Divaina - දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ ඉලක්කය

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 දකුණු ආසියාවම එකම කී‍්‍රඩාපිටියක ජවය උරගා බලන දකුණු ආසියානු මලල කී‍්‍රඩා උළෙල 13 වැනි වරටත් කි‍්‍රයාත්මක කිරීමට සියලූ කටයුතු මේ වන විටත් සූදානම් කරමින් සිටී. ඒ අනුව ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර මලල කී‍්‍රඩා සැනකෙළි සිරියෙන් දිදුළනු ඇත. මෙය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩකයන්ට ඉතා වැදගත් මොහොතකි.
 
 අවසන් දකුණු ආසියානු මලල කී‍්‍රඩා උළෙල කි‍්‍රයාත්මක වූයේ 2016දී ඉන්දියාවේ ගුහාති සහ ෂිලෝන්ග් හිදීය. එහිදී එතෙක් මෙතෙක් දකුණු ආසියානු තරග ඉතිහාසයකදී වාර්තා කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩකාවෝ සමත් වූහ. ඉන්දියාව සමස්ථ තරගාවලියේ පදක්කම් 308ක් දිනා ගනිද්දී ශී‍්‍ර ලංකාව පදක්කම් 186ක් දිනා ගත්තේය. එහි රන් පදක්කම් 25කි. රිදී 63ක් සහ ලෝකඩ 98ක්ද ඒ අතර වේ. කෙසේ වෙතත් මෙය ප‍්‍රබල ඉන්දියාව සමග ගනිද්දී දෙරට අතර විශාල පරතරයකි. එය එසේ වුවද රටවල් 8ක් අතරින් ශී‍්‍ර ලංකාව දෙවැනි ස්ථානයට පත්වූයේ තෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානයට වඩා පදක්කම් 80ක් දිනා ගනිමිනි.
 
 2016 දකුණු ආසියානු මලල කී‍්‍රඩා උළෙලේදී කි‍්‍රයාත්මක වූ තරග ඉසව් 23ක් ඉදිරියේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 253ක් තරග වැදුණාහ. මෙවර තරගාවලිය ස`දහා කී‍්‍රඩා ඉසව් 27ක් ඇතුළත් කොට තිබේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 605ක් මෙවර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් තරග වදිති. මෙය එක් අතකින් හො`ද ප‍්‍රවණතාවකි. සමස්ථයක් හැටියට මෙවර ශී‍්‍ර ලංකාව ඉදිරියේ පදක්කම් 235ක් පමණ දිනා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ හරහා ඉදිවී තිබේ.
 
 ශී‍්‍ර ලංකාව පුරා සිටි මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1039ක් මෙම තරගාවලිය වෙනුවෙන් මේ වෙද්දීත් පුහුණුවීම් ආරම්භකොට තිබේ. ඔවුහු ටොරින්ටන් ගෘහස්ථ
 
 කී‍්‍රඩාංගණය, නාවලපිටිය කී‍්‍රඩා සංකීර්ණය, පූනෑව නාවික හමුදා ක`දවුර, පනාගොඩ යුද හමුදා ක`දවුර, වැලිසර යුද හමුදා කදවුර සහ පොළොන්නරුව වැනි ස්ථාන රැුසක නේවාසික පුහුණුවක් ලබති.
 
 නේපාලය බලා පිටත්ව යන ගමන ස`දහා සම්පූර්ණ කී‍්‍රඩා කණ්ඩායම වෙනුවෙන් රුපියල් බිලියන 344 ක් පමණ වැයවනු ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශය මෙ වන විට ගණන් බලා තිබේ. කී‍්‍රඩකයන් හට නොමිලේ නේවාසික පුහුණුව ආහාර හෝ ඒ වෙනුවෙන් 24000ක මුදලක්, වෛi පරීක්ෂණ, කී‍්‍රඩා නිල ඇඳුම් සහ අනෙකුත් සියලූම කී‍්‍රඩා උපකරණ ලබා දීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සුදානමින් පසුවේ. මෙම කර්තව්‍යය ගුණාත්මක බවින් ඉහළ දැමීම ස`දහා කොළඹ සාග් ලේකම් කාර්යාලයක් පවා විවෘත කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රමුඛ කී‍්‍රඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
 මෙවර තරගාවලියේදී පදක්කම් දිනා ගන්නා කී‍්‍රඩකයන් හට තවත් විශේෂ වරප‍්‍රසාදයක් හිමිවේ. ඒ මෙතෙක් රන් පදක්කමක් වෙනුවෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 5ක ප‍්‍රසාද මුදල වැඩි කිරීම සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර තිබීමය. එමෙන්ම එහිදී ලෝකඩ පදක්කම වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අඩු කිරීමටත් රිදී පදක්කමක් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ තුනේ දීමනාව අඩු කිරීමටත් කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය කී‍්‍රඩා උළෙලේදී රුපියල් කෝටි හතරකට අධික මුදලක් පදක්කම් ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හමුවේ බෙදා දීමට කී‍්‍රඩා අමාත්‍යාංශය කටයුතු කළේය. බොහෝවිට මෙවර එම මුදල රුපියල් කෝටි පහකට අධික වීමටද ඉඩ ඇති බව කී‍්‍රඩා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
 
 කරුණු කාරණා එසේ සිදුවෙද්දී කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකා මාතාවට සහ අමාත්‍යාංශය ට සාධාරණයක් කිරීමට වග බලා ගතයුතුය. මෙවර කී‍්‍රඩා උළෙල වෙනුවෙන් පසුගිය කී‍්‍රඩා උළෙලට වඩා වැඩි සැලකිල්ලක් කී‍්‍රඩක කී‍්‍රඩකාවෝ වෙත දක්වද්දී ඔවුන් එම කි‍්‍රයාවට කෘතගුණ දැක්විය යුතුමය. එය එසේ සිදුවනවානම් මෙවර තරගාවලියේදී පදක්කම් සටහනේ පෙරමුණේ සිටින ඉන්දියාව පසුකර යෑමට නොහැකි වුවද ඔවුන් අසලට හෝ පැමිණ ශී‍්‍ර ලංකාවේ තරම දකුණු ආසියාවටම පෙන්වීමට හැකිය.
 
 කසුන් රණවීර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles