Divaina - එකමුතුකම තියාගෙන 350ක් වුණත් ගහන්න පුථවන් සැලසුමක් හදනවා - නායක දිමුත් කරුණාරත්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


මාලිංග නොගියොත් ක‍්‍රීඩකයන් ඕනෑ තරම් ඒ තැන ගන්න එයි’
 
 
spot dimuth
පසුගිය කාලයේ සිදුවු වැරදි දැන් නිවැරදි කරගෙන ඇති බවත් ලෝක කුසලානයේදී ජයගත යුතු සැලසුම එංගලන්තයට ගොස් සකස් කරන බවත් ශ‍්‍රී ලංකා නව එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි. වසර හතරකට පසුව නායකත්වයේ ඔටුන්න සමග එක්දින සංචිතයට එක්වු දිමුත් වැඩිදුරටත් මෙසේ පවසයි.
 
 
‘දකුණු අප‍්‍රිකාවේදී මට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඒක ලැබුණහම භාර අරගෙන මම හොඳට කළා. එක්දින නායකත්වයත් මම බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. එතනට මම සුදුසු නිසා කියලා හිතන හින්ද මට දැන් ඒ නායකත්වය ලැබිලා තියෙනවා. අපිට සැලසුම් හදන්න වෙන්නෙ එංගලන්තයට ගිහිල්ලා. දැන් ඉදලා කරන්න තියෙන්නෙ කණ්ඩායමක් විදිහට සහයෝගයෙන් වැඩ කරන එක.’
 
 
‘පුහුණුකරුත් එක්ක එකතු වෙලා සැලසුම් හදන්න ඕන. ඔහු තමයි ක‍්‍රීඩකයන් ගැන ගොඩක් දන්නෙ. හැමදෙනාගේම සහය ඇතිව තමයි තරගයට කණ්ඩායම තෝර ගන්නෙ. හැමෝම සියයට සියයක් දෙන්න උත්සාහ කළත් අසාර්ථක වෙන්න සිදුවෙන වෙලාවල් තියෙනවා. අපේ අතපසුවීම් පසුගිය කාලයේ පළාත් තරගාවලියේදී ඒවා හදාගත්තා. ඒ නිසා මුලින් කඩුලූ තියාගෙන අන්තිම ඕවර විස්සේදී වේගයෙන් ලකුණු ගන්න ක‍්‍රමවේදයක් ඇති කරන්න ඕන.’ 
 
 
කොහොම නමුත් දිමුත් කරුණාරත්න පවසන්නේ තමා දන්න විදිහට කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙන බවයි. ‘‘මම 2015 න් පස්සෙ ජාත්‍යන්තර එක්දින තරගවලට ක‍්‍රීඩා නොකළත් දේශීය එක්දින තරගාවලි හැම එකකම මම පළමු පිතිකරුවන් පස්දෙනා අතර හිටියා. නමුත් මම දිගටම ජාත්‍යන්තර ටෙස්ට් තරගවලට සහභාගි වුණා. පසුගිය කාලයේ අපේ මුල් පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී ගියහම හයියෙන් ගහන පිතිකරුවන්ට පීඩනය වැඩියි. නමුත් දැන් අපි බලන්නෙ පළමු පිතිකරුවන් තුන් හතර දෙනා එකතු වෙලා පන්දුවාර 30 ක් විතර හොඳට අඩිතාලමක් සකස් කරන්න. පළාත් තරගාවලියේදී අපි කළේ ඒ විදිහට. මොකද ඕවර 30 කදී කඩුලූ දෙකක් ගිහිල්ලා ලකුණු 130 ක් ගැහුව්වත් අන්තිම ඕවර විස්සෙදි අපි ලකුණු 200-220 ගැහුව්වා.’

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles