Divaina - රග්බි උන්මාදයේ නව වැනි ඉසව්ව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 rugby
 
කායික සහ මානසික සද්දන්තයන් විසින් පන්දුව තුරුලූ කරන් උත්සහක දිනුම් සහ ගෝල වැසි වසන්නට පොර කන රග්බි ලෝක කුසලානය දැන් ජපානයේදී ක‍්‍රියාත්මක වේ. මෙවර රග්බි ලෝක ශූරතාවයේ සින්නක්කර අයිතිය වෙනුවෙන් සිව්කොන් සටනක් නිර්මාණය වී ඇතැයි රග්බි ප‍්‍රවීණයෝ පවසති.
 
 ලොව සිටින සුපිරිතම රග්බි ක‍්‍රීඩකයෝ සිව් වසරකට පසු පදම් වී ලෝක කුසලානට සහභාගී වෙති. එහිදී ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව සෑම කණ්ඩායමකම කළමණාකරුවන් සහ භෞතචිකිත්සකවරයා අවධානයෙන් පසුවේ. අන් ක‍්‍රීඩාවන් වලට වඩා වැඩි බරක්, වේගවත් දිවීමක් සහ දරා ගැනීමේ හැකියාව රග්බි ක‍්‍රීඩකයන්ට තිබිය යුතුය.
 
 මෙවර රග්බි ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ සටනට ලොව රටවල් 93 ක් තරග වැදුණි. ඉන් කණ්ඩායම් විස්සක් රග්බි ලෝක ශූරතාවට සටන් කිරීමේ අවස්ථාව හිමිවිය. වත්මන් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන පසුවන අයර්ලන්තයත්, දෙවැනි තැන පසුවන නවසීලන්තයත්, තෙවැනි තැන පසුවන එංගලන්තය සහ සිව්වැනි තැන සිටින දකුණු අප‍්‍රිකානුවන් අතරින් එක් කණ්ඩායමක් මෙවර රග්බි ලෝක ශූරයන් වනු ඇතැයි බහතුර මතය වී තිබේ.
 
 නවසීලන්තය යනු රග්බි ලොව පෙරළිකාරම කණ්ඩායමකි. ඔවුන් අවසන් වසරේදී රග්බි ලෝක ශූරතාව ඔසවා ගනු ලැබුවේ ඉතිහාසයේ දෙවැනි වතාවටය. නමුත් මෙවර නවසීලන්තයේ ‘කළු තොප්පි’ කාරයන්ට පන්දුව නොදී ඩැහැ ගන්නට ඔවුන්ගේ සියලූ ප‍්‍රතිවාදීන් සැලසුම් දියත් කරමින් සිටියි.
 
 නව වැනි වරටත් පැවැත්වෙන රග්බි ලෝක ශූරතවයට රටවල් පහක් කිට්ටුවෙන් සිටින බව හිටපු දකුණු අප‍්‍රිකානු රග්බි පුහුණුකරුවකු වන ජැක් වයිට් පවසයි. ඔහු පවසන පරිදි ‘ ඕල්ඞ් බ්ලැක්ස්’ කණ්ඩායම මෙවර තෙවැනි වරටත් රග්බි ලෝක ශූරතාව දිනා ගැනීමට මාන බැලූවද එය අන් රටවල් සමග ලෙහෙසි කටයුත්තක් නොවන බවද සඳහන් කරයි. වයිට්ගේ මතය අනුව නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ වේල්සයද මෙවර ලෝක කුසලාන දිනා ගැනීමට හොඳින් මුවහත්ව තිබේ.
 
 මෙවර රග්බි ලෝක කුසලානට එක්ව සිටින කණ්ඩායම් විස්ස කාණ්ඩ පහක් යටතේ සටනකට එක්වේ. එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව, සැමෝවා යන කණ්ඩායම්ද ‘බී’ කාණ්ඩයෙන් නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, ඉතාලිය, නැම්බියාව සහ කැනඩාව යන කණ්ඩායම්ද ‘සී’ කාණ්ඩයෙන් එංගලන්තය, ප‍්‍රංශය, ආර්ජන්ටිනාව, අමරිකාව සහ ටොන්ගා යන රටවල් ‘ඞී’ කාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, වේල්සය, ජෝජියාව, ෆීජි සහ උරුගුවේ යන කණ්ඩායම්ද තරග වදිනු ලබයි.
 
 1987 වසරේ පළමු වරට ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම වරක් කුසලාන දිනා ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ. ඔවුන් 1987, 2011 සහ 2015 වසරවලදී ශූරතාව දිනා තිබේ. මීට අමතරව දකුණු අප‍්‍රිකාව (1995, 2007), ඔස්ටේ‍්‍රලියාව (1991, 1999) සහ එංගලන්තය (2003) ඉතිහාසයේ රග්බි ලෝක කුසලාන දිනා ගැනීමට සමත්ව තිබේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles