Divaina - කපල කොටලා සුද්ද කරලා සුදට සුදේ පැකට් කරලා - ‘රෙඞී ටු කුක්’ ලේබල් ගැසූ සමහර එළවළු පැකට් ‘නොට් රෙඞී’!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

fea7 1

- ගොවිපොළෙන් පිටතට පැමිණියත්  ආහාරයට වසවිස තර්ජන

- කැපූ එළවළු පලතුරු ‘කහට පිපීම’ ස්වාභාවිකයි. බෙහෙත් එපා
- එස්. එම්. එස්. විරංජකය  - වැඩිපුර භාවිතය අගුණයි

- දියුණු රටවල තහනම් වසවිස  - ලංකාවේ භාවිතය හිතුමතේ

වසවිස සමග ගොවිතැන් කරද්දී පාරිභෝගිකයා ගේ ආරක්ෂාව ගැන සුළුවෙන් තකන්නේ නැතිව ශීලාචාර ගොවිතැනක් කරන මෙන් අප විටින් විට ගොවි ජනතාව දැනුවත් කරමින් ඉල්ලා සිටින්නෙමු. තාර පාර මැද කෙහෙල් ලෙල්ලක් දමා යන පුද්ගලයාව අල්ලා දඬුකඳේ ගසන තරමට ඇතැම් දියුණු රටවල් තම නීති පද්ධතිය ශක්තිමත් කර ඇතිවා පමණක් නොව නව තාක්ෂණික මෙවලම් හරහා ඔවුන් අල්ලා ගැනීමටද සංවිධානය වී සිටී. නීති නම් ඇති පදමට අපටත් තිබේ. පොතපතේ ඒවා ලියවී තිබුණාට නීති රකින්නන්ද, නීතිය ක‍්‍රියාත්මක කරන්නන්ද සමාජය තුළ එතරම් සුලභ නොවේ. ආචාරශීලී ගොවිතැනක් වෙනුවෙන් හැකි පමණින් අප වගාකරුවාට ආයාචනය කරන්නේ එබැවිනි. පණුවන් කැපෙනවාට බියෙන් පුර හඳ පායන දිනට උදැල්ල අතට ගන්නේ නැති ගොවියා, සතුන් මරන්නට යෙදූ වසවිස අක‍්‍රිය වන්නටත් පෙර තමාගේ එළවළු තොගය මිනිස් අනුභවය සඳහා යවන්නට ලොරියට පටවන්නට හිත එකඟ කරගත්තේ කෙසේදැයි දන්නේ මුදල් පසුපස හඹායන මේ සංස්කෘතිය නිර්මාණය කළ අයවලූන්මය. ගොවියාගේ හිස තුළ අතු රිකිලි දමමින් ලියලා ගිය අයහපත් සිතුවිලි උදුරා දමා යහපත් අදහස් පැලකිරීම තුළින් මේ ව්‍යසනය යම් තරමකට හෝ පිටුදැකීමට කටයුතු කරනවා විනා, අරක මේක තහනම් කිරීම තුළින්, හොර රහසේ කෙරෙන කටයුතු වලට තව තවත් මිනිසුන් පොළඹවා ගැනීම හරහා සිදුවන්නේ අපව නැවත නැවතත් රවටා ගැනීමකි.

ඒ ගොවිතැනේ පැත්තය. වගාකරුවාගේ සිතුවිලි වෙනස්වී වසවිස නැති බෝගයක් ගොවිපොළෙන් පිටකරන්නට ඔහු එකඟ කරවා ගත්තද, ඔහුගේ නිපැයුම අපගේ කෑම පංගුවට වැටෙන්නට පෙර තව බොහෝ දුර යායුතුය. වෙළෙන්දා අතට පත්ව නිවසේ මුළුතැන්ගෙයට පැමිණෙන්නේනම් තත්ත්වය ඒ තරමට දරුණු නැත. එහෙත් ආපනශාලාවකට ගොස් එතැනින් පිඟානට එනවානම් තත්ත්වය ඊට වඩා සංකීර්ණ වේ. ගොවියා ආචාරශීලී වීමෙන් පමණක් පාරිභෝගිකයා වසවිසෙන් රැුකේදැයි පසුගිය දිනෙක මට සිතුනේ, සිලිසිලි මල්ලක එළවළු කීපයක් දමාගෙන ගෙදර යන කාන්තාවක් බස්රියක් තුළදී මුණගැසීමත් සමගය. විනිවිද පෙනෙන සුදු පැහැති බෑගයේ තිබූ යමක් පැහැදිලිව පිටතටත් පෙනේ. ඒ අලූත කැපූ පොලොස් මල්ලකි. ගමේ කෑමකි. සමාජ සම්මතයට අනුව වසවිස නැති කෑමකි. ලූණු ගොරක පදමට දමා තෙල් පෑදෙන්නට හැදූ පොලොස් ඇඹුලක් තිබේනම්,

පසුගිය දිනෙක මා කියූ ‘ග්ලයිසෙමික් අගය’ නෑසුනා සේ හිඳිමින්, කුස සනහා ගන්නට බොහෝදෙනා පසුබට වන්නේ නැති බවද දනිමි. ගෙදර කොස් ගසක් තිබුනත් ‘පොලොස් ඇඹුල’ නිතර නිතර කෑම මේසයට නොඑන්නේ, කොහොල්ලෑ තවරාගෙන වැඬේ පටන් ගන්නට බවලතුන් දරන අකැමැත්තත්, ඔවුන්ගේ කාර්ය බහුලත්වයත් නිසාය. ඇඟිලි තුඩුවල කහට බැඳෙනවා කියා එළබටු ගෙඩියක් කපා සුද්ද කරන්නට පසුබටවෙන නාගරික ගෘහනියන්ට පොලොස් කපන්නට කතාකිරීම නොකෙරෙන දීගයකි. එවන් පසුබිමකදී කැබලිවලට කපා, බෑගයක අසුරා දෙන ‘රෙඞී ටු කුක්’ පොලොස් මල්ල දාහෙන් සම්පතක් වන අතර වසවිස නැති ‘ගමේ කෑම’ සොයන නාගරිකයාගේ සිතට මහත් සැනසිල්ලක්ද වේ.

fea7 2මෙවැනි සැකසූ ආහාර ලොවපුරා හඳුන්වන්නේ ‘ෆ්‍රෙෂ් කට්’ (Fresh cut) යනුවෙනි. මෙහි ආරම්භය බොහෝ ඈතට දිව යන්නකි. දැනට සියවස් ගණනාවකට ඉහතදී දියුණු යැයි සම්මත රටවල ඇරඹුණු මෙම කර්මාන්තයේදී එළවළු සහ පලතුරු, භාවිතයට පහසු ආකාරයකට පත්කරනු ලබයි. සලාද, බෝංචි, කැරට් ආදී එළවළු වර්ග රාශියක් උදෙසා මෙම කාර්යාවලිය අනුගමනය කරන්නේ ඉතාමත් ආරක්ෂක ක‍්‍රමවේදයන් වලට යටත්වය. ආරක්ෂිතභාවයේ සහතිකය ඇසුරුමේ පිටත අලවා තිබේ. අනෙක් අතට කැපූ එළවළු හෝ පලතුරු වලට කිසිදු රසායනයක්, අඩු තරමින් දේශීය කාබනික ද්‍රව්‍යයක්වත් එකතු කරන්නේ නැත. පොතු හා ඇට ඉවත්කිරීම, කැබලි කැපීම වැනි පාරිභෝගිකයන් අපේක්ෂා කරන වෙනස්කම් වලට ආහාරය හසුවුවද, නැවුම්බව රැුකගැනීම, අවම පෝෂණ හානිය, ක්ෂුද්‍රජීවීන් ඇතුළ් නොවීම වැනි තත්ත්වයන් පවත්වා ගැනීමට ආහාර සැකසුම්කරුවන් වගබලා ගන්නා නිසා පාරිභෝගිකයන්ද උපරිමයට තෘප්තිමත්ය. කපා කොටා වෙළඳපොළට එන මෙම ආහාරය කල් තබාගත නොහැකිය. දිනක් ඇතුළත ආහාරයට ගැනීම හැම අතින්ම යෝග්‍ය වන්නේ ‘ෆ්‍රෙෂ් කට්’ යෙදුමට පවා එවැනි භාවිතයක් ගැළපෙන බැවිනි. ශීතකරණයක් තුළ තැබුවහොත් උපරිම වශයෙන් දින දෙකක් දක්වා තබාගත හැකිවේවි.

”ආහාර තාක්ෂණයේදී ‘නැවුම්’ කියන වචනය තුළ අදහස් දෙකක් ගැබ්වෙලා තියෙනවා. එකක් තමයි එය සැකසූ ආහාරයක් නොවීම. ඒ කියන්නේ වියළීම, ටින්වල ඇසිරීම, චට්නි ලූණුදෙහි වගේ ආහාර බවට පත් නොකිරීම, අධිශීත කිරීම වැනි දේ කරලා තියෙන්න බෑ. අනෙක් අදහස තමයි එය නරක් නොවී තිබිය යුතුයි. ආරම්භක පෝෂණ පදාර්ථ, වයනය, රස, සුවඳ ආදිය වෙනස් වෙන්න බෑ. මෙම නිර්ණායකයන්ට එකඟවෙන ආහාර සැකසුම් තමයි අපි ‘ෆ්‍රෙෂ් කට්’ කියල හඳුන්වන්නේ”

එම අදහස ආහාර තාක්ෂණ විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතාගේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ අංශයේ සේවයෙන් විශ‍්‍රාම ලබා ඇති ඔහු මේ වනවිට, පේරාදෙණිය සරසවියේ විද්‍යා පශ්චාද්

උපාධි ආයතනයේ ආහාර තාක්ෂණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි. ඊට අමතරව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ආහාර නිෂ්පාදන ආයතනයන්හි සම්පත් දායකයෙකි.

එහෙත් බෝගයට සිදුකරනු ලබන කපා කොටා දමන සිදුවීම් ඇතුළත් ක‍්‍රියාදාමයේදී, ශාක පටක තුළ යම් රසායනික ක‍්‍රියාදාමයන්ද සිදුවෙන බව අප දැනගත යුතුය. යම් සීමා අවහිරකම් හමුවේ ෙසෙල තුළ එකිනෙක නොගැටී තිබුණු ද්‍රව්‍ය, ෙසෙල කැපීම නිසා එකිනෙක මුණගැසිය හැකිය. මේවා අතර විවිධ ප‍්‍රතික‍්‍රියා සිදුවීමේ ප‍්‍රතිඵලය නව සංයෝග බිහිවීමයි. කැබලි කැපූවිට අභ්‍යන්තර පටක ඔක්සිජන් වලට වඩාත් හොඳින් නිරාවරණය වෙන නිසා මේ ප‍්‍රතික‍්‍රියා වඩාත් පහසුවෙන් සිදුවේ. කැපූ කැබලි ‘කහට පිපෙන්නේ’ මේ හේතුවෙනි. දුඹුරු පාටට අපට පෙනෙන්නේ සෑදෙන එම අලූත් සංයෝගයන්ය. මේ ක‍්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වන්නේ එන්සයිම ආශ‍්‍රිත දුඹුරු පැහැවීම වශයෙන්ය. මෙය නැවත්වීමට නම්, එන්සයිමය, උපස්තරය හා ඔක්සිජන් යන තුන්දෙනාගෙන් අඩු තරමින් එක් අයෙක්වත් අනෙක් දෙදෙනා මුණගැසීමෙන් වැළැක්විය යුතුවේ. තිදෙනාම එකතුවූ තැන අනිවාර්යයෙන්ම දුඹුරු පාටය.

කෙසේ වෙතත් එන්සයිම මගින් නැවුම් එළවළුවක් හෝ පලතුරක් දුඹුරු වීමට කපන්න කොටන්න අවශ්‍ය වන්නේම නැත. කෙසෙල් ගෙඩියක් ශීතකරණයක තැබුවහොත් පටක වලට කිසිදු යාන්ත‍්‍රික හානියක් නොමැතිව පවා එය වහ වහා දුඹුරු පැහැයට හැරීම මෙයට හොඳ උදාහරණයකි. කෙසෙල් යනු උණුසුම් ප‍්‍රදේශවල සම්භවය ලබා, එවැනි පරිසරයකට අනුවර්තනය වූ බෝගයක් වේ. පිටතින් අප යාන්ත‍්‍රික හානියක් නොකළත්, ශීතල හමුවේ එහි පටක බිඳී, ෙසෙල පුපුරා යයි. දැන් එතැනත් කැපූ කෙටූ තැනක් වැනිය. මෙතෙක් සීමා වැටකඩුලූ වලින් වෙන්ව තිබුණු එන්සයිම හා ඒ සමග ගැටෙන උපස්තර එකිනෙකා හමුවී ප‍්‍රතික‍්‍රියා සිදුකරගන්නා අතර ප‍්‍රතිඵලය වන්නේ දුඹුරු පැහැ සංයෝගයන් වේ. කෙසෙල් ගෙඩියේ යම් ප‍්‍රදේශයක් වැසෙන සේ ටේප් පටියක් අලවා ශීතකරණයේ තැබූවිට, ටේප් පටියෙන් වැසී තිබුණු කොටස පමණක් දුඹුරු පැහැ නොවී තිබෙනවා පෙනේවි. ඊට හේතුව වන්නේ ෙසෙල බිඳුනත් එම කොටසට ටේප් පටිය නිසා ඔක්සිජන් ලැබීම අවහිර වීමයි. එනම් ‘එන්සයිමික දුඹුරු’ වීමට උපස්තරය හා එන්සයිම මුණගැසීම මෙන්ම ඔක්සිජන් ලැබීමද අවශ්‍යය බව තව දුරටත් තහවුරු වේ.

එන්සයිම ක‍්‍රියා රහිතව සිදුවෙන දුඹුරු පැහැවීම්ද ඇත. සීනි ‘කරවෙන’ විට කැරමල් වැනි දුඹුරු සංයෝග සෑදීමද ආහාරයේ දුඹුරු පැහැ ගැන්වීමක් වුවත්, ඒවා හුදෙක්ම රසායනික ප‍්‍රතික‍්‍රියා මිස, ජීවී පටක ඇසුරින් සිදුවෙන ඒවා නොවේ.

fea7 3ගමේ පැරැුන්නන් මෙම එන්සයිම ආශ‍්‍රිත දුඹුරුවීමේ යාන්ත‍්‍රණය විද්‍යාත්මකව අවබෝධ කරගෙන නොතිබුණත්, ඔවුන්ට මීට එරෙහි ප‍්‍රතිකර්ම වලින් නම් අඩුවක් තිබුණේ නැත. කැපූ කැබලි වායුගෝලය හා

නොගැටෙන්නට, එනම් ඔක්සිජන් ලැබීම අවහිර කරන්නට, ඔවුහු ඒවා කැපූ සැණින් දැමුවේ ජල බඳුනකටයි. ඒ අනුව ‘කහට පිපීම’ වැනි දෑ අවම වුණි. තවත් විටකදී ඔවුහු දෙහි ඇඹුල් හෝ ලූණු දියර සමග කැපූ කැබලි වහ වහා මිශ‍්‍ර කළහ. දෙහි යුෂ තුළ ඇස්කෝබික් අම්ලය, සිටි‍්‍රක් අම්ලය වැනි දෑ අන්තර්ගත වෙන අතර ඒ මගින් දුඹුරු පැහැ ගන්වන එන්සයිම ක‍්‍රියා අඩපණ කිරීමක් සිදුකරන නිසා ආහාරයට ලැබෙන ‘කිලිටි පෙනුම’ යම් තරමකට අවහිර වේ. කැපූ එළවළුවල ‘කහට පිපීම’ට අවහිර කරන්නට සාම්ප‍්‍රදායිකව ගැමි ජනතාව මෙම ඥානය ලබාගෙන තිබුණේ පොතපත කියවලා නොව එදිනෙදා ලැබූ අත්දැකීමෙනි. ‘ෆ්‍රෙෂ් කට්’ නිපදවන්නන් අද දවසේ වැඩි විශ්වාසය තැබිය යුත්තේ රසායනික දියරයන්හි ගිල්වා ‘දුඹුරු පැහැය’ මැකීම ගැන නොව මෙවැනි සාම්ප‍්‍රදායික දැනුම මත කටයුතු කිරීම කෙරෙහිය. මන්දයත් එම කාර්යාවලීන් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී හා සෞඛ්‍යය ආරක්ෂිත නිසාය.

කලකට ඉහතදී කොළඹට පමණක් සීමා තිබුණු ‘රෙඞී ටු කුක්’ නැවුම්ව කපා පැකට් වල ඇසිරූ එළවළු සංස්කෘතිය ක‍්‍රම ක‍්‍රමයෙන් පර්යන්ත නගර වලටත් සංක‍්‍රමණය වී අද වනවිට ගමේ සති පොළටත් පැමිණ ඇති බවක් පෙනේ. පොලොස් ගෙඩි කීපයක් උදේ පාන්දරින් සුද්ද කරගෙන කෑලි කපා, පොලිතීන් කවරවල දමා, ඉටිපන්දම් දැල්ලට අල්ලා ‘සීල්’ කරගෙන සෙනසුරාදා පොළට ඇවිත් විකුණන ඩිංගිරි අම්මාගේ වෙළඳාම ගැන නොවෙයි මේ කතාන්තරය. ඇය ගෙනෙනා පොලොස් කැබලිත් ‘ෆ්‍රෙෂ් කට්’ ය. ඒත් ඒවා හොඳටම කහට පිපිලාය. අතට ගෙන කෑලි කීපයක් ඔබා බලනා ඇතැමුන් ඇයටම ආපසු ඒවා භාරදී ඉවත යනවාද මා දැක තිබේ. එසේනම් නගරයේ වෙළඳපොළෙන් මිලදී ගෙන බසයට ගොඩවූ කාන්තාව අත තිබූ කහට නොපිපුණු පොලොස් මල්ලට හේතුව කුමක්ද? එහි තිබූ සුදුපැහැ දීප්තිය සිලි සිලි මල්ලෙනුත් පිටතට විහිදෙන තරම්ය.

”සෝඩියම් මෙටා බයිසල්ෆයිට් කියන සංයෝගය විරංජනකාරකයක්. ඒ කියන්නේ වර්ණය මකා දමනවා. එස්.එම්.එස්. (SMS) කියලයි සරලව හඳුන්වන්නේ. මෙය ආහාර කල්තබා ගන්න ද්‍රව්‍යයක් හැටියටත් නිර්දේශිතයි. ඒ නිසා ජෑම්, කෝඩියල් වගේ ආහාර හදනකොටත් නියම ප‍්‍රමිතියෙන් මේවා දානවා. ජෑම් වලට කොටස් දශලක්ෂයකට කොටස් 40 ක් (40 ppm) හෝ ඊට අඩුවෙන් තමයි දාන්නේ. අපේ ප‍්‍රමිති ආයතන වලිනුත් මෙවැනි සුළු සාන්ද්‍රණ නිර්දේශිතයි. පොලොස් කෑලි සුදුපාටට තබා ගන්නටත් එස්.එම්.එස්. භාවිත කරන්න පුළුවන්. හැබැයි ඉතාම ස්වල්පයක්. 0.1 % වගේ ද්‍රාවණයක් හොඳටම ඇති. ග‍්‍රෑම් එකක පමණ ප‍්‍රමාණයක් වතුර ලීටරයක විතර දියකරන්න වෙයි. ඒ තමයි උපරිම. එහෙම නොවුණොත් ශරීරයට අහිතකරයි.

ඒකනායක මහතා එස්.එම්.එස්. භාවිතය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූයේ එසේය. සෝඩියම් මෙටාබයිසල්ෆයිට් සාදා ඇත්තේ සල්ෆියුරික් අම්ලය හා සාමාන්‍ය ලූණු ප‍්‍රතික‍්‍රියා කරවීමෙන්ය. ආහාර සැකසීමේදී ආහාරය තුළ දිලීර හා බැක්ටීරියා වර්ධනය අවහිර කරන ද්‍රව්‍යයක් වශයෙන් මෙය භාවිතාවෙන බැවින් සැකසූ ආහාර අඩංගු බඳුන්හි ලේබල් මත ීඵී එකතුකළ බව බොහෝවිට සඳහන් වේ. ජලය පිරිසිදු කිරීමේදී යොදන ක්ලොරීන් වලින් මිනිසාට ඇතිවන බලපෑම උදාසීන කිරීම සඳහාද මෙය යොදාගනී. කෙසේ වෙතත් මෙම රසායනය හරහා සිදුවන අහිතකර බලපෑම් ගැනද අප දැනගෙන සිටීම වැදගත්ය. අසාත්මික තත්ත්වයන් ඇතිවීම හේතුවෙන් ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන බලධාරීන් අමු ආහාර සඳහා සෝඩියම් මෙටාබයිසල්ෆෙට් භාවිතය තහනම් කෙරුවේ මීට දශක තුනකටත් වඩා පෙරදීය. 1982 දී මේ පිළිබඳව පෙත්සමක් ඔවුන්ගේ ආහාර හා ඖෂධ නියාමකයන්ට ඉදිරිපත් කර තිබුනේ අගතියට පත් පාරිභෝගිකයින් පිරිසක් විසිනි. ඊට යහපත් ප‍්‍රතිචාරයක් දක්වමින් 1986 ජූලි 09 වෙනිදා පළවූ නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි මුල් පිටුවෙහිම මේ ගැන සඳහන් කරමින් රජයේ පාර්ශ්වය ප‍්‍රකාශ කර සිටියේ මරණ 13 කටත්, ඇදුම ප‍්‍රධාන කොටගත් තවත් රෝගාබාධ රාශියකටත් මෙම රසායනය හේතුකාරකයක් වන බව පර්යේෂණ මගින් සනාථ වී ඇති නිසා මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන් ඇදුම රෝගීන් අතරින් 3% - 10% ක් අතර ප‍්‍රමාණයකට එස්.එම්.එස්. රසායනය ඇලජික් ය. දරුවන් බහුල ලෙස ආහාරයට එකතුකරගන්නා කෝඩියල්, ජෑම් ආදිය අනුභවයට පසු ඔවුනට හදිසි කැස්සක් වැනි දෙයක් සෑදෙන්නේ නම් ඔවුන් මෙම අසාත්මිකතාවට ගොදුරුව ඇති බව

fea7 4හඳුනාගැනීමට එය කදිම ඉඟියකි. මන්දයත් එවැනි ආහාර වලට කල්තබාගනීමේ ද්‍රව්‍යයක් වශයෙන් එස්.එම්.එස්. එකතුකර තිබෙන බැවිනි. 2013 වසරේ මාර්තු මස ෑංචැරසපැබඒක භැමරදඉසදකදටහ සඟරාවේ පළවූ ලිපියක සඳහන් කර තිබුණේ එස්.එම්.එස්. දැමූ ආහාර අනුභවකළ මීයන්ගේ මතක ශක්තිය අවුල් සහගත වන බවයි. එම පර්යේෂකයන්ම තවත් වාර්තාවකින් කියන්නේ ආහාරයට ‘කහ’ එකතුකිරීමෙන් එම අවුල සෑහෙන තරමකට සමනය කරගත හැකි බවකි. එම තොරතුරු අපගේ දැනුමේ වටාපිටාව පෝෂණය කිරීමට මිස, අත්හදා බැලීමට නොවන බව සැලකුව මැනවි.

‘කහට පිපීම’ යනු ආහාරයක් නරක වීමක් නොවේ. ආහාරය විෂවීමක්ද නොවේ. පෙනුමෙන් වර්ණයෙන් වෙනස් වූවාට සෑදී ඇති දුඹුරු පැහැ සංයෝග ශරීරයට කිසිසේත් අහිතකර වන්නේ නැත. දුඹුරු පැහැ පොලොස් කැබැල්ල දෙස වපර ඇසින් බලන අප තේ, කෝපි හෝ චොකලට් කහට හමුවේ තලූ මරන්නෙමු. එම ශාක කොටස්ද ගහේ තිබියදී දුඹුරු පාටට තිබුණේ නැත. ඒවා ගසෙන් කඩාගෙන තලා පොඩිකර කහට පිපෙන්නට සැලැස්වූවේද අප විසින්මය. එතැනදීද සිදුවූයේ මෙයටම සමාන එන්සයිම ආශ‍්‍රිත දුඹුරු පැහැ ගැනීමකි. චොක්ලට් හමුවේ

තලගොයා වන ‘කහට’ පොලොස් කැබැල්ල මතදී කබරගොයා වීම අතහැරීමට කාලය උදාවෙමින් තිබේ. වසවිස දෙනවා යයි ගොවියා මතටම වරද පටවන්නේ නැතිව, පමණට වඩා එස්.එම්..එස්. දමා කිරිපැහැ ගන්වා ඇති ‘ෆ්‍රෙෂ් කට්’ පොලොස් කෑම නැවත්වීමට පාරිභෝගිකයාද සිත එකඟ කරගත යුතුය. බඩු විකිණෙන්නේ නැතිවිට එවැනි බාල ‘ෆ්‍රෙෂ් කට් වෙළඳපොළට එන එකත් නවතීවි. පොලොස් කපා විකුණන පදික වේදිකාවේ වෙළෙන්දාටත් මෙය පහසුය, ලාභය. පොලොස් කපා පොල්තෙල් ටිකක් උලාගෙන අත සෝදාගත් පසු, කැපූ දෑ කවර වලට දමනවා විනා එස්.එම්.එස්. සාත්තුවක් ගැන දැන් ඉතින් ඔහු සිතිය යුතු නොවේ. නීති තිබෙන, එහෙත් නීති හරිහැටි ක‍්‍රියාත්මක නොවෙන දේශයක වෙසෙන්නන් පුරුදුවිය යුත්තේ කරුණු නිවැරදිව තේරුම්ගෙන තම ක‍්‍රියාකාරකම්, ස්වයං වාරණ මත හැඩගස්වා ගැනීමටයි. ඒ හරහා ශක්තිමත් වන්නේ පොදු මහජනතාවගේ සිතුවිලි ශක්තියයි. ශරීර සෞඛ්‍යයයි.

පත්තර පිටු ගණන් ලියූවත් කිසිදා හදන්නට බැරි බාහිර පුහු ඔපයට වහල්වූවන් මෙරට මෙන්ම පිටරටවලද සිටී. කැපූ ඇපල් කැබැල්ල දුඹුරු පැහැවීම දරාගත නොහැකි, ජාතියටම අපලයක් වූ ඇපල්ලෝලීන් පිරිසක් සනහන්නට ඇමරිකාවේ සමාගමක් විසින් මෑතකදී ‘කැපුවත් සුදු’ මාදිලියේ ඇපල් වර්ගයක් නිපදවා තිබේ. මෙය ජාන වෙනස් කළ නොහොත් ජී.එම්. මාදිලියකි. එතැනදී විද්‍යාඥයන් සිදුකර ඇත්තේ දුඹුරු පැහැ ගැන්වීම සිදුකරන එන්සයිමය ඇපල් ගෙඩිය තුළ බිහිවීම වැළැක්වීමයි. ඒ සඳහා එම එන්සයිමය සාදන ජානයේ ක‍්‍රියාකාරිත්වයට fea7 5බාධාකරවන ජානයක්, පිටින් ගෙනැවිත් ඇපල් ශාකයට බද්ධ කර ඇත. අපේ සමහරු නම් මේ දිනවල කැපුවත් අහවල් පාටය. ජාන වෙනස්කර නිපදවූ මෙම ඇපල් වර්ගයත් කැපුවත් සුදුය. ඔවුහු ‘ආක්ටික් ඇපල්’ යනුවෙන් මෙයට නමක්ද දමාගෙන තිබේ. හැකිනම් එය අන්තර් ජාලයෙන් බලන්න. ලස්සන රසවත් කතාවකි. කෙසේ වුවත් බොහෝ ඇමරිකානුවෝ පවා මෙවැනි විගඩම් වලට සිනහ වෙති. බහුතරය ජාන වෙනස්කළ ආහාරවලට පිටුපානා නිසා ඔවුන් පවසන්නේ මෙවැනි දේ හරහා අගනා පලතුරක ගුණාත්මය කෙළසා ඇති බවයි. තවත් සමහරු විමසන්නේ කැපූ ඇපල් පෙති මතට දෙහි ඉස්ම ටිකක් මිරිකා දමා දුඹුරු පැහැවීම නවතාලීම වැනි සරල ක‍්‍රමයකට යෑමට ඇති බාධාව කුමක්ද යන්නයි.

ඉසකුඩිච්චි දමා ප‍්‍රතිකාර කළයුතු ඇතැමුන් ඇමරිකාවේ වගේම අප අතරත් නැත්තේම නැත. පත්තරේ නම දා ගන්නට තරමේ වැඩක් කරගන්නට බැරිවූ, කෙසේ එය කරගන්නේදැයි දහ අතේ කල්පනා කරමින් හා තැන තැන දොඩවමින් සිටින්නෙකු මේ ලිපිය කියවා බලා, ජානයක් එහා මෙහා කර ‘කැපුවත් සුදු’ ගැට හෙරලියක් සාදන්නෙමි යි සිතා කොස් ගසකට නැග, නාඹර පොලොස් ගැටයකට අතවරයක් කෙරුවොත්, මේ විපරිත සමාජය තුළ වෙසෙනා අප ඒ ගැනද පුදුම වියයුතු නැත.

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles