Divaina - උඩ ගිය ක‍්‍රිකට් යළිත් බිම ඇද වැටීම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

cric499
 
 
 * ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානය නොමැත. දික්වැල්ල සහ මෙන්ඩිස් මැතිව්ස්ට වඩා හොඳය. නමුත් ඔවුන්ට ලකුණු වදින්නේත් නැත. පන්දු රකින විටද දුර්වල වේ. එහෙත් මැතිව්ස්ට වඩා ඒ ඩබල තේරීම් කමිටුවට ඉස්තරම්ය. භානුක රාජපක්ෂ, දසුන් ශානක, ඕෂධ ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය වැනි ක‍්‍රීඩයන්ට එක දිගට තවම තරග පහක් ක‍්‍රීඩා කිරීමට නොහැකිව තිබේ. නමුත් පරදින අශ්වයන්ට හැමදාමත් රේස් එක දුවන්නට චාන්ස් තිබ්බද ජය ගන්නට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට සිදුව ඇත්තේද එවැනි වින්නැහියකි.
 
 
 දේශීය ක‍්‍රීඩාවේ ප‍්‍රභූ පැලැන්තිය සිටින්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළය. ක‍්‍රිකට් රස්සාව කරන ඕනෑම කෙනෙකුට මදි නොකියන්නට දහසින් බැඳි පියලි ලැබෙයි. නමුත් ක‍්‍රිකට් නමැති රැුකියාව හරියට නොකර දහසින් බැඳි පියලි වලට ලොල් වන්නේ නම් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව තව ටික කලකින් හතරගාතේ කඩාගෙන බිම ඇද වැටෙනු ඇත. ක‍්‍රිකට් පරිපාලනය, ක‍්‍රීඩකයා සහ පුහුණුකරුවා හරියට සිය වෘත්තිය කරන්නේද යන්න මාතෘකාවට බඳුන් විය යුතුව තිබේ.
 
 මෙරට ක‍්‍රිකට් රස්සාව කරන්නේ ක‍්‍රීඩකයන් පමණක් නොව, තවත් ප‍්‍රධානතම පාර්ශ්ව ගණනාවක් එහි සිටිති. ක‍්‍රිකට් පරිපාලනයේ ඉහළ පුටුවල සිටින නිලධාරියාගේ සිට ක‍්‍රිකට් ආයතනය අතුගාන සේවකයා පමණක් නොව ක‍්‍රීඩා සමාජ, දිස්ත‍්‍රික්, පළාත් සහ පාසල් මට්ටමින් ක‍්‍රිකට් රැුකියාව කරමින් ලක්ෂ සංඛ්‍යාවක් ජීවත් වෙති. මේ සියලූ දෙනාගේ ජීවන ගමන රඳා පවතින්නේ ක‍්‍රීඩකයන් නිසාය. ක‍්‍රීඩකයන් නන්නත්තාර වන විට ක‍්‍රිකට් පරිපාලනය සහ තේරීම් කමිටුව විවේචනය වේ. තේරීම් කමිටුව පිස්සු නටන විට සියලූ දෙනාම නන්නත්තාර වේ. ලක්ෂ හාරසියයකට වැඩි මුදලක් මසකට ක‍්‍රිකට් පඩි නඩි සහ වියදම් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැය කරනු ලබයි. එවැනි මුදලක් වැය වන ක‍්‍රිකට් ක‍්‍රීඩාව හැම විටම දීප්තිමත්ව දැල්වී තිබිය යුතුය.
 
 ඉතිහාසය පුරාම ක‍්‍රිකට් කරවන්නට සුමතිපාල, ධර්මදාස සහ රණතුංග පාර්ශ්ව අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. දැනටත් තිරය පිටුපස එවැනි සටන් තිබ්බද ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඒ සියලූ දෙනා තුළ ඇත්තේ සැලැස්මවල් පමණි. ඒවා ක‍්‍රියාත්මක කරමින් ක‍්‍රිකට් ගොඩගත් වකවානුවක් නොමැත. තිලංග සුමතිපාල මහතාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා මැදිහත් විය. නමුත් ඔහුගේ ‘කල්ලියේ’ බොහොමයක් වත්මන් පරිපාලනයේ සිටින අතර ඉන් ප‍්‍රධානීන් කිහිප දෙනෙකුම දැන් ඔහු සමග අතේ දුරින් සිටින බවද වාර්තා වේ. මෙරට ක‍්‍රිකට් රජ කරවිය යුත්තේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට නොව පොදු වැඩපිළිවෙලක් සඳහාය. අද ක‍්‍රිකට් ආයතනයේ ඉන්නා ඇතැමුන් ක‍්‍රිකට් ගැන ඕනෑවටත් වඩා දනිති. ඒ නිසාම ක‍්‍රිකට් තවමත් දණගාමින් සිටියි.
 
 ක‍්‍රිකට් පරිපාලනය විවේචනයට බඳුන්වන ප‍්‍රධානතම කාරණය වන්නේ ක‍්‍රිකට් පරාජය වීමයි. නැතහොත් අධික මුදල් නාස්ති කිරීමයි. කෙසේ වෙතත් පසුගිය කාලයේදී යාන්තමින් හිස එසවීමට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේදී නට්ටන් වීමත් සමග යළිත් ක‍්‍රිකට් නමැති නෞකාව ගිලෙන්නට පටන් ගෙන තිබේ. එබැවින් පරිපාලනයේ සුක්කානමද එහෙට මෙහෙට වැනෙමින් ගමන යන්නට පටන් ගෙන තිබීමද ගැටලූ සහගත තත්ත්වයකි. ප‍්‍රධාන පුහුණුකරුවා ගෙන ඒම බාලගිරි දෝෂය වැනිය. ලෝක කුසලානට ක‍්‍රීඩා කරන සංචිතය එක දිගට ක‍්‍රීඩා කරවීමත් බාලගිරි දෝෂය වැනිය. එවැනි දෝෂ සහිතව ඉකුත් සිව් වසරේදි පැමිණි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී සුදුසුකම් ලැබීමේ වටයකටද සහභාගි වීමට සිදුව තිබේ.
 
 එක් තරගයක් හෝ එක් තරගාවලියක් ජය ගත් පසුව ක‍්‍රිකට් ලොක්කන් සියලූ දෙනාම හොඳ හැටි චූන් වෙති. ක‍්‍රීඩකයෝද ඉඟිලෙන්නට මාන බලති. ඔවුන්ගේ වරදවල් පෙන්නු අයට වාග් ප‍්‍රහාර සහ අංග චලනවලින් පිළිතුරු දෙන්නට ක‍්‍රීඩකයන් පෙළෙඹෙති. යලට මහට දිනුමක් දෙකක් දිනා ගත් විට එය අති වැඩවීමට ගොස් යළිත් ක‍්‍රිකට් මකර කටට ගමන් කිරීම ඉකුත් වසර පහ තුළදී හොඳ හැටි පෙනෙන්නට තිබුණි. එක් ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබාගත් ක‍්‍රීඩකයාට තරග දුසිම් ගණනක් කී‍්‍රඩා කිරීමට තේරීම් කමිටුව තල්ලූවක් දෙයි. මේවා දැන් ක‍්‍රිකට් ජෝක් බවට පත්ව තිබේ.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දරණ පුද්ගලයන්ගේ හිතවත්කම සහ විශ්වාසය උඩ බොහෝ ක‍්‍රිකට් නිලතල බෙදී යනු ලබයි. ඉතිහාසයේ ඉගෙනගත් පාඩම් තුළින් වර්තමානය නිවැරදි කර ගන්නේ නම් මෙරට ක‍්‍රිකට් අද ජාත්‍යන්තරයේ පළමු කණ්ඩායම් තුන අතර හෝ තිබෙනු ඇත. නමුත් හැමදාමත් ඉගෙන ගන්නවා යැයි ක‍්‍රිකට් පුහුණුකරුවන්, ක‍්‍රීඩකයන් සහ තේරීම් කමිටුව පවසන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන විභාගය සමත් වී අදාළ ස්ථානවලට ආදේශ කළ යුතුය. නැතහොත් ඔවුන් හැමදාමත් ඉගෙන ගනිමින් ක‍්‍රිකට් පරාජයේ ගිල්වමින් සිටිනු ඇත. ඔවුන් එසේ පවසන්නේ තම හිතවතුන්ව විවේචනය කිරීමට නොහැකි නිසාය. ක‍්‍රීඩකයා වරදක් කළ විට ඔහුගේ හරි වැරැුද්ද විවේචනය නොකරන්නේ නම් එය ලොකු වරදකි. පුහුණුකරුවාද විවේචනය විය යුතුය. කෙසේ වෙතත් මේ ඉගෙන ගැනීමේ කතාව හාස්‍යයට තුඩු දෙන්නේ ඉකුත් සිව් වසර පුරාම ක‍්‍රිකට් පරාජයන් වලදි මතුරන මන්තරයක් බවට මෙය පත්වීම තුළිනි.
 
 ‘‘අපි හොඳ සටනක් දුන්නා. ඔස්ටේ‍්‍රලියානු තණතීරු පාකිස්තානයේ සහ ආසියාවේ තණතීරුවලට වඩා වෙනස්. ආයෙත් ක‍්‍රීඩා කරන විට තත්ත්වය දැනගෙන ක‍්‍රීඩා කළ හැකියි.’’ යන වදන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් සහ පුහුණුකරු රොමේෂ් රත්නායක විසින් ඔස්ටේ‍්‍රලියාවේදී ජප කළේය. ඔවුන්ට එසේ කීමට හැකි වන්නේ ශ‍්‍රී ලංකාව පළමු වරට ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කළානම් පමණි. 2017 වසරේදී උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල 2-1 ක් වශයෙන් විස්සයි විස්ස තරගාවලිය දිනා ගත්තේත් ඔස්ටේ‍්‍රලියාවේදී බව ඔවුන් මතක තබා ගතයුතුය.
 
 ක‍්‍රීඩකයන් මාරු කිරීමේ කලාව ඉකුත් වසර පහ පුරාම ජයටම කෙරුණි. ඒ අතර නායකයන්ද හත් අට දෙනකුම කණ්ඩායම මෙහෙයවීමට වාසනාවන්ත විය. නමුත් ක‍්‍රිකට් වලට නම් හොඳක් නොවුණි. අවසානයේදී 2019 එක්දින ලෝක කුසලානට ගියේ අලූත් නායකයෙකි. වසර හතරකින් එක්දින ක‍්‍රීඩා නොකළ දිමුත් කරුණාරත්නට නායකත්වය ලැබුණි. ක‍්‍රිකට් තේරිම් කමිටු සහ පරිපාලකයන්ගේ දුර්වල සැලසුම් හේතුවෙන් මෙවරද ලෝක කුසලාන ගමනද එසේ නිමා විය. නමුත් ලෝක කුසලානට ගිය ජිවන් මෙන්ඩිස්. මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩ‍්‍රසිට එම තරගාවලියෙන් පසුව කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුනි. ඔවුන්ට ලෝක කුසලානයේදීද ස්ථානයක් හිමි විය යුතු ක‍්‍රීඩකයන්ද යන්න ඒ අනුව පැහැදිලි වේ. ලබන ඔක්තෝම්බර් මසදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදීත් කරන්නට යන්නේ එවැනි විපරීත තේරීම් ක‍්‍රමවේදයක්ද යන්න මේ වන විට සියලූ දෙනා අතරම දෙගිඩියාවක් තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානය නොමැත. දික්වැල්ල සහ මෙන්ඩිස් මැතිව්ස්ට වඩා හොඳය. නමුත් ඔවුන්ට ලකුණු වදින්නේත් නැත. පන්දු රකින විටද දුර්වල වේ. එහෙත් මැතිව්ස්ට වඩා ඒ ඩබල තේරීම් කමිටුවට ඉස්තරම්ය. භානුක රාජපක්ෂ, දසුන් ශානක, ඕෂධ ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය වැනි ක‍්‍රීඩකයන්ට එක දිගට තවම තරග පහක් ක‍්‍රීඩා කිරීමට නොහැකිව තිබේ. නමුත් පරදින අශ්වයන්ට හැමදාමත් රේස් එක දුවන්නට චාන්ස් තිබ්බද ජය ගන්නට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට සිදුව ඇත්තේද එවැනි වින්නැහියකි.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේදී පරාජය වූයේද ක‍්‍රීඩකයන්ව හරියට කළමනාකරනය නොකළ නිසාය. හැම ක‍්‍රීඩකයාවම බලන්නට ගොස් ඉකුත් සිව් වසරෙදී නන්නත්තාර වූවාක් මෙන් පාකිස්තානයේදී වැඩ දැමු ක‍්‍රීඩකයන්ට එකදිගට අවස්ථාව නොදීම අදාළ පරාජයට එක් හේතුවකි.
 
 ශ‍්‍රී ලංකා එක්දින පිලට 1975 වසරේ සිට මේ දක්වා ක‍්‍රීඩකයන් 192 ක් ක‍්‍රීඩා කර තිබේ. වසර 44 කට ක‍්‍රීඩකයන් 192 ක් ක‍්‍රීඩා කළද 2015 වසරෙන් පසුව ගතවූ සිව් වසරකට ආසන්න කාලයේදී පමණක් අලූතින් එක්දින වරම් ලැබූ ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 23 කි. ඒ අනුව ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චමින්ද බණ්ඩාර, අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, අවිශ්ක ප‍්‍රනාන්දු, අසේල ගුණරත්න, සඳුන් වීරක්කොඩි, ළහිරු කුමාර, ළහිරු මධුෂංක, වනිදු හසරංග, අසිත ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු, ඩිල්ෂාන් මුණවීර, මලින්ද පුෂ්පකුමාර, සධීර සමරවික‍්‍රම, ෂෙහාන් මධුෂංක, ප‍්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ඕෂධ ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රියමාල් පෙරේරා සහ මිනෝද් භානුක යන ක‍්‍රීඩකයෝ ඉකුත් සිව් වසර තුළ එක්දින වරම් දිනා ගත්හ.
 
 අදාළ ක‍්‍රීඩකයන් 23 දෙනා අතරින් එක් තරගයක් හෝ තරග දෙකක් ක‍්‍රීඩා කරමින් ආගිය අතක් නොමැති ක‍්‍රීඩකයෝ බහුතරයක් වෙති. ඇතැම් ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාව නියෝජනය කළාද යන්නවත් මතක නැත. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්ද යන්න ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන් අසන තරමට එක්දින වරම් ලැබූ ඇතැම් ක‍්‍රීඩකයන් දේශීය තරගවලදී හෝ වැඩ පෙන්වා නැත. නමුත් පූරුවේ කළ වාසනාවකට හෝ තේරීම් කමිටුවේ පිහිටෙන් ජාත්‍යන්තර එක්දින ලේබලය අලවා ගැනීමට එම ක‍්‍රීඩකයන්ට වාසනාවක් ලැබුණි.
 
 
 අසේල විතාන
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles