Divaina - සෙල්ලම් ඇමැටිගේ දුස්රාවට සුමැටි එල්.බී.ඩබ්ලිව්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


මෙහෙව් රටේ සෙල්ලමේ චූඩාමාණික්‍ය ක‍්‍රිකට් නොවැ. මේ ක‍්‍රිකට් එකේ බහිරවයෝ සැට් හිටියත් ඉතින් ඕං එලවන්න බැහැයි කියපු සුමැටි ලොක්කට සෙල්ලම් ඇමැටි දැම්ම දුස්රාවෙන් එයා එල්.බී.ඩබ්ලිව්. වුණා නොවැ අපූරුවට. නිකන් නෙමෙයි තෙවැනි විනිසුරුටත් දාලා තමා අවුට් එක ගත්තෙ.
 
 සුමැටි ලොක්කා එල්.බී.ඩබ්ලිව් වෙච්ච ගමන් සමහරු හුරේ තියන්න ගත්තා. එයාගේ වටේ හිටපු තවත් සමහරු සෙල්ලම් ඇමැටිට දෙහි කපන්ඩ ගත්තා. මේ කතන්දර ඔක්කොම දන්න ආටා මල්ලිව මුරිච්චි වෙන්න හිතාගෙන තෙවැනි විනිසුරු පාර්ක් එක පැත්තට ගියා.
 
 ‘‘ආයිබෝවන් සෑර්... කොහොමද හරී ඇමැටියා දාපු දුස්රාව... ඇපත් නෑ නොවෑ සුමැටි ලොක්කට.’’
 
 ‘‘ආටා මල්ලි කියන්නෙ ඔය සීන් එකේ අග මුල හොයන්නම තමා මම උදේ පාන්දරම පාර්ක් එකට ආවේ.... අපි ප්ලේන්ටියක් ගහන ගමන් චැට් එකක් දාමු.’’
 
 ‘‘එ්ක හොදෑ සෑර්... සෑර් කියන්නෙ සුමැටි ලොක්කට ඔය සීන් දාන්න හරී ඇමැටි සෑහෙන ෆයිට් කොරා. මට නම් හිතෙන්නෙ පොලිටික් ඉෂු එකක් හින්දා තමා මේ වෙලාවෙම සුමැටි ලොක්කට හරී ඇමැටියා දුස්රාවක් දැම්මේ. නැතිනම් ඉතිං ඔයිට කලින් එයාට දාන මගුලක් දාලා සුමැටි ලොක්කව චකබ්ලාස් කොරන්ඩ තිබ්බනෙ.’’
 
 ‘‘ආටා මල්ලි මෙහෙව් රටේ සෙල්ලම ගොඩක් වෙලාවට පොලිටික්ස් මෑන්ස්ලා නොවෑ හැඩල් කොරන්නෙ. සුමැටි ලොක්කත් පොලිටික්ස් නොවෑ. එයා දැන් ඔය පොහොට්ටුවට මුක්කු ගහන්න කත් ඇදපු නිසා තමයි හරී ඇමැටි ගේම ගැහුව්වෙ. කොහොමින් කොහොම වුණත් සුමැටි ලොක්කට මේ යන විදිහට ක‍්‍රිකට් වලින් රිටයර් වෙන්ඩ තමා වෙන්නෙ.’’
 
 ‘‘සෑර් කියන්නෙ සුමැටි ලොක්කා දාපු ෂමී චෙයාර්මන් දැන් නිවුටල් එකේ ක‍්‍රිකට් එක දක්කනවනේ අපූරුවට. මට නම් හිතෙන්නෙ මෙදා පාර සුමැටි ලොක්කට කොමිටලේ ෙදාර වැහුණත් ෂමී චෙයාර්මන් මිස්ටර් ජය ධර්මෙලාව සෙට් කොරන් ඉස්සරහට ගේම ගහයි වගේ. මොකද ෂමී චෙයාර්මනුයි සුමැටි ලොක්කයිත් වැඩිය දැන් ඇයි හොදයි නෑ නොවෑ.’
 
 ‘‘ආටා මල්ලි සෙල්ලම් ඇමැටි දාපු අම්පයර්ලා සෙට් එක සුමැටි ලොක්කගෙ ඔක්කොම සීන් ටික සහතික කොරලනෙ. එ්කත් මාර සීන් එකක් තමා.... එ් චාන්ස් එක ආටා මල්ලි කියනවා වගේ ෂමී චෙයාර්මන්ට ඔටෝ මැටිකිලිම යනවනේ..’
 
 ‘‘සෑර් දැන් ඔය කියන විදිහට සුමැටි ලොක්කා බුකියේ හොද වැඩ කාරයෙක්... එතකොට ස්පෝටින් සැන්ටර් වල ෂෙයාර්ස් තියෙනවා.... තව ඞීල් ගහලලූ.... දැන් ඉතිං අවුට් කොරලා නිකන් හිටියහම සෙල්ලම් ඇමැටිද සැපද කියලා තමා මට නම් අහන්ඩ තියෙන්නෙ.’’
 
 ‘‘ඇයි ආටා මල්ලි එහෙම විගඩම් ටෝක් එකක් දුන්නෙ. එයා රූල්ස් වලට පිටින් ගියානම් නොකවුට් කොරලාම දාන්ඩ ඕන..... නැතිනම් නලවන්නයැ කියන්නෙ.’’
 
 ‘‘නෑ...නෑ.. සෑර්ට මම කියපු එක තේරුණේ නැහැ. ඔය කියන ගේම් ටික සුමැටි ලොක්කා කොරලා තියෙනවනම් එ්වට ඇක්ෂන් අරගෙන එ් සීන් ටික පෘ කරන්ඩ එපැයැ... ඊට පස්සෙ තක්කෙටම මෙයා කොමිටලේට සුදුසු නෑ කියලා රට්ටු දන්නවනේ.’’
 
 ‘‘ආටා මල්ලි මෙහෙව් රටේ රට්ටු දාන්නවා ඔය කොයි අයියලත් කොරන නාඩගම්. කොහොමින් කොහොම හරි දැන් සුමැටි ලොක්කා එල්.බී..ඩබ්ලිව්. වුණා. ඊලග බැඞ්ස්මන් තමා ෂමී චෙයාර්මන්ඞ්. එයා දැන් විකට් එක ආරක්ෂා කොර ගන්ඩ හිතා ගත්තොත් හොදා...’’
 
 ‘‘සෑර් අපේ කොල්ලො ටික පාකිස්තාන් බෝයිස්ලට දුන්නනේ ඇට්ටි හැලෙන්න.. එ් ගැම්මත් දැන් කොමිටලේට චූන් වෙන්න හොද මුක්කුවක් නොවෑ... එ් සීන් එක අස්සෙ සුමැටි ලොක්කට නොකවුට් වෙන්ඩම දාපු දුස්රාව තමා මම තවමත් කල්පනා කොරන්නෙ...’
 
 ‘‘ආටා මල්ලි මොන මගුලක් වෙලා හරි කොමිටලේ එකින් එක හරි සුද්ද වෙනවනම් හොදා... හැබැයි ඉතිං පොලිටික් සීනුත් එපා කියලා තමා මට කියන්න තියෙන්නෙ... එහෙනම් ආටා මල්ලි ආයිත් මුරිච්චි වෙමු.. මම ගොහින් එන්නම්...’’
 
 ‘‘ ඕකේ සෑර් ඉලෙක්ෂන් එකෙන් පස්සෙ හොද හොද සෙල්ලම් තියෙයි නේද සෑර්.... සී...යූ.... කිව්වා එහෙනම්.’’
 
 - අවි


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles