Divaina - ක‍්‍රීඩා ඇමැතිවරුන්ට නොතේරෙන ක‍්‍රිකට් 'බයිලා'

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 cri


 අසේල විතාන
 
ශ‍්‍රී ලංකාවේ ධනවත්ම ක‍්‍රීඩා සංගමය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයය. ඩොලර් පිටින් ක‍්‍රිකට් වෙත එන මුදල් කන්දරාවට ලොල් වූ ඇතැම් පාර්ශ්ව විසින් දශක ගණනාවක් පුරා ක‍්‍රිකට් සුක්කානම කරකවන්නට ලයිසන් ගනු ලබය. ඒ ලයිසන් ගත් ඩ‍්‍රයිවර්ලා හරියට ක‍්‍රිකට් නමැති රිය ධාවනය නොකිරීමෙන් අළු යට ඇති ගිනි පුපුරු මෙන් ක‍්‍රිකට් ප‍්‍රශ්න කරළියට එමින් තිබේ.
 
 ඉකුත් සිව් වසර පුරා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට කළ ආයෝජන සියල්ලම ග`ගට කැපූ ඉනිමෙන් ඵල රහිත වෙද්දී ඒ කළ කී දේ වෙනුවෙන් වියදම් වූ ඩොලර් මිලියන දහස් ගණන් සුනාමියකට හසුව විනාශ වූවාක් මෙන් නන්නත්තාර විය. ජාතික කණ්ඩායමට ගෙනා ක‍්‍රීඩකයන් දුසිම් ගණනක් අයාලේ ගිය අතර පුහුණුකරුවන්ද නීරස වික‍්‍රමයක් කරමින් බ්ලැක් ලිස්ට් විය. නමුත් සද්භාවයෙන් කළ පරිපාලනයක් නම් එවැනි දේවල් සිදු නොවනු ඇතැයි ක්ෂේත‍්‍රයේ මාතෘකාවට බඳුන්ව තිබේ.
 
 තිලංග සුමතිපාල මහතා ක‍්‍රිකට් පරිපාලනයට දක්ෂයැයි සමහරෙක් පවසද්දී ඔහු ක‍්‍රිකට් විනාශ කළේ යැයි තවත් සමහරෙක් චෝදනා කරය.
 
 දේශපාලන පොර පිටිය මෙන් ක‍්‍රිකට් පරිපාලනයද පසුගිය දශක තුනක කාලයක සිට තුන් කට්ටුවක් අතර මාරු වෙමින් තිබේ. ඒ සුමතිපාල” රණතුංග සහ ධර්මදාස පාර්ශ්වයන් අතරේය. වත්මන් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු තිලංග සුමතිපාල මහතාට තාවකාලික ක‍්‍රිකට් තහනමක් පනවා ඇත්තේ 2016 වසරේ සිට ක‍්‍රිකට් වලට සිදුවූ අක‍්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් ලද පෙත්සමක් අනූවය.
 
 ක‍්‍රිකට්වල ඇති කුණු සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා ඇමැතිවරුන් වන ගාමිණී ලොකුගේ” සී.බී. රත්නායක” මහින්දානන්ද අලූත්ගමගේ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් හොදින් දනිය. නමුත් ඔවුන් කරන්නේද සුමතිපාල” ධර්මදාසට හෝ රණතුංග පාර්ශ්වලට ඇ`ගිල්ල දිගු කරමින් ඇමැතිකම කිරීම පමණි.
 
 හරීන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩා ඇමැතිවරයාද සිදු කරමින් සිටින්නේ ඒ නාටකයේම තවත් ජවනිකාවක. ඔහුට ක‍්‍රිකට් ඡුන්දය අඩු කිරීමට බැරිවිය. ලෝකයේ වැඩිම ක‍්‍රිකට් ඡුන්දය ඇති ක‍්‍රිකට් පරිපාලනය ඇත්තේ ලංකාවේ බව සැවොම හොඳින් දනිත. නමුත් ඕනෑම එකෙකුට සද්භාවයෙන් ක‍්‍රිකට් කරන්නට බැරි නම් ගෙදර යවන ඡුන්ද ක‍්‍රමයක් ඇති කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරුන් අපොහොසත් වීම මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පුරා දිවෙන එක්තරා කරුමයක.
 
 ක‍්‍රීඩා සංගම්වල ඡුන්ද ක‍්‍රමයයෙන් පළාත් සංගම්වලට බලය දී එතැනින් ඡුන්ද 20 ක් හෝ තෝරාගෙන ක‍්‍රිකට් ඡුන්දය පවත්වන්නේ නම් තුන් කට්ටුවක් අතර මාරුවන ක‍්‍රිකට් පරිපාලනයට තිත තබන බව එක් ක‍්‍රීඩා ඇමැතිවරයකුට හෝ නොතේරීමද කනගාටුවට කරුණක.
 
 ක‍්‍රිකට් වලින් අතුරුදන් වූ මුදල් සහ .ඞීල්. ගැසූ මුදල්වල චූදිතයන් වැරදි කරුවන් කිරීමට යන කාලය කොපමණදැයි අනුමාන කළ නොහැක. එය හරියට ඉඩම් නඩුවක් මෙන් දිග්ගැසෙන නඩු කටයුත්තක් බවනම් සැබෑය.
 
 විදෙස් රටවලින් පුහුණුකරුවන් ගෙන්වන්නේ ඩොලර් මිලියන ගණන් පඩි ගෙවාය. මීට වසර කිහිපයකට පෙර රුපියල් කෝටි තුනක පමණක මුදලක් වැය කරමින් දවස් කිහිපයක දකුණු අපි‍්‍රකානු හිටපු ක‍්‍රිකට් සභාපති හරූන් ලෝගාට් ගෙන්වා ක‍්‍රිකට් සැලැස්මක් සකස් කළේය. ඒ සැලැස්මද හමස් පෙට්ටියේය. මහේල” අරවින්ද” සංගක්කාර සහ සිදත්ලා තවත් සැලැස්මක් සකස් කළේය. එයද හමස් පෙට්ටියේ දමා තිබේ. මේවා ක‍්‍රිකට් ජවනිකා බවට පත් කරන්නේ පරිපාලකයන්ය. ක‍්‍රිකට් වලට අය.සී.සී.යෙන් ලැබෙන මුදල් අනූව රජයට ඒ වෙනුවෙන් කං කෙඳිරි ගෑමට අවශ්‍ය නැත. ඒ ක‍්‍රිකට් දුවන්නේ ජාත්‍යන්තර මුදල් නිසාවෙන. නමුත් මුදල් කාබාසිනියා වන්නේ නම් ක‍්‍රිකට් පරාජයන් වැලෙන් ගැලවීමට නොහැකි වනු ඇත. ඒ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශයට සෘජුවම ක‍්‍රිකට් යන්නේ කොයි අතටද යන්න පැහැදිලි කර ගත යුතුව තිබේ. කෝප් කමිටුව හමුවේ දැන් උත්තර බඳිමින් සිටින ක‍්‍රිකට් ලොක්කන්ට ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් ගන්නා ක‍්‍රියා මාර්ගය කුමක්ද යන්නත් සැවොම බලා සිටිත.
 
 ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු විසින් තිලංග සුමතිපාලට ඉදිරියේදී ක‍්‍රිකට්වලට සම්බන්ධ විය හැකි ක‍්‍රමවේදයන් සොයා බැලීමට ඉකුත් සතියේ ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මාසයක් ඇතුළත එහි වාර්තාව ක‍්‍රීඩා ඇමැතිවරයාට ලබාදිය යුතුය. වසර දහයක ක‍්‍රිකට් වල කී දේ සම්බන්ධයෙන් සොයා බැලීමටද කමිටුවක් පත්කළහොත් ඉදිරියේදී හෝ ක‍්‍රිකට් නන්නත්තාර වීම වලකා ගත හැකි වනු ඇත.
 
 මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් බහුතරයක්ම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති බව ප‍්‍රකාශ කළේය. පාකිස්තානය මිත‍්‍ර රාජ්‍යයක් බව සැබෑය. ඔවුන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි බවද සැබෑය. නමුත් ගිණිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බය යැයි කියමනක් තිබේ. එවන් තත්ත්වයක ජ්‍යෙෂ්ඨයන් ගත් තීරණය සැබෑය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන්ද පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත දන්වා තිබේ. ශ‍්‍රී ලංකා පිල පාකිස්තානයේ යන්නේ හොඳම 10 ක් ගෙදර තබාය. එහිදී දැනටත් ශ්‍රේණියේ පහළ සිටින ශ‍්‍රී ලංකාව යම් හෙයකින් තවදුරටත් පරාජයට තල්ලූ වුවහොත් පාකිස්තානය සතුටු කරමින් ශ්‍රේණියේ තවත් ලකුණු කපා ගැනීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇත. පරිපාලකයන් මේ සියල්ල ඥනාන්විතව කළමණාකරණය කළේ ඔවුන්ට ඇ`ගිල්ල දිගු නොවනු ඇත. වත්මන් පරිපාලනය දැන් සුමතිපාල පාර්ශ්වයෙන් වෙන්වී ගමනක් යන්නට සැරසෙන බවද මේ අතරවායේදී වාර්තා වේ. කෙසේ වෙතත් ක‍්‍රිකට් ඉදිරියේ කොයි අතටද යන්න අපි විමසිල්ලෙන් සිටිමු.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles