Divaina - පත්තරවලයි රූපවාහිනියෙයි පෙනී ඉන්න මට පිස්සුවක් නැහැ - වින් ඞීසල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


windisal2
* Avatar 2 ළඟදීම ඔබ හමුවට

නළුවෙක්” අධ්‍යක්‍ෂකවරයෙක්” නිෂ්පාදකවරයෙක් විතරක් නෙවෙයි තිර රචකයෙක් විදිහටත් පේ‍්‍රක්‍ෂකයින් අතර නමක් දිනාගනිමින් ආදරයට පාත‍්‍ර වුණු තරුවක් තමයි වින් ඞීසල් කියන්නේ. කැලිෆෝනියාවේදී 1967 දී ඉපදුණු වින් ඞීසල් ඇමරිකානු ජාතිකයෙක්. 1990 වසරේදී සිනමාවට පිවිසෙන වින් ඞීසල් තරුණියන්ගේ ආකර්ශනය නොමදව ලබාගන්නා කෙනෙක් බවට තමයි ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ. වින් ඞීසල් රඟපෑ සිනමාපට වගේම ටෙලි සීරීස් වලටත් පිස්සු වැටුණු ලංකාවේ රසික රසිකාවන් ගොඩක් කැමතියි ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්න. අන්න ඒ නිසාම අපි හිතුවා අද වින් ඞීසල් ගැන ඔයාලත් එක්ක කතා කරන්න.

වින් ඞීසල්ගේ මුල් නම වුනේ වෙන එකක්. ඒ තමයි මාර්ක් සිංක්ලෙයාර්. මාර්ක් වින් ඞීසල් වුණේ සිනමාවට ආවට පස්සෙයි. The Fast and the Furious කීවම ඕනෑම කෙනෙකුට මුලින්ම මතකයට නැගෙන්නේ වින් ඞීසල්ව. නමුත් ඔහු ගේ ආරම්භය හිතපු තරම් පහසු එකක් වුණේ නැහැ. තමන් අද ඉන්න තැනට එන්න විදපු දුක් වේදනා වින් ඞීසල් වර්තමානයේ මතක් කරන්නේ බොහොම ආඩම්බරයෙන්. ඔහුට පාවුල් නමින් තවත් නිවුන් සහෝදරයෙක් ඉන්නවා. ඩෙලෝරා ෂර්ලීන් කියන්නේ වින් ඞීසල්ගේ මව. ඇය ජ්‍යෝතිෂවේදිනියක්. පුංචි කාලෙම වින් ඞීසල්ගේ පියා ඔවුන්ව අතහැර වෙනත් විවාහයක් කරගෙන තිබෙන නිසා ඔහු කිසිම දවසක තමන් ගේ පියාව දැකල තිබුණේ නැහැ. මව ගේ දෙවන විවාහයත් සමඟ වින් ඞීසල් ට දෙවන තාත්ත කෙනෙක් ලැබෙනවා. ඔහු වෘත්තීයෙන් රංගන උපදේශකවරයෙක් සහ නාට්‍ය ආයතනයක කළමනාකාරවරයෙක්. ඒ නිසාම ඔහුට කුඩා අවදියේම නිව්යෝර්ක් වලට එන්න සිද්ධවෙනවා. windisal2

වයස අවුරුදු හතේදී Dinosaur Door වේදිකා නාට්‍යය ඔස්සේ තමන්ගේ නිවුන් සහෝදරයත් එක්ක රංගනයෙන් දායක වෙන්න ඔහුට අවස්ථාව උදා වෙනවා. ඉන් පසුව නිහැඩියාව බිදිමින් ඔහු නැවතත් සිනමා රංගනයට පිවිසෙන්නේ Awakenings (1990) ඔස්සේ. එහි ඔහු රගපෑවේ ඉතා කුඩා චරිතයක්. 1994 වසරේදී ඔහු තිර රචනය ලියා නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කළ Multi-Facial 1995 වසරේ කෑන්ස් සිනමා උළෙල පවා නියෝජනය කරනවා. වින් ඞීසල් ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්‍ෂණය වුණේ Strays (1997) ඉන් පසුව ඔහු ස්ටීවන් ස්පිල්බර් ගේ යුධමය චිත‍්‍රපටයක් වූ Saving Private Ryan හි කුඩා චරිතයකට පණ පොවන අතර 1998 දී ඔයැ  The Iron Giant චිත‍්‍රපටයෙන් රසිකයින් අතරට එනවා.

වින් ඞීසල් කිසිම වෙලාවක නළුවෙක් විදිහට ප‍්‍රධාන චරිත පස්සෙම ගියේ නැහැ. තමන්ට ලැබෙන සහාය චරිත පවා සාර්ථකව නිරූපණය කිරීම තමන් ගේ ජයග‍්‍රහණයේ රහස බව ඔහු ලෝකෙටම ඔප්පු කරලයි තියෙන්නේ 2000 වසරේ ඔහුට Boiler Room චිත‍්‍රපටයේ සහායක චරිතයක් ලැබුණත් ඔහු එය සාර්ථකව නිරූපණය කරනවා. වින් ඞීසල්ව සුපිරි විරයෙක් බවට පත් කරන්නේ Pitch Black නමැති විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය. හොලිවුඞ් සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ The Fast and the Furious(2001) (2002) චිත‍්‍රපට ඔහුව හොලිවුඩය තුළ අයිකන් එකක් බවට පත් කරනවා.

ඒ අනුව 2 Fast 2 Furious(2003), State of the Union (2005) චිත‍්‍රපට වලින් පේ‍්‍රක්‍ෂකයින් හමුවට එන්නට වින් ඞීසල්ට සිදුවෙනවා. නිරන්තරයෙන් වෙනස් දේවල් කරන්න පෙළඹෙන වින් ඞීසල් වීඩියෝ ගේම් කිහිපයකට සහ The Chronicles of Riddick: Dark Fury කාටුන් චිත‍්‍රපටයට සිය හඩ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම 2005 වසරේදී වින් ඞීසල් ප‍්‍රථම වරට කොමඩි චිත‍්‍රපටයකින් පේ‍්‍රක්‍ෂකයින් අතරට එනවා. ඒ The Pacifier ඔස්සේ. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ එම චිත‍්‍රපටය තුළින් තමන්ට ඕනෑම චරිතයක් රඟපෑ හැකි බව වින් ඞීසල් නිහඩව සිය රසිකයින්ට කියා දෙනවා. 2008 වසරේ නැවතත් විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් වූ Babylon A.D ඔස්සේ රසිකයින් හමුවන ඔහු 2006 දී නවතම The Fast and the Furious කතාංගය රසිකයින්ට තිළිණ කරන්නට සමත් වෙනවා.

වින් ඞීසල් රඟපෑ The Fast and the Furious චිත‍්‍රපට මාලාව Fast Five (2011), Fast
& Furious 6 (2013), Furious7 (2015), The Fate of the Furious (2017) ලෙසින් රසිකයින් අතරට ආවේ ඔහු පිළිබද ආදරය රසික සිත් තුළ තව තවත් වැඩි කරවමිනුයි. 2018 වසරේදී Avengers: Infinity War (2018)  තුළින් හා 2019 දී Avengers: Endgame (2019) තුලින් පේ‍්‍රක්‍ෂකයින් හමුවට ආ වින් ඞීසල් Bloodshot චිත‍්‍රපටයෙන් හා James Cameron ගේ Avatar 2 චිත‍්‍රපටයෙන් පේ‍්‍රක්‍ෂකයින් හමුවට පැමිණේවි.

මාධ්‍ය සමඟ ඒ තරම් හොද සම්බන්ධයක් නැති වින් ඞීසල් මාධ්‍ය ගැන කියන්නෙ මේ වගේ දෙයක්. ”මම මේ තැනට ආවෙ මගේ මහන්සියෙන්. අනෙත් රංගන ශිල්පීන් වගේ පත්තර පිටුවල රූපවාහිනී වැඩසටහන්වල පෙනී ඉන්න මට පිස්සුවක් නැහැ. මම කොහොමත් නිහඩ චරිතයක්. පෞද්ගලිකත්වය මාධ්‍යයට නිරාවරණය කරන්න මට අවශ්‍යම නැහැ.”

 

අමිල නුවන් මධුසංඛ

  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles