Divaina - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට ඉතිහාසගත ආරක්ෂාවක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
 
 අසේල විතාන
 කරච්චි සිට

 
paksiපාකිස්තානයේ ආරක්ෂාව ක‍්‍රිකට් ගහන්නට හොඳ දැයි ලෝකයම මේ වන විට අවධානය යොමු කරද්දී ශ‍්‍රී ලංකාව පාකිස්තානයට පැමිණියේ අදාළ ප‍්‍රශ්නයට පිළිතුරක් ලබාදීමටය. එහිදී දිනකට මිලියන ගණනක් වියදම් කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට පාකිස්තාන් රජය සහ ක‍්‍රිකට් ආයතනය එක්ව ආරක්ෂාව ලබාදී තිබුණේ ලොව කිසිදු ක‍්‍රීඩා කණ්ඩායමකට මෙතෙක් නොලැබුණු ආරක්ෂාවක් සපයමිනි.
 
 ශ‍්‍රී ලංකා සහ පාකිස්තාන් කණ්ඩායම් දෙකට ගමන් කිරීම සඳහා වෙඩි නොවදින බස් රථ හතරක් අලූතින් සූදානම් කර තිබුණි. එම බස් රථ ආවරණය කරමින් වෙඩි නොවදින ජීම් රථ 20 ක් පමණ එම බස් රථ ආවරණය කරමින් කණ්ඩායම් ගමන් කරවයි. මෙම ආරක්ෂාව විටෙක චිත‍්‍රපටයක් මෙන් දිස්වේ.
 
 දස වසරකට පසුව පාකිස්තානයේදී දීර්ඝතම ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වන්නේ 2009.03.03 ප‍්‍රහාරයට ලක්වූ ශ‍්‍රී ලංකා පිලය. ශ‍්‍රී ලංකාව ලොවට ලබාදෙන පණිවුඩය මත අනෙක් රටවල් පාකිස්තානයට පැමිණීමට තීරණය කරනු ඇතැයි එරට ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානි විශ්වාසයෙන පසුවේ.
 
 ‘‘අපිට ශ‍්‍රී ලංකාව පැමිණීම මහත් ආඩම්බරයක්. ඒ නිසා අනිකුත් රටවල්වලට ඔවුන් හොඳ පණිවුඩයක් ලබා දුන්නා අපේ රටට ඇවිල්ලා ක‍්‍රිකට් ගහන්න කියලා. සල්ලි දෙනවනම් පසුගිය කාලයේ අපේ රටට ක‍්‍රීඩකයන් ආවා. එවිට ආරක්ෂාවක් ගැන සොයා බැලූවෙ නැහැ. නමුත් හැමදාම සල්ලි දීලා ක‍්‍රීඩකයන්ව ගෙන්වගන්න එක කරන්න බැහැ. දැන් ශ‍්‍රී ලංකාව පෙන්නුවා අපි කොතරම් ආරක්ෂාවක් කණ්ඩායම්වලට ලබාදෙනවද කියලා.’’ යනුවෙන් ඒෂාන් මානි මහතා සඳහන් කරයි.
 
 හෙලිකොප්ටර් දෙකක්ද ශ‍්‍රී ලංකා කණ්ඩායම ගමන් ගන්නා විට ගුවනින් ආරක්ෂාව සපයනු ලබයි. ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ අඩි විස්සෙන් විස්ස පාර දෙපස ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර සම්පූර්ණ මාර්ගයද පැයක පමණ සිට වසා දමා තිබේ. හෝටල් පරිශ‍්‍රයෙන් කණ්ඩායමට එළියට යෑම තහනම්ය. යනවානම් පුහුණුවීම් සඳහා ඉහත ආරක්ෂාව සමග ගමන් කරනු ලබයි.
 
 2009 ශ‍්‍රී ලංකා පිල ප‍්‍රහාරයට ලක්වන විට කරච්චි නුවරදී කණ්ඩායම වෙනුවෙන් ආරක්ෂාවට ලබාදී තිබුණේ පොලිස් නිලධාරීන් සිව්දෙනකු පමණි. එදා ශ‍්‍රී ලංකා කණ්ඩායම කරච්චි නුවර රැඳී සිටින විට ඔවුන්ගේ සහයට සිටි පාකිස්තානු ජාතිකයා ‘දිවයින’ හමුවේ එසේ පවසා සිටියේ අද වන විට ඇති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමකි.
 
 මෙවර පාකිස්තාන් රජය විසින් 85000 ක ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට යොදා තිබේ. ශ‍්‍රී ලංකා කොමාන්ඩෝ බළකාය මෙන්ම පාකිස්තානයේ සිටින රෙන්ජර්ස් නැමැති බළකාය ශ‍්‍රී ලංකා පිලට දැඩි ආරක්ෂාවක් ලබා දෙයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව පාකිස්තානයට නොපැමිණියේ නම් මෙවැනි ආරක්ෂාවක් සපයන බවට ලෝකයාට පණිවුඩයක් යන්නේ නැත. එබැවින් දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ පාකිස්තානයේදී වසර දහයකට පසුව ටෙස්ට් තරගයක් ක‍්‍රීඩා කිරීමටයි. ඒ වෙනුවෙන් පාකිස්තාන් ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා උපරිම උත්සහය යොදමින් සිටියි.
 
 කුමන ආරක්ෂාවක් ලබාදුන්නද ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වුවද පාකිස්තානයේදී ටෙස්ට් ක‍්‍රීඩා කරන්නේ සෑම ක‍්‍රීඩකයෙක්ම පාකිස්තානයට ඒමට කැමැත්ත දුනහොත් පමණක් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. ශ‍්‍රී ලංකාව එක්දින තරග තුන සහ විස්සයි විස්ස තරග තුන ක‍්‍රීඩා කිරීමට පැමිණිමෙන් පසුව එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාවද පාකිස්තානයට ගෙන්වා ගැනීමට ඒෂාන් මානී උත්සහ කරමින් සිටියි. ඒ වෙනුවෙන් එංගලන්ත සහ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ප‍්‍රධානීන් පාකිස්තානයට පැමිණ ආරක්ෂාව සහ වටපිටාව ගැන සොයා බලා තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. පාකිස්තානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව කළ උදව්වට පාර දෙපස ශ‍්‍රී ලංකා ධජයවල් සහ කණ්ඩායමට සුබ පැතුම්ද එක් කර තිබේ.
 
 වසර දහයකට පසුව පාකිස්තානයේදී එක්දින තරගාවලියක් පැවැත්වුවද එක්දින තරග දෙක සඳහාම සම්පුර්ණ පේ‍්‍රක්ෂකයන්
 සහභාගි වී ඇත්තේ විසි දහසකට අඩු සංඛ්‍යාවකි. පේ‍්‍රක්ෂකයන් ක‍්‍රීඩාංගණයට එන්නට කැමැති වුවද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය සීමා කරන්නට ඇතැයි අපි විශ්වාස කරමු.
 
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles