Divaina - ආදර හැන්දෑවේදී කඳුළින් සිත්තම් වුණ නිලූෂි ගේ ආදර කතාව.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 adara333
 
  නිලූෂිට ආදර ඇරයුම් ලැබෙන්නෙ පාසල් වියේදිමද?
 
 ඒ කාලෙ ආදර ආරාධනා නම් ගොඩක් ආවා. ඒත් මට පාසල් වියේදි නම් පේ‍්‍රම සබඳතාවක් තිබුණේ නැහැ. ඒ කාලෙ මම ගොඩක් බයයි. මට ආදරය කරන්න ඕනෑ කියල හැ`ගීමක් දැනුණෙත් නැහැ. පිරිමි ළමයෙක් ඉන්න තැනකින් සැ`ගවිලා යන තරමට මම පිරිමි ළමයින්ට බයක් දැක්වුවා.
 
 ඒ බය ඔබට දුන්නෙ පවුල් වටපිටාවෙන්ද?
 
 මට අයියල දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්නාගෙන් ලොකු අයියට මම ගොඩක් බයයි. ඒ වගේම එයා ගොඩක් ආදරෙයි. මට ගොඩක් සමීප වුණේ පොඩි අයියා. ලොකු අයියට මම තාත්තටත් වඩා බයයි. එයා වචන දහයක් කතා කළොත් මම එක වචනයයි කතා කරන්නෙ.
 
 මම ර`ගපාන්න එනවටවත් මුලින්ම අයියා කැමති වුණේ නැහැ. පස්සෙ එයා රට යනව. රට යද්දිත් මට තහංචි දාලයි ගියේ. ර`ගපාන්න යන්න එපා කියල. අයියා ආපහු ලංකාවට ආවට පසුව තමයි මම ර`ගපාන්න ආවෙත්.
 
 නිලූගේ පළමු පෙම හමුවෙන්නෙ කවදා කොතනකදි ද?
 
 උසස් පෙළ විභාගයට ලියන්න ආසන්න කාලයේ මට කෙනෙක් මුණගැහෙනව. එයා මට අහම්බෙන් හමුවුණේ. එයා මගෙන් කිහිප වතාවක්ම යාළුවෙන්න ඇහුවා. මම එයාට කැමති වුණේ නැහැ. මම කිව්වෙ මට පිරිමි ළමයෙක් ඉන්නව කියලයි. මම හිටිය හැටියට මට පෙම්වතෙක් ඉන්නව කියල කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. මම එයාට ආදරෙයි කියලා මට දැනුණෙ එයාගෙ යාලූවෙක් මට දවසක් කිව්වා එයාට පෙම්වතියක් ඉන්නව කියලා. එදා මට ගොඩක් දුක හිතුණා.
 
 ඉතින් ඊට පස්සෙ?
 
 ඊට පස්සෙ අපි පෙම්වතුන් වෙනව. ගොඩක් අය මට එයා ගැන ගොඩක් දේවල් කිව්වා එයාට තව ගැහැනු ළමයි ඉන්නව කියල. මම ඒවා විශ්වාස කළේ නැහැ. පස්සෙ මම දැනගත්තා එයා මට ආදරේ කරලා තියෙන්නෙ සැහැල්ලූවට කියලා. නමුත් මම ඇත්තටම ආදරය කළා. මම ඒ ආදරය හදවතින්ම බාරගත්තා. ඒ ආදරය මගේ ජීවිතය වෙනස්ම තැනකට ගෙනාවා. එයා කරපු වැරදිවලට මම තුන්හතර වතාවක්ම සමාව දුන්නා. නමුත් එයා ආයෙ ආයෙත් ඒ දේම කළා. අන්තිමට මම ඒ පෙම්කතාව නතර කරන්න තීරණය කළා.
 
 ඔබට යළිත් ඔබේ හිතට ගැළපෙන පෙමක් හිමිවෙනවද?
 
 පළමු ආදරය නිසා මම මගේ ජීවිතයට මෝඩ වැඩක් කරගන්නත් ගියා. ඒ වෙලාවෙදි මගේ හිත හැදුව කෙනෙක් හිටියා. එයා ගොඩක් ලස්සන පෙනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගෙ සිතුවිලි හරිම හො`දයි. එයා නිසා තමයි මම පළමු පේ‍්‍රමයෙන් බිදුණ හිත හදාගත්තෙ. ඒ මගේ දෙවැනි ආදරය වුණා. එයාට මම අදටත් ගරු කරනව. මම හිතන්නෙ මට මගේ ජීවිතයේ හම්බ වුණ පිවිතුරුම ආදරය ඒක කියල.
 
 අදටත් ඒ ආදරය ඔබ ළ`ගද?
 
 එයාට ඉක්මණින් විවාහ වෙන්න කියල එයාලගෙ ගෙදරින් හදිසි කළා. එතකොට මට වයස විසි එකයි. මම ඒ කාලෙ විවාහ වෙනව කියන තැන හිටියෙ නැහැ. එයා මට යෝජනා කළා අපි විවාහ වෙලා වෙන රටකට යමු කියලා. නමුත් මට මගේ දෙමවුපියන්ට දුකක් දෙන්න බැහැ. ඒ නිසා මම ඒකට එක`ග වුණේ නැහැ.
 
 මම දැනගෙන හිටියෙ නැහැ එයා විවාහ වෙනව කියලවත්. එයා මට කිහිප වතාවක්ම කිව්වා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්න එයාව මුනගැහෙන්න එන්න කියලා. නමුත් මම ගියේ නැහැ. එක දවසක් මම උදේ එයාට දුරකතන ඇමතුමක් ගනිද්දි ඒ ඇමතුමට පිළිතුරු දුන්නෙ එයාගෙ බිරි`ද. ඒ වෙලාවෙත් මට විශාල දුකක් දැනුණා. මම ඒ ආදරය නිසාත් ගොඩක් විෙ`දව්වා.
 
 අද ඔබේ ආදරය?
 
 දැන් මම ආදරය කරන්නෙ නැහැ. මම හිතනව මම ජීවිතයේ මගේ අරමුණුවලට යන්න ඕනෑ කියල. මගේ ජීවිතයේ ආදරය කියන කාරණයෙදි මම ගොඩක් අත්දැකීම් ලබාගත්තා. අපිට හරි අමාරුයි හො`දම කෙනා තෝරගන්න.
 
 ජනප‍්‍රියත්වය නිසා ඔබට ලැබෙන ආදර ඇරයුම් වැඩිවෙලාද?
 
 ඔව්. ගොඩක් ආදර ආරාධනා ගෙනෙන අය ඉන්නව. මම දැන් කැමති වුණොත් මාව විවාහ කරගන්න අය ඉන්නව. ආදරය කියන්නෙ සල්ලිවත් වෙන දෙයක්වක් නෙවෙයි. අප අපිට ගැළපෙන නිවැරදි කෙනාවයි විවාහයෙදි තෝරගන්න ඕනෑ.
 
 හො`දම කෙනා තෝරගන්න කාලයට ඉඩ දීලද ඉන්නෙ?
 
 ඇත්තටම හො`දම කෙනා කව්ද කියල හොයාගන්න අමාරුයි. කොච්චර කතාකළත් අපිට කෙනෙක් තේරුම් ගන්න එක ලේසි නැහැ. මම කාලය ගන්නව ඒ කෙනා තෝරගන්න.
 
 ආදරය විවාහය වෙනුවෙක් කලා දිවිය කැපකරන්න වුණොත්?
 
 මම ක්‍ෂේත‍්‍රයට ආවෙ ගොඩක් මහන්සියෙන්. අපිට ක්‍ෂේත‍්‍රයට එන්න ගොඩක් පැති තියෙනවනෙ. මම ආවේ හෙමින් ගමනක්. මේ ගමනෙදි මම ගොඩක් දුක් ගැහැටවලට මුහුණ දුන්නා. හැබැයි හැම දේටම වඩා පවුල් ජීවිතය වටිනවනෙ. පවුල් ජීවිතය වෙනුවෙන් ර`ගපෑම කැප කරන්න වුණොත් මම අනිවාර්යයෙන් ඒ දේ කරනව. ධම්මිකා සුරංජි පතිරණ


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles