Divaina - මුලත්, මැදත්, අගත් වරදවා ගත් ජාතික මහා කී‍්‍රඩා උළෙල- III

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 krida


* කී‍්‍රඩාවට වැරදුණු තැන්- 19
 

 ලලිත් ගුණවර්ධන
 හිටපු ලේකම්
 ජාතික කී‍්‍රඩා සභාව


1967 දී කී‍්‍රඩාව රාජ්‍ය පාලනය යටතට ගත් අවස්ථාවේදී රාජ්‍ය බලධාරීන් කියා සිටියේ කී‍්‍රඩාව සංවර්ධනය කිරීම තනිකරම ක‍්‍රීඩා අමාත්‍යාංශයට කළ නොහැකි බවය. ඒ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් කී‍්‍රඩා පද්ධතිය තුළ කටයුතු කරගෙන යමින් සිටි අතර, පළාත් පාලන ආයතන ද කී‍්‍රඩා පිටි හා කී‍්‍රඩාගාර නඩත්තු කරමින් තරග පවත්වමින් සිටියහ. මේ ආකාරයෙන් ග‍්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ද ප‍්‍රජා මණ්ඩල පද්ධතිය හරහා කී‍්‍රඩා තරග පවත්වමින් සිටියහ. සෞඛ්‍ය අමාත්‍යාංශය ශරීර සුවතා වැඩ සටහන් කි‍්‍රයාත්මක කරමින් සිටියේය. මේ නිසා මෙරට කී‍්‍රඩා සංවර්ධනය මේ සියලූම ආයතන එකතුවෙන් සිදුවිය යුතුයි කියන දර්ශනය 1971 ගුණවර්ධන කොමිෂන් වාර්තාවට ඇතුළු විය.
 
 නමුත් ඉන් පසුව ආ කී‍්‍රඩා අමාත්‍යාංශ බලධාරීන් කී‍්‍රඩාව දියුණු කිරීම තනිකරම කී‍්‍රඩා අමාත්‍යාංශයට අයත් කාර්යයක් බවත් අන් ආයතනවල සහයෝගය අනවශ්‍ය බවත් කියමින් කටයුතු කළහ. දිවයිනේ ප‍්‍රථම කී‍්‍රඩා අමාත්‍යවරයා වූ සුගතදාස මහතා ආරම්භ කළ අන්තර් ග‍්‍රාම සේවා කී‍්‍රඩා උළෙලට මේ දර්ශනය ගැබ්ව තිබුණත් දෙවනුව පත් වී ආ නිලධාරීන්ගේ අඥාන තීරණ නිසා මෙම උළෙලේ අත්තිවාරම කඩා වැටුණි.
 
 මෙම කී‍්‍රඩා උළෙල ආරම්භ කිරීමට ප‍්‍රථම මෙරට කී‍්‍රඩා බලධාරීහු මෙරට කී‍්‍රඩා ව්‍යාප්තිය පිළිබඳ සංගණනයක් පැවැත්වූහ. මෙයට අදාළ වාර්තාවෙන් පැහැදිලි වූයේ මෙරට කී‍්‍රඩා ව්‍යාප්තිය නගරබද ස්ථරයට පමණක් සීමා වී ඇති බවයි. මේ නිසා කී‍්‍රඩාව ගමට ගෙන යාමට ගම් මට්ටමින් කී‍්‍රඩා සමාජ නොවූ නිසා ග‍්‍රාමසේවා මට්ටමින් මෙම තරග ආරම්භ කරන ලදී. මෙම තරගවලට එක් එක් ජාතික කී‍්‍රඩා සංගම් විසින් පවත්වන ජාතික කී‍්‍රඩා උළෙලවල 1,2, හා 3 ස්ථාන දිනාගත් තරග කරුවන්ට හා කී‍්‍රඩා කණ්්ඩායම්වලට තහනම් කරන ලදී. ගමේ කී‍්‍රඩකයන්ට කී‍්‍රඩිකාවන්ට ගමේම පරවීමට ඉඩ නොදී ඔවුන් ජාතික තලයට නැංවීම සඳහා ගත් මේ කි‍්‍රයා මාර්ගය අතිශයින් වැදගත් විය. කාලානුරූපි විය. මෙම උළෙල ජාතික වාර්තා බිඳ වැටෙන උළෙලක් බවට පෙන්වා ප‍්‍රධාන අමුත්තන් හැටියට පැමිණෙන ජාතික දේශපාලකයින්ගෙන් ලකුණු දමා ගැනීමේ පටු අරමුණ උදෙසා බිලි දීමේ ප‍්‍රතිඵලය වූයේ මෙම උළෙල ජාතික මට්ටමේ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විවෘත කර ඔවුන්ගේ දස්කම් පෙන්වන තවත් වේදිකාවක් බවට පත්වීමය.
 
 2001 වසරේ ලංකාවට ආ ඕස්ටේ‍්‍රලියානු ජාතික කී‍්‍රඩා විද්‍යාඥයෙකු වූ මහාචාර්ය බ්ලූම්ෆීල්ඞ් මෙම තරගාවලියේදී ගම්බද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජාතික මට්ටමේ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් එල්ලවන පීඩනය ඉවත් කළ යුතු බව කියා සිටියේය.
 
 එම කරුණු ගණනකට නොගත් කී‍්‍රඩා අමාත්‍යාංශය පැරැණි අඩි පාරේම ගමන් ගත්තේය. කී‍්‍රඩා අතින් නමක් ගෙන සිටි ති‍්‍රවිධ හමුදා කී‍්‍රඩා ශුරයන් ස්වකීය ගම් මට්ටමින් තරග වැද අවසානයේ ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ශුරතාවයන් දිනා ගත්තේ ගම්බද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කොකා පෙන්වමිනි. වර්තමානයේත් මෙම තත්ත්වය පැවතිය ද එකම ජාතික වාර්තාවක් බිඳ වැටෙන තත්ත්වයක නැත.
 
 2013 වසරේ නාවලපිටියේ පැවති ජාතික මහා කී‍්‍රඩා උළෙලට සහභාගි වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බහුතරයක් තමන්ට අයත් කී‍්‍රඩා පාවහන්, ට‍්‍රැක් සුට්, ගමන් බෑග ලබා ගැනීමෙන් පසු තරගවලට සහභාගි නොවී ආපසු ගම රට බලා ගියේ මෙම පීඩනය පුපුරා යාමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම උළෙලේ ඇතැම් තරග මූලික තරග නොපවත්වාම අවසන් කරන්නට මේ නිසා සිදුවිය.
 
 ග‍්‍රාම සේවා වසම් මට්ටමින් අරඹන ලද පැරණි කී‍්‍රඩා උළෙල අන්තර් උප දිසාපති කොට්ඨාස, අන්තර් පළාත් වශයෙන් සංවිධානය කරන්නට මුල සිට අග දක්වා වූ සංවිධායක මණ්ඩලයක් කී‍්‍රඩා අමාත්‍යාංශය සතුව තිබුණි. ප‍්‍රදේශීය ලේකම් කාර්යාලවලට පත් කරන ලද කී‍්‍රඩා නිලධාරීන්ද, දිස්ති‍්‍රක් කී‍්‍රඩා නිලධාරීන්ද. පුහුණුකරුවන්ද කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ සිටිි නිසා ඒකාබද්ධ සංවිධානයක් හැටියට කි‍්‍රයාත්මක වෙන ලදී.
 
 පළාත් සභා පිහිටුවීමත් සමග මෙම සංවිධානය සුණු විසුණු වී එම බලතල පළාත් සභාවලට පවරා දීමට සිදුවිය. කී‍්‍රඩා අමාත්‍යාංශයට සිදු වූයේ අවසන් ජාතික මහා කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීම පමණය. එම කාර්යය වත් හරියට කරන්නට ඔවුනට බැරිවිය.
 
 ජාතික මහා කී‍්‍රඩා උළෙල හා ආබද්ධ තරග සංවිධානය කිරීමේ වගකීම වසරින් වසර එක් එක් පළාතකට පවරා ඉන් නිදහස් වී කී‍්‍රඩා අමාත්‍යාංශය කී‍්‍රඩා සංවර්ධන කි‍්‍රයාදාමයන්වල නියැලිය යුතුය.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles