Divaina - ඔව්, මම නිෂ්පාදකවරයාගේ මඩි තර කරන අධ්‍යක්‍ෂවරයෙක්.... පේ‍්‍රක්‍ෂකයාගේ පොකැට් එකට තට්ටු කරන්නේ නැහැ... ඉතිහාස කතා විචාරකයන්ට ඇලජික්...... !!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 suni1

විජයබා කොල්ලය හැදූ මහැදුරු සුනිල් ආරියරත්න


අනූපමා, සරුංගලය, පොඩි මල්ලි, සිරිබෝ අයියා, කි`දුරු කුමාරි, කෝලම් කාරයෝ, බඹා කෙටූ හැටි, සතර පෙර නිමිති, වජිරා, බඹර ගීතය, ජීවිතයෙන් ජීවිතයක්, කැළෑ මල්, මුහුදු ළිහිණි, මිහිදුම් සළු, ක‍්‍රිස්තු චරිතය, සුදු සෙවණැළි, උත්පලවණ්ණා, පත්තිනි, අලි කතාව, කුසපබා,යශෝධරා රිදී තිරයට නිර්මාණ කළ සම්මානීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ නවතම සිනමා නිර්මාණය තමයි විජයබා කොල්ලය. සාහිත්‍ය කීර්ති ඩබලිව්. ඒ. සිල්වාගේ විජයබා කොල්ලය නව කතාව ඇසුරින් විජයබා කොල්ලය චිත‍්‍රපටය නිර්මාණය වී ඇත. මහැදුරු සුනිල් ආරියරත්නයන් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.



විජයබා කොල්ලයේ නයනානන්ද, අසංග සහ නීලමණී කියන චරිත තුනට හේමාල්, අශාන් ඩයස් වගේම සෙනාලි ෆොන්සේකා සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවාද?

ඔව්. මේ චරිත තුන ඩබ්ලිව්. ඒ සිල්වා 1938 නිර්මාණය කළේ. දැන් අවුරුදු අසූවකට වැඩියි. නමුත් ඒ අවුරුදු අසූ ගාණෙම චරිත තුන හරියට ඒක ගොළු හදවතේ සුගත් සහ දම්මි වගේ මේ චරිත තුන පාඨකයන්ගේ හදවත් තුළ තැන්පත්වෙලා තිබුණ චරිත තුනක්. ඒ නිසා මේ චරිත තුනට කවුරු හරි තෝරාගන්නකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනෑ. මොකද පාඨකයන් ගේ හිතේ තිබෙන රූප, ඔවුන් මවා ගත්තු චරිත ලක්‍ෂණවලට ස්වරූපය සමාන වෙන්න ඕනෑ. මොකද ඔවුන් ඒ චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ. මොකද මම බොහොම හිතලා මතලා තමයි හේමාල් රණසිංහ, අශාන් ඩයස් සහ සෙනාලි ෆොන්සේකා තෝරාගත්තේ. මම හිතනවා මෙතෙක් පේ‍්‍රක්‍ෂකයන් නැරඹූ ප‍්‍රතිචාරවලින් පෙනී යන්නේ ඔවුන් තිදෙනාම හරි හරියට තමන්ගේ භූමිකා නිරූපණය කළ බවයි.

අධ්‍යක්‍ෂවරයා විදිහට ඔබ හැමවිටම විජයබා කොල්ලයේ නයනානන්ද, නීලමණී සහ අසංග කියන චරිත ඉහළට ඔසවා තැබීමට උත්සාහයක් අරගෙන තියෙන හැඩක් පේනවා. එවැනි දෙයක් කරන්න උත්සාහ කළේ ඇයි ?

මේ චිත‍්‍රපටය නැරඹූ විචාරකයන් මට කිව්වේ විජයබා කොල්ලය නවකතාව ඉතිහාසයට බරයි. චිත‍්‍රපටය පේ‍්‍රමවෘතාන්තයට බරයි. ඒක සම්පූර්ණ ඇත්ත. ආචාර්ය තිස්ස අබේසේකරයන් මේ තිරනාටකය රචනා කරන කොට ප‍්‍රධාන තැන දීලා තියෙන්නේ නීලමණී, නයනානන්ද කියන පේ‍්‍රමවෘතාන්තයට. ඊට දෙවැනි තැනක් තමයි මේ ඓතිහාසික සංසිද්ධියට ලබාදීලා තියෙන්නේ. මායාදුන්නේ, විජයබා, බුවනෙකබාහු, රාජසිංහ චරිතවලට දීලා තියෙන තැන පේ‍්‍රමවෘතාන්තයට වඩා ද්විතීකයි. ඒක තිරනාටකයේදීම තමයි සිද්ධවෙලා තියෙන්නේ. මමත් ඒකට ඇත්තටම කැමැති වුණා.

පේ‍්‍රමවෘතාන්තය වැඩිපුර ස්පර්ෂ කරන්නේ පේ‍්‍රමකතා පේ‍්‍රක්‍ෂකයට විකුණන්න පුළුවන් කියලා හැමෝම කියන නිසානේද?

පොදු පේ‍්‍රක්‍ෂකයා ඉතිහාසය කියවනවාට වැඩිය පේ‍්‍රමය කියවන්න කැමැතියි. ඒක තේරුම් අරගෙන තියෙනවා ආචාර්ය තිස්ස අබේසේකරයන්. මමත් ඔහු නැවැත්වූ තැන ඉ`දලා ඉදිරියට ගෙන ගියා. මම හිතනවා ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ ශූරත්වය විශිෂ්ඨත්වය පිරී ඇත්තේ මේ පේ‍්‍රමවෘතාන්තය තුළයි කියලා. මම එකක් කියන්න ඕනෑ මේ චිත‍්‍රපටය කරන්න කලින් පෘතුගීසි යුගය පිළිබ`දව රචනා වෙච්ච බොහෝ පොත්පත් කියෙව්වා. ඊට කලිනුත් 1985 බයිලා කපිරිඤ්ඤා කියන පොත ලියනකොටත් පෘතුගීසි යුගය පිළිබ`දව බොහො පොත්පත් කියෙව්වා. බොහෝවිට මම දැකපු දෙයක් තමයි ඩබ්ලිව් ඒ. සිල්වා කොයිතරම් නිවැරදි ව ඉතිහාසගත දත්ත මේ නවකතාවට අරගෙන තියෙනවාද කියලා ඔප්පු කරලා තියෙනවා. කොහොම වෙතත් ඒ සියලූ ඓතිහාසික සංසිද්ධි සියයට අනූනවයක් නිවැරදියි. ඩබ්ලිව්. ඒ සිල්වා නිකම් ආවාට ගියාට ඓතිහාසික කතා ලිව්වේ නැහැ. ඔහු ඒක හදාරලා තමයි ඒ කාර්ය කළේ.

ඓතිහාසික කතා රැුගත් චිත‍්‍රපට ගැන මිනිස්සුන්ගේ හිතේ එතරම් වැඩි කැමැත්තක් නොදක්වන යුගයක තමයි ඔබ මේ නිර්මාණය පේ‍්‍රක්‍ෂකයා හට තිළිණ කරන්නේ. ඔබ එහිදී ආදරය, ත‍්‍රාසය වගේම කුතුහලයත් පෙරදැරිකරගත් තවත් ඉතිහාස කතාවක් නොවේ කියන කාරණය ගෙන එන්න ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. කොහොමද ඒ ස`දහා අධ්‍යක්‍ෂවරයා විදිහට ඔබ සූදානම් වුණේ ?

ඇත්තටම මම ඒ දේ හිතමතා කරපු දෙයක් නෙමෙයි. ඒ දේ කරලා තියෙන්නේ ආචාර්ය අබේසේකරම තමයි. ඉතිහාසය කියන එක දෙවැනි ස්ථානයට පත්කරලා පේ‍්‍රමවෘතාන්තයට මුල්තැනක් දීම. අනික් එක ඓතිහාසික කතා බොහෝ විචාරකයන්ට ඇලජික් වගේම ආසාත්මික ගතියක් තියෙනවා. නමුත් පේ‍්‍රක්‍ෂකයන් ඇදි ඇදී එනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ චිත‍්‍රපට තුනකින් මට නිදර්ශන දක්වන්න පුළුවන්. කුසපබා, පත්තිනි, යශෝදරා චිත‍්‍රපට තුනම ඉහළම ආදායම් වාර්තා තැබුවා. ඒ කියන්නේ පේ‍්‍රක්‍ෂකයන් හො`ද ප‍්‍රමිතියකින් යුක්ත ඉතිහාස කතා පිළිගන්න කැමැතියි. හො`ද ප‍්‍රමිතියක් නැතිනම් ඔවුන් ප‍්‍රතික්ෂේප කරනවා. චිත‍්‍රපටයේ තියෙන ප‍්‍රමිතිය මිසක් ඒක ඓතිහාසිකද වර්තමානද කියන එක නෙමෙයි පේ‍්‍රක්‍ෂක ආකර්ෂනයට බලපාන්නේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඓතිහාසික කතා යම්කිසි විදිහකින් ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා නම් ඒ ප‍්‍රමිතියකින් තොර ඓතිහාසික චිත‍්‍රපට. මගේ චිත‍්‍රපට ඒ ඒ වසරවල ඉහළම ආදායම් උපයලා තියෙනවා.

suni2

 

මහාචාර්ය සුනිල් ආරියරත්න කියන අධ්‍යක්‍ෂවරයා වර්තමානය වන විට ජනකාන්ත චිත‍්‍රපට නිර්මාණ බිහිකරන අධ්‍යක්‍ෂවරයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඇයි ඔබ එතැනට එන්න තීරණය කළේ ?

මම සම්භාව්‍ය කෘති කරපු කාලයක් තිබුණා. ඒ තමයි පොඩි මල්ලි, සරුංගලේ, සිරිබෝ අයියා, සුදුසෙවණැලි වගේ චිත‍්‍රපට කරපු කාලේ. සිරිබෝ අයියා කළේ 1982දී. ඒ චිත‍්‍රපටය හො`දම චිත‍්‍රපටය හැටියට ජනාධිපති සම්මානය හිමිකරගත්තා. සිරිබෝ අයියා චිත‍්‍රපටයට 2000 දී ජනාධිපති සම්මානය හිමිවුණා. කුසපබා චිත‍්‍රපටයෙන් පසුව තමයි මම මේ මාර්ගය තෝරාගත්තේ. ඇත්තටම මම හිතනවා අද දවසේ අධ්‍යක්‍ෂවරයෙක් හැටියට යම්කිසි කාර්ය භාරයක් කරන්න වෙනවා මේ සිනමා කර්මාන්තය රැුකගන්න. එතකොට මම හිතුවා ඒ ස`දහා යම්කිසි කැපකිරීමක් කරනවා කියලා. ඒකෙන් කියැවෙන්නේ නැහැ හො`ද සම්භාව්‍ය ගණයේ නිර්මාණ බිහිවෙන්නේ නැහැ කියලා. අද හො`ද විශිෂ්ට තරුණ පරම්පරාවක් ඉන්නවා. ඔවුන් සම්භාව්‍ය ගණයේ නිර්මාණ බිහිකරනවා. ඒවා දෙස් විදෙස් සම්මානයට පාත‍්‍රවෙනවා. ඒ නිසා මම සම්භාව්‍ය චිත‍්‍රපට නොකළා කියලා කිසිම අඩුවක් සිනමා කර්මාන්තයට නැහැ. ඒ නිසා මම හිතුවා අනාගතයටත් මම ඉන්නේ මේ ස්ථාවරයේ කියලා. අනාගතයේ මම වාණිජ සිනමාකරුවෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. තවත් කවුරු හරි මම දැක්කා කියලා තියෙනවා මම නිෂ්පාදකවරයා ගේ මඩිතර කරන අධ්‍යක්‍ෂවරයෙක් කියලා. මම ඒ කියමන පිළිගන්නවා. ඔව්, මම නිෂ්පාදකවරයා ගේ මඩිතර කරන අධ්‍යක්‍ෂවරයෙක් තමයි. නිෂ්පාදකවරයාගේ මඩි තර කරනවා කියලා කියන්නේ ඒ නිෂ්පාදකයා මේ සිනමා කර්මාන්තයේ තව තවත් රැු`දී සිටිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එච්. ඞී. පේ‍්‍රමසිරි කියන මගේ විජයබා කොල්ලයේ නිෂ්පාදකවරයා. ඔහු සම්භාව්‍ය චිත‍්‍රපට ගණනාවක අර්ථපතීත්වය දරලා තියෙනවා. උදාහරණයක් හැටියට උසාවිය නිහ`ඩයි, ආකාස කුසුම්, අසන්ධිමිත්තා වගේම අනාගතයේ තිරගතවීමට නියමිත නිවුස්පේපර්. ඔහුට මේ කටයුත්ත කරන්න පුළුවන්වෙලා තියෙන්නේ යශෝධරා වගේ චිත‍්‍රපට ලාභදායී චිත‍්‍රපටවිම නිසා. විජයබාකොල්ලය චිත‍්‍රපටය සාර්ථකත්වයට පත්වුණොත් ඔහු තවත් සම්භාව්‍ය චිත‍්‍රපට ගණනාවකට අර්ථපතීත්වය දරාවි. ඒ නිසා මම නිෂ්පාදකවරයාගේ මඩිතර කරන අධ්‍යක්‍ෂවරයෙක් කියන කතාව සම්පූර්ණ සත්‍යයක්.

ඔබ මේ දහරාවට එක්වීමත් සම`ග විවිධ චෝදනා සහ විවිධ චිචාරයන්වලට ලක්වෙනවා. මහාචාර්යවරයෙක් විදිහට ඔබ ඒවා බොහොම මැදහත් සිතින් භාරගන්නවා. අනික ඒවා ප‍්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. බොහෝ අධ්‍යක්‍ෂවරුන් විචාරකයන් සමග මතගැටුම් නිර්මාණය කරගන්නවා. මහාචාර්යවරයෙක් නිසාද ඔබ එහෙම ගැටුම් නිර්මාණය නොකර ඔබේ ගමන සෙමෙන් යන්න උත්සාහ කරන්නේ ?

ඇත්තටම කිසිම විචාරකයෙක් මගෙත් එක්ක පෞද්ගලිකව අමනාප නැහැ.හො`දට කතාබහ කරනවා. ඔවුන් මට යම්කිසි දෙයක් කියන්නේ මගේ හිතවත්කමට සහ මට හො`දක් කරන්න සහ සිනමාව සහ කලාවේ දියුණුවට. ඉතිං ඇයි අපි ඔවුන් සමග ආරවුල් ඇතිකරගන්නේ. ඉතිං ඔවුන්ගෙන් ගතයුත්තක් තියෙනවා නම් ගන්නවා. නැතිනම් උපේක්‍ෂාවෙන් ඒවා අතහැරලා දානවා. එතැනදී සමහර දේවල් තියෙනවා පිළිගත හැකි දේවල්. සමහර දේවල් තියෙනවා පිළිගත නොහැකි දේවල්. කෙසේ වෙතත් මම විශ්වාස කරනවා ඔය කියන කිසිම විචාරකයෙක් මගෙත් එක්ක පෞද්ගලිකවම අමනාප නැහැ කියලා. ඔවුන් විචාර ලියන්නේ එක්කෝ සිනමාවට තියෙන ආදරයට නැතිනම් මට තියෙන ආදරයට. කොහොම වෙතත් මම ඉන්නේ මම ඉන්න ආස්ථානයේමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පොඞ්ඩක් වෙනස් වෙන්න පුළුවන් විචාරකයෙක් විශාල වරදක් පෙන්වලා දුන්නොත්. නැතිනම් විචාර උපේක්‍ෂා සහගතව කියවනවා. ඒ විචාරකයන් හැමදාමත් බොහොම ළ`ගින් ඇසුරු කරනවා. මට ඒ පන්නරය ලබාදුන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු තමයි මගේ ගීත නිර්භයව විවේචනය කරපු තැනැත්තා. නමුත් මියයන තාක්කල් අපි දෙදෙනා අතර තිබුණේ ඉතාම තදබල මිත‍්‍රත්වයක්. ඔහු ඔහුගේ පොතක් පවා මට පිදුවා. ඒ නිසා ඒ විචාර වෙනයි. පෞද්ගලික සම්බන්ධකම් වෙනයි. මේ දෙක පටලවා ගන්න නරකයි.

විජයබා කොල්ලයේ චිත‍්‍රපටයේ දර්ශනතලවලට ලොකු කැපකිරීමක් කළා කියලා චිත‍්‍රපටය නරඹද්දි අපිට පෙනෙනවා. ඔබ බොහෝ සියුම් තැන්පවා උළුප්පන්න උත්සාහ කරලා තියෙනවා. ඇයි එහෙම කරන්න අදහස් කළේ ?

මම මේ වාණිජ චිත‍්‍රපටයක් හදනවා කිව්වහම මම මේ ස`දහා කරන කැපකිරීම ඉමහත්. හැමනූල්පටක් ගානේ මම උනන්දුවෙනවා. අනික මේ චිත‍්‍රපටය නරඹන්නේ බජිරා ඕ මස්තානි, බාහුබලී වගේ චිත‍්‍රපට නරඹපු අය. එතකොට ඒ අය තමයි මේ විජයබා කොල්ලය චිත‍්‍රපටය නරඹන්නේ. එහෙනම් අපිට බොරු කරන්න බැහැ. විහිළු කරන්න බැහැ. රසිකයන්ට වංචාකරන්න බැහැ. රසිකයන්ගේ ඇස් හො`දට තියුණුයි හින්දි දෙමළ ඉංග‍්‍රීසි ජනකාත්න චිත‍්‍රපට දැකලා. ඒ නිසා මම හැම අංශයක් ගැනම උනන්දුවෙනවා. සියයට දාහක් උනන්දුවෙනවා.අනික මගේ ප්‍රේක්‍ෂකයන් දන්නවා මගේ චිත‍්‍රපටයකින් ඔවුන්ගේ පොකැට්එකට තට්ටුවෙන්නේ නැහැ කියලා. කීයක් හරි මුදලක් ගෙවනවා නම් සිනමාශාලාවලට ගිහිල්ලා ඒ ප‍්‍රවේශපත‍්‍රයට වටිනාකමක් දෙනවා කියලා. ඔව්. මම පේ‍්‍රක්‍ෂකයාගේ පොකැට්එකට තට්ටු කරන අධ්‍යක්‍ෂවරයෙක් නෙමෙයි. ඔවුන් දන්නවා ටිකට් එකක් අරගෙන සිනමාශාලාවලට ගියහම ඔවුන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා. මගේ චිත‍්‍රපට නරඹන්න එක්තරා පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉන්නවා. ඒ ගැන මම සතුටුවෙනවා. ඒවා හරිම අමාරුවෙන් තමයි ඒ දේවල් ගොඩනගා ගත්තේ. ඒවා එහෙම බි`දගන්නත් සූදානම් නැහැ. විජයබාකොල්ලයෙන් පවා ඒ විශ්වාසය බි`දගෙන නැහැ කියලත් මම විශ්වාස කරනවා. ඒ වගේම අනාගතයේදීවත් ඒ විශ්වාසය බි`දගන්නේ නැහැ කියලා මට විශ්වාසයි.

දිනේෂ් විතාන
 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles