Divaina - ජර්සියේ නමට හිටපු කී‍්‍රඩකයන්ගේ විරෝධය... ගේල් එකට එයි... ‘‘සෙරීනා මව ගේ’’ පළමු ශූරතා සිහිනය බොඳ වෙයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

ජර්සියේ නමට හිටපු කී‍්‍රඩකයන්ගේ විරෝධය...

bettaleeටෙස්ට් කි‍්‍රකට් ජර්සියේ පිටුපස කී‍්‍රඩකයන්ගේ නම සහ අංකය සටහන් කිරීම තමන් හෙළා දකින බව හිටපු ප‍්‍රබල කී‍්‍රඩකයන් කිහිපදෙනකුම පසුගියදා සඳහන් කර තිබුණේය’ ඒ සඳහා මුලින්ම විරෝධය දක්වා තිබුණේ ඔස්ටේ‍්‍රලියාවේ බ්‍රෙට් ලී සහ ඇඩම් ගිල් කි‍්‍රස්ට්ය’ ඊට පසුව පකිස්තානයේ ෂොයෙබ් අක්තාර් ද ඒ ගැන විරෝධය පා තිබිණි’ අක්තාර් ඒ පිළිබඳව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයටද දන්වා තිබිණි’ එම තීරණය ආපසු හරවාගන්නා ලෙස අක්තාර් අයිසීසීයෙන් ඉල්ලීමක් කර තිබේ’ කී‍්‍රඩකයන්ගේ ජර්සිය පිටුපස නම සහ අංකය සඳහන් කර මෑත භාගයේ පැවැත්වුණු පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අළුබඳුන තරගාවලිය යටතේ පැවැත්විණි’ ඒ පිළිබඳව තමයි හිටපු කී‍්‍රඩකයන් මෙම විරෝධය දක්වා තිබුණේ’ අයිසීසීයෙන් දුන් එම අලූත් තීරණය මත ශී‍්‍ර ලංකා නවසීලන්ත තරගය ද පැවැත්වීමට සූදානම් කර තිබුණා’ පේ‍්‍රක්‍ෂකයන්ට කී‍්‍රඩයන් එකවර හඳුනා ගැනීම පිණිස තමන් මෙම තීරණයට එළැඹුණු බව අයිසීසිය සඳහන් තිබෙනවා’
 
 ඒත් ඒ පිළිබඳව බ්‍රෙට්ලී කියා තිබුණේ” ‘‘ඇයි මෙහෙම වෙනස්කම් කරන්නේ? කුමක්ද උවමනාව අපි අයිසීසීයේ වෙනස්කම්වලට කැමැතියි ඒත් මෙය කුමටද? මෙවර ඔබ වරදක් කර තිබෙනවා’ බ්‍රෙට් ලී ට්විටර් පණිවිඩයකින් එසේ කියා තිබෙනවා’ තවත් ට්විටර් පණිවිඩයකින් ඒ පිළිබඳව ප‍්‍රකාශ කරන ගි‍්‍රල් කි‍්‍රස්ට් මේ තීරණය විවේචනය කරන්න සිදුවීම කනගාටුදායකයි’ ඒත් එය සිදු විය යුත්තක් නොවන බව සඳහන් කර තිබෙනවා’
 
 ගේල් එකට එයි

gail1
 
 බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රවේගකාරී පිතිකරු ක‍්‍රිස් ගේල් පසු ගිය ඉරිදා වාර්තාවක් තැබුවා’ ඒ ඔහුගේ රට වෙනුවෙන් වැඩිම එක්දින තරග ලකුණු ලැබූ ක‍්‍රීඩකයා ලෙස’
 
 එම වාර්තාවට මීට පෙර හිමිකම් කියා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ බ‍්‍රයන් ලාරා’ ලාරා එක් දින තරග ලකුණු 10348 ක් හිමි කර ගෙන තිබුණා’ ගේල් ඉන්දියාවට එරෙහිව පසු ගිය ඉරිදා පැවැති තරගයේදී රැුස් කළ ලකුණු 11 ක් සමගින් ඔහුගේ මුළු ලකුණු සංඛ්‍යාව 10353 ක් බවට පත් වුණා’
 
 ඒ අනුව එතෙක් එම සටහනේ අංක එකට සිටි ලාරාව දෙවැනි තැනට පත් කරලා ගේල් අංක එකට ආවා’ ගේල් එම ලකුණු සංඛ්‍යාව සඳහා තරග 297 ක්ද ලාරා තරග 295 ක්ද ක‍්‍රීඩා කර තිබුණා’
 
 ගේල් එම සන්ධිස්ථානයට ප‍්‍රවේශ වූ අවස්ථාවේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ විනෝදබර සංගීතයද පේ‍්‍රක්‍ෂකාගාරවලින් ඇසෙන්නට තිබුණා’ කොහොම වුණත් පේ‍්‍රක්‍ෂකයන් ලාරාගේ එම වාර්තාව පළමුව අවබෝධ කර ගෙන තිබුණේ නැහැ’ එහිදී ඉන්දීය නායක කෝලි පේ‍්‍රක්‍ෂකයන් වෙත ඒ බව සංඥා කර අ`ගවා තිබුණා’ ඒ සම`ගම පේ‍්‍රක්‍ෂකයන් ගේල්ට ආචාර කරන්න පටන් ගෙන තිබුණා’ ගේල්ද ඔවුන්ගේ ආචාරය පිළිගෙන තිබුණු අතර සෙසු ඉන්දීය ක‍්‍රීඩකයන්ද අත්පොළසන් දෙමින් ගේල්ට ශුභාසිංශන පිරිනමා තිබුණි’
 
 ‘‘සෙරීනා මව ගේ’’ පළමු ශූරතා සිහිනය බොඳ වෙයි

seri
 
 ප‍්‍රධාන පෙළේ ටෙනිස් ශූරතාවයන් 23 ක් ජයග‍්‍රහණය කර ඇති ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් පසු ගියදා ආබාධයකට මුහුණ දුන්නා’ ඒ රොජර්ස් කුසලාන ටෙනිස් තරගාවලියේදී’
 
 එහි අවසාන තරගයේ පළමු වටයේදී ආබාධයක් නිසා ඇයට තරග බිමෙන් ඉවත් වෙන්න සිදු වුණා’ සෙරීනා කඳුළු සලමින් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටිනවා දුටු ඇයගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව බයානා ඇන්ඩි‍්‍රස්කු සෙරීනා ළ`ගට ගියා’ සෙරීනා හඬන අයුරින් ශෝකයට පත් බයානාත් කඳුළු සලමින් හඬන්න පටන් ගත්තා’ ‘‘සෙරීනා” ඔබ මාව හැඬෙව්වා’ ආබාධයකට ලක්ව තරගාවලියකින් ඉවත් වීමට සිදු වීම කොතරම් දුකක්ද කියා මා දන්නවා’ මා ජයගන්න සිටියේ මේ අයුරින් නොවේ’ ඔබ ඇත්තෙන්ම ලෝක ශූරියක්’
 
 19 හැවිරිදි බයානා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා’ ඇය කැනේඩියානු ජාතික ක‍්‍රීඩිකාවක්’ දරු සුරතල් විඳිමින් පසුව සෙරීනා
 
 සහභාගී වූ ප‍්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක අවසාන මහා තරගයකට පැමිණි ප‍්‍රථම වතාව මෙය වෙනවා’ මීට පෙර පැවැති විම්බල්ඞ්න් ටෙනිස් තරගාවලියේදීත් ඇයට ශූරතාවය දිනා ගන්න ලැබුණේ නැහැ’
 
 කුෂාන් සුබසිංහ

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles