Divaina - ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා... දේශීය ක‍්‍රීඩාවේ විශ්වකෝෂය බඳු ගුණතිලකයන්ගේ 'ඇතැන්ස් සිට රියෝ දක්වා' ගමන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


  sp
 
 ප‍්‍රියන්ත සූරසේන
 
ක‍්‍රීඩා මාධ්‍යවේදය සහ ග‍්‍රන්ථකරණය සඳහා ජාතික සහ ජාත්‍යන්තර සම්මාන දිනූ” .දිවයින. පුවත්පතේ සමාරම්භක ක‍්‍රීඩා කර්තෘ සහ හිටපු සම කර්තෘ අසෝක ගුණතිලක සේවයෙන් විශ‍්‍රාම ගිය ද” දේශීය ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයට ඔහු සිය දායකත්වය තවදුරටත් ලබා දෙමින්” දැන් ක‍්‍රීඩා අමාත්‍යාංශ අනුබද්ධිත ජාතික ක‍්‍රීඩා සභාවේ සාමාජිකයකු වශයෙන් අනුපමේය සේවයක් ඉටු කරමින් සිටිය. දේශීය ක‍්‍රීඩාවේ විශ්වකෝෂය බදු අසෝක ගුණතිලකයන්ගේ අදාළ දායකත්වයේ තවත් පියවරක් වශයෙන් පසුගියදා .ඇතැන්ස් සිට රියෝ දක්වා - 1896 සිට ඔලිම්පික් පිටියේ අපූරු කතන්දර. නමින් කාතියක් එළි දැක්වූවා.
 
 එම ග‍්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවේදී .කෙළි පද සරණිය - English - Sinhala Sports Dictionary' නම් වූ විෂයය පථ ක‍්‍රීඩා ශබ්ද කෝෂයක් ද හෙතෙම ජනගත කළා. කෙළි පද සරණිය” ක‍්‍රීඩා ශබ්ද කෝෂය ශ‍්‍රී ලංකාවේ බිහිවූ පළමු ක‍්‍රීඩා ශබ්ද කෝෂය වශයෙන් ද වාර්තා පොතට එක් වෙනවා. එවන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා මාධ්‍යවේදී අසෝක ගුණතිලක සමග අප පැවැත්වූ සංවාදයකි මේ.
 

ප‍්‍රශ්නය - දේශීය ක‍්‍රීඩාව වෙනුවෙන් අනුපමේය මාධ්‍ය මෙහෙවරක නිරත වූ ඔබ” සිංහල භාෂාවෙන් ක‍්‍රීඩා ග‍්‍රන්ථ හතරකුත්” ඉංග‍්‍රීසි භාෂාවෙන් ග‍්‍රන්ථ හතරකුත් ලියා වෙනත් ක‍්‍රීඩා මාධ්‍යවේදියකු නොකළ තරම් මෙහෙයක් ඉටුකර තිබෙනවා. මේ ගැන මුලින්ම කතා කළොත්...?
 
 පිළිතුර - මගේ පූර්ණ මාධ්‍ය ජීවිතයට අවුරුදු 40 ක් විතර වෙනවා. ඉන් පූර්ණ කාලීන ක‍්‍රීඩා මාධ්‍යවේදියකු වශයෙන් අවුරුදු 32 ක් පමණ කටයුතු කළා. එම කාලයේදී ඔලිම්පික් තරගාවලි හයක් ඇතුලූව” ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග සහ උත්සව 50 ක පමණ වාර්තා ලියුවා. එමගින් උගත් දේ අප‍්‍රමාණය. ලැබූ අත්දැකීම් අප‍්‍රමාණය. ඉතින් මට හිතුනා මේ උගත් දේ සහ අත්දැකීම් කොහේ හෝ තැනක සටහන්ව තැබුවොත් හොඳයි කියලා. එතැනයි මේ ගමනේ ආරම්භය.
 
 ප‍්‍රශ්නය - වසර 124 ක් වයසැති (1896 - 2020) නූතන ඔලිම්පික් තරගාවලියේ සිට පැවැති රියෝ ඔලිම්පික් තරගාවලිය දක්වා කාල පරාසයේ සිදුවූ” විවිධ සිද්ධීන් .ඇතැන්ස් සිට රියෝ දක්වා. මෙම ග‍්‍රන්ථයෙහි අඩංගු වෙනවා. මෙම ග‍්‍රන්ථය ලිවීමට ඔබ අදහස් කළේ ඇයි?
 
පිළිතුර - ඔලිම්පික් කියන්නේ මහා පරිමාණයේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක්. මාධ්‍යයේ අපට එය .සප්ත සාගරයටත් වඩා විශාල. ප‍්‍රවෘත්ති අවකාශයක්. සෑම තත්පරයකදීම ප‍්‍රවෘත්තියක් උපදිනවා... එහෙත්” ඒ ඕනෑම අවස්ථාවක් හෝ සිද්ධියක් ගැන දැන ගැනීම හෝ කියැවීමේ ආරම්භයට වැය වන්නේ තත්පරයක් වගේ කාලයක්. හෙවත් කොම්පියුටරයට නියත අණ දුන්නාම ඒ විස්තර සියල්ල අඩුවක් නැතිව ලබාගන්න පුළුවන්. ඒත් බොහෝවිට වැඩි අවධානයට පාත‍්‍ර නොවූ ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා එකසිය ගණනක් මෙයට ඇතුළත් කළා. ආදරය” වෛරය” වර්ජන” තර්ජන” ගර්ජන” පැන යෑම්” විධාන” මිනීමැරුම්... ගැනයි එමගින් කියැවෙන්නේ.. එයට අමතරව පැවැති සෑම ඔලිම්පික් තරගාවලියකට සංක්‍ෂිප්ත වාර්තාද අඩංගු කළා. පිටු සංඛ්‍යාව 400 ක් පමණ...
 
 ප‍්‍රශ්නය - තරගාවලි පිළිබඳ සංක්‍ෂිප්ත දත්ත වාර්තා සැපයීම” ග‍්‍රන්ථයෙහි මූලික ඉලක්කයට පටහැනි නොවේද?
 
 පිළිතුර - නැහැ. .හැමෝටම කොම්පියුටර් නැහැ.” යන කෝණයෙන් බැලූවොත්...?
 
 ප‍්‍රශ්නය - 2015 වසරේදී ඔබ විසින් එළිදක්වන ලද .පළමුවෙනියා. සහ 'Legends All' - ග‍්‍රන්ථ දෙකට ජනාධිපති සම්මාන ලැබුණා. ඒ ගැන කථා කළොත්...?
 
 පිළිතුර - අපේ රටේ ක‍්‍රීඩා ඉතිහාසය කියවා බලනකොට.. සක්සුදක් සේ පැහැදිලි කරුණක් ඉස්මතු වෙනවා. ඒ අපිටත් මේ ක්‍ෂේත‍්‍රයේ පථාක යෝධයන් ඉන්න බව. එම පිරිසටත් ඉතිහාසයේ තැනක් තිබිය යුතුයි කියන අදහසිනුයි එම පොත් ලියුවේ. අවසානය කියන්නේ... ඉතිහාසයට එක් කළ එම පිරිසෙන් තුන් දෙනෙක් විතරයි මගේ වෑයමට ස්තුති කළේ.
 
 ප‍්‍රශ්නය - ඔබ ශ‍්‍රී ලංකාවේ සිටින ක‍්‍රීඩා මාධ්‍යවේදින් ගැන බැලූවොත්” ඔබ ක‍්‍රීඩාව සම්බන්ධ මාධ්‍යකරණයෙන් ඔබ්බට ගිය ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම වැඩිම ඔලිම්පික් තරගාවලි හයක් එක දිගට නියෝජනය කළ එකම මාධ්‍යවේදියාත් ඔබය. මෙම ඔලිම්පික් තරගාවලිවලදී ඔබට දකින්න ලැබුණ විශේෂ සිද්ධීන් මොනවාද?
 
 පිළිතුර - අනිවාර්යයෙන්ම. මෙම සෑම ඔලිම්පික් තරගාවලියක්ම අමතක කරන්න බැහැ. වසර 2000 සිඞ්නි තරගාවලිය ඒ අතරින් විශේෂය. එම තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර 200 ලෝකඩ පදක්කම (පසුව රිදී පදක්කම උසස් කරන කරන ලදී.) දිනපු වෙලාවේ ශ‍්‍රී ලංකා කඳවුරේ පැවැති සතුටු වාතාවරණය වචනයෙන් කියන්න බැහැ. සතුටේ උන්මාදය දෝරේ ගලා ගියා. මම හැකි ඉක්මනින් සුසන්තිකාට සුභ පතලා” ඉන් පසුව ඇති වුණ තත්ත්වය පැත්තකට වෙලා එකින්” එකට නිරීක්‍ෂණය කළා. ඒ ආශ‍්‍රයෙන් මම .දිවයින. පුවත්පතට ලියපු කථාවට කිසිදා නොසිතූ ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒත් ශ‍්‍රී ලංකා මාධ්‍යයට එවැනි අවස්ථාවක් ලැබෙන්න තව කොච්චර කල් යයිද?
 
 ප‍්‍රශ්නය - ඉදිරියට ඔබ ක‍්‍රීඩාව වෙනුවෙන් තවත් ග‍්‍රන්ථ ලියන්න බලාපොරොත්තු වෙනවාද? ඒ මොනවා ද?
 
 පිළිතුර - අපේ රටේ” පොත් ලියනවා කියන්නේ එක්තරා මාෆියාවක සුභ සිද්ධිය සඳහා මුක්කු ගැසීමක් පමණය. හුඟදෙනෙක් පොත් කතුවරුන් ගේ රීරි මාංස උරා බොනවා. අවුරුදු ගාණක් දුෂ්කර ක‍්‍රියා කරලා ලියන පොතකට ගෙවන්නේ 10% ය. හැමෝම නොවෙය. අපේ වෙහෙස අගයන මහත්වරුත් ඉන්නවා. අපේ මෙම ප‍්‍රශ්නයට ක‍්‍රීඩා අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය. ක‍්‍රීඩා සාහිත්‍ය ගැබ් ගන්නත්” දිනෙන් දින වැඩෙන්නත් කිසියම් පිළිගත් ක‍්‍රමයක් ඇති කළ යුතුය. කතුවරුන්ට මුල්‍ය අනුග‍්‍රහය සැපයීම වගේ...
 
 ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට සම්බන්ධ වෙමින් සිටින ආධුනිකයන්ට” ආධුනික ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා මාධ්‍යවේදියකු හැටියට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
 
 පිළිතුර - කෙටියෙන්ම කියතොත්” එක්තරා කියමනක් තියෙනවා” .නුඹ කියවන්නෙක් නොවෙයි නම්” නුඹ ලියන දෙය අනෙකා කියවන්නේ නැහැ. කියා. දැන් මාධ්‍යය ඉතාම තරගකාරිය. මෙම තරගකාරි පිටියේ තමන්ට නමක්” අනන්‍යතාවයක් සකසා නොගත්තොත්” ඔහු හෝ ඇය පාවෙන පඬරැලක් වෙන එක නම් නිසැකය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles