Divaina - මම බොහොම සරල කොල්ලෙක්... පාවෙලා වලාකුලේ නිරාෂා කියන්නේ මගේම නෝනා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

ගායනයෙන් ර`ගපෑමට ආ කවුද මේ දිනූෂ දිසානායක

isan444

ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ඒ නිසාම වෙන්න ඇති ලංකාවෙන් බිහි වෙන තරු ඉතාම ඉක්මණින් ජනතාව අතරට යන්නේ. මේ දවස්වල අපි දකින ටෙලි නාට්‍ය අතරේ ටිකක් වෙනස් විදිහේ ටෙලි නාට්‍යයක් සති අන්තයේ අපිට දෙරණ රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා. ඒ තමයි ”පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” කියන ටෙලි නාට්‍යය. සමන් එදිරිමුණි තිර රචනය කරන දිලූක ගුණතිලක විසින් අධ්‍යක්‍ෂණය කරන මෙම නාට්‍යයෙන් ඔවුන් අලූත් මුහුණු කිහිපයක්ම ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙන්නත් අමතක කරල නැහැ. ඒ අතර මේ දවස්වල හැමෝම කතා වෙන චරිතයක් තමයි චූටි දුවගේ තාත්තා. අම්මත් නැතිව එයා කොහොම ද මේ බබාව බලාගන්නේ. මේක හැමෝටම තියෙන ප‍්‍රශ්නයක්. ඒ ගැන වගේම ඒ හැඩකාර තාත්තා ගැන දැනගන්නත් එක්ක අපි ඔහුට කතා කළා. ඒ වෙන කවුරුවත් නෙවෙයි දිනූෂ දිනූෂ දිසානායක.
 
ඉතින් දිනූෂ කොහොම ද මේ දවස්වල ජීවිතේ ?
 
 ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු එක්ක තමයි මේ දවස්වල ඉන්නේ. ඊට අමතරව ඡුයදඑද ීයදදඑ කිහිපයක්ම කරන්න අවස්ථාව ලැබුණා. හැමදේම අතරේ සතුටින් සැහැල්ලූවෙන් ජීවත් වෙනවා.
 
 පවුලේ විස්තර ටිකකුත් කියමුකෝ බලන්න ?
 
 මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, මමයි තමයි. ඒ තමයි මගේ පවුල. ඒවගේම මම දැන් විවාහකයි. බිරි`ද තමයි පවුලට එකතු වුණු අලූත් කෙනා.
 
 පාසැල් කාලේ මතක් කළොත් ?
 
 මම පාසැල් ගියේ සුමංගල විද්‍යාලයට. උසස් පෙළ හැදෑරුවේ කලා විෂයන්ගෙන්. ඊට පස්සේ මම ්‍යසටයැර ්පැරසජ්බ ක්‍දකක්ටැ එකේ ්‍යදිචසඒකසඑහ ගැන ෘසචකදප් එකක් කළා. පාසැල් කාලේ නම් ඇත්තටම ගොඩක් සුන්දරයි.
 
 පාවෙනා වළාකුලට ලැබෙන ප‍්‍රතිචාර කොහොම ද ?
 
 තවමත් කොටස් කිහිපයයි විකාශනය වුණේ. ඇත්තටම හිතාගන්න බැරි තරම් රසික ප‍්‍රතිචාර ලැබෙනවා. එ් ගැන පුදුමාකාර සතුටක් තියෙන්නේ. එ්ක වචන වලින් විස්තර කරන්න අමාරු හැ`ගීමක්.
 
 දිනූෂ කොහොම ද මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ?
 
 ඒක දිග කථාවක්. මම මුලින්ම 2014 වසරේ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තරඟයට සහභාගි වුණා. එහිදී මම අවසන් 10 දෙනා දක්වා පැමිණියා. පසු කලෙක රංගනය ස`දහා මට ආරාධනා කළේ දෙරණ ආයතනයම තමයි. රාධිකා ක‍්‍රිෂාන්ති මහත්මිය, ලක්සිරි වික‍්‍රමගේ මහතා, චරිත් කොතලාවල මහතා යන අය තමයි මාව සම්බන්ධ කර ගත්තේ. ඔවුන් නොසිටින්න මට මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් තමයි මාව දිලූක ගුණතිලක මහත්මාට හඳුන්වා දෙන්නේ. ඔහු මාව මුලින්ම ඔහු අධ්‍යක්‍ෂණය කළ දෙරණේ ම විකාශය වූ පැය 2.30ක ටෙලි චිත‍්‍රපටයකට තෝරා ගත්තා. ඒ ”නික්ම යාම” ඒක මට රංගන පාසැලක් වගේ වුණා. පසුව තමයි මම මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
 
 දිගටම රඟපාන්න ද කල්පනාව ?
 
 දැනට රඟපෑම් කරනවා. නමුත් සංගීතය පැත්තෙන් ඉදිරියට යන්නත් ලොකු කැමැත්තක් තියෙනවා. මම, හර්ෂ ධනෝජ්, නවීන් දිල්ෂාන් එකතු වෙලා බෑන්ඞ් එකක් කරනවා. ලබන මාසයේ අපි තුන් දෙනා කරපු ගීතයක් රූබරි නමින් පේ‍්‍රක්‍ෂකයින් අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේම ගීතයකුත් ලබන මාසේ එළියට දානවා.
 
 ප‍්‍රවීණයින්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද ?
 
 ඇත්තෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ආනන්ද අතුකෝරාල, සුසිලා කෝට්ටගේ අධ්‍යක්‍ෂක නිෂ්පාදක වගේ හැම කෙනෙක්ගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.
 
 පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද ?
 
 පවුලේ හැම කෙනෙක්ම මට උදව් කරනවා. ඒ වගේම මගේ අත්තම්මටයි සීයටයි තමයි ලොකුම අවශ්‍යතාව තිබුණේ මාව මේ ක්‍ෂේත‍්‍රයට යොමු කරවන්න.
 
 බිරි`ද මොකද කියන්නේ රංගනය ගැන ?
 
 බිරි`දත් නිතරම මගෙත් එක්ක තමයි ඉන්නේ. පාවෙනා වළාකුලේ නිරාෂාගේ චරිතය රඟපාන්නේ එයා. එයාගෙන් ලැබෙන සහයෝගයත් අති විශිෂ්ටයි.
 
 රංගනය පිළිබ`ද ඔබ තෘප්තිමත් ද ?
 
 ඇත්තෙන්ම. මුලදීනම් ටිකක් බය හිතුණා. නමුත් දැන් හිතෙනවා ඒක මට ගැලපෙන තැනක් කියලා. ඉතින් මම තෘප්තිමත්.
 
 අලූත් වැඩ වලටත් ආරාධනා ලැබෙන්න ඇති නේද ?
 
 ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඉඩ ලැබෙන විදිහට ඒ ස`දහා යොමු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව සංගීත ප‍්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රසංගයකට සහභාගි වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
 
 සිනමාවට සම්බන්ධ වෙන්න කැමැති නැතිද ?
 
 ඇත්තෙන්ම කැමැතියි. නමුත් මට තවම එවැනි දේකට ආරාධනාවක් ලැබිලා නැහැ.
 
 සිනමාවේ නිරුවත් රංගනයකට දිනූෂට ආරාධනාවක් ලැබුණොත් ?
 
 නළුවෙකු විදිහට මම දෙන උත්තරේ අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් මම කවදාවත් එවැනි ආරාධනාවක් භාර ගන්නේ නැහැ.
 
  Fashion ගැන දිනූෂ හිතන්නේ කොහොම ද ?
 
 ත්‍්ියසදබ කරන්න ඕනෑ. ගැලපෙන විදිහට. මම බොහොම සරල කොල්ලෙක්. ෂෝටයි ටී ෂර්ට් එකයි ඇ`දල රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනව තරම් Fashion එකක් මට තවත් නැහැ.
 
 ඔයා කවුරුහරි Follow කරන චරිතයක් ඉන්නවාද ?
 
 මම කැමතියි ෂාරුක් ඛාන්ට. එයාගෙ හැසිරීමට මම ගොඩක් කැමැතියි. ඒ වගේම ලංකාවේ කලණ ගුණසේකරගේ රංගනයටත් මම කැමතියි.
 
 සමහරු කියනවා දිනූෂ හරි නපුරුයි කියලා ?
 
 සමහරු එහෙම හිතනවා ඇති. ඒත් ඇත්තටම මම නපුරු නැහැ. හිතට වැදුනොත් පණ වුණත් දෙනවා. ඒ මගේ හැටි. ළ`ගින් ඉන්න අය දන්නවා මම පපුව හො`ද එකෙක් කියලා.
 
 ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්නෙ කවද්ද ?
 
 තවම නම් ඒ ගැන හිතලා නැහැ. තව ටික කාලයක් ගිහින් ඒ ගැන කල්පනා කරනවා. ඒත් මම දරුවන්ට ගොඩක් ආදරෙයි.
 
 අමිල නුවන් මධුසංඛ


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles