Divaina - එතෙර රම්බෝ සහ මෙතෙර හුස්ම... තානායම්පල්ලාගේ සටහන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

rambo

අනෝරා වැස්ස බුර බුරා දසතින්ම පොළවට කඩා හැලෙනවා. වහලෙන් පීල්ලට වැටෙන ඒ ජල කද පොළවට නොදන්වාම රහසේම හනි හනිකේ මහ මුහුදට ඇදිලා යන්නෙ හරියට රට දැයට කිසිදු සේවයක් නොකර තමාගේ වැඩ කොටස විතරක් මෙහෙන් කරගෙන පිටරට පදිංචියට යන සමහරක් උගතුන් වගේ දෝයි මට හිතුණා.

‘‘...එස්කියුස්මී සර්... ඩි‍්‍රන්ක් එකට අපේ බාර් එකට ආපු මහත්තුරු සෙට් එකක් අපේ ළග ඩෙවල් එකට තෝරමාළු නැහැයි කියලා බර බරේ.....

වේටර් ජයන්ත පුරුදු විදියට නළල රැළි

ගන්වාගෙන කියනවා. මම වැස්සට කොටුකරන් ඉදපු මනස තෝර මාළු පැත්තට හරවා ගත්තා.

‘‘...යමු බලන්න... මේ වැස්සේ මුහුදත් වාරකන් කාලේ තෝරමාළු අරගන්න පුළුවන් තැනක් ඒ මහතත්්තුරු වත් දන්නවද කියලා අහලා බලන්න.....

මගේ ප‍්‍රකාශය දිහා ජයන්ත කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

දැන් කාලෙ එහෙම නැතිව බෑ. මේ වගේ මහජන සේවා ආයතන වල සමහරක් සේවකයෝ ආයතනය ඇතුළේ අඩුපාඩුවක් තියෙන කොට ඒක අමුත්තන්ගෙන් එන පැමිණිල්ලක් බවට පත් කරලා එයින් ආයතනයේ ලොක්කට ෂොට් එකක් දෙන්න බලන වෙලාවලූත් තියෙනවා.

‘‘... මැනේජර් මහත්තයා... තෝරමාළු නැහැල්ලූ නේද?... අපිට මේ වේටර් මල්ලි කීවා.....

‘‘... ඔව් මහත්මයා... තානායමට මාළු දාන්නෙ මීගමුව පැත්තෙ මහා පරිමාණ සප්ලයර් කෙනෙක්... පෑලියගොඩත් තෝර මාළු ලොකු හිගයක් තියෙනවා කියලා තමයි කියන්නේ.....

‘‘...හරි මැනේජර් මහත්තයා... මහාපරිමාණ අය කොහොමත් එහෙම තමයි... අපි ඒක අතාරිමු... ඉතින් අපේ මාළු ඩෙවල් අවශ්‍යතාවයට අපේ තියෙනවා පොඩි විකල්ප යෝජනාවක්.. හැබැයි ඉතින් ඔබ තුමා ඒකට අවසර දෙයිද නම් සැකයි.....

තානායම් බීමහල් බරාදයේ එකම මත්පැන් බෝතලයක් වටා රොද බැදගත් තරුණ විය සමුගනිමින් සිටිනා මහත්වරු සිව් දෙනා අතරින් ජ්‍යෙෂ්ඨතමයා මට යෝජනාවක් ගේන්න හදනවා.

‘‘... කියන්න... මොකක්ද කෙරෙන්න ඕනෑ.....

‘‘... ඇත්තටම අපි හතරදෙනාම චිකන් වලට එතරම් ප‍්‍රියක් නෑ, මැනේජර් මහත්තයා... ඒකයි තානායමේ චිකන් ඩෙවල් එකකට යන්න බැරි... ඉතින් අපි ඔබතුමාගෙන් අහන්න හැදුවේ අපි වාහනේ එන ගමන් දැක්කා.....

අමුත්තා කතාව අතරමග නතර කරලා සගයන් දිහා වටපිට බලනවා.

‘‘...මේ ළගම වංගුවේ පාර අයිනේ පොඩි බෝල්ලො පැටව් වගයක් තියගෙන විකුණනවා... ඉතින් අපි අහන්න අදි මදි කරන්නෙ එයින් පොඩි මාළු කිලෝ එකක් විතර

අරගෙන ආවොත් අපිට ගෙවීමක් කරලා ඒක මෙහෙන් තෙලෙන් බැදගන්න පුළුවන් වේද කියලා.....

අමුත්තා මහා බරකින් නිදහස් වුණා වගේ ගැටලූව මා හමුවේ තියලා නිහඩ වුණා.

ඔවුන් කළ ඉල්ලීම අමුත්තන්ගෙන් නිතර ලැබෙන වගේම සාමාන්‍යයෙන් මම අවසර නොදෙන ඉල්ලීමක්...

නමුත් දැන් දැන් අවස්ථානෝචිතව ඒ සියල්ල සීරුමාරු කළ හැකි විය යුතුව තියෙනවා.

‘‘... කමක් නෑ... අරගෙන එන්න මම මෙහෙන් බැදලා දෙන්නම්.....

මම සියලූ වගකීම් කරට අරගෙන කීවා.

මගේ අනුමැතියට ස්තුතිය ලැබෙන්නත් කලියෙන් පිරිස අතර සිටිය කෙනෙක් මාළු අරගෙන එන්න නැගී සිටියා.

ඉන් පස්සේ ඉතිරි තිදෙනා ඔවුන්ගේ මදුවිත සංවාදය ආරම්භ කළා.

‘‘...ඇත්තටම රම්බෝ කියන්නේ ඉංග‍්‍රීසි සිනමාවේ වීර චරිතාංග වල හැරවුම් ලක්‍ෂයක්. ඒ බව දැන් ඉන්න තරුණ පරම්පරාවට කියාදෙන්න සිනමා ඉතිහාසය දන්නා අය බරපතල නිහඩ තාවයක ඉන්න බවයි පේන්නේ....

අදත් සංවාදය චිත‍්‍රපටි ගැනවගේ.

‘‘...ලෝක වාසී සිනමා රසිකයින් මේ වන විට දශක තුනකට අධික කාලයක් තිස්සේ රම්බෝ කතා මාලාව චිත‍්‍රපට හයක කතා එකතුවක් හැටියට ඉතා ඉහලින් රස විදලා තියෙනවා.

රම්බෝ පළමු චිත‍්‍රපටය ටෙඞ් නොට් ඩෙන් ගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘ෆස්ට් බ්ලඞ්.. නමින් 1982 දී තිරගත වුණා.

ඊට පස්සේ ‘‘රම්බෝ ෆස්ට් බ්ලඞ් 02.. ජෝර්ජ් පී. කොස්මටොක් ගේ අධ්‍යක්‍ෂණයෙන් 1985 දී තිරගත වුණා.

1988 දි, ඒ කියන්නේ ඊට වසර තුනකට පස්සෙදි ‘‘රම්බෝ 03.. පීටර් මැක්ඩොනල්ඞ් ගේ අධ්‍යක්‍ෂණයක් ලෙසින් තිරගත වෙනවා.

සිල්වෙස්ටර් ස්ටැලොන් ගේ අධ්‍යක්‍ෂණයක් හැටියට හතරවැනි ‘‘රම්බෝ.. චිත‍්‍රපටය තිර ගත වන්නේ ඊට වසර විස්සක් ඇවෑමෙන් 2008 වසරේදී යි.

රම්බෝ කතා මාලාවේ අලූත්ම කථාංගය ‘‘රම්බෝ ලාස්ට් බ්ලඞ්.. නිම වෙන්නේ ඒඩි‍්‍රයන් ග්රුන්බර්ග් ගේ අධ්‍යක්‍ෂණයක් හැටියටයි.

‘‘...එතකොට එදා ඉදලා අද වෙනතුරුම රම්බෝ චරිතය රගපෑවේ එකම නළුවා නේද?.....

‘‘...හරියට හරි. ඒ තමයි සිල්වෙස්ටර් ස්ටෙලෝන් කියන සම්මානනීය වික‍්‍රම නළුවා එහි නිෂ්පාදකවරයා සහ අධ්‍යක්‍ෂකවරයා.....

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ගෝල්ඩන් කිඞ්න් නගරයේදී 1946 උපත ලබන සිල්වෙස්ටර් ස්ටැලෝන් ඇමරිකාවේ ලින්කන් උසස් විද්‍යාලයෙනුත්, පිලඩෙල්ෆියා ක්ලොට්හෝල් යුධ ශාස්ත‍්‍රපීඨයෙනුත්, ම්‍යාමි විශ්ව විද්‍යාලයෙත් අධ්‍යාපනය හදාරලා තියෙනවා.

ඒ වගේම, සිල්වෙස්ටර් ස්ටැලෝන් රගපෑම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැුසකටත් උරුමකම් කියලා තියෙනවා.

වසර ගණනාවත නිහඩතාවයකට පස්සේ තමයි රම්බෝ නැවතත් කරළියට ඇවිත් තියෙන්නේ.

තානායමට පැමිණ සිටිනා මේ සිනමා රසවතුන් කවරහුද?

ඔවුන් කවුරුන් වේවා සිනමා කලාවේ නාමයෙන් මෙබදු රසවතුන් අතරින් පතර හෝ සමාජ ගතව සිටීම කෙතරම් භාග්‍යයක් දැයි මට හිතුණා.

‘‘... හරි ඒ ගැන ඒ ඇති. දැන් අපිට තියෙන සිනමා ගැටළුව එතෙර ‘‘රම්බෝ.. නෙමෙයි... මෙතෙර ..හුස්ම.....

මදුවිත රසවතුන් තිදෙනාගෙන් ලා බාලතමයා විමසන පැනය දිහාව මමත් අවධානයෙන් ඇහැ ගහගෙන හිටියා.

‘‘...හුස්ම දිග එකක්... මගෙන් කියවෙන්න ඕනෑ ඒකෙ හොද ටිකද? නරක ටිකද?.....

පිරිස අතරේ සිටිනා විචාරකයා පැනයට පැනයකින්ම පිළිතුරු සපයනවා.

‘‘...ඔබතුමාගේ කතාවෙන් එළිවෙනවා කිසියම් හොද ටිකක් ගැන... අපි අන්න ඒ හොද ටික ඉස්සරවෙලා කියලා ඉමුද?.....

මම ඒ පිළිතුරට උපරිමයෙන්ම අවධානය දුන්නා.

‘‘... කතා තේමාවල් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ සිනමාව තුළ යම් ප‍්‍රාථමික තැනක ඉන්නා අපේ සිනමාවට හුස්ම ගැඹුරු හුස්මක්... කවුදෝ මන්දා තරුණ අධ්‍යක්‍ෂක වරයෙක් අතින් නිම වුණත් සිද්ධියට අදාල තැති ගැන්ම සමස්ත චිත‍්‍රපටයේ ධාවන කාලය පුරාවටම රදවා ගන්නට සමත්වීම ම හුස්මේ හොදක්.....

‘‘... එකග නෑ ලොක්කා... සමහරු කියන්නේ මරණයකට සිදුකරනා රමණය ප‍්‍රදර්ශණය කරන්නට එය නිර්දයව ‘‘වැඩිහිටි.. ලේබලයට යටත්කරලා තියෙනවාය කියලයි.....

‘‘...මාත් එකග නෑ සහෝ... තිර පිටපතට අනුව මරණයට පණ එන්නේ කුමන සිදුවීමේදී දැයි පේ‍්‍රක්‍ෂකයට කියන්න නම් එය වැඩිහිටියන්ට සීමා නොකර කියන්න බෑ...

ඒ වගේම ස්ත‍්‍රී පංචස්කන්ධයක් අපයෝජනයට ලක්වන්නට හුස්ම අනිවාර්ය නොවන බව හුස්මෙන් නිකුත් කරපු ප‍්‍රබලම හඩයි කීවොත් මං දකිනා ඇත්ත ඒකයි.

‘‘...කෝ බං උඹ ගේන්න ගිය මාළු ?....

හිස් අතින් පැමිණෙන මිතුරා දුටු අවශේෂ සගයන් කෝපයෙන් විමසුවා.

‘‘...ඔහේ නෑ බං.. මං යනකොට එතන එහෙම වෙළෙන්දෙකුත් නෑ... වෙළදාමකුත් නෑ.....

‘‘...මොනවා එතකොට අපි දැක්කෙ?.....

‘‘...මායාවක් බං.... හරියට සිනමාව වගේ......

රන්ජන් ගාමිණී ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles