Divaina - ටෙස්ට් ක‍්‍රිකට් ලෝක කුසලානයේ අඩුම සැලකිල්ල ශ‍්‍රී ලංකාවට

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


  sp

අසේල විතාන
 
එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන නිමා වී දින 17 කට පසුව එනම් අගෝස්තු මස 01 වැනිදා සිට ටෙස්ට් ක‍්‍රිකට් ලෝක කුසලාන කතන්දරය ඇරඹුණි. වසර දෙකකට ආසන්න කාලයක් ඇදෙන ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ ගැම්ම තවමත් පේ‍්‍රක්‍ෂකයන්ට දැනෙන්නට පටන් නොගත්තද ඒ සඳහා තරග වදින සියලූම කණ්ඩායම්වලට එහි වටිනාකම මේ වන විටත් ඇගට කා වැදී තිබේ.
 
 ලෝක කුසලාන පරාජයෙන් ගැලවී යන සායම යළිත් පාට දමා ඔප කරවා ගැනීමට සැලසුම් සකස් කරනවා වෙනුවට ටෙස්ට් ක‍්‍රිකට් ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන්ද ශ‍්‍රී ලංකාවද තම බර අවි මුවහත් කර ගත යුතුය. වසර දෙකකට ආසන්න කාලය තුළදී ශ‍්‍රී ලංකාවට ඇත්තේ ටෙස්ට් තරග 13 කි. එහි පළමු වැන්න නවසීලන්තය සමගින් ගාල්ලේදී ආරම්භ විය. පළමු ඉනිමේ මෙන්ම පූර්ණ ජයග‍්‍රහණයද අවසන් වටයට යෑමට මහෝපකාරී වේ. එබැවින් දැන් ටෙස්ට් තරගද පහසුවෙන් අතහැරිය නොහැක. ටෙස්ට් ලෝක ශූරතාවලියේ අඩුම තරග සංඛ්‍යාව ලැබී ඇත්තේ පාකිස්තානයට සහ ශ‍්‍රී ලංකාවටයි. එහි වැඩිම තරග ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාවට බෙදා දී තිබේ. සෑම කණ්ඩායමකටම සම තරග නොලැබීමද තරගාවලි සංවිධානයේ එක් අඩුපාඩුවකි. පළමු ඉනිමේ සහ පුර්ණ ජයග‍්‍රහණවලදී අඩුවෙන් තරග කරමින් ලබා ගන්නා ලකුණු ප‍්‍රමාණය වැඩි තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩා කරන කණ්ඩායමකට අභිබවා යා හැකි අවස්ථාව බහුලය.
 
 පිතිකරුවකුට තරගාවලියේ වීරයා වීමේ සම්භාවිතාවද තරග අඩුවන විට නොලැබී යයි. පන්දු යවන්නකුටද එසේය. වැඩි තරග ගණනක් ක‍්‍රීඩා කරන විට එක් ඉනිමකින් දෙකකින් හෝ තුනකින් ගොඩ යන ක‍්‍රීඩකයන්ට වටිනාම ඇගයීම ලැබේ. නමුත් සම තරග සංඛ්‍යාවක් නොමැතිවීමද ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවයේ එක්තරා කේදජනක අවස්ථාවකි.
 
 ටෙස්ට් ක‍්‍රීඩාව විහිළුවක් නොව. එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උත්තරීතරම තරග රටාවයි. එක්දින සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඔස්සේ පේ‍්‍රක්ෂකයන් ඒ වටා රොක් විය. ටෙස්ට් ක‍්‍රීඩාව දින පහක් බැලීමට පේ‍්‍රක්ෂකයන්ට විවේකයක් නොතිබුණද ලෝක කුසලාන සඳහා ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම හේතුවෙන් එම තරග ආකෘතියටද ජීවමානයක් ලැබී තිබේ. ටෙස්ට් ක‍්‍රීඩාවේ ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව (952) ලබා තිබෙන්නේ ශ‍්‍රී ලංකාවය. ටෙස්ට් ලොව වැඩිම කඩුලූ සංඛ්‍යාව (800) ලබා ඇත්තේ මුත්තයියා මුරලිදරන්ය. සනත් ජයසුරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා මෙරට ටෙස්ට් ක‍්‍රීඩාවේ බිහිවු පතාක යෝධයන්ය. ඒ අතරට ඒමට වත්මන් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා යන ක‍්‍රීඩකයන් උත්සහ කළ යුතුය. එවිට 2021 ටෙස්ට් කිරුළට ළංවීම අපහසු නැත.
 
 මීට පෙර ශ‍්‍රී ලංකාව 1998 දී ආසියානු ටෙස්ට් ශූරතාවයට සහභාවිය. පළමු වර ශ‍්‍රී ලංකාවට ආසියානු ටෙස්ට් ශූරයන් වීමට නොහැකි වුවද 2001 වසරේදී ඔවුන් ආසියාවේ ටෙස්ට් ශූරකාව දින ගත්තේය. සනත් ජයසුරියගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව එම තරගාවලියට සහභාගි වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු (1000)ලාභියා වූයේද සනත් ජයසූරියයි. වැඩිම කඩුලූ (18) ලාභියා මුරලිදරන් විය. නමුත් දැන් සනත් සහ මුරලිලා නොමැති කල ලෝක ශූරතාවයකදී ශී‍්‍ර ලංකාව ඔට්ටු වන්නේ කෙසේද යන්න පෙන්වීමට වත්මන් ක‍්‍රීඩකයන් වගබලා ගත යුතුය. ඊට හරියන ඔක්සිජන් පරිපාලනය සහ පුහුණුකරුවන් විසින් නොඅඩුව ලබා දුනහොත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඉදිරි ගමන පහසු වනු ඇත.
 
 2021 දක්වා දිවෙන ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාව සඳහා කණ්ඩායම් නවයක් තරග වදිනු ලබයි. ඒ ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වේ. වත්මන් ලොව ටෙස්ට් වරම් හිමි සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා සහභාගි වීමේ වරම් නොමැත.
 
 ටෙස්ට් ලෝක ශූරතාවයේදී ශ‍්‍රී ලංකාව නවසීලන්තය සමග ශ‍්‍රී ලංකාවේදී තරග 2 ක්, පාකිස්තානයේදී තරග දෙකක්, එංගලන්තය සමග ශ‍්‍රී ලංකාවේදී තරග දෙකක්, බංග්ලාදේශය සමග ශ‍්‍රී ලංකාවේදී තරග තුනක්, දකුණු අප‍්‍රිකාවේදී තරග දෙකක් සහ කොදෙව් ¥පත්වලදී තරග දෙකක් වශයෙන් ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරග 13 කට සහභාගි වේ. ශ‍්‍රී ලංකාව තරග 13 කට සහභාගි වුවද ඉන්දියාව එම කාලයේදී ලෝක ශූරතාව වෙනුවෙන් ටෙස්ට් තරග 18 කටත් ඔස්ටේ‍්‍රලියාව තරග 19 කටත් දකුණු අප‍්‍රිකාව 16 කටත්, එංගලන්තය තරග 22 කටත්, නවසීලන්තය තරග 14 කටත්, බංග්ලාදේශ තරග 14 කටත්, පාකිස්තානය තරග 13 කට සහ කොදෙව්වන් තරග 15 කට වශයෙන් සහභාගි වේ.
 
 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව හෝ ජයග‍්‍රහණයකින් කෙළවර කර ගැනීමට සමත් වුවහොත් ක‍්‍රීඩකයන්ගේ වැටුප ඩබල්ය. ඒ අූනූව ඔවුන්ට පරාජය නොවී සිටියහොත් මිලියනයක් පමණ ලැබේ. ලෝකයේ සෑම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුටම මේ හා සමාන මුදල් ලැබේ. නමුත් දිනුවත් පැරදුනත් දෙන එකම ගාන වෙනස් කිරීමද ක‍්‍රීඩකයන්ගේ උනන්දුවට වක‍්‍රාකාරව යම් උත්තේජනයක් ලැබෙන්නකි. ටෙස්ට් ක‍්‍රීඩාවෙන් ඔවුන් තවත් පොහොසත් වන විට ලැබෙන කීර්තිය සමග වැටුප තවත් ඉහළ යනු ඇත. අවශ්‍ය වන්නේ ටෙස්ට් ක‍්‍රීඩාව තේරුම් ගෙන ක‍්‍රීඩා කිරීම පමණි.
 
 වත්මන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ඉන්දියාවයි. එහි දෙවැනි තැන සිටින නවසීලන්තය සමග ශ‍්‍රී ලංකාව දැන් සටන් කරනු ලබයි. 2-0 කින් නවසීලන්තය දණ ගැස්සවීමට ශ‍්‍රී ලංකාව සමත් වුවහොත් ටෙස්ට් ශ්‍රේණියේ හය වැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉහළ යනු ඇත. ටෙස්ට් ශ්‍රේණියේ ඉහළ නැගීමද ටෙස්ට් ලෝක ශූරතාවට කදිම උත්තේජනයකි. නමුත් තණතීරුවල ඇද කුද හෝ වෙනත් නිදහසට කරුණු නොමැතිව ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට ක‍්‍රීඩකයන්, පරිපාලකයන් සහ පුහුණුකරුවන් එක මිටකට පැමිණියහොත් ටෙස්ට් ලෝක ශූරතාව ජය ගැනීම අපහසු නොවනු ඇත. ලෝකයේ හොඳම පාසල් ක‍්‍රිකට් ඇත්තේ ශ‍්‍රී ලංකාවේ. නමුත් දුර්වලම පළමු පෙළ ක‍්‍රිකට් ආකෘතියද ඇත්තේ ශ‍්‍රී ලංකාවේ. ඒ දෙකට මැදිව සිටින විටද ඉහළ යෑම තරමක් අපහසු බවද ක‍්‍රිකට් බළධාරීන් තේරුම් ගත යුතු තවත් කරුණකි.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles