Divaina - ලොකු රහසක් ළඟදීම කියන්නම් - සිනෙති අකිලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

sinethi2
 

* සම්මාන ගැන ආසාවක් නෑ

මීට සය වසරකට පෙර සිරි පැරකුම් චිත‍්‍රපටයෙන් සිනමා නිළියක ලෙස කලඑළි බසින සිනෙති අකිලා අද වන විට අපට සිටින අත්දැකීම් සපිරි යොවුන් නිළියක්. එදා පටන් නොනවත්වාම සිය රංගන ශක්‍යතාව නිර්මාණ වලට දායාද කරමින් සිටින සිනෙති මීවිත හා පිළිසඳරකට එළඹුණා.

මේ දිනවල පුංචි තිරයේ රඟන රැඟුම්වලින්ම කතාබහ පටන් ගමු?

මේ දවස්වල ඉත්තො ටෙලි නාට්‍යයේ ලෂානිගෙ චරිතය රඟපානව. මේක මට ලැබුණ වෙනස්ම චරිතයක්. ඒ සමගම හතේ කල්ලියෙ නිලූ ටීචර්ගෙ චරිතය කරනව.

සිනෙති පූර්ණකාලීනව රංගනයෙහි නිරත වෙලාද?

ඔව්. මේ වෙද්දි මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරල ඉන්නෙ. කොහොමත් රංගනයට ආපු දා ඉඳන් මම වෘත්තීය රංගන ශිල්පිණියක්.

සිනෙති අධ්‍යාපනය ලබන්නෙ?

මම වැඩිදුර අධ්‍යාපන කටයුතු කළේ භාෂාවන්. දැන් ඒ සම්බන්ධ විභාග අවසන්. වැඩිදුර අධ්‍යාපනයට වෙනත් රටකට යන්න වෙනව. දැනට ලැබුණ වැඩ කරගෙන ඉන්නව. දැන්ම වෙනත් රටකට යන්න අදහසක් නැහැ.

සිනෙතිගෙ රංගන දිවියේ ආරම්භය කොතනද?

මම උසස් පෙළ කරන අතරතුරම තමයි මට සිරි පැරකුම් චිත‍්‍රපටය ලැබුණෙ ඒ කාලයේ මම නළු නිළියන් තෝරගන්න පරීක්ෂණ වලට ගියා. පස්සෙ ඉස්කෝලෙන් අයින් වුණ ගමන්ම සිරි පැරකුම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණා.

සිනෙති දැනහැඳුනුම්කම් මත ක්ෂෙත‍්‍රයේ අවස්ථාවක් ලද්දියක් නෙවෙයි?

සෝමරත්න දිසානායක” රේණුකා බාලසූරිය දෙපළ තමයි මට කිව්වෙ මෙහෙම චිත‍්‍රපටයක් කරන්න යනව ඒකේ රඟපාන්න නළු නිළියන් තෝරගන්න පරීක්ෂණවට අයැදුම්පත් කැඳවල තියෙනව ඔයත් අයැදුම්පත‍්‍රයක් දාන්න කියල. සෝමරත්න දිසානායක මහත්මය තමන්ගෙ නිර්මාණවලට නළු නිළියන් තෝරගත්දි කොහොමටත් පරීක්ෂණයක් පවත්වනව. මාව තේරෙයිද කියල බයක් තිබුණා. ඒත් මගේ අම්ම කිව්වා ඔයා අයැදුම්පත‍්‍රයක් දාලා බලන්නකො කියල. ලංකාවේ සෑම ප‍්‍රදේශයකින්ම වගේ ළමයි ඒ පරීක්ෂණයට ඇවිත් හිටියා. කොහොම හරි පරීක්ෂණවලින් තේරිලා තේරිලා සිරි පැරකුම් චිත‍්‍රපටයේ චරිතයක් මට ලැබුණා.

පාසල් වියේදිත් රංගනයට දක්ෂතා පෙන්වල තිබුණද?

ඔව්. පොඩිකාලෙ ඉඳන්ම මම හරිම දක්ෂයි. ඉස්කෝලෙන් සම්මාන පවා හම්බවෙලා තියෙනව. කෙලිමඩල මාධ්‍ය සංගමය හරහා ගුවන්විදුලියේ ළමා පිටියටත් ගියා.

සිනෙතිට ආරම්භයේ පටන්ම නොකඩවා නිර්මාණ ලැබුණද?

මට දිගටම වැඩ ලැබෙන්න පටන් ගත්තා. සිරි පැරකුම් වලින් පස්සෙ සෝමරත්න දිසානායක සර්ගෙම සරිගම චිත‍්‍රපටයෙත්” සුනාමි චිත‍්‍රපටයෙත් මම වැඩ කළා. තව සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගෙ රන් සයුර චිත‍්‍රපටයේ චංචලා” සේයා චිත‍්‍රපටයෙ මාලි ගෙ චරිතය ලැබුණා. තව චිත‍්‍රපට පහක විතර රඟපාලා තියෙනව. ඊට අමතරව පුංචි තිරයෙත් මට බොහෝ චරිත ලැබුණා.

සිරි පැරකුම් ඔබට වාසනාව ගෙනා හැඩයි?

ඇත්තටම සිරි පැරකුම් කියන චිත‍්‍රපටය ලංකාවේ බලපු නැති කෙනෙක් නැහැ. ඒ ආරම්භය මට හොඳ ආරම්භයක් වුණා. අනෙත් නිර්මාණකරුවනුත් මේ සෝමරත්න දිසානායක මහත්මයගෙ නිර්මාණ වලින් ආපු ළමයෙක් කියල මට හොඳ නිර්මාණ වලට කතාකළා.

නවීන විලාසිතාවලට වසඟ නොවුණ ඔබගේ රුව මේ ගමනට කොතරම් බලපෑවාද?

ඇත්තම කියනව නම් මගේ කොණ්ඩය නිසා මගේ පෙනුමට අනුව මට ලැබුණෙ ගැමි චරිත. මට තියෙන්නෙ සොභාවික කොණ්ඩයක් හා පෙනුමක්. හැබැයි මම මෑත කාලයේ වෙනස් වෙනස් චරිත ලැබුණා. මගේ කොණ්ඩය කර්ල් කොණ්ඩයක්. හැමෝම කොණ්ඩය ස්ටේ‍්‍රට් කරද්දි මටත් ආස හිතුණා මගේ කොණ්ඩය වෙනස් කරගන්න. හැබැයි මගේ අම්මා මට කිව්වා ඔයාට මේ ක්ෂෙත‍්‍රයේ ගමනක් යන්න ඕන නම් ඔයාට ඒ ගමන යන්න පුළුවන් ඔයාගෙ ඔය කොණ්ඩය හා සොභාවික පෙනුම එක්කයි කියල. ඒ වගේම මට සෝමරත්න දිසානායක” රේනුකා බාලසූරිය යුවළත් කියල තියෙනව කවදාවත් ඔයා ඔයාගෙ සොභාවික පෙනුම වෙනස් කරගන්න යන්න එපා” ඔයාගෙ චාම් කමටයි ඔයාට වැඩ එන්නෙ කියල. මම හැමදාම කියන්නෙ මගේ සිනමා දිවියෙ දෙමවුපියන් ඒ දෙන්න.

සිනෙති රංගනය ගැන හැදෑරීමක් කරනවද?

මුලින්ම අපිව රංගනයට ගද්දිත් සෝමරත්න සර් අපිව ගත්තෙ වැඩමුළුවලට සහභාගිකරවල. ඊට පස්සෙ මම සුමිත් රත්නායක සර්ගෙ මහේන්ද්‍ර සර්ගෙ වැඩමුළුවලට සහභාගි වෙලා තියෙනව. මම ඒ හැදෑරීම ගත්තා. අලූතින් එන අයටත් මම කියන්නෙ අපි මේ ගැන මොනව හරි දෙයක් ඉගෙනගෙන එනව නම් අපිට වැඩ කරන්න ලේසියි. ඒ වගේම මම හැමදාම ඉගෙන ගන්නව.

සිනෙති චරිත තෝරගෙනද රඟපාන්නෙ?

බටහිර චරිතයක් කිව්වම මම ටිකක් සැළකිලිමත් වෙනව. මොකද මට ලැබුණෙ ගැමි ආරෙ චරිතම නිසා. මම ආසයි වෙනස් දෙයකට යන්න. හැබැයි බටහිර චරිත කිව්වමත් ඒකෙ ප‍්‍රබේද තියෙනව. සමහර චරිත තියෙනව කොටට අඳින්න ඕන. මම කොටට ඇඳල රඟපාලා නැහැ. එහෙම ඇඳල රඟපාද්දි මම අපහසුවට පත්වෙනව. හැබැයි මට මේ වෙද්දි බැහැ කියන්න චරිත ලැබිලා නැහැ.

සිනෙති ඉපදුනෙ හැදුනෙ වැඩුණෙ කොහෙද?

මම කුරුණෑගල. මම හොඳට වැවේ පැනල වෙලේ නටල හැදිල තියෙන කෙනෙක්. හැබැයි මම පොඩිකාලෙ ඉඳන්ම කොළඹ ආශ‍්‍රිතව වැඩ කළ නිසා මට කොළඹත් හුරුයි. මගේ තාත්තගෙ රැුකියාව නිසා මට ලංකාවේ විවිධ තැන්වල ඉන්න ලැබිල තියෙනව. ඒ දවස්වල සති අන්තයේ මගේ අම්මයි මමයි කොළඹ එනව වැඩ වලට. දැන්නම් වැඩ නිසා ගමේ මහ ගෙදර ගිහින් එන්නවත් වෙලාවක් නැහැ.

සිනෙති ආදරය හා විවාහය ගැනත් තීරණ අරන්ද ඉන්නෙ?

මම තවම විවාහ වෙලානම් නැහැ. හැබැයි ඒ ගැන ලොකු දෙයක් ඉදිරියෙදි කියන්නම්.

සම්මාන ගැන සිනෙතිගේ බලාපොරොත්තු?

සම්මාන ගැන සිහිනයක් මට අතීතයේ තිබුණා. හැබැයි මෑතක් වෙද්දි සම්මාන ගැන මට තියෙන්නෙ කලකිරීමක් ඒක මට විතරක් වෙලා තියෙන දෙයක් නෙවෙයි. සමස්ත කලාවේ ඉන්න හැමෝටම බලපාලා තියෙන්නෙ. මේ සම්මාන උළෙලවලදි ක්ෂෙත‍්‍රයේ අනිත් අයට වූ අසාධාරණකම් එක්ක සම්මාන ගැන තියෙන ආසාව ගිලිහිලා. මම මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නව. සමහර අයට ක්ෂේත‍්‍රයට ආපු සැණින් සම්මාන ලැබිලා තියෙනව. පස්සෙ ඒ අය දකින්නවත් නැහැ. දැන් මම ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු හයක් විතර වෙනව. හැබැයි සම්මාන නැහැ. මම තවමක් ක්ෂේත‍්‍රයේ ඉන්නව.



ධම්මිකා සුරංජි පතිරණ

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles