Divaina - පාකිස්තානයේ ගැම්ම සමග යන ‘ඔසී’ ගමන..

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

ose

‘කාලෙකට පස්සෙයි වෙලකට බැස්සෙ’ කියන කතාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම විසින් පාකිස්තානය පරාජය කිරීමත් සමග කරළියට පැමිණියේය. හරි සැලසුම් සමග එකමුතුකමින් සන්නද්ධ වූ ශ‍්‍රී ලංකා පිල ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායමට දුන් 3-0 ක ප‍්‍රහාරයත් සමග යළිත් මෙරට ක‍්‍රිකට් ‘ඇම්ම’ දළු ලා වැඩෙන්නට පටන් ගෙන තිබේ. එහෙත් දැන් ශ‍්‍රී ලංකා පිලට තවත් පීඩනයක් තිබේ. එ් පාකිස්තානයේදී ලබා ගත් ගැම්ම ඔස්ටේ‍්‍රලියාවේදී කෙසේ පරිහරණය කරන්නේද යන්නයි.

 
 පාකිස්තාන් සංචාරයට නොගිය ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා කණ්ඩායමට එකතුවීමත් සමග ශ‍්‍රී ලංකා පිල තවත් ශක්තිමත්ව තිබේ. එම දක්ෂයන් නොමැතිව දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා යොවුන් බල ඇණිය පාකිස්තානයේදී කළ පෙරළිය ඔස්ටේ‍්‍රයාවේදී ජ්‍යේෂඨයන් සමග කිරීමට පහසු වනු ඇත. ‘ලසිත් මාලිංග අයියා තමයි මේ කණ්ඩායමේ ගොඩක් අයව සංචිතයට ගෙනාවේ. එ් නිසා තමයි එ් අයට අවස්ථාවක් ලබුණෙ.’’ යැයි පාකිස්තාන් සංචාරයේ නායකත්වය දැරූ දසුන් ශානක පවසයි. එ් අනූව 2020 වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානට කණ්ඩායම සකස් කර ගැනීමේ කර්තව්‍යට මාලිංග අතගසා ඇති බව පැහැදිලිය. නමුත් දැන් කණ්ඩායමේ නායකත්වයේ සිට සියලූම ස්ථානවලට ඇති තරගකාරීත්වය නිසා ක‍්‍රීඩකයන්ට ‘සෙල්ෆිස්’ න්‍යායෙන් ගොඩ යා නොහැකි බවද මතක තබා ගත යුතුව තිබේ.
 
 ඇන්ජලෝ මැතිව්ස්ටද විස්සයි විස්ස සංචිතයේ ස්ථානයක් නොමැත. ඔහු පන්දු යැවීම ආරම්භ කළහොත් පමණක් විස්සයි විස්ස සංචිතයේ ස්ථානයක් දිනා ගත හැකි බව තේරීම් කමිටු සභාති අසන්ත ද මැල් පවසයි. එමෙන්ම ඔහුට ඉස්සර තෝරන්නට සිටියේ එකම කණ්ඩායමක් වුවත් දැන් ඕනෑ තරම් ක‍්‍රීඩකයන් සිටින බවද මතක් කරන්නේ සෑම ක‍්‍රීඩකයකුට දක්ෂතාව එකදිගට පවත්වාගෙන යා යුතු බව මතක් කරමිනි. එය හරියට ඉන්දියානු ක‍්‍රිකට් තේරීම් ක‍්‍රමවේදයට හා සමාන විය හැක.
 
 2017 වසරේදී අවසන් වරට ඔස්ටේ‍්‍රලියාවේදී උපුල් තරංගගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ගත්තේය. දැන් ඔස්ටේ‍්‍රලියාව සිටින්නේ විස්සයි විස්ස ශ්‍රේණියේ පස්වැනි ස්ථානයේය. කෙසේ වෙතත් ලොව අංක එකේ විස්සයි විස්ස පිලට පහරදුන් ශ‍්‍රී ලංකා පිල තවත් මුවහත් වීමෙන් අංක පහට පහර දීමට අපහසු නොවනු ඇතැයි අපගේ හැගීම වුවද කණ්ඩායමේ ස්ථාන රැුක ගැනීමට ක‍්‍රීඩකයන්ට මේ තරගාවලිය තවත් තෝතැන්නක් කර ගත යුතුය.
 
 ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වය දරන විට එකමුතුකම නැති බවත් කල්ලි වාදයක් ඇති බවත් ඇතැම් ක‍්‍රීඩකයන් පසුගිය කාලයේ ප‍්‍රශ්න වැපුරුවේය. නමුත් මාලිංග නිහඩව සිටිමින් දක්ෂතාවයෙන් එ් වාග් ප‍්‍රහාරයන්ට ප‍්‍රහාර දී තිබේ. ඔහු ඔස්ටේ‍්‍රයාවේදී කළ යුත්තේ ලාබගත් ජයග‍්‍රහී ආරම්භය රැුක ගැනීමට කණ්ඩායම හැසිරවීමය. ක‍්‍රිකට් තේරීම් කමිටුවද බලා සිටින්නේ ලෝක කුුුුුසලානට හොද නායකයා මාලිංගද නැතිනම් දසුන් ශානකද යන්න ගැනීමේ තීරණය වැට උඩ තබාගෙනය.
 
 මෙරට ක‍්‍රිකට් පරිපාලනයේ ඕනෑ තරම් අවුල් තිබුණද ක‍්‍රිකට් දිනන විට එ් සියල්ල සාමකාමී තැනකට පත්වේ. ක‍්‍රිකට් පරදින විට සියලූ ප‍්‍රශ්න කරළියට පැමිණ සමස්ත ක‍්‍රිකට් ක‍්‍රීඩාව හතරගාතයෙන්ම බිම ඇද වැටෙයි.
 
 පසුගිය කාලයේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සිදුවූයේ එ් කරුමයමය විය හැකිය. දැන් ජයග‍්‍රාහී තීරුවට වැටී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට එ් පාරේ දිගටම යන්නට අවශ්‍ය තල්ලූව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් දිය යුතුය. එවිට යළිත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දසුන් ශානක කියූ පරිදි ‘96’ ගත්ත ගැම්ම සමග නැගිටිනු ඇත.
 
 අසේල විතාන


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles