Divaina - දෙවෙනි ඉනිමෙන් අයින් වුණාද? අයින් කළාද? නදුනි පිළිතුරු දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

davani555පුංචි තිරය කියල කියන්නෙ නිතර නිතර අලූත් මුහුණු යන එන තැනක්. ඒ අතර පේ‍්‍රක්‍ෂකයින්ගේ මතකය ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ බොහෝම ටික දෙනකුට විතරයි. ටෙලි නාට්‍ය කලාවේ වෙනස් මානයකට පේ‍්‍රක්‍ෂකයින් කැන්දන් ගිය චරිතයක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ. ඇය අපිට මේ දවස්වල හමුවන්නේ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ කියන අපූරු ටෙලි නාට්‍යයේ නිරාෂා කියන චරිතයෙන්. සුන්දරත්වය උපතින්ම උරුම කරගෙන දක්‍ෂතාවත් එක්ක දිගු ගමනක් යන්න ආපු නදුනි එක්ක අපි කතා කරන්න හිතුවේ අන්න ඒ නිසයි. සමහර විට මෙතෙක් දවසක් ඔයාල නොදැන හිටපු බොහෝ දේවල් ඇගෙන්ම අපිට දැනගන්න ලැබෙයි.

ඉතින් නිරාෂා කොහොමද මේ දවස්වල?

මේ දවස්වල නම් පාවෙලා වලාකුලේ ඒවිද අම්මා කියන ටෙලි නාට්‍යයේ වැඩත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නෙ. වෙන අමතර වැඩ කිසිම දේකට යොමු වෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. නමුත් සතුටින් කාලය ගත කරනවා.

නාට්‍යයට හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

ඇත්තමයි... හිතාගන්නවත් බැරි තරමට හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා. තවම නාට්‍යයේ කොටස් 10ක් පමණයි විකාශය වුණේ. දන්න කියන අයගෙන් වගේම මග තොටේ දකින අයගෙනුත් ලැබෙන්නේ සතුටුදායක ප‍්‍රතිචාර තමයි.

නිරාෂා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ඒක ඇත්තටම අහම්බයක්. මට මුලින්ම රඟපාන්න ලැබුණේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ. පසුව දිලූක ප‍්‍රසාද් අධ්‍යක්‍ෂවරයා යටතේ දෙරණ නාළිකාවේ විකාශය වූ හෘදය සාක්‍ෂිය සහ මෝහ කියන ටෙලි චිත‍්‍රපටවලට සම්බන්ධ වෙන්න අවකාශය ලැබුණා. ඉන් පසුව තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුණේ. ලක්සරි

වික‍්‍රමගේ මහතා, චරිත් කොතලාවල, ධම්මික සර්, දෙනුවන් සේනාදී, දිලූක සර් වගේම සුරේන් රාජපක්‍ෂ කියන පිරිස අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි.

පාසල් කාලේ ඉ`දන් රංගනයට කැමැත්තක් දැක්වූවාද?

කවදාවත් නැහැ. මම පාසලේදි රංගනයට යොමු වෙලාම නැහැ. මම සංගීතයට තමයි කැමැත්තක් දැක්වූයේ. මම පාසල් ගියේ මහාමායා බාලිකාවට. උසස් අධ්‍යාපනය ස`දහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණෙත් සංගීතය නිසාම තමයි.

නෝනයි මහත්තයයි එකම නාට්‍යයක රඟපෑම මොන වගේ අත්දැකීමක්ද?

ඒක කෙනකුට ලැබෙන විශේෂ අවස්ථාවක්. කිසිම අපහසුතාවක් නැතිව රංගනයේ නියැලෙන්නත් පුළුවන්. මොකද මම ඉන්නේ නුවර. විවාහයට කලින් මම රූගත කිරීම්වලට ආවෙ තාත්තත් එක්ක. නමුත් දැන් අපි දෙන්නම එන්නෙ එකට.

දෙවෙනි ඉනිමෙන් අයින් වුණාද? අයින් කළාද ?

නැහැ. එහෙම දෙයක් වුණේ නැහැ. දෙරණ සභාපති ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා තමයි කීවේ මේ වගේ නාට්‍යයක් කරනවා. ඒ නිසා දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙලා ඒකට සූදානම් වෙන්න කියලා. එහෙම නැතිව වෙන ප‍්‍රශ්නයක් නැහැ.

ටෙලි නාට්‍යයේ දිනූෂට කම්මුලට පහරක් ගහන්න තිබුණොත් ?

අම්මෝ ඒකනම් හිතන්නත් අමාරුයි. මම ඒ තරමටම දිනූෂට ආදරෙයි. කාටද පුළුවන් තමන්ගෙ මහත්තයගෙ කම්මුලට ගහන්න. හැබැයි රඟපෑමක් නිසා අකමැත්තෙන් වුණත් කරන්න වෙනවනේ.

ඇත්තද මේ අලූත් නිළියන් ඞීල් යනව කියන්නේ?

එහෙම යන අයත් ඇති. මටනම් ඒ දේවල් අදාළ නැහැ, වගේම කිසිම අත්දැකීමකුත් නැහැ. පුද්ගලයින් විවිධාකාරයි. ඒක යන අයගේ කැමැත්ත මත තීරණය වන දෙයක්.

දිනූෂගෙනුයි ගෙදර අයගෙනුයි ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මගේ පවුලේ ඉන්නේ නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි. දැන් මම විවාහ වෙලා නිසා ඉන්නෙ දිනූෂත් එක්ක. එයා තමයි දැන් මගේ හැම අඩුපාඩුවක්ම පෙන්වලා දෙන්නේ.

එන්න තියන අලූත් නිර්මාණ මොනවද?

තවම නම් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. තවම ඒ ගැන හිතල බැලූවෙ නැහැ. හැබැයි මම කාලෙක ඉ`දන් බ‍්‍රයිඞ්ල් ෂූට් වලට නම් සම්බන්ධ වෙලා ඉන්නවා.

දිගටම ක්‍ෂේත‍්‍රයේ ඉන්නද කල්පනාව?

දිගටම ක්‍ෂේත‍්‍රයේ ඉන්න කැමතියි. පේ‍්‍රක්‍ෂකයින්ගේ ආදරය දිනාගනිමින් මතකයේ රැුෙ`දන චරිතවලින් චරිතාංග නිළියක් ලෙස ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව. තවම මම ආධුනිකයි. අධ්‍යයනය තුළින් යමක් නිවැරදිව කරන්න මම කැමතියි.

නදුනිට කොහොමද දිනූෂ හමුවුණේ?

එයා ඞී‍්‍රම් ස්ටාර් තරගයේ ඉන්න කාලෙ නම් මම වැඩිය දන්නෙ නැහැ. පසුව තමයි අපි හමුවුණේ. ඒ 2015 වසරේදී. අවුරුදු ගාණක් ආදරය කරල තමයි අපි එකතු වුණේ.

අලූත් කෙනෙක් විදිහට කැපිලි කෙටිලි නැතිද?

කැපිලි කෙටිලි කියන ඒවා නැත්තෙම නැහැ. අලූත් අය ඒවාට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙන්න ඕනි. නමුත් ඒ දේවල් ප‍්‍රසිද්ධියේ වෙන්නෙ නැහැ. හරි සියුම්වයි ඒ දේ වෙන්නෙ.

අම්ම කෙනෙක් වෙන්නෙ කවද්ද ?

තවම නම් ඒ ගැන හිතලා නැහැ. මොකද තවම අපි විවාහ වෙලා වැඩි කාලයකුත් නැහැ. හරියටම මාස තුනයි. මමත් දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ හැම දේම කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු නේද...

ජනප‍්‍රිය අධ්‍යක්‍ෂවරයෙක් යටතේ අඩ නිරුවත් රඟපෑමකට ඔබ සූදානම්ද?

නැහැ. කවදාවත් නැහැ. රංගනයේදි මට මගේම ලිමිට් තියෙනවා. ඉතින් කවදාවත් මම එහෙම දෙයක් කරන එකක් නැහැ. හැම දේටම වඩා මට මගේ ගෞරවය වටිනවා. මුදලට සහ ජනප‍්‍රියත්වයට මගේ සීමාවන් අතික‍්‍රමණය කරන්න මම සූදානම් නැහැ.

අමිල නුවන් මධුසංඛ

ඡායා --අන්තර්ජාලයෙනි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles