Divaina - ‘මම මැරුණත් මේ තැන ගන්න පෝලිමේ කට්ටිය එයි - ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

ලසිත් මාලිංග රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන කෙනෙක් නිසා ඔහු මෙවර ලෝක කුසලානට සහභාගි වෙයි කියලා තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි. ලෝක කුසලාන සංචිතයේ නායකත්වය මාලිංගට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු සමුගැනීමට සුදානමක් බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.

‘ලසිත් මාලිංග ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නෙක්. ඔහුට අපි අයි.පී.එල්. තරගාවලිය අවසන් වෙනකම් ක‍්‍රීඩා කරන්නත් අවසර දීලා තියෙනවා. හැබැයි හොඳ ක‍්‍රීඩකයකු නායකයකු වෙන්නෙත් නැහැ හොඳ නායකයකු හොඳ ක‍්‍රීඩකයකු වෙන්නෙත් නැහැ. මම බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන් හිතලා මාලිංග ලෝක කුසලානට යයි කියලා.’

කෙසේ වෙතත් මාලිංග ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් සභාපතිවරයා වශයෙන් ගන්නා ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසන ලදුව, ‘‘මම ක‍්‍රිකට් සභාපතිවරයා කියලා මම මැරුණොත් ඕන තරම් කට්ටිය හිටියි මේ තැන ගන්න. ඒ වගේ තමයි මාලිංග යන්නෙ නැතිනම් එයාගෙ තැන ගන්න ඕන තරම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අපේ රටේ ඉන්නවා. මාලිංග ගියේ නැහැ කියලා අපි ලෝක කුසලානට නොගිහින් ඉන්නෙ නැහැ. රට වෙනුවෙන් මාලිංග තීරණයක් ගත යුතුයි. අපි මාලිංගට නායකත්වය දුන්නෙ නැහැ කියන එකට හරි ඔහු ඇවිල්ලා හොඳට කරයි කියලා මම විශ්වාස කරනවා.’ යනුවෙන් පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles