Divaina - රිදී තිරයට ආපු කවුද මේ මාරියොන්.... 'සිහිනයකි රැයින්' මාව රටම අඳුර ගත්තා... විජයබා කොල්ලයෙන් රිදී තිරයට අලූත් මුහුණක්....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 

rednili1


රිදී තිරයට දවසින් දවස අලූත් මුහුණු එකතු වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලයෙන් රිදී තිරයට අලූත් මුහුණක් ඇවිත් තියෙනවා. ඇය නමින් මරියොන් වෙත්තසිංහ. මේ ඇගේ කතාවයි.

* මරියොන් වෙත්තසිංහ ගැන මේ දිනවල හරියට කතාබහ වෙනවා?

rednili2

මම ඇත්තටම ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි. පැරීසියේ ඉන්නේ. කලා කටයුතුවලට ගොඩක් ආදරේ හින්දා මුලින්ම සංගීතයට තමයි යොමු වුණේ. හැබැයි මම සංගීතය විශේෂයෙන් හදාරලා නෑ. නමුත් මට අවස්ථාවක් හම්බ වුණා ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනේ ගීත ගායනා කරන්න. ඒ රූපවාහිනී වැඩසටහන හින්දා තමයි සිනමා ක්‍ෂේත‍්‍රයට ඇතුල් වෙන්න මට අවස්ථාවක් ලැබෙන්නේ.

* සිහිනයකි ? නිසා මාරියොන් කලාවට පිවිසෙන්නේ එහෙමද?

මම මහේෂ් නිශ්ශංක මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ මහත්මයා හින්දා තමයි සිහිනයකි ? වැඩසටහන ලැබුණේ. ක්‍ෂේත‍්‍රයට මාව මුලින්ම හඳුන්වලා දෙන්නේ ජයනි සේනානායක මහත්මිය. මගේ ගමනේ ආරම්භය එතැනින් තමයි පටන් ගන්නේ.

* විජයබා කොල්ලයේ රූපා බිසව හින්දා මාරියොන් හරි ජනපි‍්‍රය වෙලා නේද?

මම විජයබා කොල්ලයේ රඟපාන්නේ දුෂ්ට චරිතයක්. සිනමා ක්‍ෂේත‍්‍රයේ මම කරපු පළමුවැනි දුෂ්ට චරිතය. ඒක මට ඇත්තටම ලෙකු අත්දැකීමක් වුණා. මේ ව්‍යායාමයේදී මට දක්ෂ නළු නිළියන් රාශියක් එක්ක රඟපාන්න අවස්ථාව උදා වුණා.

* රූපා බිසවට ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරද?

දැනට මට ඉතාම හොඳ ප‍්‍රතිචාර ද ටිකක් හම්බ වුණා. මම බලාපොරොත්තු වුණේ නැහැ මගේ රංගනය මිනිස්සු ඒ තරමට රසවිඳී කියලා. මට හරි සතුටුයි ඒ දේ වුණ එක ගැන. නමුත් මම හිතන දේ තමයි අපිට දක්ෂතාවය තිබුණම ක්‍ෂේත‍්‍රයේ හදාරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තවම මගේ ආරම්භය විතරයි. මම හරි කැමැතියි මේ ක්‍ෂේත‍්‍රය ගැන ඉදිරියට හදාරලා හොඳ අවබෝධයක් අරගෙන මේ ගමන ඉදිරියට යන්න.

* මරියොන් කැමැතිද නිළියක් වෙන්න?

මගේ චිත‍්‍රපටයේ විකාශනය වෙන හින්දා මේ ක්‍ෂේත‍්‍රයට අඩිය තිබ්බ හින්දා ඇක්ටර් කෙනෙක් විදිහට මම සූදානම් කියලා. නමුත් චිත‍්‍රපටයක රඟපාලා නිළියක් කියලා අහගන්නවාට වඩා මම කැමැතියි. මගේ දක්ෂතාවය තුළින් මම නිළියක් කියලා හඳුන්වනවාට. මම චරිතයට කරන සාධාරණය අනුව මිනිස්සු මාව රංගන ශිල්පිනියක් කියලා හඳුන්වනවාටම තමයි මම වඩාත්ම කැමැති. මගේ බාහිර පෙනුමට වඩා මම හිතන්නේ නිළියක් වෙන්න ලස්සන රූපයක් තියෙන්නම ඕනෑ නැහැ. ඔඩියන්ස් එකට ෆීල් වෙන්න චරිතය රඟපාන්න පුළුවන් නම් එතන තමයි දක්ෂතාවය තියෙන්නේ.

* රූපා බිසවට සාධාරණයක් කළා කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කිව්වද?

මම හිතනවා මහාචාර්ය සුනිල් ආරියරත්න මගේ රංගනය ගැන සතුටු වෙනවා කියලා. මම හිතනවා මට විතරක් නෙමෙයි මේ චිත‍්‍රපටයේ හිටපු සියලූ නළු නිළියන් මේ චිත‍්‍රපටය ලස්සන චිත‍්‍රපටයක් කරන්න ශ‍්‍රමය දායක කළා. සාමුහික එකතුවක් විදිහට ගත්තොත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සෑහීමකට පත් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා මගේ රංගනය ගැනත් සර්ට සතුටක් ඇති කියලා.

* මරියොන් වෙත්තසිංහ ළඟ හිටපු ගායිකාවට මොකද වුණේ?

මරියොන් වෙත්තසිංහ කියන ගායිකාව ඉන්නවා. ඇය රංගන ශිල්පිනියක් වෙන්න කලින් ගායිකාවක් කිව්වොත් නිවැරදියි.

* ඔබ වැඩිපුර කැමැති ගායනයටද? රගංනයටද?

ඒක මට තෝරන්න කිව්වොත් මට තෝරන්න හැකියාවක් නෑ. මොකද ගායනය සහ රංගනය කියන්නේ කලාවන් දෙකක්. නමුත් ඒ දෙකෙන්ම මට ලැබෙන තෘප්තිය වෙනස් කියන්න පුළුවන්. හැබැයි ඒ ලබන තෘප්තිය එකක් කියලත් කියන්න පුළුවන්. මොකද ඒ දෙඅංශයෙන්ම මම සතුටට පත් වෙන හින්දා. ඒ දෙකෙන් එකක් මට තෝරන්න බැහැ. ඒ දෙඅංශයෙන්ම මට කවදා හරි දවසක හැකියාව පෙන්වන්න අවස්ථාව උදා වුණොත් මම ඒ දේ මගේ පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් ලබා දෙනවා. මරියොන් කියන ගායිකාව ඉන්නවා ඉස්සරහට ඒ හැකියාවනුත් දැක ගන්න ලැබෙයි. ඒ හැමදේම වෙලාවට කලාවට සිද්ධ වේවි. තවම මගේ ආරම්භය විතරයි. හදිසි වෙන්නේ නැතිව කාලයත් එකක් පියවරෙන් පියවර මම මේ ගමන යන්නේ.

* මරියොන්ගේ පවුලේ විස්තර?

මම ඉපදුනේ ප‍්‍රංශයේ. මගේ අධ්‍යාපන කටයුතු සිද්ධ වුණෙත් ප‍්‍රංශයේ. ඉතින් මගේ පවුලේ සියලූ දෙනාම ඉන්නෙත් එහේ. මගේ අම්මා තමයි මේ වැඩ කටයුතු සියල්ල පිටුපස ඉන්නේ මගේ අම්මා තරම් මාව දන්න කෙනෙක් නැහැ. ඇය හින්දා තමයි මම කලා ලෝකයට පය තිබ්බේ.

* මරියොන් හදිස්සියේම ලංකාව දාලා යන්න හදනවා කියන්නේ ඇත්තද?

කවුද එහෙම කියන්නේ. මම ලංකාව දාලා යන්නේ නැහැ. දාලා යනවා කියන්නේ ආයෙත් එන්නේ නැහැ කියන එකනේ. නමුත් ලංකාව කියන්නේ මගේ රට. මට ප‍්‍රංශයේ ඉපදුනාට ලංකාව කියන්නේ මට මගේ දෙමාපියන්ගෙන් හම්බ වුණ තෑග්ගක්. මම හිතනවා මගේ ජීවිතයට දුන්න තෑග්ගක් කියලා මම ලංකාව දාලා යන්නේ නැහැ. මගේ වැඩ කටයුතු එක්ක පිටරටයි ලංකාවයි අතර නිතර ගමන් කරන්න සිද්ධ වෙයි. මම කවදාවත් ලංකාව දාලා යන්නේ නැහැ.

* ඔය අතරේ මරියොන් පෙම්වතියක් කියන්නේ?

මම හිතන්නේ මරියොන් විතරක් නෙමෙයි අපේ ජීවිතවල හැමෝම පෙම්වතිය සහ පෙම්වතා කියන දේ අත්විඳලා තියෙනවා. මම හිතනවා ඒක මරියොන්ට විතරක් වෙන් වුණ දෙයක් නෙමෙයි කියලා.

දිනේෂ් විතාන
ඡායා - ගයාන් කරුණාරත්න
හැඩගැන්වීම් - හරූන් ෂයිඞීන්

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles