Divaina - යකඩ යැයි සිතා යටයන්නට හැදූ රත‍්‍රං සේරුවිලෙන් මතුවූ හැටි...!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

gold

* පර්යේෂණ කරන්නේ හැත්තෑඑකේ ඉඳලා

කුෂාන් සුබසිංහ

මැණික් ඉල්ලම් මතු වුණු බිමකින් රත‍්‍රන් මතුවීමත් අරුමයක් නොවේ. ඔබට ද එසේ සිතෙනු ඇත. ඒ සිතුවිලි ද වරද නැත. සත්තකින්” සහතිකෙන් මේ බිමේ රත‍්‍රන් ඇති බව දැන් සොයාගෙන ඇත. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට අයත් විශ්ලේෂණ විද්‍යාගාරයේ සිදු කළ පරීක්‍ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. එමතු නොව ඉන් ඔබ්බට ගොස් විදේශ විද්‍යාගාර වලදී කරන ලද නිරීක්‍ෂණ තුළින් ද ඒ බව තවත් හොඳින්ම තහවුරු වී ඇත.

gold4

මේ රත‍්‍රන් ඇත්තේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේය. ඊට අයත් සේරුවිල අරිප්පු කොල්ලකුලම් ප‍්‍රදේශයේ එය පිහිටා ඇත. ඒවා රත‍්‍රන් වූයේ අද ඊයේ වුවද ඒවා ගොඩට ආවේ අදින් දශක හතරකට පමණ පෙරදීය. රත‍්‍රන් බව නොදැන ඉතිහාසයේ අඳුරු පටලයෙන් වැසී යන්නට ගිය යකඩ කතාවක් දශක හතරකට පසු රත‍්‍රන් කතාවක් බවට පත්වී ඇත. යකඩ රත‍්‍රන් වීමේ ඒ කතාව පිටුපස සිටින යෝධ හස්තය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය වේ. යකඩ සහ තඹ නිධියකින් ලෝහ ගොඩට ගැනුණු අතර රත‍්‍රන් ඇති බවට ඔවුහු සොයා නොගන්නට මේ මහා සම්පතද පොළවටම ජීර්ණය වන්නට තිබිණි.

gold5සේරුවිල පිහිටි එම යකඩ සහ තඹ නිධිය පිළිබඳව මෙරට එකල පැවති භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ප‍්‍රංශයේ භූ විද්‍යා ආයතනය ගවේෂණ සිදු කර ඇත. ඒ 1971 වසරේදීය. හර විදුම් කුහර 76 ක් පමණ පොළොව තුළට විඳ ඔවුහු සාම්පල එක්රැස් කරගෙන ඇත්තාහ. මිටර් 8000 ක් පමණ දිගට ඒ විදුම් කුහර සිදුකර ඇත. එසේම එම නිධියෙන් ලබා ගන්නා ලද ඛනිජ සාම්පලවල සියයට 40 ක් පමණ යකඩ ද සියයට 1.2 ක් පමණ තඹද මිශ‍්‍රත ව තිබී ඇති බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

එහෙත් රට තුළ එකල පැවති සිවිල් යුදමය තත්ත්වයත්” යකඩ සහ තඹවලට පැවති ඉල්ලූම අවම වීමත් යන කාරණා මත සේරුවිල යකඩ” තඹ නිධියේ කතාව එදා එතැනින් නතර වී ඇත. යුද්ධය නිම වීමෙන් පසුව එම නිධියෙහි කටයුතු නැවතුණු තැනින් යළි පටන් ගත්හ. එහෙත් එහි කටයුතු යළිත් ඇණහිටියේය. ඊට බොහෝ දුරට හේතු වූයේ විශ්ලේෂණ කාර්යයන් සඳහා ඇවැසි තාක්‍ෂණය සහ ශිල්පීය දැනුම ප‍්‍රමාණවත් නොවීමය.

නමුදු භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ඉන් අධෛර්යමත් නොවිණි. ඔවුහු ඛනිජ ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය නවීන විශ්ලේෂණ උපකරණ හා දැනුමෙන් තවදුරටත් සන්නද්ධ විණි. සභාපති අසේල ඉද්දවෙල මහතාගේ අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නේය. ඉන්පසු ජීවය ලැබූ ඔවුහූ එකී ඛනිජ නිධිය භූ භෞතික විද්‍යාත්මික ක‍්‍රම අනුසාරයෙන් නැවත ගවේෂණය කරන්නට වූහ. වසර හතළිහකට පමණ පෙරදී කැණීම් කර කාර්යාංශය හර විදුම් ගබඩාවෙහි තැන්පත් කර තිබූ ඛනිජ සාම්පල 25 ක් පමණ ඔවුහු පර්යේෂණයට භාජනය කළහ. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට අයත් විශ්ලේෂණ විද්‍යාගාරයේදී එම පරීක්‍ෂණ සිදු කෙරිණි. භාග්‍යවන්ත සිදුවීමකි. එකී ඛනිජ සාම්පලවල රත‍්‍රන් අඩංගු බව තහවුරු විණි.

පෘථිවි පෘෂ්ඨයෙහි රත‍්‍රන් පැවතීමේ සාමාන්‍ය අගය වන්නේ කොටස් බිලියනයකට කොටස් 4 ක් (4 පීපීඑච්) ලෙසිනි. එහෙත් සේරුවිල නිධියෙහි ඇතැම් සාම්පලවල කොටස් බිලියනයකට රත‍්‍රන් කොටස් 1000 (1000 පීපීඑච්) ඉක්මවා පවතින බවට තහවුරු වී ඇත. එසේම එම සාම්පලයන්හි පැලේඩියම්” ප්ලැටිනම් ආදී අතිශය වටිනා මූලද්‍රව්‍යන් ද අඩංගු බව සනාථ වී ඇත.

අන්ධයකු අතට පත් මැණිකක් මෙන් අගයක් නැතිව යට යන්නට ගිය ඛනිජ නිධියක් අද රටට ආභරණයක් වී ඇත. රනින් ආභරණ” මාල” වළලූ පැළඳ මනාලියක අගය වැඩි වන්නා සේ රත‍්‍රන් තැන්පත්ව ඇති බිමකද අගය වැඩි වේ. යකඩ රත‍්‍රන් වූ ඒ සුන්දර කතාව රටට කියන්නට විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශ මාධ්‍ය කණ්ඩායමක් ද රැගෙන පසුගියදා ගම්පහ යක්කල වැරැල්ලවත්තට ගියේය. වසර හතළිහකට උඩදී පොළොව උඩට ගෙන ආ යකඩ හා තඹ කොටස්වල සාම්පල ආරක්‍ෂිතව ගබඩා කර තිබුණේ වැරැල්ල වත්තේය. එහි පිහිටි හර විදුම් ගබඩාවෙහිය. එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වත්මන් උපදේශක බර්නාඞ් පේ‍්‍රම් යන මහත්වරුන් පෙන්වා දුන්නේ ලංකාවේ රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී එම භූමියෙන්ද රත‍්‍රන් හමු වී ඇති බවය. නුවරඑළිය” රත්නපුර ප‍්‍රදේශවල ගංඟා ආශ‍්‍රිතවද” 1850 ගණන්වල බි‍්‍රතාන්‍ය යුගයේදී රඹුක්කන මාඔය ආශ‍්‍රිතවද 2000 වර්ෂයේදී ඇඹිලිපිටිය” කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේදීද 2012 වර්ෂයේදී කැලණි ගෙඟන් ද රත‍්‍රන් හමු වී ඇති බවය. මේ වන විටත් කැලණි ගෙඟහි රත‍්‍රන් සඳහා බලපත‍්‍ර විශාල ප‍්‍රමාණයක්ද නිකුත් කර ඇති බවද ඔවුහු සඳහන් කළහ.

gold2

 

මේ ආකාරයට මෙතෙක් හමුව ඇති සියලූ රත‍්‍රන් ගංඟා ආශ‍්‍රිතව ගවේෂණය කර සොයාගෙන ඇති අතර ඒවා මවු පාෂාණයෙන් ගැලවී ගොස් දීර්ඝ කාලයක් තිස්සේ ජීර්ණය වූ ඒවා විය. නමුත් සේරුවිල නිධියෙන් සොයාගත් රත‍්‍රං මව් පාෂාණය තුළින්ම විසිරී ගොස් ඇති බැවින් ඒවා පවතින තත්ත්වයෙන්ම උකහා ගැනීමද පහසුය. ලංකාවේ භූමියෙන් එවන් රත‍්‍රන් හමුවූ ප‍්‍රථම අවස්ථාව මෙම සේරුවිල නිධිය වීම ද විශේෂත්වයකි.

gold3මෙම නිධිය වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි තිරස් අතට කිලෝමීටර් 5ක් පමණ දුරකට විහිදී පැතිරී ඇති බවට දැනට අනාවරණය වී ඇත. නමුත් ඒවා එම භූමියෙහි කඩින් කඩට පිහිටා ඇති අතර එම සමස්ථ භූමි ප‍්‍රදේශයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 51 ක භූමි ප‍්‍රමාණයක් සංරක්ෂිත කලාපයක් බවට රජයේ ගැසට් නිවේදනයක් මගින් නම් කර ඇත.

මෙම නිධිය මගින් සොයා ගන්නා ලද තඹ හා යකඩවල අඩංගු රත‍්‍රන් ඉහළ ප‍්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත වන බවද පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එබැවින් මෙම නිධි ලෝහ අඩංගු නිධියක් ලෙස හඳුනාගත හැකි බවත් නිසි ප‍්‍රතිපත්තිවලට අනුකූලව නිසි ක‍්‍රමවේදයක් යටතේ මෙම නිධියේ කැණීම් කටයුතු කළ හැකි බව කාර්යාංශයේ අභිප‍්‍රායයි. ඒ සඳහා දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට ඉදිරිපත් වීමට ඉඩ ප‍්‍රස්ථාව ඇති බැවින් මෙම ඛනිජ නිධියේ කැණීම් සඳහා ආයෝජනය කිරීමට ධනාත්මක ආයෝජකයින්ට කාර්යාංශය විසින් විවෘතව ආරාධනා කරන බව මාධ්‍ය හමුව ඇමතූ කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

කාර්යාංශයේ ගබඩාවෙන් දශක හතරකට පමණ කාලයක් සංරක්ෂිතව
ගබඩා කර තිබූ මෙම සාම්පල මාධ්‍යයට ප‍්‍රදර්ශනය කිරීමට හේතුව වන්නේද මෙම නිධියෙහි කැණීම් සඳහා සුදුසුම කාලය නැවත එළැඹ ඇති බැවින් ඒ පිළිබඳව ආයෝජකයින් දැනුම්වත් කර ආකර්ෂණය කර ගැනීම බවද ඒ මහතා පැවසීය. ඒ සඳහා අදාළ බලපත‍්‍රය කාර්යාංශයට තනිව නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් සභාපතිවරයා පැවසීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව” වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව” වනජීවී අමාත්‍යාංශය” පරිසර අමාත්‍යාංශය” මධ්‍යම පරිසර අධිකාරිය අදාළ ප‍්‍රාදේශීය ලේකම් සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ පරීක්‍ෂණයක් සිදුකර ටෙන්ඩර් පටිපාටියක් මගින් විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කරන බවත් සභාපතිවරයා තව දුරටත් සඳහන් කළේය.

එසේ නම් දැන් රත‍්‍රං වෙන්දේසිය ඇරඹී ඇත. බැංකුවේ හෝ වෙනත් මූල්‍ය ආයතනයක ඔබ උකස් තැබූ රත‍්‍රං නොව. මීටර් දහස් ගණනක් යටින් උපන් අපේ පොළොවේ රත‍්‍රංය. යටයන්නට ගිය එම රත‍්‍රං කතාව අද ජාතියේ පිනටත්” රටේ පිනටත් හේතුවන්නට ගොඩඑනු ඇත. හෙට දිනෙක ඒ රත‍්‍රං සොයා කැණීම් ද සිදුකෙරෙනු ඇත. ඔබ අප පය ගසා සිටින්නේ අප හීනෙකින් ද නොසිතූ නොපැතූ එවැනි ස්වර්ණ භූමියක් මතය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles