Divaina - අවසන් තීරණයට රනිල් - සජිත් අද හමුවෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 m1
 
 අකිත පෙරේරා
 
තවමත් අවසන් එක`ගතාවකට පැමිණීමට නොහැකිවී ඇති එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනා පමණක් අද (08 වැනිදා) සවස කොළඹදී හමුවීමට තීරණය කර ඇත.
 
 ඔවුන් දෙදෙනා මෙලෙස හමුවන්නේ පෙරේදා (06 වැනිදා) එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර අරලියගහමන්දිරයේදී පැවැති දීර්ඝ සාකච්ඡුාවෙන් පසු ගත් තීරණයක් අනුවය.
 
 මෙම සාකච්ඡුාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කරමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දයා ගමගේ, නවීන් දිසානායක, රවි කරුණානායක, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ජෝන් අමරතුංග යන ඇමැතිවරු සහභාගි වී ඇත.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජනය කරමින් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික‍්‍රම ඇමැතිවරු සහභාගි වී තිබේ.
 
 සාකච්ඡුාව ආරම්භයේදීම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය.
 
 ඒ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී ඕනෑම කෙනෙකුට එය අභියෝගයකට ලක් කළ හැකි බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ.
 
 තමාට පක්‍ෂයේ බිම්මට්ටමේ පමණක් නොව ව්‍යාපාරික ප‍්‍රජාව, සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂ ඇතුළු සෑම තරාතිරමකගේම සහයෝගය හිමිවී තිබෙන බවත් එනිසා තමා සමග එක්වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක් ගත හැකි බවත් අගමැතිවරයා පවසා ඇත.
 
 මෙහිදී සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජනය කළ පිරිස පවසා ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ දක්වා පැවැත්වූ ජන රැලිවලට විශාල පිරිසක් සහභාගී වූ බැවින් ජනාධිපති අපේක්‍ෂකත්වය ඔහුට ලබා දිය යුතු බවයි.
 
 ඊට පිළිතුරු ලෙසින් රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කළ පිරිස පවසා ඇත්තේ එසේ එ.ජා.ප පාක්‍ෂිකයින් එන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනපති අපේක්‍ෂක ලෙස සඳහන් කරමින් රැස්වීම් පවත්වන නිසා බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනපති අපේක්‍ෂක ලෙස සඳහන් කරමින් රැස්වීම් පැවැත්වුවහොත් මීට වඩා විශාල සෙන`ගක් ගෙන්වා ගත හැකි බවත්ය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles