Divaina - රිදී තිරයට ආපු කවුද මේ මාරියොන්.... 'සිහිනයකි රැයින්' මාව රටම අඳුර ගත්තා... විජයබා කොල්ලයෙන් රිදී තිරයට අලූත් මුහුණක්....! (2)

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 

tanayam555

මතකද මාව...?
 
 සිකුරිටි ජයවීර විදුලි පන්දමත් අරගෙන ආයෙමත් වටයක් තානායමේ අමුත්තන්ගේ කාමර තියෙන ගොඩනැගිල්ල වටේ සක්මන් කරලා ආවා.
 
 තානායමේ කාමර කීපයක එකම ආයතනයක වැඩ කරන තරුණ මහත්තුරු කණ්ඩායම් විනෝද චාරිකාවක් යන අතරතුර නවාතැන් ගත්තාම ඒ අයගේ මත්පැන් සාජ්ජය කෙළවර වෙන්නේ සමහර විට රෑ එක දෙකත් පහුවුණාට පස්සේයි.
 
 එහෙම දවසට තානායමේ සිකුරුටිට ඒ දිහාව ගැන දැඩි අවධානයකින් ඉන්න වෙන්නේ බී කා ගත්ත මහත්තුරු තානායමේ ලැගුම් ගනිපු අනිකුත් කාමර වල අමුත්තන්ටත් අවහිරයක් වෙන විදියට හැසිරෙනවද කියලා සෙවිල්ලෙන් ඒ පැත්තෙ නිතර ගැවසෙන්න ඕනෑ නිසයි.
 
 ජයවීර අදත් මුහුණදීලා ඉන්නෙ ඒ වෙහෙසකර රාජකාරියටයි.
 
 ‘‘...ටී‍්‍රක්... ටී‍්‍රක්...’’
 
 හදිසියේ ආපු දුරකථන ඇමතුම ජයවීරගේ බිරි`දගෙන්.
 
 ‘‘... අපේ ගෙදර සුද්දො නතර කරගන්න එකට විරුද්ධව ඒ.ජී.ඒ. කන්තෝරුවට පෙත්සම් වගයක් ගිහිල්ලාලූ. මේ දැන් ග‍්‍රාම නිලධාරී මහත්තයා ආවා ඒ ගැන තොරතුරු අහන්න.’’
 
 ජයවීරගේ සර්වාංගය කිළිපොලා ගියා. ගමේ හැම ම`ගුලක් මරණයක් දානෙ ගෙයක් වෙලාවට තමන්ගෙ දෙයක් වගේ ඒ හැම දේකටම බැහැලා උදව් කරන ජයවීරට තමුන්ගේ ව්‍යාපාරයට පෙත්සම් ගහලය කියලා දැන ගත්තම දැනුණේ ඉහිලූම් නොදෙනා කෝපයකට වඩා වේදනාවක්.
 
 ඉතින්... කෝ දෙන්න ෆෝන් එක මම ග‍්‍රාම නිලධාරී තුමාට පළාත් සංචාරක අමාත්‍යාංශයෙන් දීපු අනුමත ලියුම ගැන විස්තර කියන්න.’’
 
 ජයවීර කෝපයත් වේදනාවත් දෙකම ස`ගවගෙන බිරියට කියා සිටියා.
 
 ‘‘...නෑ... නෑ... දැන් එයා ඒ ආපු මහත්තයත් එක්ක ගේ අවටත් සෝදිසි කරලා පිටත් වෙලා ගියා.’’
 
 බිරියගේ ඒ ප‍්‍රකාශයෙන් ජයවීරට අසූහාර දාහට කේන්ති ගියා.
 
 ‘‘.මොකද මෝඩ ගෑනියේ ඔය ගත්ත කෝල් එක ඒ මහත්තුරු ඉන්න වෙලාවෙ නොගෙන දැන් ගත්තේ...? එවෙලේම කතා කළා නම් මම එවෙලෙම පහදලා දෙනවා නේ ඒ මහත්තුරුන්ට ඇත්ත තත්වේ.’’
 
 ජයවීර කෝපයෙන් ගිගිරුවා. ඒ සද්දෙට බය වෙලාද කොහෙද තානායම් මුරකුටිය ළ`ග තියෙන කොට්ටම්බා ගහේ ඉ`දපු වව්ලෙක් සට සට සද්දෙට අත්තටු ගහලා අහසට පියඹලා ගියා...
 
 ‘‘...මං එච්චර හිතුවෙ නෑ... ඒ මහත්තුරු කීවා තියෙන සහතික ඔක්කොමත් අරගෙන බදාදා ඒ.ජී.ඒ. කන්තෝරුවට එන්නයි කියලා.’’
 
 ජයවීර තමුන්ගේ නිවසේ විදේශීය සංචාරකයන් නතර කරගන්න පුළුවන් විදිහට ගෙදර තියෙන විශාලම කාමරේ සූදානම් කර ගත්තේ ඒ කාමරේට වෙනම ඇතුළුවෙන්න පිටවෙන්න දොරක් වගේම වෙනම නාන කාමරයකුත් තිබුණු නිසයි.
 
 කෙසේ හෝ වේවා යොදාගත් සුබ දිනයක හා හා පුරා කියා නැකතට සුද්දෙකු නිවසේ නතර කිරීමට රෙජිස්ටරයේ නම ලියාගෙන ජයවීර සිය ගෘහ කර්මාන්තය ආරම්භ කළේ පොඩි දරුවකු සෙල්ලම් ගෙයක් දමා ලබනා සන්තෝසයෙනුයි.
 
 ජයවීර ගේ ගෘහ නවාතැන් සේවය පිළිබ`ද පරිගණක වෙබ් පිටුව හරහා සතියට කාමරයක් දෙකක් ඔන් ලයින් ඇණවුම් ලැබෙද්දී ජයවීර ලැබුවේ ගොවියකු සිය වගාවේ ප‍්‍රගතිය දැක ලබනා අහිංසක සංතෝසයට සමාන සතුටකුයි.
 
 ජයවීර බදාදා උදයේම ගෙවල් ළ`ග බස් නැවතුමෙන් බසයකට ගොඩ වූයේ ඒ.ජී.ඒ. කන්තෝරුවට යෑමට යි.
 
 ‘‘.ඔය ඉ`දගෙන ඉන්න අය ටිකට් ගන්න. මෙතන කොහාටද? ඔය මල්ලී පොල්ල අතඇරලා ඉස්සරහට එමුද?. රායිට් ගන්න ටිකට්. මෙතැන කොහාටද?. අම්මටසිරි... මේ අර... රයිට් රයිට්.. ඊළ`ග ටිකට්... හරි හරි පස්සේ අයියේ පස්සෙ ගමු... සිකුරිටි අයියේ... ඊළ`ග කොහාටද? ...’’
 
 බස් රථය හැල්මේ ධාවනය වෙද්දී එහි ටිකට් කඩනා කොන්දොස්තරගේ ඇස ගැසුණු තමාගේ රුව ඔහු එසැනින් හ`දුනාගත් අපූරුව ජයවීරට ඇත්තටම පුදුමය.
 
 ජයවීර පුන පුනා තම අතැති දම්පැහැති පන්සියයේ නෝට්ටුව කොන්දොස්තර වරයා වෙත දිගුකරද්දී ඔහු එම ප‍්‍රවේශපත‍්‍රය නිකුත් නොකරම සෙනග අතරින් ඉදිරියට ඇදී යන්නේ බස් රථයේ ගමන් කිරීම වෙනුවෙන්
 
 ජයවීරගෙන් මුදල් අයකිරීම තරයේ ප‍්‍රතික්‍ෂේප කරමින් ය.
 
 ජයවීරට මේ කොන්දොස්තරවරයා මුණ ගැසෙන්නේ ඔහුගේ විවාහය පැවැති මංගල උත්සවයේදීය.
 
 එදින මනාළියගේ පාර්ශවයෙන් මනාලයා වෙත ලැබෙනා දෑවැද්ද නොහොත් ලීබඩු තොගය පටවාගත් ට‍්‍රක් රථය පිරිවර සේනාව සමග තානායමට ඇතුළු වූයේ ප‍්‍රතාපවත් ලෙසය.
 
 මනාල යුවළ රැගත් වාහන පේළිය ද අබිමානවත් අයුරින් මනාලියද කැටිව තානායමට ඇතුළු වෙද්දී හිටි හැටියේම එය තානායමට ඇතුළුවි නතර කර තිබූ මෝටර් රථයක පිටුපස ගැටුණේ අධික හ`ඩක් ද නංවමිනි.
 
 එම රිය අනතුරින් හානි වූයේ එම විවාහ උත්සවයට පැමිණි ව්‍යාපාරික මහතකුගේම වටිනා මෝටර් රථයක් වූ අතර එම ව්‍යාපාරිකයා අනතුර සිදුවීමේ වරද සිකුරිටි ජයවීර වෙත පැවරුවේ ඔහු තානායමට පැමිණෙන වාහන නිසි පරිදි ගාල් කිරීම සිදු නොකළ නිසා යැයි පවසමිනි.
 
 අවසානයේ ජයවීරගේ රැකියාවට පවා තර්ජනයක් වන අයුරින් එම ව්‍යාපාරිකයා හැසිරුණු සාහසික විලාසය හමුවේ ජයවීර දැක්වූ ඉවසිලිවන්ත ස්වභාවය ඇත්තෙන්ම කාගෙත් පැසසුමට ලක්විය.
 
 මේ කොන්දොස්තර මහතා එදා ඒ ගැටුම සිදුවූ විවාහ උත්සවයේ මනමාල මහතාය.
 
 එදින මනාලයකු ලෙසින් අමුත්තන් සමග ඉතා සෞම්‍ය ලෙස කතා බහෙහි යෙදුණු මෙම බස් කොන්දොස්තර වරයා අද සිය වෘත්තීය ජිවිතයේදී මෙතරම් ගොරෝසු වාග් ශෛලියක් අනුගමනය කරන්නේ තම කටහ`ඩ ස්වරය පවා විවිධ වෘත්තීය සීමාවන් මත සීරු මාරු වන බව ප‍්‍රකට කරමින් නොවේද?
 
 බස් රථයේ ඉදිරියටම ඇදී ගොස් රියදුරු අසුන අසල බොනට්ටුව මත අසුන්ගෙන ඉදිරි වීදුරුවෙන් මහපාර දෙස බලා ගෙන ගමන් ගන්නා මෙම කොන්දොස්තර වරයා මනාලයකු ලෙස සැරසී සිටි අයුරු ජයවීර ආයාසයෙන් සිය මතකයට න`ගා ගත්තේය.
 
 එදා ජැන්ඩි පහට ටයිකෝට් ඇ`ද දිස්නේ ගහන දිගටි උල් සපත්තු පයලා...හිනා කටක් පුරෝගත් හුරු බුහුටි මනමාලිය අසලින්ම සිටි ඒ කඩවසම් මනමාල මහතා යළි සිතින් මවා ගන්නට ජයවීර තව තවත් උත්සාහ කළේය...
 
 මීට හය හත් මාසයකට පෙර ඔහු යුගදිවියට පිවිසි දිනයේ ඔහු පිළිබ`ද මතකය සිතට න`ගා ගන්නට සපුරා බාධා කරමින් කොන්දොස්කර වරයා සිය ඩිජිටල් ටිකට් මැසිම අතට ගෙන නැවත ජයවීර සිටිනා බසයේ පසුපස භාගය වෙත ඇවිද ආවා.
 
 පුද්ගලික බස් බාසාවෙන් රුපියල් විස්සේ තිහේ කෑළි බසයෙන් බැස ගිය පසුව ඉතිරිවන ස්ථාවර මගීන් නින්දත් නොනින්දත් අතර දෝලනය වෙද්දී මහතුන් අය්යා තරුණ කොන්දොස්තර වරයා වෙත ළංවී ඔහු හා සල්ලාපයේ යෙදෙන්නට පටන් ගත්තා.
 
 ‘‘...ඉතින්... මාව මතකයි නේද?....’’
 
 ජයවීර කොන්දොස්තර තරුණයා ට තව තවත් ළංවී විමසුවා.
 
 ‘‘... කියලා වැඩක් නෑ අය්යා... ඔයා එදා ඉවසපු ඉවසිල්ල අපි මේ ළ`ගදිත් මතක් කළා...’’
 
 ජයවීර එසැනින් ඒ අතීතය තමා මේ මුහුණ දී සිටිනා අද වර්තමාන ගැටලූව හා සැස`දුවා.
 
 අදත් මා කටයුතු කළ යුත්තේ නිල ඇ`දුමක් හැ`දි විශ‍්‍රාමික ආරක්‍ෂක නිලධාරියකු ලෙස දැඩි ඉවසීමෙන් නොවේද? ජයවීර හිත දැඩි කර ගත්තා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන
 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles