Divaina - මුලත්, මැදත්, අගත් වරදවා ගත් ජාතික මහා කී‍්‍රඩා උළෙල - IV

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 krida
* කී‍්‍රඩාවට වැරදුණු තැන්- 20
 

 ලලිත් ගුණවර්ධන හිටපු ලේකම්, ජාතික කී‍්‍රඩා සභාව
 
ශ‍්‍රී ලංකාවේ කී‍්‍රඩා ව්‍යුහයට ගැලපෙන ජාතික මහා කී‍්‍රඩා උලෙලක් 1970 මාර්තු-අපේ‍්‍රල් මාසවල දී ප‍්‍රථම කී‍්‍රඩා අමාත්‍ය වී.ඒ. සුගතදාස මහතා විසින් පවත්වන ලදී. 1967 පටන් කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ආ කී‍්‍රඩා සංවර්ධන වැඩ පිළිවෙලේ ප‍්‍රගතිය පිළිබ`ද තක්සේරුවක් කිරීම මෙහි ප‍්‍රථම අරමුණ වූ අතර දෙවැනි අරමුණ වුයේ මෙම තරග පැවැත්වීමේ ප‍්‍රමුඛ වගකීම එක් එක් ජාතික කී‍්‍රඩා සම්මේලනවලට පවරා ඒවා ශක්තිමත් බවට පත් කිරීමයි.
 
 සුගතදාස මහතා ආරම්භ කළ අන්තර් ග‍්‍රාම සේවා තරග අන්තර් ප‍්‍රා.ආ.නි මට්ටමින් අවසන් විය. එතැන් සිට ඒවායේ ජයග‍්‍රාහකයන් ඉදිරියට ගෙන යාමේ වගකීම අදාල ජාතික කී‍්‍රඩා සම්මේලනවලට පැවරුනි. මෙම ජාතික සංගම් තමන්ගේ කී‍්‍රඩාවල මූලික තරග ඒ ඒ පළාත්වල පවත්වා අවසන් තරග කොළඹ පැවැත්විය යුතු යයි සංවිධායක කමිටුව තීරණය කරන ලදී. පිට පළාත්වල ව්‍යාප්තියක් නොමැති කී‍්‍රඩාවල අවසන් තරග ද කොළඹ පැවැත්වීමට තීරණය කරන ලදී. මෙම තරග පැවැත්වීම ස`දහා අවශ්‍ය මුල්‍යමය ආධාර කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් සපයන ලදී.
 
 මෙම උළෙලට පහත ස`දහන් කී‍්‍රඩා 37 ඇතුළත් විය. සැහැල්ලූ පන්දු කි‍්‍රකට්, නෙට්බෝල්, ෙ වාලිබෝල්, දාම් ඇදීම, බැඞ්මින්ටන්, බි‍්‍රජ්, රගර්, පාපන්දු, ටෙනිස්, මේස පන්දු, මෝටර් රථ කී‍්‍රඩා, මෝටර් සයිකල් ධාවනය, රුවල් ඔරු පැදීම, මලල කී‍්‍රඩා, ඔරු පැදීම, පාපැදි, බොක්සිං, දියමත ලිස්සීම, දුනු විදීම, කරාටේ, හොකී, එල්ලේ, ජූඩෝ, ජිම්නාස්ටික්, මල්ලව පොර, කැරම්, කාන්තා හොකී, පැසිපන්දු, සයිකල් රේස්, පිහිණුම්, කි‍්‍රකට්, මාර්ග ධාවන තරග, බැඞ්මින්ට සිට අපේ‍්‍රල් 06 දක්වා දිවයිනේ විවිධ පළාත්වල පවත්වන ලදී. මෙම තරග පැවති සතිය ‘ජාතික කී‍්‍රඩා සංදර්ශන සතිය ’ නමින් හ`දුන්වන ලදී. මෙම උළෙලේ පාපන්දු අවසන් වටයට පිවිසි වික්ටරි හා සෝන්ඩර්ස් කණ්ඩායම් ඒ ස`දහා තේරී ආවේ කලාප 8කට බෙදන ලද පාපන්දු ලීග 37ක දැවැන්ත මුලික තරග ගණනාවකින් පසුවය. හොකී තරගවලට කණ්ඩායම් 16ක් සහභාගි විය. මල්ලව පොර තරගවලට කී‍්‍රඩකයන් 260ක් සහභාගි විය. පැසිපන්දු තරගාවලියට කණ්ඩායම් 42ක් සහභාගි විය. සයිකල් පෝලෝ තරගය ප‍්‍රථම වතාවට කී‍්‍රඩා අමාත්‍යාංශ පිටියේ පවත්වන ලදී. මලල කී‍්‍රඩා තරගවලට විදේශීීය රටවල කී‍්‍රඩකයින් 20ක් සමග දේශීය කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 400ක් සහභාගි වී තිබේ. බැඞ්මින්ටන් තරග ස`දහා දිවයිනේ මධ්‍යස්ථාන 8ක් තුළ වයස16.14,12 න් පහළ වශයෙන් තරග පවත්වන ලදී. මේ හැරෙන්නට රාජ්‍ය සේවා, වෙළ`ද සේවා, ආරක්ෂක සේවා, ජනසතු සේවා හා වෙනත් සේවා වශයෙන් පස්කොන් තරග පෙළක්ද පවත්වන ලදී.
 
 මෙයාකාරයෙන් ආරම්භ කරන ලද ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සංවිධාන වගකීම ඒ ඒ ජාතික කී‍්‍රඩා සංගම්වලට පවරන ලද්දේ නගරබද සීමිත ක්ෂේත‍්‍රයකට සීමා වී තිබුණු ඔවුන්ගේ දර්ශන පථය තවදුරටත් රට තුළට ගෙන යාම ස`දහාය. මේ මගින් ජාතික කී‍්‍රඩා සංගම් තව තවත් ශක්තිමත් කිරීමත්, ඔවුන් ස්ථාවර පදනමක තැබීමේ අපේක්ෂාවක් ද විය. මෙම මාර්ගයේ තවදුරටත් ඉදිරියට ගියේ නම් මේ ජාතික කී‍්‍රඩා සංගම් මේ වන විට තම තමන්ට අයත් ස්ථිර කාර්යාල, කී‍්‍රඩා පිටි, කී‍්‍රඩාගාර ආදියෙන් සංවර්ධනය වී සිටීමට ඉඩ තිබුණි.
 
 එහෙත් ආණ්ඩු මාරුවත් සමග මේ සියල්ල කණපිට පෙරළී ගියේය. දේශපාලන කී‍්‍රඩා උළෙලක් හැටියට හංවඩු ගසන ලද මෙම කී‍්‍රඩා උළෙල අභාවයට ගියේය. දෙවන කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් 1972 දී ආරම්භ කරන ලද ප‍්‍රථම ජාතික මහා කී‍්‍රඩා උළෙල ලෙස හ`දුන්වන ලද කී‍්‍රඩා උළෙලට ඇතුලූ වූයේ මලල කී‍්‍රඩා, පාපන්දු, පිරිමි වොලිබෝල් පමණි, සෙසු කී‍්‍රඩා කිසිවකුගේ සෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිරිහෙන්නට පටන් ගත්තේය.
 
 වර්තමානයේ ජාතික කී‍්‍රඩා සංගම් කොතරම් අහේනියකට පත්ව ඇත්දැයි කිවහොත් නිලධාරි මණ්ඩලයක් තෝරා පත් කරගත් වහාම සිදු කරන්නේ ධවල මන්දීරයට පිණ්ඩපාතය ස`දහා වැඞීමයි. මේ මගින් සිය ජාතික තරග හා විදේශීය තරග මුදල් අහේනිය මග හරවා ගැනීම හැර වෙනත් කී‍්‍රඩා සංවර්ධන වැඩ පිළිවෙලවල්වල යෙදීමට ඔවුනට මගක් නැත. ජාතික කී‍්‍රඩා සංගම් දෙක තුනක් හැර අනෙක්වා ද්‍රරිද්‍රතාවයේ අඩියට බැස ඇත්තේ මේ අඥාන ජාතික කී‍්‍රඩා තරග ප‍්‍රතිපත්තිය නිසාය.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles