Divaina - සංගීතේ අමායාට හැබෑවටම ඩ‍්‍රම්ස් ගහන්න පුළුවන්.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
sangeete2 සංගීතේ නිසා සචිනි ගැන හැමෝම කතා වෙනව නේද?
 
 ඔව්. සංගීතේ ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශය වන නාට්‍ය අතරින් ගොඩදෙනෙක් නරඹන නිර්මාණයක් බවට පත්වෙලා. ඒ තුළ මම කරන අමායා කියන චරිතය නිසා එවැනි කතාබහක් තියෙනවා.
 
 දැන් බොහෝ දෙනෙක් කතා කරන්නෙත් අමායා කියලලූ නේද?
 
 මම ක්‍ෂේත‍්‍රයට එන්නෙ ඞී‍්‍රම්ස්ටාර් හරහනෙ. ඒ කාලෙට වඩා අද මම රසික රසිකාවියෝ අතරෙ ඉන්නව. ඒ අමායාගේ චරිතෙට ඔවුන් ආදරය කරන නිසා. ඒ ආදරය නිසාම තමයි මම හිතන්නෙ මට ඒ විදියට කතා කරන්නෙ.
 
 

 

කොහොමද අමායා වෙන්න අවස්ථාව උදාවෙන්නේ
 
 දෙරණ නාලිකාවෙ ලක්සිරි සර් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. මුලින්ම මට දෙරණ නාලිකාව පෝය කෙටි චිත‍්‍රපටයකට සම්බන්ධවෙන්න ලැබුණා. එතැනින් පස්සෙ තමයි සංගීතේ නාට්‍යයට මාව තෝරගත්තෙ.
 
 හිසරදයක් වෙන තරමට ප‍්‍රතිචාර ලැබෙනව කියන්නේ ඇත්තද?
 
 ප‍්‍රතිචාර නම් ගොඩක් ලැබෙනව. ඒව මම හරිම ආසාවෙන් විඳගන්නව. කවදාවත් මට ආදරය කරන අයගෙ ප‍්‍රතිචාර මම හිසරදයක් කරගන්නෙ නෑ.
 
 සචිනි පණපොවන අමායාගේ චරිතෙ මොනවාගේ ද
 
 අමායා ගොඩක් අහිංසක කෙනෙක්. ඒත් දඟකාර ගතියකුත් එයාගෙ තියෙනව. වැඩි වත් පොහොසත්කම් නැති වුණාට ලස්සනට ඇඳල පැළඳල ඉන්න කැමැති කෙනෙක්. මියුසික් ෂොප් එකක වැඩ කරන ඩ‍්‍රම්ස් ප්ලේ කරන්න පුළුවන් චරිතයක්.
 
 සැබෑ ජීවිතේ සචිනි සංගීතේ අමායා වගේමද
 
 බොහෝ දුරට. අමායා දඟයි. ඩ‍්‍රම්ස් ප්ලේ කරනවා. මමත් දඟයි. ඩ‍්‍රම්ස් ප්ලේ කරනවා අමායා අහිංසකයි වගේ මමත් අහිංසකයි.
 
 සචිනි අහිංසකයි කියල කවුද කියන්නේ
 
 ම්... ඒකත් ඇත්ත මටම විතරනෙ.
 
 වැඩියෙන් දක්‍ෂ සංගීතයට ද රංගනයට ද?
 
 මම ක්‍ෂේත‍්‍රයට ආවෙ ගායනය හරහා. ඒ දෙරණ ඞී‍්‍රම්ස්ටා සීසන් සෙවන්වලට සහභාගී වෙමින් ඒ ආපු ගමනෙදි අහම්බෙන් තමයි මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.
 
 ඩ‍්‍රම්ස් වාදනයක් එක්ක සචිනිගෙ තියෙන සම්බන්ධය මොකක්ද?
 
sangeete1
පුංචි කාලෙ ඉඳලම මට ඒ හැකියාව තියෙනවා. මගේ ටැලන්ට් එක තියෙන්නෙත් පර්කෂන් පැත්තෙන්. මුල්ම කාලේ මම යොමුවෙලා හිටියේ තබ්ලා වාදනයට. ඩ‍්‍රම්ස් ප්ලේ කරන්න මට කියල දීල ඒ පැත්තෙන් මාව ඉදිරියට ගත්තේ දර්ශන රුවන් දිසානායක සර්. සෞන්දර්යය විශ්වවිද්‍යාලෙ විෂයයක් හැටියටත් මම ඩ‍්‍රම්ස් වාදනය ප‍්‍රගුණ කරනව.
 
 ඩ‍්‍රම්ස් වාදනයට වැඩිපුරම නැඹුරු වෙන්නේ පිරිමි ළමයි කියල සචිනිට හිතුණෙ නැද්ද?
 
 තියෙන දක්‍ෂතා එක්ක වෙනස්ම පැත්තකින් ඉදිරියට ගිහින් කැපිල පේන්න මම ආසයි. ගොඩක් ගැහැනුු ළමයි පියානෝ කීබෝඞ් ගිටාර් වාදනයට තමයි උනන්දු වෙන්නේ. හැකියාව තියෙන එකේ අනිත් අයට වඩා වෙනස්ම පැත්තකින් පෙනී සිටින්නත් මට ඕන වුණා.
 
 සංගීත කණ්ඩායමක් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද? ආසාවක් නම් තියෙනව. සංගීත කණ්ඩායමක් පටන් අරන් පවත්වාගෙන යනව කියන්නේ අමාරු වැඩක්. ඒ වගේම ලොකු වගකීමක් දරන්නත් වෙනව. ඒ වගේම කාලය කළමනාකරණය කර ගැනීමේ ප‍්‍රශ්නත් තියෙන නිසා ආසාවක් තිබුණට කි‍්‍රයාත්මක කරන්න අමාරුයි.
 
 මේ වෙනකොට සිනමාවටත් සම්බන්ධ වෙලා නේද ඉන්නෙ?
 
 ඔව්. දර්ශන රුවන් දිසානායක මහත්මයා අධ්‍යක්‍ෂණය කරන ගොවි තාත්තා චිත‍්‍රපට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා එහි වැඩකටයුතුත් එක්ක තමයි මේ දිනවල කාලය ගත වෙන්නේ.
 
 ඔබේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
 
 මට ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි. මගේ හැම වැඩක්ම සාර්ථක වෙන්නේ ඒ තුන්දෙනා දෙන සහයෝගය නිසා තමයි. අම්ම තමයි මගේ පිටිපස්සේ ඉඳගෙන මාව උනන්දු කරන්නේ ආරක්‍ෂා කරන්නෙ.
 
 චරිතයක් බාරගන්නකොට මොනවගේ කොන්දේසිද සචිනි අනුගමන කරන්නෙ.
 
 තාම ලොකුවට චරිත
 
 බාරගන්න තැනක මම නැහැනෙ. ඉදිරියේදී මම ලැබෙන චරිතය මොකක්ද ඒ තුළ මට කරන්න තියෙන්නේ මොකක්ද කියල බලල හොඳ නිර්මාණවලට දායක වෙනව.
 
 කලාව වෘත්තීය කරගන්න වුණ එක ගැන මොනවද හිතෙන්නේ
 
 ඇත්තටම සතුටුයි. මොකද මේ රැුකියාව හරහා මම වැටුප් ලබනවා වගේම රසික ආදරෙත් ලබනවා. ඒක බොහෝ අයට නොලැබෙන දෙයක්නෙ. අනිත් එක හරිම නිදහස් කලාව කියන්නේ මගේ වාසනාවට හිමිවුණ වෘත්තියක්.
 
 ඉදිරියේදී සුවිශේෂී කෙනෙක් නිසා ආදරය කරමින් නියැළෙන කලාවෙන් දුරස් වෙන්න වුණොත්
 
 මගේ ඒම් එක කලාව නිසා එවැනි බලපෑම් කරන කෙනෙක් මම කවදාවත් සුවිශේෂී කරගන්නේ නැහැ. මගේ හැකියාවන් අගයමින් මාව රැුක බලා ගන්න කෙනෙක් තමයි මම සුවිශේෂී කරගන්නේ.
 
 ඡායාරූප - ලක්මාල් ස්පෙන්සර්
 හැඩගැන්වීම - සැලොන් ලක්මා- - බොරලැස්ගමුව.
 පසුතලය - පන්සිළු මියුසික් ස්ටුඩියෝ - - මහරගම
 ධම්මික හේවාවසම්

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles