Divaina - පාකිස්තානයේදී උඩ ගිය බැලූම ඔස්ටේ‍්‍රලියාවේදී පුපුරා යෑම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

cric450

* පාකිස්තානයේදී කාමරවලත් ක‍්‍රීඩාංගණයේත් සිටිමින් රැකියාව කළ ශ‍්‍රී ලංකා පිලට ඔස්ටේ‍්‍රලියාවේදී ඕනෑ තරම් නිදහස ලැබුණි. ඔවුන්ට පාරේ ඇවිදිමින් ‘සෙල්ෆිස්’ ගසන්නටත් ශ‍්‍රී ලංකා නෑ හිතමිතුරන්ගේ ගෙවල්වල ගොස් කෑම කන්නටත් සුපුරුදු පරිදි අවස්ථාව හිමිවිය. කෙසේ වෙතත් මැදට ගොස් ඇදගෙන නා ගන්නේ නම් ඔවුන් ගාල් කර යුත්තේ කාමරයට සහ ක‍්‍රීඩාංගණයට පමණකි. විස්සයි විස්ස ලෝක කුසලානයේ දින නියම වෙද්දී තවත් එ් සදහා සූදානම් වන්නට කාලය විඩංගු කළ යුතු නැත.
 
 පාකිස්තානයේදී උදුරා ගත් ජයග‍්‍රාහී ගැම්ම ඔස්ටේ‍්‍රලියාවේදී පූජා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම යළිත් සුපුරුදු ‘බයිස්කෝප්’ රංගනයේ යෙදෙමින් සිටින බව පළමු විස්සයි විස්ස තරග දෙකේදී දක්නට ලැබුණි. ලොව අංක එකට එරෙහිව 3-0 ක් වශයෙන් විස්සයි විස්ස තරගාවලියක් ජයගත් ශ‍්‍රී ලංකා පිල ඊට මාසයක් යෑමටත් පෙර සුපුරුදු මඩගොහොරුවේ ලගින්නට පුරුදු වූයේ කුමන අතපසුවීමකින්ද යන්න දැන් ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.
 
 ඔස්ටේ‍්‍රලියාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් විනෝදයෙන් සහ මානසික තෘප්තියෙන් තරගාවලියට සහභාගි වුවද පිටිය මැදදි එකින් එකා තම වගකීම අතහැර දැමුවේ වගේ වගක් නොමැතිව බව ඔවුන් දැවී ගිය ආකාරය දෙස බැලීමේදී පැහැදිලි වේ. ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් රිදෙන්නට පහර දෙද්දී ශ‍්‍රී ලංකා පන්දු රකින්නන්ට සිදුවූයේ පිටිය වටේ දිව ගොස් පන්දුව අහුලා යළිත් පන්දු යවන්නාට බාර දීම පමණි.
 
 ජය පරාජය කෙසේ වෙතත් නන්නත්තාර වන්නට පරදින විට එය ප‍්‍රශ්නයකි. ඔස්ටේ‍්‍රලියාවට ගිය ශ‍්‍රී ලංකා පිල එරට ක‍්‍රිකට් සභාපතිගේ පිලටද පරාජය විය. සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමක් දෙවැනි පෙළ කණ්ඩායමකට පරාජය වන්නේ කලාතුරකිනි. එවැනි ඛේදවාචකයකට මුහුණ දුන් කණ්ඩායමක් තරගාවලියේදී තවත් උනන්දුව වැඩ කළ යුතු වුවද ඔස්ටේ‍්‍රලියාවේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද අයාලේ ගිය බවක් දක්නට ලැබුණි.
 
 නිසි එල්ලයක් පන්දු යවන්නන්ගේ තිබුණේ නම් පළමු විස්සයි විස්ස තරග දෙකේදීම ඔස්ටේ‍්‍රලියානුවන්ගේ දැවී ගියේ කඩුලූ තුනක් පමණි. එහිදී ඔවුන් තරග ද්විත්වයේදී පන්දුවාර 33 කදී ලකුණු 345 ක් රැුස් කළේය. නමුත් ශ‍්‍රී ලංකාවේ දුර්වලතාව ප‍්‍රදර්ශනය කරමින් පළමු එක්දින තරග දෙකේදී කඩුලූ 19 ක් දැවී යද්දී ලබා ගත්තේ ලකුණු 206 කි. දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පන්දු 114 ක් තුළ දැවී ගියේය. තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී මෙවැනි අගාධයකට ශ‍්‍රී ලංකාව තල්ලූ වූයේ කප්පරක් සැලසුම් මගින් යළි නැගිටින්නට මාන බලමින් සිටියදීය. ශ‍්‍රී ලංකාවට මෙම පරාජය තවත් පාඩමක් වුවද එවැනි පාඩම් ඉකුත් සිව් වසර තුළ ඕනෑ තරම් තිබේ. එ් කිසිදු පාඩමකට පිළිතුරු සැපයීමට ශ‍්‍රී ලංකාව අසමත්ව ඇති බව ඔස්ටේ‍්‍රලියාවේදී ඔප්පු විය.
 
 පාකිස්තානය පරාජය කිරීමත් සමග සිදුවූයේ ඇන්ජලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ දක්ෂ ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානයක් නොමැති වීමයි. ඔහුට පන්දු යැවීමට පුළුවන්නම් කණ්ඩායමේ ස්ථානයක් ඇති බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පැවසීය. පන්දු යවන්නත්, පිතිකරණයේ යෙදෙන්නත්, පන්දු රකින්නත් හරියට බැරි ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා සංචිතයේ සිටිද්දී මැතිව්ස්ට වෙනම හැන්දකින් බෙදීම ගැන ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රශ්න කළ යුතුය. ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු විසින් කණ්ඩායම තෝරන විට අනුමැතිය ලබාදෙන්නෙ එළියේ සිටින වැඩ කාරයන්ව ඔහුටද අමතක වී ඇති බව මතක් කරමිනි.
 
 ස්ථිර පුහුණුකරුවකු තවමත් ගෙන එ්මට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් කටයුතු නොකිරීමද කාලය කා දැමීමකි. චන්දික හතුරුසිංහගේ ප‍්‍රශ්නය අවසන් වී තිබියදීත් කඩි මුඩියේ අවශ්‍ය පුහුණුකරුවා සොයා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙතරම් කල් මරන්නේ ඇයිදැයි ප‍්‍රශ්නයක් තිබේ. එ් ප‍්‍රශ්නයට තවත් ප‍්‍රශ්න එකතුවෙමින් කණ්ඩායම අයාලේ යන බව ඔවුන් තේරුම් ගත යුතුය.
 
 පාකිස්තානයේදී කාමරවලත් ක‍්‍රීඩාංගණයේත් සිටිමින් රැුකියාව කළ ශ‍්‍රී ලංකා පිලට ඔස්ටේ‍්‍රලියාවේදී ඕනෑ තරම් නිදහස ලැබුණි. ඔවුන්ට පාරේ ඇවිදිමින් ‘සෙල්ෆිස්’ ගසන්නටත් ශ‍්‍රී ලංකා නෑ හිතමිතුරන්ගේ ගෙවල්වල ගොස් කෑම කන්නටත් සුපුරුදු පරිදි අවස්ථාව හිමිවිය. කෙසේ වෙතත් මැදට ගොස් ඇදගෙන නා ගන්නේ නම් ඔවුන් ගාල් කර යුත්තේ කාමරයට සහ ක‍්‍රීඩාංගණයට පමණකි. විස්සයි විස්ස ලෝක කුසලානයේ දින නියම වෙද්දී තවත් එ් සදහා සූදානම් වන්නට කාලය විඩංගු කළ යුතු නැත. දැන් කළ යුත්තේ ශ‍්‍රී ලංකා පිල 2015 න් පසු එකතු කරගත් වැරදි පොත යළිත් කියවා එ්වාට සරිලන පිළිතුරු සෙවීම පමණි. එසේ නොවුණහොත් ඊළගට තවත් පරාජයකින් ශ‍්‍රී ලංකාව හෙම්බත් වනු ඇත. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට සිදුවූයේ පාකිස්තානයේදී උඩ ගිය බැලූම ඔස්ටේ‍්‍රලියාවේදී පුපුරා සුනු විසුණු වීමක් වැනි ඛේදවාචකයකි.
 
 අසේල විතාන


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles