Divaina - ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය ඇරඹේ.... උද්දික, චුලක්‍ෂි, උදාරි යළි තිරයේදී එක්වෙති.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 

jayantha3

ගරිල්ලා මාර්කටින්, අග්නි දාහය, අකාල සන්ධ්‍යා, මහරජ ගැමුණු, සමනල සංධ්වනිය සහ ඝරසරප වැනි දැවැන්ත සිනමා අත්දැකීම් ඔබ වෙත ගෙන ආ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා වියමන ‘මිදුණු විශ්වය’.
 
 jayanta1

 

මෙම සිනමා වියමනේ මුහුරත් උළෙල පසුගිය දවසක කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වුණා.
 
 තමන්ගේ අනෙක් නිර්මාණයන් වගේම මෙම සිනමා නිර්මාණයත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වේවි කියල තමයි අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මුහුරත් උළෙලෙදී කිව්වේ.
 
 සිතීමක් තිබුණා - සිතන්නෙක් නැතුවා
 
 විඳීමක් තිබුණා - විඳින්නෙක් නැතුවා
 
 මේ තමයි එහි තේමාව
 
 දැන් ‘මිදුණු විශ්වය’ කතා සාරාංශය කෙටියෙන් ඔබට කියන්නම්.
 
 රූපණය තීව‍්‍රකර මානසික විiාවක් වශයෙන් උගන්වන බටහිර ගුරුකුලයකට අයත් දීප්තිමත් ශ‍්‍රී ලාංකික රංගාචාර්යවරයකු වන වරේණ්‍යට තම දීර්ඝකාලීන අධ්‍යයන ජීවිතය තුළ විවිධ මානසික කලාපයනට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපමණ හමුවී තිබේ.
 
 සුමධ්‍යා ඒ අතරින් ඔහුට විශේෂ වන්නේ යම් ගැඹුරු මානසික අභ්‍යාසයකදී ඇතැමකුට සිදුවිය හැකි ස්ථාපන ආරූඪයකට යනවාට වඩා වෙනස්ම මානසික තලයකට ඇය ගමන් කරන නිසාය.
 
 මේ මානසික තලයේදී ඉතාම අසාමාන්‍ය කාල විපරිවර්තනයක ගොදුරක් වන ඇය ඇයගේම එහි ගොදුරක් වූ මීට දශක පහකට පෙර (1960 දශකය* විසූ රාජිනී නම් සුප‍්‍රකට සිනමා තාරකාවගේ සංවේදන ප‍්‍රවෘතිකා බවට පත්වන්නීය.
 
 මේ අනුව වර්ෂ 1964 තරමේ රාජිනී; දැන් 2019 වසරේ වරේණ්‍යගෙන්; සුමධ්‍යා මාධ්‍යයක් කොට ගනිමින් රූපණ මාධ්‍ය හදාරන්නීය.
 
 සාර්ථක සිනමා ජීවිතයක් තුළ සිටිමින් වුව; අසාර්ථක විවාහ දිවියක් ගතකරන රාජිනී, වරේණ්‍යගෙන් තම උගැන්වීමට අමතරව පේ‍්‍රමය ද ප‍්‍රාර්ථනා කරන්නීය.
 
 මේ කාල දෙකක, යුග දෙකක ස්ත‍්‍රී - පුරුෂ පේ‍්‍රමයට මහත්ම බාධාව වන්නේ නොදැන වුව ඔවුනට ඒ සඳහා උපකාර වූ සේම ඒ සඳහා ඔවුන් විසින් මාධ්‍ය වශයෙන් ද භාවිත කළ අප‍්‍රකාශිතව වුව වරේණ්‍යට පේ‍්‍රම කළ සුමධ්‍යාට මෙම තතු හෙළිවීමය.
 
 දෘෂ්‍යමාන පේ‍්‍රමය සහ අදෘෂ්‍යමාන පේ‍්‍රමය අතර ගැටුමෙන් කවරෙක් ජය ලබාද?
 
 කෙසේ වුවත් තමන්ට සරදම් කළේ දෛවය නොවනා බවත් තමන්ට සරදම් කළේ කාලය නමැති මේ විශ්වයේ (නො*පවතින සදාතනික දහම බවත් වටහාගනිමින් වුව මේ පේ‍්‍රමවන්තයෝ තම පේ‍්‍රමය විශ්වයට මුදාහරින්නෝය.
 
 ‘මිදුණු විශ්වය’ හි කතාව තිර රචනය සහ අධ්‍යක්‍ෂණය ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදුකරන අතර මේ සඳහා බරපැන රුවන් ජයසිංහ විසින් දරනු ලබයි.
 
 ‘මිදුණු විශ්වයේ’ට සංස්කරණය සහ කැමරාකරණය ප‍්‍රවීන් ජයරත්න, සංගීතයෙන් නවරත්න ගමගේ, කලා අධ්‍යක්‍ෂණයෙන් පියතිස්ස අකුරම්බොඩ, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, සහාය අධ්‍යක්‍ෂණයෙන් නිමල් ෆ‍්‍රැන්සිස්, සරත් සේනාරත්න, තිස්ස ගුණතිලක, සංජය බණ්ඩාරනායක දායක වෙති.
 
 වරේණ්‍ය ලෙස උද්දික පේ‍්‍රමරත්න, සුමධ්‍යා ලෙස චුලක්‍ෂි රණතුංග, රාජිනී ලෙස උදාරි වර්ණකුලසූරිය, ඩන්කන් ලෙස බුද්ධික ජයරත්න, මහාදේව ලෙස ශ‍්‍රියන්ත මෙන්ඩිස්, බිරිඳ ලෙස දමිතා අබේරත්න, ජයචිත‍්‍රා ලෙස අයිෂාරා අතුකෝරළ, අධ්‍යක්‍ෂිකා ලෙස කුසුම් රේණු සහ තවත් ප‍්‍රතිභා පූර්ණ නළු, නිළි කැළක් රංගනයෙන් දායක වන ‘මිදුණු විශ්වය’ රූ සිනමා ක‍්‍රියේෂන් හවුස් ඉදිරිපත් කිරීමකි.
 
 මහේෂ්
 ඡායාරූප - සුජාතා ජයරත්න
 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles