The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

sinhalaවිජයාවතාරණයෙන් ආරම්භ වන ශ‍්‍රී ලාංකික ශිෂ්ටාචාරය ගොඩනැගුනේ කෘෂිකාර්මික පරිසරයක් මත ය. වී අස්වැන්න නෙලා ගැනිමෙන් පසු එළඹෙන නිවාඩු කාලය හෙවත් විවේක කාලය තුළ විවිධ ආකාරයේ කෙළි සෙල්ලම් භාවිතා කරමින් විවිධ උත්සව පවත්වන ලදී.
 
 සිංහල අවුරුදු කී‍්‍රඩා නම් ජන කී‍්‍රඩා විශේෂය හැදී වැඞී පෝෂණය වූයේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයත්, ආගමත්, සංස්කෘතියත් පරිසරයත් එක්වීමෙනි. බක්මහ උළෙලත් ජන කී‍්‍රඩාත් දෙකක් නොව එකක් යයි කිවහැකි තරමට සමීපව පැවතී ඇත. මේවා වැඩිහිටියන්ට, යෞවනයන්ට, යෞවනියන්ට හා ළමයින්ට වශයෙන් සමාජයේ සෑම වයස් කාණ්ඩයකටම විවෘතව පැවති අතර ඒ තුළ ආගමික කී‍්‍රඩා, ගෘහස්ථ කී‍්‍රඩා හා එළිමහන් කී‍්‍රඩා වශයෙන් ප‍්‍රභේද ගණනාවක් දක්නට ලැබුණි. අංකෙළිය, පොරපොල් කෙළිය වැනි ආගමික කී‍්‍රඩාවල පරමාර්ථය වූයේ ගමට දේවාශිර්වාදය ලබා ගැනීමත්, වසංගත රෝගවලින් ආරක්ෂා වීමත්, නියමිත කාලයට වර්ෂාව ලැබීමත්, සිය ධාන්‍ය අස්වැන්න සරුසාර වීමත් වැනි සියල්ලන්ගේම පොදු අපේක්ෂාවන්ය.
 
 පැරැණි කාලයේ පැවති බක්මහ උළෙලවල් ආරම්භ කරන ලද්දේ වැඩිහිටියන් විසින් සංවිධානය කරන පොර පොල් ගැසීමේ හෝ අංකෙළිය හෙවත් අං ඇදීමේ කී‍්‍රඩාවෙන්් හෝ ඒ දෙකේම ඇරඹුමකිනි. සිංහල රජ කාලයේ පැවති බක්මහ උළෙලක් ගැන රොබට් නොක්ස් ‘එදා හෙළදිව. නම් ග‍්‍රන්ථයෙන් මෙසේ සදහන් කරයි. . ඔවුන් කෙළි දෙළෙන් පී‍්‍රතියට පත්වන්නේ විශේෂයෙන් අවුරුදු සමයේදීය. ඒ සමයේ කෙරෙන ප‍්‍රධාන කී‍්‍රඩාවක් නම් පොරපොල් ගැසීමය. හෙළයා කී‍්‍රඩාව හුදෙක් සතුට හා විනෝදය සදහාම භාවිතා කරන්නෝ නොවෙති. ශාරීරික හා මානසික සතුටත් නිරෝගි බවත් අපේක්ෂා කළෝය..
 
 පැරැණි රාජාණ්ඩු ක‍්‍රමය යටතේ විවිධ පුදේශවල විසිරී සිටි ජනතාව එක්රැස් කිරීමේ මාධ්‍යයක් වූයේ මෙම ජන කී‍්‍රඩා උත්සවයි. මෙම කාලයේ බක්මහ උළෙලවල් පැවැත්වූයේ කමතක හෝ තැනිතලා බිමකය. මේවාට සහභාගිවන කුඩා ළමුන් සදහා කජු කෙළිය, මුදු කිරීම, පන්දු ගැසීම, පොල් නෙලීම, එථවන් ඇල්ලීම ආදී කී‍්‍රඩා ගණනාවක් තිබුණි. යෞවනියන් වෙනුවෙන් පංච කෙළිය, සෝනාරු කෙළිය, දොලහ කෙළිය, සත් දිවියන් කෙළිය, නෙරෙංචි කෙළිය, ඔලිද කෙළිය, මේවර කෙළිය ආදී කී‍්‍රඩා ගණනාවක් පැවතුනි. යෞවනයන් වෙනුවෙන් චග්ගුඩු හා බුහු කෙළිය වැනි ශරීරය වෙහෙසෙන කී‍්‍රඩා ගණනාවක් පැවතුනි. මෙකී හැම කී‍්‍රඩාවක ම පාහේ අන්තර්ගතව තිබුණු ගායනා හා නාට්‍ය විලාශයන් නිසා සාහිත්‍යමය අගයකින් ද අනුන විය.
 
 තරුණයන්ගේ තාරුණ්‍යය ඔප් නැංවු ජනපි‍්‍රය කී‍්‍රඩාවක් වූ චග්ගුඩු කී‍්‍රඩාවේ එන අල්ලිස් අප්පුගෙ නල්ල වඩක්කය කරත්තෙ බැදගෙන ජ: ම: කිය කියා හෝ ඇතැම්විට ගුඩු ගුඩු කියා හෝ හුස්ම ගැනීමට පහසුවක් ඇතිකරගෙන ප‍්‍රතිවාදී පිලට යන සමහැ හැදි දැඩි තරුණයෝ එම පිලේ සියලූ දෙනා දවා ආපසු එන්නේ බලා සිටින්නන් තුළ ත‍්‍රාසය හා උද්වේගය ඇතිකරවමිනි. තරුණයන් අතර තවත් ජනපි‍්‍රය කී‍්‍රඩාවක් වන්නේ මට්ට කෙළිය හෙවත් බුහු කෙළියයි. මෙම කී‍්‍රඩාවේ විශේ්ෂත්වය වන්නේ යම් පිලක් පරාජයට පත් වූ විට එම පිල උපහාසයකට හා දඩ`ුවමකට යටත් වීමයි. එම පරාජයට පත් වූ පිල මට්ටය වටේ ඉන්දවා ජයගත් පිලේ නායකයා ඇතුලූ සෙසු පිරිස විසින් යාගයක් කරනු ලැබේ. ඔලූවට පොල්ලකින් ගසමින් කරනු ලබන මෙම යාගය හදුන්වනු ලබන්නේ ජල්ලි දැමීම නමිනි. එහිදී දිනු පිලේ නායකයා මෙසේ කියමින් පොල්ලකින් පරාජිතයන්ගේ ඔලූවලට ගසමින් වටේට යන අතර සෙස්සෝ ඔහු අනුකරණය කරති. . සසිරිබර මෙසිරිලක-බුහු කෙළියෙ උපත ගැන අසව පැරදුනු දනා. හෝ හෝ ජල්ලියා.
 
 මෙරට ජාතික ධනයෙන් සර්වාංග පෝෂණය ලැබ එතෙර තරගවලට ගොස් පරාජයට පත් වී දිවයිනට එන ජාතික කී‍්‍රඩා කණ්ඩායම් කටුනායක ගුවන් තොටුපලේ දණ ගස්වා මෙයාකාරයෙන් සාත්තු සප්පායම් කිරීමේ වටිනාකමක් ද පවතී.
 
 පැරැණි කාලයේ මෙන් වර්තමානයේ සිංහල අවුරුදු උත්සව පැවැත්වෙන්නේ කමත්වල හෝ තැනිතලාවල නොවේ. කී‍්‍රඩා පිට්ටනිවලය. ශබ්ද විකාශන යන්ත‍්‍ර, ධජ පතාක, උස් වේදිකා හා වෛර්ණයෙන් සැරසුණු නූතන අවුරුදු උත්සව පැරැණි බක්මහ උළෙලේ විකාශනයක් යයි කිව නොහැක.
 
 නූතන බක්මහ උළෙලක පහත සදහන් ආකාරයේ තරග දක්නට ඇත. කඹ ඇදීම, බයිසිකල් තරග, ගම හරහා දිවීම, වොලිබෝල් ගැසීම, කොට්ටා පොර, ලිස්සන ගසේ නැගීම, බනිස් කෑම, හිරමනයෙන් පොල් ගෑම, පොල් අතු විවීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම, අවුරුදු කුමරා හා කුමරිය තේරීම වැනි තරග ගණනාවක් දක්නට ලැබේ. මේවා බහුතරයක් කි‍්‍රඩා නොව විනෝදාංශය.
 
 කඹ ඇදීම එංගලන්තයෙන් බිහි වූ කී‍්‍රඩාවකි. දීර්ඝ කාලීන මුහුදු ගමන්වල යෙදුනු එංගලන්ත නාවිකයෝ ශාරීරික ව්‍යායාම සදහා නැවේ උඩතට්ටුවට පැමිණ දෙපිල බෙදී කඹ ඇද්දාහ. මෙම නැව් කොළඹ වරායට පැමිණි අවස්ථාවල දී ජැටියේදීත් කඹ ඇද්දාහ. මේ අනුසාරයෙන් මෙම කී‍්‍රඩාව මෙරට ව්‍යාප්ත වී ඇත. බයිසිකල් රේස් එංගලන්තයෙන් මෙහි පැමිණි කී‍්‍රඩාවකි. වොලිබෝල් ඇමෙරිකාවේ උපත ලැබු කී‍්‍රඩාවකි. කොට්ටා පොර තරග සුමේරියානු උත්පත්තියක් ඇති කී‍්‍රඩාවකි. ගම හරහා දිවීමේ තරගවල ආරම්භය වන්නේ ගී‍්‍රසියයි. 1868 ගණන්වල ලංකාවේ මලල කී‍්‍රඩා තරගවල රට හරහා දිවීමේ තරග වශයෙන් පැවති මේවා පසුව අවුරුදු උත්සව වලට පැමිණීයේ ගම හරහා දිවීමේ තරග වශයෙනි. මේ තරග පැවතියේ ගමේ පාලූ පාරවල්වල, ලියැදිවල හෝ මංපෙත්වලය. කිසිදා මෙවැන්නක් නොදුටු ගමේ බලූ බල්ලෝ මෙම තරග ධාවකයින් පසුපස ලූහු බදින්නට වූ නිසා ඒවා පණ කඩාගෙන දිවීමේ තරග බවට පත් වූ සැටි පැරැණි පුවත්පත්වල සදහන් වී ඇත. ලිස්සන ගසේ නැගීම ගැන පළමුවෙන් සදහන් වන්නේ 1912 දී තල්දූවේ පැවති පැරැණි නත්තල් උත්සවයක දී ය. මෙරට මිනිසුන් ගස් නැගීමේ අපුර්වත්වය බලා සිටි බෝගල් පතලේ සිටි සුද්දන් හා ඉංගී‍්‍රසි වැවිලිකරුවන් එක්ව මෙම විනෝදාංශය නිර්මාණය කර තිබේ, ලිස්සන ගහේ කෙළවර සවි කරන ලද පවුමේ නෝට්ටුව ගැනීමට මිනිසුන් පොරකන අයුරු දුටු කී‍්‍රඩාගාරයේ උඩ තට්ටුවේ සිටි සුද්දන්් අපමණ පී‍්‍රතියට පත් වූ බව වාර්තා වී ඇත. මෙය කී‍්‍රඩාවක් නොවේ. විනෝදාංශයකි. එහෙත් මෙරට වාසීන් මෙය ජාතික කී‍්‍රඩාවක් ලෙස හදුන්වා ඇත. මෙම ලිස්සන ගසේ බඩගෑම 1948 දී ලංකාව නිදහස ලැබු පසු ද දේශපාලනයේ දිගින් දිගටම දක්නට ලැබේ.
 
 මෙම පැරැණි සංස්කෘතිකාංගය රැක ගැනීමේ වගකීම 1967 දී ආරම්භ කරන ලද කී‍්‍රඩා අමාත්‍යාංශයට පැවරුනත් එය ඉටු වී නොමැත. 1970-73 අතර කාලවල චග්ගුඩු, එල්ලේ වැනි ජන කී‍්‍රඩා සම්බන්ධ අත් පොත් පළ කර තිබේ. 1955 දී නිකුත් කළ කි‍්‍රස්ටෝෆර් කොමිසන් වාර්තාවත් 1971 දී නිකුත් වූ ගුණවර්ධන කොමිෂන් වාර්තාවත් මෙම පැරැණිී කී‍්‍රඩා Recreation හෙවත් විශ‍්‍රාන්ති කී‍්‍රඩා ගණයට වැටෙන හෙයින් ජාතික කී‍්‍රඩා පද්ධතියට සම්බන්ධ කර වැඩි දියුණු කරන ලෙස නිර්දේශ කර ඇත. එම නිර්දේශ නොසලකා හැරීම නිසා මෙරට කී‍්‍රඩාව තනිකරම විදේශයන්ගෙන් ආනයනය කරන ලද තරගකාරී කී‍්‍රඩාවලට සීමා වී ඇත.
 
 හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයෙකු වූ මහින්්දානන්ද අලූත්ගමගේ මහතා ‘ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තිය. නමින් හැදින් වූ 2012.05.16 දරණ ගැසට් නිවේදනයේ 19 වැනි වගන්තිය හැටියට හැදින්වුයේ ‘සම්ප‍්‍රදායික කී‍්‍රඩා ප‍්‍රචලිත කිරීම හා දිරිගැන්වීම ‘ වශයෙනි. එහෙත් මේ සම්බන්ධ එක් පියවරක් හෝ ඉදිරියට තැබීමට ඔහු සමත්ව නැත.
 
 නැවතත් 2019 කොළඹ ප‍්‍රකාශනයේ 17 වගන්තියෙන් ‘ ශ‍්‍රී ලංකාවට අනන්‍ය වූ සම්ප‍්‍රදායික කී‍්‍රඩාවන් ඉදිරියට ගෙන යාම සදහා වාර්ෂිකව හෙළ ජන කී‍්‍රඩා උළෙලක් පවත්වන බව සදහන් කර ඇත.. එහෙත් ඒ සම්බන්ධ පුර්ව කි‍්‍රයා මාර්ග මේ වන තෙක් ආරම්භ කර නොමැත.
 
 පැරැණි ජන කී‍්‍රඩා වත්මන් කී‍්‍රඩා සන්දර්භය තුළ හිමිකරගන්නා වටිනාකම ඉහළ මට්ටමක පවතී. Leisure and Recreation නමින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළ Neumeyer විශ‍්‍රාන්තිය හෙවත් Recreation හදුන්වා දෙන්නේ පුද්ගලයන් ලෙසත් එසේත් නැත්නම් කණ්ඩායම් ලෙසත් තම විවේක කාලයේදී සිදු කරන කි‍්‍රයාකාරකම් ලෙසයි. මේ පිළිබදව පර්යේෂණය කළ විදේශීය විද්වතුන් දෙපලක් වූ මිලර් හා රොබින්සන් විශ‍්‍රාන්තිය අර්ථ කථනය කරන්නේ විවේක කාලයට විශේෂිත වු වටිනාකමක් ලබා ගැනීම පිණිස සහභාගිවීමේ කි‍්‍රයාවලියක් ලෙසයි. තවත් විද්වතෙකු වූ ගේ‍්‍රට අනුව විශ‍්‍රාන්තිය මගින් පුද්ගලයා තුළම එකමුතුකම හා හික්මීම ඇති කරනු ලබයි.
 
 කී‍්‍රඩා අතින් දියුණු රටවල විශ‍්‍රාන්ති කි‍්‍රයාකාරකම්වලට එරට ජනතාවගෙන් සියයට 80 ක් හා ඊට වැඩි ප‍්‍රමාණයක් සහභාගි වේ. එංගලන්තයේ මේ සම්බන්ධව තිබෙන බලවත්ම සංවිධානය හදුන්වන්නේ Central Council of Physical Recreation නමිනි. විවිධ විශ‍්‍රාන්ති කී‍්‍රඩා සංගම් 300කට අධික සංඛ්‍යාවක් මෙහි සාමාජිකත්වය ලබා ඇති අතර ඉන් එක් සංවිධානයක අවම වශයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් විශ‍්‍රාන්ති කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ වෙති.
 
 එහෙත් ශ‍්‍ර‍්‍රී ලංකාව තුළ ඒ කිසිත් නැත. පැරැණි ලංකාවේ පැවති අං කෙළිය හෙවත් අං ඇදීමේ කී‍්‍රඩාවේ ප‍්‍රභේදයක් හැටියට මතු වුනු .අං මැදීම. නම් කී‍්‍රඩාවක් ධවල මන්දීරයේ ජයටම පැවැත්වෙන බව අසන්නට ලැබී ඇත.
 
 
 ලලිත් ගුණවර්ධන
 හිටපු ලේකම්
 ජාතික කී‍්‍රඩා සභාව

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles