Divaina - අනුරාධාට කේන්දරේ සියයට සියයක් විශ්වාසයි.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 කේන්දරේ නම් තියෙන්නෙ අම්මා ගාව තමයි. මම ළඟට ගන්න වෙලාවලූත් තියෙනවා. අම්මා හඳහන බලවන්න කොහාට ගියත් මම තමයි ඉතින් එක්ක යන්න ඕන. ඒ නිසා ඕක බලවන තැන්වල බොහෝ වෙලාවට මම ඉන්නවා.
 
 කේන්දරේ ගැන මොකද හිතෙන්නෙ?
 
 කේන්දරේ බොරුයි කියලා අහක දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහි පැහැදිලි සත්‍යතාවක් තියෙනවා. අතීතය ගැන කියද්දි අනාගතය ගැන කියපු දේවල් සත්‍ය බවට පත් වෙද්දි කේන්දරේ සීයට සියක් විශ්වාස කරන්න පුළුවන් දේවල් මට තියෙනවා. ඒ වගේම ඒ හරහා මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලත් හිතෙනවා.
 
 ප‍්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?
 
 තාම ඉතින් අම්මා ගාව ඉන්න නිසා අවශ්‍ය වුණ වෙලාවට ඒක ප‍්‍රයෝජනයට අරන් සියලූ දේ මට කරලා දෙන්නෙ අම්මනෙ. ඉදිරියේදී ඉතින් සුබ කටයුතුවලදී ඒ හරහා වැඩ කරන්න වෙන දවසක් එයිනෙ. එදාට ඉතින් ප‍්‍රයෝජනයට ගන්නවා.
 
 අපල කාල ගැන විශ්වාසද?
 
 කෙනෙක් කරපු පව් පල දෙන කාලේ තමයි අපල කියලා හඳුන්වන්නෙ. ජ්‍යොතිර්වේදියෙක් කේන්දරේ බලලා මේ කාලේ මේ අපලෙ තියනවා කියලා ඒවා ඇත්ත වෙද්දි විශ්වාස කරන්න වෙනවා.
 
 නැකැත් අනුගමනය කරනවද?
 
 සාමාන්‍යයෙන් දෙයක් කරන්න ලෑස්ති වෙලා ඒ කරන වෙලාව හොඳම වෙලාව කියලා තමයි මම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ. හැබැයි පුංචි කාලේ ඉඳලම අවුරුදු නැකැත් ඒ පිළිවෙළට ඉටු කරන්න මම ලොකු සහයෝගයක් දෙනවා.
 
 දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
 
 බෞද්ධ ආගමේ කෙනෙක් හැටියට මම අනිවාර්යයෙන් පන්සලට යනවා. ගෙදරදීත් බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙන එක මගේ සිරිතක්. ඒ දේවල්වලින් හොඳක් වෙනවා කියන එක ගැන මම විශ්වාසයි.
 
 පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන
 
 විශේෂයෙන් කියලා ඔය එක එක පුද පූජාවලට අපේ ගෙදර කිසි කෙනෙක් යොමු වෙන්නෙ නෑ. පන්සලට ගිය වෙලාවට බෝධි පූජාව නම් අනිවාර්යයෙන් කරනවා. එයින් හිතට දැනෙන සුවය අප‍්‍රමාණයි.
 
 නිළියක් වෙන බව කේන්දරේ සඳහන් වුණාද?
 
 නෑ. කවදාවත් මම කලාවට යොමු වෙන කෙනෙක් කියලා කිසිම ජ්‍යොතිෂවේදියෙක් කියලා නෑ. එහෙම කවුරුම හරි කිව්වා නම් අම්මා ඒ ගැන මට කියනවනෙ.
 
 ලග්නය
 
 මිථුන
 
 විවාහ වෙන්න කේන්දර ගලපලද?
 
 අනිවාර්යයෙන් කේන්දර ගැලපෙන්නම ඕන. විවාහය කියන සාධකයේදී මම ඒ ගැන සැලකිලිමත් වෙලා කේන්දර ගැළපෙනවා නම් තමයි ඒ විවාහය කර ගන්න ලක ලෑස්ති වෙන්නෙ.
 
 එදාට නැකැත්වලට ද ඒ සියලූ දේ සිදු කරන්නෙ.
 
 ඔව්. ඒ පාර්ශ්වයත් එක්ක එකතු වෙලා මගේ අම්මත් සුබ වෙලාවල් හදාගෙන ඒවිනෙ. ඒ ඒ කටයුතු නැකැත්වලට අනුව සිදුකරනවා.
 
 රාහු කාලයට බයද?
 
 පොඞ්ඩක්වත් නෑ. රාහු කාලේ කියන්නෙ මොකද්ද කියලා පැහැදිලිවම මම අදට දන්නෙත් නෑ. ඒ කාලය දවසෙ මොන වෙලාවට යෙදෙනවද කියලා දැනුමකුත් නෑ. ඒ නිසා බය හිතෙන්නෙත් නෑ.
 
 කේන්දරේට දෙන්නෙ මොන වගේ තැනක්ද?
 
 කේන්දරේ තිබුණ පලියට ඒක පස්සෙන් යන්න ඕන නැහැ. ඒක බලලා පසුතැවෙන්න ඕනත් නැහැ. එයින් කාලෙන් කාලෙට කියන හොඳ හෝ නරක අනාවැකි
 
 දැනගෙන ඒ ඒ කාලවලදී අපි ඒවා මඟ හැරගෙන ජීවත් වෙන්නෙ කොහොමද කියන එක දැනගෙන අතේ දුරින් තියා ගත්තම ඇති.
 
 ධම්මික හේවාවසම්
 


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles