Divaina - මෙගාස්ටාර් කිරුළ දිනූ හිමාලි කලා කටයුතුවලින් ඈත්වුණු හේතුව මෙන්න... මම ආපහු වැඩ වැඩ පටන්ගත්තා කියලා කවුරුත් දන්නේ නෑ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

ධම්මිකා සුරංජි පතිරණ
 
 hima1
 
 නර්තනයෙන් හා රංගනයෙන් අතිශය ජනප‍්‍රියත්වයක් මෙන්ම අගැයීමක් දිනාගත් හිමාලි සිරිවර්ධන හිරු මෙගා ස්ටාර් කිරුළ දිනාගැනීමෙන් පසුව ක්‍ෂේත‍්‍රයෙන් අතුරුදන් වූයේ ඇයි’ ඒ ගැන බොහෝ දෙනා විමසුවා’ වසර දෙකකට පසුව එලෙස සැ`ගව සිටීමට හේතු අරන් ඇය අප වෙත ඇවිත් සිටිනව’
 
 

hima2

හිමාලි නැවතත් රංගනයට හා නර්තනයට ඇවිත්ද?
 
 පොඩි පොඩි වැඩ කිහිපයකට සම්බන්ධ වුණා’ ඒ කියන්නෙ මිහිර සිරිතිලක අයියා එක්ක හාස්‍යමය වැඩසටහනක් කරනව’ නර්තන කටයුතු තවම පටන් ගත්තෙ නැහැ’
 
 හි
hima3ටිගමන් හිමාලි කලා කටයුතු වලින් ඈත්වුණේ ඇයි?
 
 අවුරුදු දෙකකට කිට්ටු වෙනව මම කලා කටයුතු වලින් ඈත්වෙලා’ ඒකට හේතුව මගේ පුතා සචෙල් සෙඞ්රික් පෙරේරා’ දැන් පුතාට අවුරුද්දයි මාස තුනයි’ පුතා ලැබෙන්න ආව කාලෙ ඉ`දන්ම හා පුතා ලැබුණට පස්සෙත් මට පුතාව දාලා වැඩවලට යන්න හිතුණෙ නැහැ’ තවමත් පුතා එක්ක ඉන්නව’ දැන් පුතාගේ සුරතල් ද`ගකාර කාලෙ’ එයා එක්ක කාලය ගත කරන්න තමයි මම කැමති’

 


 
 ආයෙමත් පෙර විදිහට වැඩ කරන එක සැක සහිතද?
 
 අනිවාර්යයෙන්ම මම වැඩ ටික පටන් ගන්නව’ දරුවගේ පැත්තෙන් බලන කොට තවම ඒකට කාලය නෙවෙයි කියලයි මම හිතන්නෙ’
 
 ආයෙමත් වැඩවලට ඇරයුම් ලැබෙනවද?
 
 ඇත්තටම ගොඩක් වැඩවලට කතාකළේ නම් නැහැ’ මොකද ගොඩක් අය දන්නෙ නැහැ මම ආපහු වැඩ කරන්න පටන් ගත්ත කියල’ ටෙලි නාට්‍ය දෙකකට මට ආරාධනා ලැබුණා’ නමුත් ඒවා මම බලාපොරොත්තු වෙන මට්ටමේ ඒවා නෙවෙයි කියන තැනයි මම ඉන්නෙ’ අනිත් කාරණය මට දුර ගිහින් වැඩ කරන්න අපහසුයි පුතා නිසා’ ආපහු වැඩ බාර නොගැනීමට එවැනි ප‍්‍රායෝගික ප‍්‍රශ්නත් බලපෑවා’
 
 හො`ද නිර්මාණයක් ලැබුණොත් පෙර මෙන් කැපවෙන්න දැන් හිමාලිට පුළුවන්ද?
 
 මට හො`ද නිර්මාණයක් ආවොත් පුතාව
 
 අරගෙන ගිහින් එතන එයාව තියා ගෙන හරි වැඩ කරන්න පුළුවන්’ යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් නිර්මාණයක් නම් මම ඒ දේ කරනව’ පහුගිය කාලයේ ලැබුණ නිර්මාණත් එක්ක බලපුවහම ඒ වගේ කැපකිරීමක් කරන එක තේරුමක් නැහැ කියල හිතුණා’
 
 මම ආසයි චිත‍්‍රපටයකින් එන්න’ ඒක මම ආස කරන ජාතියේ නිර්මාණයක් වුණොත් ඒක භාග්‍යයක්’ මොකද මගේ රංගන හැකියාවෙන්වත් නර්තන හැකියාවෙන්වත් සිනමාව පැත්තෙන් ප‍්‍රයෝජනයක් ගන්න ලැබුණෙ නැහැ’
 
 දරුවා ලැබෙන කාලයේ ශරීරයේ හැඩය වෙනස් වීමත් වෘත්තියට බලපානව නේද?
 
 ඇත්තටම මම ගොඩක්ම වැඩවලට නොයෑමට ඒකත් හේතුවක්’ මොකද බබා ලැබෙන්න ඉන්න කාලෙ මම ගොඩක් මහත් වුණා’ දැන් මම නැවතත් මගේ ශරීරය නැවත පැවැති තත්ත්වයට හදාගෙන තියෙනව’ නිර්මාණ ලැබුණත් නැතත් මගේ ශරීරය පෙර තිබුණ තත්ත්වයට ගන්න ඕන කියන තැන මම හිටියා’ මොකද මම කවදාවත් මහත් වෙලා ඉ`දල නැහැ’ ඒක මට මානසිකව බලපෑවා’
 
 විවාහයෙන් බොහෝ කාලයකට පසුව නේද දරු සුරතල් බලන්නෙ?
 
 අපි විවාහ වෙලා අවුරුදු එකොළහක්ම මගේ කලා කටයුතු සමග හිටිය නිසා දරුවෙක් හදන එක කල් දැම්මා’ මමයි මගේ සැමියයි එක`ගතාවක හිටියා දරුවෙක් මේ කාලයේ හදාගමු කියලා’ මොකද මම වැඩ බාරගෙන තිබුණ නිසා ඒ අය අපහසුවට පත්කරන්න බැහැ’ නර්තන කණ්ඩායමේ වැඩ අවුරුද්දකට දෙකකට කලින් බාරගත්ත ඒවා තිබුණා’ හිරු මෙගා ස්ටාර් නිසා ගොඩක් දුරට නර්තන කණ්ඩායමට වැඩ බාරගන්න එක නතර කළා’ ඊට පස්සෙ මට වැඩ අඩු කාලයක් එළඹුණා’ එවිට මට හිතුනා මේක තමයි හො`දම කාලය දරුවෙක් ගැන හිතන්න කියල’ සමාජයෙන් නම් එහෙම ප‍්‍රශ්න ආවෙ නැහැ’
 
 දැන් සෙන්සේෂන් ල නැතිද?
 
 

hima4

නර්තන කණ්ඩායම දැනට නැහැ’ ඒක ආපහු පටන් ගන්නවද කියන එක ප‍්‍රශ්නයක්’ මොකද එහි හිටිය ළමයි රැුකියාවක් විදිහට නර්තන කණ්ඩායමේ හිටියේ’ එයාලගේ වැටුප් ගෙවීම් වගේ වගකීම් තියෙනව’ දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක පවතින නර්තන කණ්ඩායම් වලටත් වැඩ අඩුවෙලා තියෙනව’ අනික නර්තන නිර්මාණය ඇ`දුම් නිර්මාණය මමයි කළේ’ ඒවාටත් මට දරුවගේ වැඩත් එක්ක කරගන්න කාලය හොයාගන්න අපහසු වෙයි කියලා හිතෙනව’ මොකද මම නර්තන කණ්ඩායම කරනව නම් සෙන්සේෂන් කියන නම ඒ තිබුණ තැනම තියන්න ඕන’ ඒ තත්ත්වය අඩුවෙන්න දෙන්න බැහැ’මට ඒ වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න බැරිනම් නැවතත් පටන් ගන්න එක වැඩක් නැහැ කියල මට හිතුනා’ නමුත් තවම පටන් ගන්නෙ නැහැමයි කියල තීරණය කරල නැහැ’

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles