ඉඳන් ලොකු කැප කිරීමක් කරන අධ්‍යක්ෂවරයෙක්. ‘හිම කුණාටු. වෙන් පටන් ගෙන සති පූජා, ගංදෑල නිසලයි, ඇත්කඳ ලිහිණි, සංඛපාලි, මුතුකුඩ, ආදරණීය පූර්ණිමා ගෙන් පස්සෙ අද ඔහු ‘සකල ගුරු. ඔබ ඉදිරියට කැඳවාගෙන ඇවිත්. භූත බලවේග, දේව බැල්ම ආදී පැරණි සමාජයේ මුල් බැසගෙන තිබූ විශ්වාසයන් සහ අද සමාජයේ ද අඩුවක් නැතිව දකින්නට ලැබෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සමග සකල ගුරු පුංචි තිරයට රැුගෙන එන්නට ටිකිරි රත්නායක දැරූ වෑයම ගැන අපිට කිව්වේ මෙහෙමයි.
 
 ඇත්තටම අපිට ඕන වෙලා තිබුණේ ආදර කතාවලින් එහාට ගිය වෙනස්ම දෙයක් කරන්න. අපිට කිව්වේ මටයි සකල ගුරු පිටපත් රචක චින්තන පීරිස්ටයි තමයි මේ වුවමනාව ලොකුවටම තිබුණේ. කොහොම හරි අවසානයේ අපි කතා වුණේ ප‍්‍රහසනයක් කරන්න. ඒ නිකම්ම කතාවක් විදිහට නෙවෙයි. අපේ ජීවිතයේ අඩුපාඩු අපිම දැකලා, අපි අපිටම හිනා වෙන්න පුළුවන් දෙයක් කරන්නයි උත්සාහ කළේ.
 
 මොකද අද වෙනකොට ඉන්දියානු ටෙලි නාට්‍ය රැල්ල අපේ පුංචි තිරයේ පදිංචි වෙලා. බලහත්කාරයෙන් පේ‍්‍රක්ෂකයන්ට පෙන්වන තත්ත්වයට පත් වෙලා. ඉතින් මේ රැල්ලත් එක්කයි අපිට තරග කරන්න වෙලා තියෙන්නෙ.
 
 විශේෂම දේ වෙන්නෙ මේ දේ නිසා අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට වැඩ නැති වෙලා. ඔවුන්ට ලොකු පහරක් වැදිලා. මේක ඛේදවාචකයක්.
 
 මේ වගේ පසුබිමක අපි ගත්ත උත්සාහය මේ වෙනකොට ගොඩක් දුරට සාර්ථකයි. කොහොම වුණත් ‘සකල ගුරු. කොටස් සියය ඉක්මවා යාවි කියන අදහසක් දැනට තියෙනවා.
 
 
 
 දැන් ‘සකල ගුරු. ගේ කතාවෙන් කොටසක් අපි මේ විදිහට ඔබට කියන්නම්.
 
 yanthra3පින්සිරි පොඩිබණ්ඩාර ගමේ ප‍්‍රසිද්ධ වී ඇත්තේ පොඞ්ඩා ගුරුන්නාන්සේ නමිනි. ඔහු සිරියලතා හා විවාහ වී බින්න බැස ඇත. සිරියලතා රූමත් කාන්තාවකි. පොඞ්ඩා ගුරුන්නාන්සේට දාව සිරියලතාට නෙළුම් නම් දියණියක් ද මහේෂ් නම් පිරිමි දරුවකු ද සිටී. නෙළුම් මෙවර අපොස උසස් පෙළ විභාගයට සූදානම් වන අතර මහේෂ් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකු වේ. මොවුන් සතර දෙනා සමඟ සිරියලතාගේ මව නෝනහාමි ද වාසය කරයි.
 
 පොඞ්ඩා ගුරුන්නාන්සේ ගමේ අයට ගුරුකං අතේ වැඩවලට පිහිට වුව ද ටික කලෙක සිට ඔහුගේ ගුරුකම් වරදී. ඒ ගැන උරණ වන ගමේ ගැමියන් ඔහුව මරන්න ද හොයයි. තම දේවාලයේ දෙවියන් තමාව හැරගොස් ඇති බව සිතමින් පසුවන පොඞ්ඩා ගුරුන්නාන්සේව සනසන්නවත් ළඟ සිටින්නේ
 
 ඔහුගේ ආවතේවකරු වන සුමනේ පමණි. සුමනේ ද ඔහු හා සිටින්නේ ගුරුන්නාන්සේගේ ගෙදරට එන සිරියලතාගේ නැගණියක් වන පුෂ්පා කෙරේ ඇතිව ඇති ආල සිතක් හේතුවෙන් වේ. කෙසේ හෝ දෙවියන්ගේ බැල්ම යළිත් ලබා ගැනීමට වෙහෙසෙන පොඞ්ඬේට ආරංචියක් ලැබෙන්නේ තමාට ගුරු හරුකම් ලබාදුන් ලොක්කා ගුරුන්නාන්සේ මියගොස් ඇති බවයි.
 
 සුමනේ සමඟ මළගෙදර යන පොඞ්ඬේට තම ගුරුගේ අවසන් ඉල්ලීමක් වන පාර්සලයක් ලැබේ. වටින දෙයක් එහි ඇති බව විශ්වාස කළ ද එහි තිබෙන්නේ දේවරූප හා විශාල කළු ගලක් වේ. කෝපයට පත් වන පොඞ්ඩා කළු ගල පොළොවේ ගසයි. එය කැඞී ගිය පසු හමුවන කුප්පියකින් භූතයකු මතු වේ. භූතයා තම ස්වාමියා ලෙස පොඞ්ඬේව පිළිගනී. කාටත් නොපෙනෙන කාටත් නොඇසෙන මේ භූතයා පොඞ්ඬේගේ නැතිවී ගිය දේව වරම වෙනුවට භූත වරමක් ලබා දේ.
 
 එතනින් පස්සෙ මේ අයගේ ජීවිතවලට මොකද වෙන්නෙ කියල සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා ? 9.00 ට ජාතික රූපවාහිනී තිරයට එන ‘සකල ගුරු. ඒ කතාව ඔබට කියාවි.
 
 සකල ගුරු චරිත හැඩ කරන්නේ ගිරිරාජ් කෞෂල්‍ය, චමිලා පීරිස්, නෙතලි නානායක්කාර, ආනන්ද අතුකෝරල, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, හංසමාලා ජානකී, මහින්ද පතිරගේ, උදයකුමාරි, මිලින්ද පෙරේරා, කාවින්ද්‍යා දුල්ෂානි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සුසිලා කෝට්ටගේ, හර්ෂි අංජුමාලා, හසරින්ද කේෂක, සුනෙත් ශාන්තපි‍්‍රය.
 
 මේ පිරිස මෙහෙයවන්නේ ටිකිරි රත්නායක. බරපැන සාමා රත්නායකගෙන්. කතාව ගැලපුවේ චින්තක පීරිස්. කැමරාව මෙහෙයවූයේ චන්දන ධර්මපි‍්‍රය, කපා කොටා ඔප මට්ටම් කළේ මංජුල මල්වත්ත, හැඩගැන්වූවේ ජේ. සුරනිමල, පසුතලය හැදුවේ සමන් ශී‍්‍ර නාරායන, ගීත රචනා කළේ බණ්ඩාර ඇහැළියගොඩ, සංගීතය සැපයුවේ නවරත්න ගමගේ, ගායනා කළේ බන්දුල විජේවීර.
 
 
 
 මහේෂ් එදිරිසිංහ
 
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles