Divaina - සුගතදාස පිටියේ පුහුණුව අවදානම් ? කී‍්‍රඩාවට වැරදුණු තැන්- 10

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

ki sugadasaකොළඹ නගරාධිපතිව සිට පසුව ලංකාවේ පළමු කී‍්‍රඩා අමාත්‍යවරයා වු වී. ඒ. සුගතදාස මහතා විසින් සුගතදාස කී‍්‍රඩා පිටිය තනවන ලද්දේ බ්ලූමැන්ඩල් කුණු කන්ද පිහිටි භුමිය සමතලා කරමිනි. මෙම කී‍්‍රඩා පිටිය 1962 දෙසැම්බර් මස 15 වන දින විවෘත කරන ලද අතර එතැන් සිට දශක දෙකක් තිස්සේ ජාත්‍යන්තර තරග පැවැත්වීමට භාවිතයට ගන්නා ලදී.
 
 මෙය තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක් ඇතිවීමත්, 1991 දකුණු ආසියාතික තරග පැවැත්වීමට නියමිතව තිබීමත් නිසා කොළඹ නගර සභාව මෙම පිටිය එවකට අග‍්‍රාමාත්‍යව සිටි ආර්.පේ‍්‍රමදාස මහතාට භාර කරන ලදි. ඒ මහතා විසින් මෙම භුමිය තුළ නව චිත්තාකර්ශනීය කී‍්‍රඩාංගණයක් ඉදිකරන ලදින් එහි ලංකාවේ ප‍්‍රථම දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල පවත්වන ලදී. 
 
 එයින් පසු දිගින් දිගටම ජාත්‍යන්තර තරග පවත්වන ලද මෙම පිටිය ගැන පසුකාලීනව දිගින් දිගටම සඳහන් වූයේ ධාවන පථය එලීමේදී සිදුවු ටෙන්ඩර් අක‍්‍රමිකතා ගැන පමණි.
 
 මා ජාතික කී‍්‍රඩා සභාවේ ලේකම් වශයෙන් කි‍්‍රයාකළ අවදියේ හිටපු කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්ව සිටි ජයන්ත විජේරත්න මහතා ‘සුගතදාස කී‍්‍රඩා පිටියේ වත්මන් තත්ත්වය හා අනාගත පරිභෝජනය‘ ගැන වාර්තාවක් ජාතික කී‍්‍රඩා සභාවෙන් ඉල්ලා සිටින ලදී. එවකට මෙම අධිකාරියේ සභාපතිව සිටි බි‍්‍රගේඩියර් සමන්ත විජේසුන්දර මහතා ද කැඳවා කරන ලද සාකච්ඡාවලින් පසු මේ සම්බන්ධ අවසන් වාර්තාව 2018.03.01 දින ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ මෙසේ සඳහන් විය. 
 
 ‘ 1962 දී ආරම්භ කරන ලද සුගතදාස කී‍්‍රඩා පිටිය දැනට අවුරුදු 56ක් තිස්සේ භාවිතයට ගන්නා අතර ස්වාභාවික වියපත් වීමකට ගොදුරු වී තිබේ. ගංවතුර දිනවල කී‍්‍රඩාංගණයේ යටිබිම් ගත දිය සීරාව දින ගණන් පැවතීම මෙම ස්වාභාවික වියපත්වීමට හේතු සාධක වී තිබේ. මේ හැරෙන්නට කී‍්‍රඩාංගණය වටා දිවෙන වාහනවලින් පිටවන කාබන් මොනොක්සයිඞ් වායුවත් අනෙකුත් විෂ සහිත වායු ගැනත් කොළඹ නගර සභාව මීට අවුරුදු 10කට පෙර අනතුරු හැගවීමක් කළ බව මතකයේ පවතී. මලල කී‍්‍රඩකයෙකු හෝ පාපන්දු කී‍්‍රඩකයෙකු මිනිත්තුවකට ඔක්සිජන් මිලී ලීටර් 5000ක් පමණ පරිභෝජනය කරනු ලබයි. මේ සඳහා සුගතදාස කී‍්‍රඩාංගණයේ ඉඩ ඇති තැන්වල ගස් වැල් වවනු ලැබුවද ඒවා බොහොමයක් ඉවත් කර ඇති බව පෙනේ. ජාත්‍යන්තර තරගවලට යන කී‍්‍රඩා කණ්ඩායම් අවසන් පුහුණුවීම් කරන ලද්දේ මෙම පිටියේය. එම කණ්ඩායම් ලත් පරාජයන්ට මෙම තත්ත්වය හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය..
 
 පසුගිය ආසියානු මලල කී‍්‍රඩා තරගයට ගිය මෙරට කණ්ඩායම අවසන් පුහුණුවීම් කරන ලද්දේ මෙම පිටියේය. නිර්වායු ශ්වසනික ඉසව්වක් වන තුන් පිම්ම ඉසව්වෙන් හැර අනෙකුත් සියලූ ධාවන ඉසව්වලින් මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පරාජය විය. මවිසින් රචිත ‘කී‍්‍රඩාව සඳහා විද්‍යාව-1 ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වී ඇත. 
 
 ‘ කී‍්‍රඩා පුහුණුවන පරිසරයේ වායුගෝලය දූෂණය වී තිබීම කී‍්‍රඩා පුහුණුවට අයහපත් ලෙස බලපායි. කී‍්‍රඩා පුහුණුවේදී හෝ තරගවලදී ශ්වසන වේගය අධික වේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හුස්ම ගන්නේ නාසයෙන් පමණක් නම් වාතයේ අඩංගුව ඇති දූෂිත අංශු නාසයෙන් පෙරනු ලැබීම නිසා යම් ආරක්ෂාවක් සැලසුණ ද, වේගයෙන් ආශ්වාස කිරීමේ දී මුඛයෙන් ආශ්වාස කරන නිසා එම ආරක්ෂාව ඇති නොවේ. 
 
 මෙම දූෂිත වායු අංශුන් ආශ්වාස කළ විට වායු මාර්ග සංකෝචනය වී ශ්වසනික ගැටලූ ඇති වේ. ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාදන හා වෛරස් නිසා හෘදය වස්තුවේ ප‍්‍රදාහයන්ද (viral myocardities) ඇතිවිය හැකිය. මෙමගින් කී‍්‍රඩා දක්ෂතා මොට වේ. මෙම දූෂිත වායු අංශුන් සිසිල් වියළි වාතය සමග මිශ‍්‍ර වූ විට මාරාන්තික lethal සංයෝගය ඇතිවී ඇතැම් විට මරණය පවා ඇතිවිය හැකිය. මෝටර් රථවලින් පිටවන දුම් හිරු එළියට හසුවීමෙන් ඇතිවන රසායනික වෙනස්කම් නිසා Oxidant smog නම් විෂ වායුවක් නිෂ්පාදනය වේ. මෙම වායුවට වාහනවලින් පිටවන කාබන් මොනොක්සයිඞ්, හයිඩ්‍රෝකාබන්, ඕසෝන් හා නයිට‍්‍රජන් ඔක්සයිඞ් යන වායු අංශුන් අඩංගු වේ. මෙම වායු අංශුන් අඩංගු වාතයන් ආශ්වාස කිරීමෙන් කී‍්‍රඩා දියුණුව නොව මරණය කැඳවා ගත හැකිය..
 
 කොළඹ වායු ගෝලය අධික ලෙස දූෂණයට පත්ව තිබෙන බවත්, එම වායුගෝලයේ ඇති සල්ෆර් ඩයොක්සයිඞ් හා නයිට‍්‍රජන් ප‍්‍රතිශතය නිරීක්ෂණය කිරීම සඳහා ඇති උපකරණවල එම අගය 75-100 අතර ප‍්‍රමාණයක පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරිය මෑතකදී අනතුරු ඇගවීය. මේ නිසා කොළඹ නගරයට පැමිණෙන්නන් මුව වැසුම් පැළඳීම අනිවාර්ය බවත් සඳහන් කරන ලදී.
 
 පසුගිය ආසියානු තරගයේ පසුබැස්ම සොයන්නට කටයුතු කරන මලල කී‍්‍රඩා තේරීම් කමිටුව පළමුවෙන් මේ සම්බන්ධ සවිස්තර වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් හා කොළඹ නගර සභාවෙන් ලබා ගැනීම වටී. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය කී‍්‍රඩා පුහුණු සැලැස්මේ තරගකාරී කාලයට අයත් පුහුණුවීම් නිසි පරිදි කර ඇත්නම්, නින්ද හා ආහාර සැලසුම් කර ඇති පරිදි ගෙන ඇත්නම් උෂ්ණත්ව ප‍්‍රබෝධන ව්‍යායාම හා ලිහිලස් වීමේ ව්‍යායාම නිසි පරිදි කර ඇත්නම් ගැටලූව ඇතිවෙන්නේ මෙතන බව පෙනේ. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තරග අවසන් කරන අවස්ථාවල දී දැඩි ලෙස වෙහෙසට පත්වුණ බව රූපවාහිනීී දර්ශනවලිින් පෙනී ගියේය. එය ස්වායු හා නිර්වායු ශ්වසන කි‍්‍රයාවලියේ දෝෂයක් බව කී‍්‍රඩා විද්‍යාව අනුව නිගමනය කළ හැකිය.
 
 ලලිත් ගුණවර්ධන
 හිටපු ලේකම්
 ජාතික කී‍්‍රඩා සභාව

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles