Divaina - කී‍්‍රඩා ඇමති නිලධාරීන්ට හයියෙන් දුවන්න කියයි - කී‍්‍රඩාවට වැරදුණු තැන් -8

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

2010 දී කී‍්‍රඩා අමාත්‍ය පදවියට පත් වූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා අනෙක් අමාත්‍යවරුන්ට වඩා වෙනස් වන්නේ ඔහුට තනිකරම කී‍්‍රඩා විෂයය පැවරුණ හෙයිනි. මෙයට ඉහත පත් වූ වෙනත් අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු කටයුතු, යෞවන කටයුතු, සමෘද්ධි, පොදු විනෝදාත්මක කටයුතු, සංචාරක කටයුතු ආදී විෂයයන් සමග කී‍්‍රඩා විෂය ද පැවරුණු හෙයින් කී‍්‍රඩා සංවර්ධනයේ ලා මුළු අවධානය යොමු කළ නොහැකි විය. මහින්දානන්ද අමාත්‍යවරයාට තනිකරම කී‍්‍රඩා විෂයය පමණක් පැවරුණ හෙයින් කී‍්‍රඩා සංවර්ධනයේ ලා දැවැන්ත වැඩ කොටසක් කිරීමට හැකියාව තිබුණි.
 
 
කී‍්‍රඩා අමාත්‍යාංශයේ වැඩ භාරගත් වහාම ඔහු නිලධාරීන්ට කියා සිටියේ තමා සමග හයියෙන් දුවන්නට සූදානම් වන ලෙසය. එහෙත් වසර පහක් ඇවෑමෙන් පෙනී ගියේ නිලධාරීන් විසින් ඔහුව දුවවා ඇති බවය.
 
 
කී‍්‍රඩා අමාත්‍ය පදවියේ වැඩ භාර ගන්නා සෑම අමාත්‍යවරයෙක්ම කී‍්‍රඩා තරග පැවත්වීම, කී‍්‍රඩා භාණ්ඩ බෙදා දීම, කී‍්‍රඩා පිටි සෑදීම යන ති‍්‍රවිධ රත්නය මතුරා මහණ කරනු ලැබීම 1973 පටන් මේ දක්වා කරගෙන එනුු ලබන්නකි. මේ මහණ කිරීමෙන් ගැලවී ගියේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පමණය. මහින්දානන්ද අමාත්‍යවරයා ද මේ මහණකම ලබාගෙන දුවන්නට පටන්ගත් බව ඔහුගේ කි‍්‍රයා කලාපයෙන් පෙනේ.
 
 
ඔහුගේ කාලයේ දිගින් දිගටම පැවති ජාතික කී‍්‍රඩා සංගම්වල අක‍්‍රමිකතා නිසා 2013 අංක 1 දරණ ජාතික කී‍්‍රඩා සංගම් නියෝග ගැසට් කරන ලදී. මෙම නියෝග හරහා ඇති වුූ යුද්ධය අවසානයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දක්වාම දුවගෙන ගියේය. මෙම නියෝග සකස් කිරීමට කී‍්‍රඩා බලධාරීන් විසින් අමාත්‍යවරයාට නම් කළ 11 දෙනෙකුගෙන් යුත් සාමාජිකයන්ට මේ සම්බන්ධ අල්ප මාත‍්‍රයක් වත් දැනුමක් තිබුණේ නැත. ජාතික කී‍්‍රඩා සංගම්වල දීර්ඝ කාලයක් රැඳී විශ‍්‍රාමිකව සිටින නිලධාරීන් මේ සඳහා පත් කිරීමට කී‍්‍රඩා බලධාරීන් කටයුතු කළේ නම් මේ තත්ත්වයක් උදා නොවේ.
 
 
මෙකී කී‍්‍රඩා බලධාරීන් මෙයාකාරයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා ඇන්දු අවස්ථාවක් 13 න් පහළ කී‍්‍රඩා තරග තහනම් කිරීමෙන් ද පෙනේ. මේ සම්බන්ධව කී‍්‍රඩා අමාත්‍යවරයා 2011 මැයි 25 වන දින පාර්ලිමේන්තුවේදී මෙසේ සඳහන් කළේය. ’ 13න් පහළ තරගකාරී කී‍්‍රඩා නවත්වන්න අපි තීරණයක් අරගෙන තියෙනවා. අද පුහුණුවක් නැති මිනිසුන් පුහුණුකරුවන් යයි කියාගෙන කුඩා දරුවන්, අවුරුදු 8-9 දරුවන් ගෙනැල්ලා ඒ දරුවන්ට අනවශ්‍ය විධියේ ව්‍යායාම පුරුදු කරවනවා, .ඒ නිසා තමන්ගේ දක්ෂතා හොඳින්ම පෙන්නුම් කරන්න පුළුවන් කාලය එනකොට ඒ අයගේ සාරය උරා බීලා ඉවරයි’ (හැන්සාඞ් තීරු අංක 691) 
 
 
කී‍්‍රඩාව ගැන හොඳින් දන්නා ඇමතිවරයෙක් නම් මේ අවස්ථාවේදී කරන්නේ මෙම යෝජනාව ගෙන ආ කී‍්‍රඩා බලධාරීන්ගේ මොළය පරීක්ෂා කිරීමට කටයුතු කිරීමයි, එහෙත් සිදු වූයේ මෙම තරග තහනමට අදාළ කැබිනට් පති‍්‍රකාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනත්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායකත් අත්සන් තැබීමයි. මුළු ලෝකය පුරාම වයස 5 පටන් තරග පැවැත්වෙද්දී මෙරට කරන ලද තරග තහනම මුළුමනින්ම අවිද්‍යාත්මක බව මේ ලියුම්කරු පුවත්පත් ලිපි 4කින් පෙන්වා දෙන ලදී. ඒ එකකට වත් පිළිතුරු ලිවීමට අසමත් වූ මෙම කී‍්‍රඩා බලධාරීහු අවසානයේ අමාත්‍යවරුන් තිදෙනෙක් අන්දවා දුවවීමට සමත් වී ඇත. 
 
 
ලබන සතියට
 

 
ලලිත් ගුණවර්ධන
 
හිටපු ලේකම්
 
ජාතික කී‍්‍රඩා සභාව
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles