Divaina - සිනමාවේ සුන්දර අත්දැකීම් මතක් වෙනකොට ලොකු කනගාටුවක් ඇති වෙනවා.... තිස්පස් වසරකට පසු ජීවන් 'ජීවා' රැගෙන අධ්‍යක්‌ෂණයට......

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

මේ අභියෝගය භාරගත්තේගැඹුර නොදැන නොවෙයි....

දිනේෂ් විතාන

geewa222

 

* ජීවන් කුමාරතුංග කියන නළුවා එහෙමත් නැතිනම් ප‍්‍රවීණ රංගධරයා අධ්‍යක්ෂණ කාරියට පිවිසිලා එතැනින් මේ කතාව අරඹමු?

ඔව්. ඇත්තටම මම අධ්‍යක්ෂණය කරන්න කාලයක ඉඳන් හිතේ කැමැත්තක් තිබුණත් කාර්ය බහුලත්වයක් එක්ක වගේම ඒ වෙලාවේ තිබුණ පරිසරය එක්ක ඒකට ඉඩකඩ වෙන් කර ගත්ත මට පුළුවන්කමක් තිබුණේ නැහැ. සුනිල් ටී මහත්මයා ඔය යෝජනාව වසර කිහිපයක සිට මට ඉදිරිපත් කරනවා. මොකද සුනිල් ටී සහ මායි නිතරම කතා කරන වෙලේ මම කියන කතාවක් තමයි ඒ කාලේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන අපිට විසිල් ගහපු පේ‍්‍රක්ෂකයන් දැන් අපෙන් දුරස් වෙලා. මෙන්න මේකට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියලා අපි නිතරම කතා කළා. එතැනදී අපි දැක්කා යම් යම් අඩුපාඩු තිබුණා. අපි දැක්ක බයිස්කෝප් සිනමාව එහෙමත් නැති නම් වාණිජ සිනමාවේ තිබුණ දේශීය අනන්‍යතාවය දුරස් වෙලා තියෙන හින්දා පේ‍්‍රක්ෂකයෝ පවා අපෙන් දුරස් වෙලා කියන හැඟීම තමයි අපිට ආවේ. ඉතින් සුනිල් කිව්වා  ඔයා චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මම නිෂ්පාදනය කරන්නම් කියලා. මේ තියෙන කාර්ය බහුලත්වයත් එකක් ඇත්තටම ඒ අදහස මඟ හැරුණා. නමුත් පසුගියදා ජීවා කියන චිත‍්‍රපටය කරන්න ආරාධනාවක් ලැබුණා. ජීවා කියන නම පස්සෙයි ආවේ. ටිකෝ ෆිල්ම්ස් ආයතනයේ තිලිණිගෙන් ආරාධනාවක් ලැබුණා. මේ චිත‍්‍රපටය මම අධ්‍යක්ෂණය කරනවා නම් ඔවුන් නිෂ්පාදනය කරනවා කියලා.

* මේ චිත‍්‍රපටයට ජීවා කියලා නම යෙදුවේ ඔබ අධ්‍යක්ෂණය කරන නිසාද?

නැහැ. ඇත්තටම ඒ නම යෝජනා කළේ සුනිල් ටී. සහ මේ චිත‍්‍රපටයේ නිෂ්පාදිකාව වන තිළිණි. ඒ අනුව තමයි ජීවා කියන නම යෙදුණේ.

* 70 - 80 දශකයේ ඔබ කියූ බයිස්කෝප් සිනමාව ජීවාගෙන් දකින්න ලැබේද?

මම ඇත්තටම පූර්ණ උත්සාහයක නිරත වෙනවා. මට මේ හැඟීම ඇති වුණෙත් පසුගිය දවස්වල පුතණ්ඩියා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වුණාම පස්සේ. මේ චිත‍්‍රපටය බලපු අය වගේම මේ චිත‍්‍රපටයේ ඞීවීඞී එක විකුණපු කෙනා කිව්වා එයාගේ හොඳම ඞීවීඞී අලෙවිය වුණේ පුතණ්ඩියා චිත‍්‍රපටය කියලා. පේ‍්‍රක්ෂකයෝ සමඟ කතාබහ කරන කොටත් ඔවුන් නිතරම කිව්වේ ජීවන් අයියාගෙන් අපිට පරණ කාලේ විසිල් ගහලා බලන්න පුළුවන් චිත‍්‍රපටයක් ආපහු දකින්න ලැබෙන එකක් නැති ද කියලා. ඉතින් මේ කාරණ එක්ක මම හිතුවා ජීවා අධ්‍යක්ෂණය කරන්න. පේ‍්‍රක්ෂකයාගේ ඉල්ලූම යම් මට්ටමකට සපුරාලන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා.

 

geewa333

* මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාව කරන්නේ සංගීතා වීරරත්න. ඇයව ප‍්‍රධාන චරිතයකට යොදා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?

මේ කතාව හැටියට අම්මා සහ තාත්තා. ඒ වගේම වයස අවුරුදු දොළහක විතර ළමයකුගේ චරිතයක් තියෙනවා. ඉතින් මේ වයසට ගැලපෙන චරිතයක් තෝරාගන්න මම උනන්දු වුණා. අනෙක් චරිතය තමයි බටහිර පන්නයේ ව්‍යාපාරික කාන්තාවක්. එයාව තමයි මම ගමේදී යාළුවෙලා කසාද බඳින්නේ. ඒ චරිතයට සංගීතා ගැලපෙන හින්දා තමයි ඇත්තටම ඇය තෝරා ගත්තේ. මේ චරිතයට අලූත් නිළියකගේ නමක් යෝජනා වෙලා තිබුණත් මම එතැනදී දැක්කේ අපේ වයස් පරතරය ගැලපෙන එකක් නැහැ කියලා හිතෙන හින්දයි මේ තීරණය ගත්තේ. ඒ වගේම ක්ලිටසුත් තාත්තා කෙනෙකුගේ චරිතයක් කරන්නේ. මේ චිත‍්‍රපටයට නවක නළු නිළියනුත් ඉන්නවා. අපේ ගයාන් මාපලගම. රොෂාන්, ආනන්ද වගේ කිහිප දෙනෙක්ම ඉන්නවා.

* ජීවා හරහා ජීවන් ද්විත්ව රංගනයක යෙදෙනවා කියන්නේ ඇත්තද?

නැහැ. ඇත්තටම ද්විත්ව රංගනයත් නොවෙයි. එකම චරිතය වයස් කාණ්ඩ දෙකකින් දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් ඔහොම හිතනවා ඇත්තේ. නමුත් මම මේ චිත‍්‍රපටයේ ද්විත්ව රංගනයක යෙදෙන්නේ නැහැ.

* ජීවන් කුමාරතුංග සිනමාවට ඇවිත් කොච්චර කාලෙකට පස්සෙ ද අධ්‍යක්ෂණයට අතගැසුවේ?

දැන් මම සිනමාවට ඇවිත් වසර තිස්පහක් වෙනවා. ඒ කාලේ ජනපි‍්‍රය සිනමාවේ බොහෝම කාර්ය බහුල රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒ හින්දා මට චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ දැඩි වුවමනාවක් තිබුණේ නැහැ. දැන් ඒකට කාල වෙලාව තියෙන හින්දා තමයි චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙළඹුණේ.

* ජීවන් කුමාරතුංග කියන්නේ 80 - 90 දශකවල බයිස්කෝප් සිනමාවේ හිට් චරිතයක්. ඇත්තටම ඒ කාලේ මේ වාගේ අදහසක් ආවේ නැතිද?

ඒ කාලේ එහෙම අදහසක් ආවේ නැත්තේ මම රඟපෑමට අතිශය කාර්ය බහුල වෙලා හිටපු නිසා. අවුරුද්දකට චිත‍්‍රපට අසූවක් හැදුවා නම් මම ඒකෙන් චිත‍්‍රපට විසිපහක විතර භාරගෙන වැඩ කරලා තියෙනවා. දවසේ පැය විසිහතරම රඟපාපු අවස්ථාව තියෙනවා. ඒ වගේම එක දිගට දවස් දෙක තුන රඟපෑ අවස්ථා තියෙනවා. අනික ඒ වෙලාවේ චිත‍්‍රපට අධ්‍යක්ෂණය කියන කාර්යය මගේ ඔළුවට දාගන්න වුවමනාවක් තිබුණෙත් නැහැ. ඒ හින්දයි ඒ කාලේ ඒ කටයුත්තට අතගසන්න බැරි වුණේ.

* ඒ අතීතය මතක් වෙන කොට අද මොකද හිතෙන්නේ?

සිනමා කර්මාන්තයේ තිබුණ ඒ සුන්දර අතීතය මතක් වෙනකොට ලොකු කනගාටුවක් දැනෙනවා. තවමත් අපි බලාපොරොත්තු අතහැරලා නැහැ. මම සිනමාවට පය තබන වෙලාවෙත් එක් සුන්දර යුගයක් අවසන් කරලා යම්කිසි පසුබෑමක් තියෙන වෙලාවක්. ඇත්තටම ඒ වෙලාවේ වෙනකොටත් සිනමා කර්මාන්තයේ යම්කිසි පසුබෑමක් නොතිබුණා නොවෙයි. හැබැයි අපි නළු නිළියෝ හැටියට කාර්මික ශිල්පීන් හැටියට අපි සියලූ දෙනා එකතු වුණා. සියලූ දෙනා එකතු වෙලා චිත‍්‍රපට නිෂ්පාදනය අපේ අතට ගත්තෙ. ඒ කියන්නේ මට මතකයි අනෝජා වීරසිංහ, සෝනියා දිසානායක, මම චිත‍්‍රපට නිෂ්පාදනය කළා. මම හිත හොඳ චණ්ඩියා චිත‍්‍රපටය නිෂ්පාදනය කළා. ඒ වගේම සිනමා කර්මාන්තයේ අයම තමයි නැවත සිනමාව උඩට ගෙන ආවේ. මෙතැනදී යම් පසුබෑමක් තියෙන කාලවකවානුවක් මේක. මම සහ ප‍්‍රවීණයෝ ඇතුළුව අපේ නවකයෝ ද එකතු කරගෙන සිනමා කර්මාන්තය ගොඩනැඟීමට යම් පූර්වාදර්ශයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

* විජය කුමාරතුංග, ශෂි විජේන්ද්‍ර සමඟ ඔබ ඒ කාලේ. කරට කර රඟපෑවා. ඔබ අධ්‍යක්ෂණය කරන ජීවා චිත‍්‍රපටයෙත් එම සටන් ජවනිකා දකින්න පුළුවන්ද?

ඔව්. ඇත්තටම ජීවා චිත‍්‍රපටයෙත් සටන් ජවනිකා තියෙනවා. දරුවා බේරගන්න මේ චිත‍්‍රපටයේ සටන් භාවිතා කරන දර්ශන කිහිපයක් තියෙනවා. අපි මේ චිත‍්‍රපටයට නව සටන් ජවනිකා වගේම තාක්ෂණය භාවිතා කරමින් එම සටන් ජවනිකාවලට ජීවයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

* කොච්චර කාලයක් යයි ද අපිට ජීවා දැකගන්න?

මේ මාසයේ 25 වැනිදා අපි රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දින 25 කට තමයි රූගත කිරීම් සූදානම් කරලා තියෙන්නේ. අනෙක් කටයුතු මාස දෙකක් තුනක් ඇතුළත අවසන් කරන්න පුළුවන් වේවි. ඒ කියන්නේ මාස හයක් යනකොට අපි මේ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කරනවා.

* අද වෙනකොට චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා වගේම නිෂ්පාදනය කරන එක තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ වගේම ප‍්‍රදර්ශනයටත් ලොකු තරගයක් දෙන්න වෙනවා. ඒ තරගයට ඔබ සූදානම්ද?

මේ අභියෝගය මම භාර ගත්තේ ගැඹුර නොදැන නොවෙයි. මම විශ්වාස කරනවා මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම මගේ අරමුණ වෙලා තියෙන්නෙත් සිනමා ශාලාවලින් ඈත් වුණ පේ‍්‍රක්ෂකයෝ නැවත සිනමා ශාලාවලට ගෙන ඒමට. ඒ අභියෝගය ජය ගන්න අපිට පුළුවන්.

* අද වෙනකොට මිනිස්සු ඞීවීඞී ගෙදරට ගෙනැල්ලා චිත‍්‍රපට බලන යුගයක ඔබට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වේවිද?

ඒක තමයි. මම මුලින් කිව්වේ පුතණ්ඩියා චිත‍්‍රපටය බලනවාට වඩා පිරිසක් ඞීවීඞී එක බලලා තිබුණා. අලෙවි කරු කෙනෙක් ඒ කතාව සහතික කළා. මම හිතනවා නැවත සිනමා ශාලාවලට පේ‍්‍රක්ෂකයා රැුගෙන එන්න මට ශක්තියක් වෙන්න පුළුවන් කියලා.

* ඒ කියන්නේ ජීවන්ට ජීවා හරහා සිනමාවට ජීවයක් දෙන්න පුළුවන් කියන එකද?

ඔව්. ඔව්.

* එතකොට ජීවන් රඟපෑමෙන් ඈත් වෙනවාද?

නැහැ. නැහැ. මම රඟපෑමෙන් ඈත් වෙන්නේ නැහැ. පහුගිය දවස්වල ශෙනල් කියලා චිත‍්‍රපටයක රඟපෑවා. ඉදිරියේදීත් චිත‍්‍රපටවල මම රඟපානවා.

* වර්තමානයේ පවතින සිනමාව ගැන ඔබේ දැක්ම මොන වගේද?

නවක නළු නිළියන් වගේම දක්ෂ අධ්‍යක්ෂවරුන් කිහිප පොළක් ඉන්නවා. ඇත්තටම ඔවුන් හරිම දක්ෂයි. ඔවුන්ගේ දක්ෂතා පෙන්නුම් කරන්න තියෙන ඉඩකඩ තමයි මදි.

* චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේදී වර්තමානයේ අර්බුද රැුසක් මතු වෙලා තියෙනවා. විශේෂයෙන් චිත‍්‍රපට පෝලිම කියන කාරණාව ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම චිත‍්‍රපට පෝලිම කියන කාරණාව ගැනත් අපි හිතන්න ඕනෑ. චිත‍්‍රපට පෝලිමේ තියෙන බොහෝ චිත‍්‍රපට ඞීවීඞී චිත‍්‍රපට ඉලක්ක කරගෙන කරපු චිත‍්‍රපට ඒවා නැවත වතාවක් බලලා සුදුසු චිත‍්‍රපට. විතරක් ප‍්‍රදර්ශනය කළ යුතුයි කියලා. එහි වගකීම සංස්ථාවට පැවරෙනවා. සුදුසු චිත‍්‍රපට තෝරලා අරගෙන මේ චිත‍්‍රපට පෝලිමෙන් අයින් කරලා අරගෙන මේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සංස්ථාවේ වගකීමක්. ඉතින් ඒ වගේම බෙදා හැරීම පෞද්ගලික අංශයට ගියාට පස්සේ සිදුවෙන අකටයුතුකම් අපේ නිෂ්පාදකයට නැති වේවි. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපේ චිත‍්‍රපට සංස්ථාවට ලැබෙන ශක්තිය අනුව නිෂ්පාදකයන් ප‍්‍රදර්ශකයාත් රැුකගෙන සිනමාවේ පිබිදීම ඇති කරන්න පුළුවන් වේවි කියලා.

* දේශපාලනයට අතගහපු හින්දා ඔබේ සිනමා ගමන අඩාල වුණා කිව්වොත්?

යම් මට්ටමක අඩාල වුණා කිව්වොත් නිවැරදියි. දේශපාලන කාර්යයට වැඩිපුර අතගැසීමක් කරන්න සිද්ධ වුණ හින්දා සිනමාව මට අතහැරුණා. දේශපාලනය හින්දා සිනමාවේ යම් පසුබැසීමක් වුණේ නැහැ කිව්වොත් ඒ කතාව බොරුවක් වෙනවා. නමුත් මම සම්පූර්ණයෙන් සිනමාවෙන් ඉවත් වුණේ නැහැ. විටින් විට නිර්මාණවලට සම්බන්ධ වුණා. සිනමාව සමඟ තියෙන සම්බන්ධය අතහරින්න මම සූදානම් නැහැ.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles