Divaina - කොමිටලේ කචල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
 sp2
 
එක අම්මගේ දරුවො වගේ කොමිටලේ රන් කරපු උන්දැලා දැන් කල්ලි ගැහිලලූ. ඔටුන්න නැති වුණත් කොමිටලේ රජා වගේ හිටපු සුමැටි ලොක්කට දැන් ඉන්න ලොක්කත් ඕං ඔරවන්න පටන් අරන් කියලා තමා ආරංචි. මේ අලකලංචි මැද්දෙ ලාහෝර් යන්න හිටපු සීනියර්ස්ලාත් ස්ට‍්‍රයික් කොරලා. අනේ මන්දා... කාලෙන් කාලට කොමිටලේට එන වසංගත ලෙඩ නිසා චියර් කොරන උන්දැලැටත් දැන් යකා තද වෙලා.
 
 කොමිටලේ තියෙන අලකලංචි ගැන හොයන එක තෙවැනි විනිසුරුගෙ හොබි එක නොවැ. ඕං කාලෙකට පස්සෙ තෙවැනි විනිසුරුට ආටා මල්ලිව මතක් වෙලා පාර්ක් එක පැත්තට ගියා සෙල්ලම ගැන විපරම් කොරන්ඩ.
 
 ..අයිබෝවන් සෑර්... මොකද මේ කාලෙකට පස්සෙ. මම හිතුවා සෑර් රට හැරලා ගොහින්වත්ද කියලා...
 
 ..ඒක නේන්නම් ආටා මල්ලි. රට හැරලා යන්න තමා දැන් වෙලා තියෙන්නෙ. අපි එන්ජෝයි කරපු සෙල්ලමත් දැන් ලෙල්ලම් වෙලා. පොලිටික්ස් මෑන්ස්ලා රට කනවා. ඒක නිසා පෙඞ්ඩක් පැත්තකට වෙලා හිටියා ආටා මල්ලි...
 
 ..සෑර් කොමිටලේ පැත්තෙ ආපු නැති ටිකේ ලොක්කො ලොක්කෝ ඇර ගන්නවා. මාර නිව්ස් තමා සෑර් ඒක ඇතුලෙ දැන් තියෙන්නෙ...
 
 ..ආටා මල්ලි කියන නිව්ස් මාත් මීඩියා එකෙන් දැක්කා. අනේ අම්මපා ආටා මල්ලි ඇත්තටම සුමැටි ලොක්කයි ශමී ලොක්කයි කා කොටා ගන්නවා කියන්නෙ ඇත්තක්ද?..
 
 ..සෑර් කියන්නෙ කොමිටලේ හිටපු ලොක්කන් කරපු සෙල්ලම් ගැන දැන් දියවන්නා ඔය පැත්තෙත් කතා වෙනවනෙ. ඒක නිසා ශමී ලොක්කා කුණු ගා ගන්නෙ නැතිව ගේම ගහන්න ට‍්‍රයි කොරනවා කියලා තමා ආරංචි. සෑර් කියන්නෙ මගෙත් එක්ක කොමිටලේ එවුන් හයර් යන කොට කියන්නෙ සුමැටි ලොක්කා කියන ඒවා ශමී චෙයාර්මන් කරන්නෙ නැහැ කියලා.
 
 .අම්මපා ආටා මල්ලි මේ සැට් එක එකටම උන්නේ..
 
 .ඒත් සෑර් යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියෙනවනේ. අර ඔසීවල මිරිඩියා ජොබ් එකක් කරන් හිටපු ගුරාගෙ කේස් එකට තමා ලොක්කො දෙන්න පටලැවිලා තියෙන්නෙ...
 
 ..ආටා මල්ලි අම්මපා ගුරු ආයෙත් ඔසීවලට ගියේ අවුලෙන්ද?..
 
 ..සෑර් කියන්නෙ ගුරාගෙන් වෙන
 
 කෙංගඩියක් නෑ කියලා තමා වටේ ඉන්න සැට් එක කියන්නෙ. කැප්ටන් කූල්ගෙ ෆිට් එකක් සුමැටි ලොක්කට සැට් කොරගන්ඩ ඕන නිසා වෙන්ඩ ඇතිලූ මිලියන ගාණකට මෙහෙට ගෙනල්ලා තියෙන්නෙ. ඕං ශමී ලොක්කා කන්ටැක් එක නවත්තලා ගුරාව ආයෙත් ඔසීම යවලා...
 
 ..ආටා මල්ලි හැබෑටම ශමී ලොක්කා මොකද්ද මේ කොරන සෙල්ලම...
 
 ..ඇයි සෑර් සුමැටි ලොක්කලා ශමී චෙයාර්මන්ලා එකට උන්නත් දැන් වෙන අලකලංචි වලට ෆේස් කොරන්ඩ වෙන්නෙ ශමී ලොක්කට නොවැ. ඒ නිසා එයා දැන් වෙන පරක ගේම ගහනවලූ. සුමැටි ලොක්කා වටේ හිටපු ගොට්ටො ටිකත් දැන් ශමී ලොක්කගේ කරේ එල්ලිලා කියලා තමා ආරංචි. කොහොමින් කොහොම වුණත් ගුරා කෝචින් එකේ ලොක්කා වුණත් එකට හිටපු පුෂ්පෙලා එහෙම නයි වයිරයිලූ. ඒ විතරක්යැ ඇන්ජි කොලූවලටත් ගුරාගෙ ඇක්ෂන් දිරවන්නෙ නැහැ කියලා තමා මට ආරංචි..
 
 ..ආටා මල්ලි දැන් ශමී චෙයාර්මන් තනි පාරක යන්නෙ සුමැටි ලොක්කට කොමිටලේ ඇතුළටවත් එන්න බැරි වෙන්න සෙල්ලම් ඇමැටි බකට් අදින නිසා වෙන්ඩ ඇති නේද...
 
 .සෑර් කියන්නෙ ඩොලර් කදු ගණන් නොවෑ ඔය කොමිටලේට මනී එන්නෙ. ඉතිං සුමැටි ලොක්කා එක කකුලක් පොලිටික් පැත්තෙයි අනෙක් කකුල කොමිටලේ පැත්තෙයි තියාගෙන හිටියට එයාගෙ තරු ගැලෙහුවාම ගොට්ටෝ වෙන සාක්කුවකට බහිනවා...
 
 ..ආටා මල්ලිට තමයි තේරුණේ...
 
 ..සෑර් මම ඉතිං කොමිටලේ ළ`ග පාර්ක් එකේ ඉන්න නිසා මේ අට මගල මට පට් පට් ගාලා ආරංචි වෙනවා. දැන් ඉතිං කොමිටලෙත් දෙදරලා ගිහින් සෑර්. ඒක නෙමෙයි සෑර් අපි ලන්ච් එකක් ගමු අද මගේ ගානේ. මොකද සෑර්ව කාලෙකින් නොවෑ මුරිච්චි වුණේ...
 
 .ඒක හොඳා ආටා මල්ලි අපි ලන්ච් ගන්න ගමන් චැට් එකක් දාමු...
 
 
 
 අවි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles