Divaina - රුමාලිට ටැටූ පේන්න බැහැ... ගවුමේ දිග කොට ප‍්‍රශ්නයක් නැහැලූ... හොලිවුඞ් නිළියෝ ෆලෝ කරනවා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 rumali






ෆැෂන් කියන්නේ මොන වගේ දෙයක්ද?

ෆැෂන් කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස්වෙන කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. තමන්ට ගැළපෙන විදිහටයි ෆැෂන් කරන්න ඕනෑ. මට නම් ඇත්තටම ෆැෂන් කියන්නේ ජීවිතයේ එක්තරා විදිහක්.

rumali1ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?

ලංකාවේ නම් කවුරුත් අනුකරණය කරනවා කියන්න කෙනෙක් නැහැ. හොලිවුඞ් නිළියන් කිහිපදෙනෙක්ම follow කරනවා. ඒත් ඒ අය කරන හැමදේම මම කරන්නේ නැහැ. මට ගැළපෙන විදියට හදාගෙන මම ෆැෂන් කරනවා.

පුරුද්දක් විදියට සැලෝන් යනවද?

පුරුද්දක් විදිහට නම් නැහැ. මොකද මම ගොඩක් ස්වාභාවික දේවල් වලින් සත්කාර කරනවා. ඊට අමතරව අවශ්‍යම දෙයකට සැලෝන් එකට යනවා.

කැමතිම hair style එක කිව්වොත් ?

එකක් කියලා නැහැ. ගොඩක් වෙලාවට පෝනි ටේල් එකකට හරි ලූස් හෙයාර් එකට වගේ කැමැතියි.

ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන කොට කොණ්ඩයද?

ඒක තැනින් තැනදී එක එක විදිවලදී වෙනස් වෙන දෙයක්. මම ගොඩක් වෙලාවට පෞද්ගලිකව දිග කොණ්ඩයට කැමැති නැහැ. සාමාන්‍ය දිග උරහිසෙන් ටිකක් පහළට වැටෙන කොණ්ඩයකට කැමැතියි.

පුරුද්දක් විදියට ඔරලෝසු පළදිනවාද?

ඔව්. මම හුඟක් කැමැති ඔරලෝසු බඳින්න. අනිවාර්යයෙන්ම ඔරලෝසුව පළදිනව. ගමනක් යන්න කළින් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ඔරලෝසු පළදින එක.

ඔරලෝසු බදින්නේ ෆැෂන් කරන්නද? වෙලාව බලන්නද?

ඇත්තටම වෙලාව බලාගන්න තමයි ඔරලෝසුවක් නම් පළදින්නේ. මට ලොකු වොච් කලෙක්ෂන් එකක් තියෙනවා. ගොඩක් ෆැෂනබල් ඔරලෝසු තිබුණත් මම ළඟ තියෙන හැම ඔරලෝසුවකම හොදට වෙලාව පෙනෙන එකක් තමයි පළදින්නේ.

මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන් වලටද?

මොබයිල් එකක් පාවිච්චි කරන්නේ අවශ්‍යතාවන්වලටයි.

ඔරලෝසු විතරක් නෙමෙයි hand bag එකත් වැදගත් නේද?

ඔව්” මටනම් බෑග් එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශය දෙයක්.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනව ගේ කැමැත්තක්ද?

මම හුඟක්ම කැමැති හීල්ස් වලට. මම පොඩිම හීල් එකක් තියෙන සෙරෙප්පු පළදින්න තමයි කැමැති. දුරගමනක් යද්දී මම Shoes දාන්නත් කැමැති. ඇත්තටම මම සෙරෙප්පු පළදින්නේ ඇදුමත් එකක් ගළපමින් තමයි.rumali1

සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?

මම ගොඩක් කැමති දිග හරි කොට හරි ගවුමක් අඳින්න. තැනට ගැලපෙන විදියට අඳින්න කැමැතියි.

wedding එකකට යද්දී අඳින්න කැමැති මොන ඇදුමක්ද?

ස්ටයිල් ඕනෑම දෙයක්. ඒත් මට ගොඩක් කම්ෆටබල් වෙන්න ඕනෑ. වෙඩින් එක කියන්නේ අපි ගොඩක් එන්ජෝයි කරන තැනක්. ඒ නිසා මම කැමැති නැහැ ගොඩක් හෙවි ජුවලරි හෝ අමාරු ඇදුම්

අඳින්න. හැමවෙලේම ඇදුම ගැන හිතන්න කැමැති නැහැ. ඒ නිසා සිම්පල් ඇදුමකට කැමැතියි.

ජුවලරිස් ගැන තියෙන උනන්දුව?

මම කැමැති ගෝල්ඞ් ජුවලරි වලට තමයි. මම ඉන්න ක්‍ෂේත‍්‍රය එක්ක ඇදුමෙන් ඇදුමට කරාබු නිතරම මාරු කරන්න වෙනවා. ඒ නිසා කරාබුු එක එක විදියේ ඒවා පළදිනවා. ඒත් අනිත් ජුවලරිවලට ගෝල්ඞ් ඒවා තමයි පළදින්න තමයි. ඇත්තටම ඒක මට ලේසියි.

ෆැෂන් කරද්දි Gym යන්නම ඕනද?

ෆැෂන් කරද්දී Gym යන්නම ඕනෑ නැහැ. ඕනෑම කෙනෙක්ට ෆැෂන් කරන්න පුළුවන්. අපේ ඇඟ පාලනයක් කරනවානම් ඕනෑම ඇදුමක් අඳින්න පුළුවන්. ඒකට Gym යන්නම ඕනෑ නැහැ. ගෙදරදි යෝගා වගේ දෙයක් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි.

විලාසිතා කරද්දී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?

මම හුඟක් කැමැති කලර්ෆුල් ඇදුම් අඳින්න.

ෆැෂන් කරද්දී ශරීර වර්ණය කෙරෙහි සැලකිලිමත් වෙන්නම ඕනද?

නැහැ. ශරීර වර්ණය පිළිබද සැලකිලිමත් වෙන්න ඕනෑ නැහැ. කළු ඇමරිකන්ස්ලා පවා ලස්සනට ෆැෂන් කරනවා. හැබැයි ඇදුමක් අඳිද්දී නම් ශරීරවර්ණය පිළිබද සැලකිලිමත් වෙන්න ඕනෑ.

ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?

නැහැ තවම නැහැ.

හෙයාර් කලර් කරන්න කැමති නැද්ද?

හෙයාර් කලර් කරන්න කැමැතියි. මම මාව කියලා හදුනගන්න පුළුවන් සිම්පල් කලර්වලට කැමැතියි.

ටැටූ ෆැෂන් වලදී අත්‍යවශ්‍ය දෙයක්ද?

අනේ නැහැ” අවශ්‍යයම නැහැ. මම පොඞ්ඩක්වත් අකමැති දෙයක් ටැටූ කියන්නේ. ඒක කෙනෙක් කරනවනම් ඒ දේට අකමැති නැහැ. මම පෞද්ගලිකට ටැටූ ගහන්න අකැමැතියිි.

Gym යන එකද හොද කෑම පාලනයද හොද?

කෑම පාලනය හා Gym කියන දෙකම තියෙන්න ඕනෑ. ඒත් වැඩියෙන්ම කෑම පාලනය වෙන්න ඕනෑ. දවසම Gym එකේ හිටියත් වැඩක් නැහැ. අපට කෑම පාලනයක් නැත්තම්.

දිගට අඳින්නද කැමැති කොටට අඳින්නද කැමැති ?

ඒ දේ ස්ථානය අවස්ථාව අනුව වෙනස් වෙනවා.

ෆැෂන් වලදී බලන්නේ සරලකමද පහසුවද?

මම නම් බලන්නේ පහසුව තමයි.
 


නදීමාලි ආරියරත්න.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles