Divaina - කෝන්තර පසෙක දමා ඇරඹූ ලෝක කුසලාන ගමන...‘මාධ්‍යවල යන චෝදනා මට අදාළ නැහැ' - චන්දික හතුරුසිංහ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

ki dimuthමාධ්‍යයෙන් දාන පරණ කෝන්තර අමතක කර දමා සමූහයක් ලෙස නැගීසිටීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට කදිම නිමිත්තක් පහලව තිබේ. එය පරිපාලනයටද පොදුය. ලෝක කුසලාන නැමැති සාධකය ඉදිරියට දමා ගනිමින් රට වෙනුවෙන් නැතිවී ගිය ක‍්‍රිකට් ගෞරවය යළිත් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පිල පසුගියදා එංගලන්තය බලා පිටත්ව ගියේ කප්පරක් සැලසුම්වලින් සන්නද්ධවයි. 
 
 මෙවර ලෝක කුසලාන දිනන්නේ ඉන්දියාව, නැතිනම් ඔස්ටේ‍්‍රලියාව යනුවෙන් ක‍්‍රිකට් ඔස්තාර්ලා පවසද්දී ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේදී කොටු පුරවන කණ්ඩායමක් බවට පත්ව තිබේ. මෙරට අනුග‍්‍රාහකයන්ගෙන් සහ පේ‍්‍රක්‍ෂකයන්ගෙන්ද හෑල්ලූවට ලක්වන තරමටම පසුගියදා කි‍්‍රකට් නැමැති නෞකාව මුහුද පතුලටම සේන්දු වූවාක් වැනි ඇබැද්දියකට මුහුණ දුන්නේය. නමුත් පේ‍්‍රක්‍ෂකයා සහ අනුග‍්‍රාහකයා දිනන දාට ෂා නියමයි කොල්ලෝ. . . යන ‘සෙල්ෆිස්. න්‍යායයෙන් තවදුරටත් කල් ගෙව්වහොත් වන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක් වැනි සිදුවීමකි. ඔවුන්ට මෙවර දිරිය දිය යුතුය. ඒ ලෝක කුසලාන නිසාවෙනි. 
 
 ලෝක කුසලාන දිනා ගන්නට බැරි කණ්ඩායමක් ලෙස ශ‍්‍රී ලංකාව හෑල්ලූවට ලක් කළද මෙවර ලෝක කුසලානයේ නිහඩවම රේස් දුවන අශ්වයන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ බව සියල්ලෝම අමතක නොකළ යුතුය. ඒ අශ්වයන්ගේ කකුල් හරියට වැඩ කළහොත් ඉන්දියාව නොව ඔස්ටේ‍්‍රලියාවටද ගව් ගණනක් ඉදිරියෙන් රේස් එක දිව හැකිය. ඔවුන් පසුගිය කාලයේ පැරදුනේ මණ්ඩලේ කචල් නිසාවෙනි. නමුත් මෙවර ලෝක කුසලානට ගිය කරුණාරත්න ඇතුළු කණ්ඩායම පෙරළිකාර කණ්ඩායමක් වන්නට අවශ්‍ය වන්නේ එක මිටකට එකාවන්ව සිටීමෙන් පමණි. 
 
 ‘96 දීත් අපිට වුණෙත් මේ වගේම සිදුවීමක්. ලෝක කුසලානට පෙර තිබුණ අවසන් තරග පහම පරාජය වුණා. බෝම්බ පිපිරුණා. අපි දිනනවා කියා කවුරුත් හිතුවෙ නැහැ. . යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ කණ්ඩායමේ මොරාල් එක අප් කිරීමටය. ඇත්තටම එදා සිදුවූ දේම අදත් සිදුවී තිබේ. අපේ කොල්්ලන්ට ක‍්‍රිකට් ගසන්නට පුළුවන. 96 කණ්ඩායම එදා මෙරට සිටි හොඳම සහ දක්ෂතම කණ්ඩායම නොවන බව අර්ජුන රණතුංගද පැවසීය. නමුත් එදා අන් කිසිදු රටකට නොදෙවෙනි කණ්ඩායම් හැගීම සහ උත්සහය ඔස්සේ අපි ලෝක ශූරයෝ වූවෙමු. මෙවරත් එය කළ හැකි බව දැනට පෙනෙන්නට තිබෙන්නේ කණ්ඩායමේ සාමූහිකත්වය ගැන තිබෙන අභ්‍යන්තර ප‍්‍රසාදය හේතුවෙනි. 
 
 ‘‘මම මාලිංග අයියත් එක්කත් කතා කළා. එයාට ඕන දේ මොනවද මට එයාගෙන් මොනවද අවශ්‍ය කියලා කතා කළා. ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) පාසල් කාලයේ ඉඳලා මගේ යාළුවා. කණ්ඩායමේ අනිත් හැමෝටම වැඩිය එයත් එක්ක මම කී‍්‍රඩා කරලා තියෙනවා ඉස්සර ඉඳන්. මම අවුරුදු හතරක් එක්දින ගැහුව්වෙ නැහැ කියලා කාගෙන්වත් වෙනසක් නැහැ. හැමෝම අදහස් හුවමාරු කරගෙන පුහුණුවීම් කළා. .. යැයි නායක දිමුත් කරුණාරත්න පවසයි. 
 
 දිමුත් කරුණාරත්නට එක්දින කණ්ඩායමට ඒමට නොහැකි වූයේ ඔහුගේ වරද නිසා නොව. සිව් වසරක් පුරා සිටි තේරීම් කමිටු ටෙස්ට් ලේබලයට පමණක් කරුණාරත්නව සීමා කර තිබීමයි. නමුත් මෙවරද දිමුත්ට නායකත්වය හෝ එක්දින කණ්ඩායමේ ස්ථානයක්වත් ලැබෙනු ඇතැයි පෙනෙන තෙක් මානයක නොතිබුණි. මාලිංග සහ තිසර පටලැවිල්ලත්, හතුරුසිංහ සමග ඇන්ජලෝ නායකත්වය දැරීමට අකමැතිවීමත් හේතුවෙන් තේරීම් කමිටුවට දිමුත්ව අහක දැමීමට නොහැකිවිය. ඔහු නායකත්වයට අවශ්‍ය පශ්චාත් උපාධිය සමත් වූයේ දකුණු අපි‍්‍රකාවට ටෙස්ට් තරගාවලිය 2-0 ක පරාජයක් උරුම කර දෙමිනි. දැන් නායකත්වයේ ගැටලූ නැත. කණ්ඩායමේද ගැටලූ නැත. එබැවින් වැඩ නොදැම්මොත් නිරෝෂන් දික්වැල්ලට, ධනුෂ්ක ගුණතිලකට, ළහිරු කුමාරට සිදුවූ දේ අනෙක් ක‍්‍රිකට් අයියලාටද සිදුවන බව ඔවුන් හොඳින්ම දනිති. එම නිසා ලෝක කුසලානයේ පෙරළියක් කරමින් ඔවුන්ට යළිත් නැගී සිටීමේ වේදිකාව දැන් සකස් වී තිබේ. 
 
 මීට වසර කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට සිදු වූ දෙයම බටහිර ඉන්දීය කොදෙව්වන්ටද සිදුවිය. නමුත් එරට ක‍්‍රිකට් පාලනය විටෙක දරදඩු ප‍්‍රතිපත්තිද තවත් විටෙක දීර්ඝකාලීනව සූක්ෂම ලෙස ගත් ප‍්‍රතිපත්ති සමූහයක ප‍්‍රතිඵලයක් හේතුවෙන් කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක්ම දිනා ගත්තේය. ඔවුන් මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව තිබෙන්නේ ක‍්‍රිස් ගේල් ප‍්‍රමුඛ හොඳම සංයුතියක් මෙවර ලෝක කුසලානට ඉදිරිපත් කිරීමෙනි. ශ‍්‍රී ලංකාවද පරණ කෝන්තර අමතක කර දමා ඉකුත් හත්වැනිදා අළුයම දිවයිනෙන් පිටත්ව ගියේ යළිත් මෙරටට ලෝක කුසලානයක් ඔසවාගෙන ඒමේ පරම චිත්ත ශක්තියෙනි. 
 
 ‘අපේ එවුන් මැච් දෙක තුනක්වත් දිනා ගත්තොත් ඇති. . යැයි ක‍්‍රිකට් බැලූ පේ‍්‍රක්‍ෂකයන් පවසන්නේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති හෙයිනි. පසුගිය කාලයේ එක්දින තරග දෙක තුනක් දිනා ගත්තේද ශ‍්‍රී ලංකාව තරග විස්සක් පමණ පරාජය වීමෙන් පසුවය. නමුත් මෙවර ලෝක කුසලානයේදී අවම වශයෙන් තරග පහක් හෝ දිනා ගතහොත් ශ‍්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණීමට හැකියාව ඇති බව අමතක නොකළ යුතුය. සෑම කණ්ඩායමක්ම ප‍්‍රතිවාදීන් සමග තරග කිරීමෙන් තරග පහක ජය අවසන් කණ්ඩායම් හතරට පැමිණීමට විශාල පිටිවහලක් වන බව තරග පැවැත්වෙන ආකාරයෙන් පැහැදිලි වේ. 
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ප‍්‍රශ්නයක් නැති බව පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉකුත් සතියේදී බී. බී. සී. යට පවසා තිබුණි. ‘‘ගෙදර ගින්දර පිටට නොදීම මහත්මා ගුණයයි. .. නමුත් ඒ කෝන්තර අමතක කර දමා හතුරුසිංහ පවසන දේ ඇත්තද නැත්තද යන්න මාධ්‍ය පසුගිය සමයේ අනාවරණය කර තිබුණි. ‘‘කණ්ඩායමේ ඔය කියන ප‍්‍රශ්න මම දැක්කේ මාධ්‍යයෙන්. මාධ්‍යවල චෝදනා මට අදාළ නැහැ. මට අදාළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් චෝදනාවක් ආවොත් විතරයි. කොහොම වුණත් මෙවර ලෝක කුසලාන ලොකු අභියෝගයක්. නමුත් අපි හරියට කළොත් දිනන්න පුළුවන්. .. යැයි හතුරුසිංහ ධනාත්මකව පවසයි. 
 
 හතුරුසිංහට සිය රැකියාවේ අනාගතය තීරණය වන තරගාවලියක් බවට මෙවර ලෝක කුසලාන හැඳින්විය හැකිය. බල්ලාගේ වැඬේ බූරුවා කරන්න ගියහොත් හැම තැනම ඇන ගන්නා බවට කතාවක් තිබේ. හතුරුසිංහ පසුගිය කාලයේ පුහුණුකරු තනතුරට සමග තේරීම් සහ කළමනාකරුව හැඩල් කිරීමේද වැඩද කණ්ඩායමේ නිලධාරීන් සම්බන්ධයෙන් ප‍්‍රශ්නද තිබුණි. එවිට හතුරුගේ ඉලක්කය සීසීකඩ යයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මෙයද හේතුවක් වන්නට පුළුවන. නමුත් දැන් හතුරුසිංහ පුහුණුකරු පමණි. එබැවින් ඔහුද කණ්ඩායම සමග එකට අත උස්සා කණ්ඩායම ජයග‍්‍රහණයට ඇදගෙන යනු ඇතැයි අපි විශ්වාස කරමු. 
 
 අසේල විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles