Divaina - දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

cup499

දකුණු ආසියානු කලාපයේ රටවල් හතක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරග වදින 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල අද (01 දා* නේපාලයේ කත්මන්දු නුවරදී ආරම්භ වේ. ක‍්‍රීඩා ඉසව් 27 කින් සමන්විත අදාළ තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 565 ක් සහ නිලධාරීන් 188 ක් සහභාගි වනු ලබයි.

තරගාවලිය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාව සමග බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පාකිස්තානය තරග වදිනු අතර තරගාවලියේ සමාප්තිය එළැඹෙන 10 වැනිදා පැවැත්වේ. මෙවර ශ‍්‍රී ලංකාව පදක්කම් 80 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අතර වසර කිහිපයකට පසුව කාන්තා විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ ප‍්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ නිමාලි ලියනආරච්චි ක‍්‍රීඩිකාව ඉකුත් බ‍්‍රහස්පතින්දා හදිසි රිය අනතුරකට මුහුණ පෑමෙන් ඇයට තරගාවලියට යෑමට නොහැකිවීමද බරපතල පාඩුවකි. නිමාලි ක‍්‍රීඩිකාවට සුව වීමට කාලයක් ගත වන බැවින් මී. 800, 1500 සහ මීටර් 400 සහය දිවීමේ තරග වලට සහභාගි වීමට නියමිතව තිබුණි. 2016 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී මී.800 රන් පදක්කම දිනා ගැනීමටද නිමාලි සමත් වූවාය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ පටන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලවලදී දෙවැනි හෝ තෙවැනි ස්ථානවලට පත්වීමට සමත්ව තිබේ. ඉන්දියාව පළමු තැන රැුක ගනිමින් වසර ගණනාවක් ශූරතාවට හිමිකම් කියන අතර ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක්ද ඔවුන් හිමිකරගෙන ඇත.

ඉන්දියාව දකුණු ආසියානු කී‍්‍රඩා ඉතිහාසයේදී රන් පදක්කම් 1100 ක්, රිදී පදක්කම් 651 ක් සහ ලෝකඩ පදක්කම් 345 ක් සමග සමස්ත පදක්කම් 2086 ක් දිනා ගෙන ඇත. දෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානය රන් පදක්කම් 329 ක්, රිදී පදක්කම් 417 ක් සහ ලෝකඩ පදක්කම් 398 ක් සමගින් සමස්ත පදක්කම් 1151 ක් හිමිකරගෙන තිබේ. ශ‍්‍රී ලංකාව මෙම කී‍්‍රඩා උළෙලේදී ඉතිහාසය පුරා රන් පදක්කම් 220 ක්, රිදී පදක්කම් 361 ක් සහ ලෝකඩ පදක්කම් 562 ක් සමග සමස්ත පදක්කම් 1143 දිනා ගැනීමට සමත්ව ඇත.

මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වන ක‍්‍රීඩකයන්ගේ කුසලතා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඔවුන්ව නිකරුණේ සහභාගි කරනවාට වඩා පදක්කම් අපේක්ෂාවෙන් තරග කරවන බවට පැවසීය. එහෙත් ඇතැම් තේරීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුවද ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වූ පදක්කම් ඉලක්කයට යෑමට හැකි වුවහොත් එය දකුණු ආසියානු ක‍්‍රීඩා ඉතිහාසයේ එක් තරගාවලියකදී ශ‍්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවද වනු ඇත.


කසුන් රණවීර


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles