Divaina - මට මෙතැන රැඳුණත් එකයි නැතත් එකයි..... සම්මානයක් ලැබුණහම පොඩි ආතල් එකක් තියෙනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

naluman555
 
 අඩෝ ටෙලියෙනුයි සූස්ති චිත‍්‍රපටයෙනුයි යළි කරළියට එන කළණ ගුණසේකර
 
 කූඹියෝ කළණ ගුණසේකර කියන නළුවා ගේ ජීවිතය වෙනස් මගකට යොමුකරනවා’ එ් නිසාම ඔහුට සිග්නීස් සම්මාන උළෙලේ දී හො`දම ටෙලිනාට්‍ය සහාය නළුවාට හිමි සම්මානය හිමිවෙනවා’ එ් විතරක් නෙමෙයි මීට පෙර රයිගම් හා සුමති ටෙලි සම්මාන උළෙලවලදී කළණ කූඹියෝ හි ඉදිරිපත් කළ රංගනය උදෙසා හො`දම සහාය නළුවා ලෙස සම්මානයට පාත‍්‍ර වෙනවා’ එ් නිසාම අපි කළණ එක්ක ටිකක් කතාකරන්න හිතුවා’ මේ එ් කතාබහේ  පෙළගැස්මයි’
 
 හො`දම ටෙලි නාට්‍ය සහාය නළුවා විදිහට පිට පිටම සම්මාන ලැබෙද්දි නළුවෙක් විදිහට ආඩම්බරකාර අවස්ථාවක්ද ?
 
 මම ටෙලි නාට්‍ය බොහෝ සංඛ්‍යාවක ර`ගපාල නැහැ’ ටෙලි නාට්‍ය දහයක වගේ සුළු ප‍්‍රමාණයකයි ර`ගපාලා තියෙන්නේ’ ඒ අතරින් හුස්ම සහ ඔක්සිජන් හි රංගනයට මම කිහිප වතාවක්ම හො`දම සහාය නළුවාට නිර්දේශ වූවා සහ එහි රංගනය උදෙසා සිග්නීස් සම්මාන උළෙලකදී හො`දම සහාය නළුවාට හිමි සම්මානය ලැබිලා තියෙනවා’ ඒ හැරුණම වන්වේ” ස්වේත ගංතෙර යන ටෙලි නාට්‍ය වල රංගනය වෙනුවෙනුත් මා සම්මාන ස`දහා නිර්දේශ වුණා’ කුඹියෝහි ර`ගපෑම වෙනුවෙන් තමයි මම සම්මාන උළෙලවලදි වැඩියෙන්ම හො`දම සහාය නළුවාට නිර්දේශ වුණේ සහ සම්මාන ලැබුණෙ’ නළුවෙක් විදිහට ර`ගපාන කොට අපිට ඒ චරිතයට සම්මාන ලැබෙයි කියලා හිතා ගෙන ර`ගපාන්න බැහැ’ අපි චරිතය ර`ගපානවා විතරයි’ ඒ වැඬේ හො`දටවෙලා තියෙන නිසා සම්මානයක් ලැබුණම නළුවෙකුට කටුස්සගේ කරේ රත්තරන් බැන්`ද වගේ නෙවෙයි ඒකෙ පොඩි ආතල් එක්ක තියෙනවා’
 
 සම්මානයක ඉන් එහා ගිය වටිනාකමක් ඔබ දකින්නේ නැතිද?
 
 ලංකාව වගේ රටක ආර්ථික වශයෙන් හා නිර්මාණාත්මක වශයෙන් බොහොම අමාරුවෙන් ඇදගෙන යන කලාවක්නේ තියෙන්නේ’ සම්මානයකට මේක ඇතුලේ රැු`දී සිටිම ස`දහා පොඩි ජවයක් හදන්න පුළුවන්’ සම්මානය කියන්නේ පස්හය දෙනෙක්ගේ තීරණයක්’ නමුත් කලාව කියන එක තර`ගකාරී මට්ටමකින් මනින්න බැරි දෙයක් කියන තැනකයි මම ඉන්නේ’ ධාවන තරගයක් වගේ දෙයක නම් අපිට නිශ්චිතව පළමුවැනියා මොහු කියලා තීරණය කරන්න පුළුවන්’ නාට්‍යයක පිටපත අනුවනේ ර`ගපාන්නේ’ නළුවෙකුට ලැබෙන චරිතය වගේම අධ්‍යක්ෂකවරයා මතත් ඔහුට යන්න පුළුවන් පරාසය තීරණය වෙනවා’ ඇත්තටම සම්මාන වල බර පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රතිචාර වලත් තියෙනවා’ අපි නිර්මාණයක ර`ගපාල එක් විකාශය වෙද්දි අපි බයෙන් බලන්නේ පේ‍්‍රක්ෂකයෝ ඒ නිර්මාණය බලල ඒ ගැන කතාබහ කරද්දි නිහතමානි සතුටත් තියෙනවා’ අපි නිර්මාණ කරන්නේ අපි ස`දහා නෙවෙයි” ඔවුන් ස`දහානේ’
 
 ප‍්‍රධාන නළුවා සහාය නළුවා ප‍්‍රතිවීර චරිතය ර`ගපාන නළුවා යන චරිත උදෙසා ලැබෙන රංගන වටිනාකම් වෙනස්ද ?
 
 ඇත්තටම එහෙම කරන්න බැහැ’ මොකද එහෙම කරන්න බැහැ කියන්නේ කෙනෙකුට මේක තමයි හො`දම නළුවා” මම කරන්නෙ ප‍්‍රධාන චරිතය කියල හිතාගෙන කරන්න’ නමුත් සම්මාන ගැන හිතාගෙන කරන්න පුලූවන් කලාවක් නැහැ’ සම්මාන කියන එක නළුවෙක් ඔළුවෙන් අයින් කරගන්න ඕනෑ කියලයි මම කියන්නේ’ එයාට තියෙන්නේ අධ්‍යක්ෂකවරයයි පිටපත් රචකයයි සහ ඒ කණ්ඩායම එක්ක ලොකු වැඩක්’ නළුවෙක් චරිතයක් කොහොමද හරියට කරන්න තියෙන එකට වඩා අනිත් දේවල් හිතන්න ගියොත් නළුවෙක්ට නාන්නයි වෙන්නේ’
 
 නළුවෙකුට කඩවසම් රූපයක් නඩත්තු කිරීම තුළින් වාසියක් ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
 
 ඉන්දියාවෙනුයි ලංකාවට ලස්සන රූපය සමග නළුවා සහ නිළිය බිහිවෙනවා කියන සංකල්පය ලැබෙන්නේ’ ඇමෙරිකාව වගේ රටක් ගත්තම නළුවන් ක්ෂේත‍්‍රයට ආවේ ලස්සන නිසාද? වෙන මොනයම් හේතුවක් නිසාද? කියල අපිට හිතාගන්නවත් බැහැ’ ඉන්දියාවේ සල්මන් ඛාන්” අමීර් ඛාන්ගේ තරුභාවයන් යුක්ත නිසා ලස්සන නඩත්තු කිරීම අවශ්‍යයි’ හැබැයි තව පැත්තක් තියෙනවා ර`ගපෑම කියන එක පිට පොත්තෙන් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි’
 
 මේ දිනවල ඔබගේ දායකත්වය ලැබෙන නිර්මාණ මොනවද?
 
 අඩෝ කියල ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා’ සූස්ති කියල චිත‍්‍රපටයක වැඩ අවසන් වුණා’ මේ වෙනකොට මම ර`ගපාල තියෙන ප‍්‍රදර්ශන පෝලිමේ රැුෙ`දන චිත‍්‍රපට අතරට සූස්ති චිත‍්‍රපටයත් එකතු වුණා’ මේ දවස්වල සුසිරි ප‍්‍රනාන්දුගේ සහ ලක්රුවන් ද සේරම් යන නිර්මාණකරුවන්ගේ චිත‍්‍රපට දෙකක වැඩ වලට දායක වෙමින් ඉන්නවා’
 
 කළණ ඔබ කොහේ සිට මෙතැනට එන්නෙක්ද?
 
 මම අධ්‍යාපනය ලබන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ’ මගේ ගම වෙනිවැල්පොල කහතුඩුව’ ඒ කියන්නේ කොළඹම තමා’ මම පාසැල් වියේ පටන්ම පේ‍්‍රම කුමාර කරුණාරත්නගේ නාට්‍ය වල ර`ගපෑවා’ පේ‍්‍රමකුමාර සර්ගෙන් වගේම
 
 හැමෝගෙන්ම මම ඉගෙන ගන්නවා’ රංගන වැඩමුළු බොහොමයකටත් යනවා’ මුලින්ම මම අධ්‍යක්ෂණයටයි නැඹුරු වෙලා හිටියේ’ මම රුවන් මලිත් සමග එකතුවෙලා දාස මල්ලිගේ බංගලාව කියලා 2004 දි වේදිකා නාට්‍යයක් කරනවා’ ඒ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උළෙලේ අපට හො`දම අධ්‍යෂකවරයා ලෙස සම්මාන ලැබෙනවා’ ටික කාලයක් යද්දි මට අධ්‍යක්ෂණය ගැන කම්මැලිකමක් ඇතිවෙනවා’ මට ර`ගපාන්නා හිතෙනවා’ ඒ වෙනකොටත් මම වේදිකා නාට්‍ය වල පොඩි පොඩි චරිත සහ ලොකු ලොකු චරිත ර`ගපාමින් හිටියා’ මේ වනවිට මම නළුවා සහ පිටපත් රචකයා කියන තැන නතර වෙලා ඉන්නවා’
 
 මේ වෙද්දි ඔබට වෘත්තිය නළුවා කියන තැනත් නතර වෙන්න පුළුවන් වෙලා තියෙනවාද?
 
 ඇත්තම කියනවා නම් මම වෙන රැුකියාවක් කරලාම නැහැ’ මට වැඩ එනවා’ නමුත් පොඩි දෙයක් තියෙනවා’ පිටපත කියවල මට හරියනවා කියල හිතුණොත් මම ඒකට යනවා’ එහෙම නැතිනම් හිත රිදෙන්නේ නැති විදිහට ඒක මගහරිනවා’
 
 වෘත්තිය නළුවෙක් වීම ගැන ඔබට පසුතැවිමක් තියෙනවාද?
 
 නැහැ’ මට කිසිම පසුතැවීමක් නැහැ’ පසුතැවීමකින් යුතුව කලාව කරනවා කියන එකම විකාරයක්’ මම කලාව කරන්නේ ඉතාම තෘප්තිමත්ව’ ඒ නිසා මට පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ’ නමුත් අපි කරන නිර්මාණ ජනතාව අතරට නොයෑම ලංකාවේ නිර්මාණකරුවන් ගේ නිර්මාණ ඇගයීමේදී තියෙන අවුල’ මේක ගණන් නොගැනීම ඒ කියන්නෙ මේක රටේ ආර්ථිකයක් කරගන්නේ නැතිකම’ කලාකෘතියක් රටතුල
 
 ස්ථාපනය කිරීමේදි රාජ්‍යමය යාන්ත‍්‍රණයේ තියෙන අවුල ගැන පසුතැවීමක් කලාකරුවෙක් විදිහට මටත් තියෙනවා’
 
 මේ අවුල නිරවුල් කළ හැකි තැන් ගැන ඔබට තියෙන අදහස කුමක්ද?
 
 අපිට සංස්කෘතික ඇමැතිවරයෙක් ඉන්නවා’ ඒ සංස්කෘතික ඇමැතිවරයාට වැඩ පෙන්වනවා නම් රජකම ලැබෙනකම් ඉන්න ඕනෑ නැහැනේ’ තරුණයන්ගේ චිත‍්‍රපට ටික පෙන්වන්න පුළුවන්නේ කලාකරුවෝ ස්වාධිනයි නම්’ කලකරුවෝ කියන්නෙ හ`ිගන්නෝ වගේ දේවල් ඉල්ලගෙන යන පිරිසක් නෙවෙයි’ රජය දැන ගන්න ඕනෑ මේක රටේ ආර්ථිකයට එක්කර ගන්න’ මුළු ලෝකයේම ආර්ට් කියන්නෙ හො`ද බිස්නස් එකක්’ ලංකාවේ ටෙලි නාට්‍ය කලාව හරි සිනමාව හරි එතැනට අරන් නැහැ’
 
 ධම්මිකා සුරංජි පතිරණ
 


 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles