Divaina - ලෝක කුසලානයෙන් පසු සියලූ රටවල් සැලසුම් අලූත් කරද්දී ශ‍්‍රී ලංකාව පරණ බයිසිකලයේම නැග යයි.... ක‍්‍රිකට් හදන බාලගිරිදෝෂය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 

cricket
 

 
 අසේල විතාන
 
ලෝක කුසලාන කතන්දරය නිමා විය. කුසලාන දිනා ගත් එංගලන්තයත් අනුශූරයන් වූ නවසීලන්තයත් අවසන් මහා තරගයේ දැක්වූ සුපිරි ක‍්‍රීඩා විලාශය ඉතිහාසයට එක් වෙද්දී පරාජිත කණ්ඩායම් 2023 දී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන වෙනුවෙන් නව සැලසුම් සකස් කිරීම සැනෙකින් ආරම්භ කර තිබේ.
 
 ශ‍්‍රී ලංකාව තවමත් පරණ බයිසකලයේම නැග 2023 ට ලෝක කුසලානටත් යන්නට සැරසී ඇති බව පෙනෙන්නට තිබේ. පුහුණුකාර්ය මණ්ඩලයේ වෙනසක් නැත. ක‍්‍රිකට් හදන නව වැඩපිළිවෙළ කුමක්ද යන්න තවමත් හමස් පෙට්ටියේ ඇති සෙයකි. විවේචනයට බඳුන්වන චන්දික හතුරුසිංහට තවත් අවස්ථාවක් ලබාදීමට ක‍්‍රිකට් පාලකයන් සහ ක‍්‍රීඩා ඇමැතිවරයා උත්සහ කර තිබේ. ඒ බංග්ලාදේශය සමග මෙම මසදී පැවැත්වෙන එක්දින තරග තුන සඳහාද ඔහුට පුහුණුකරු තනතුර ලබාදීමයි.
 
 ශ‍්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමද නව පුහුණුකරුවකු සමග සංචාරයට එක්වේ. ඔවුන්ට ස්ථිර පුහුණුකරුවකු පත්කිරීමට කල් නොමැති බැවින් තාවකාලික පුහුණුකරුවකුට ශ‍්‍රී ලංකා සංචාරය භාරදී තිබේ. ලෝක කුසලානයේදී බංග්ලාදේශ ප‍්‍රධාන පුහුණුකරු වූ ස්ටීව් රෝඞ්ස්ගේ රාජකාරිය ඉදිරියට සෑහෙන්නේ නැති බව පවසමින් බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය ඔහු සමග සාකච්ඡුා කරමින් කොන්ත‍්‍රාත්තුව අතරමගදී නවතා දැම්මේය. නමුත් ශ‍්‍රී ලංකාවේ පුහුණුකරුවා ගුටි පිට ගුටි කෑවද තවත් මාස හයක් ‘ලජ්ජාවක්’ නැතිව ඉන්නා බව පවසයි. ක‍්‍රිකට් ලොක්කන්ට මෙන්ම ක‍්‍රීඩා ඇමැතිවරයාටද ලජ්ජාවක් නැති බැවින් ඔහුට තවත් අවස්ථාවක් ලබාදී තිබේ. ඒ තරගාවලිය ශ‍්‍රී ලංකාව දින්නොත් හතුරුට තවත් කල් රැඳී සිටීමට එය කදිම මුක්කුවක් වනු ඇත.
 
 ‘‘බංග්ලාදේශ සංචාරයෙන් පසුව ක‍්‍රිකට් පුහුණුකරුවන්ව ඉවත් කරනවා.’’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි. බංග්ලාදේශ තරගාවලියට තාවකාලික පුහුණුකරුවකු පත්කළේ නම් තත්ත්වය බලා ගැනීමට පුළුවන. නමුත් දැන් හතුරුට ගොඩ යන්නට තවත් පරීක්‍ෂණයක් බවට ඒ තරගාවලිය පත්වෙද්දී බංග්ලාදේශ පිල ශ‍්‍රී ලංකාවට එන්නේ ඔවුන්ගේ සුපිරි තරු ගෙදර තබාය. ඒ තරමටම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හෑල්ලූවට ලක්වී තිබේ.
 
 2015 වසරේ සිට 2019 වන තෙක් ශ‍්‍රී ලංකාවට හරි හැටි පුහුණුකරුවන්, ක‍්‍රීඩකයන් සහ නායකයන් තෝරා ගැනීමට නොහැකි විය. කණ්ඩායමද දෙකට තුනට කැඞී ගියේය. එංගලන්තය මෙවර ලෝක කුසලාන දිනුවේ 2015 දී බංග්ලාදේශය හමුවේ පරාජයෙන් පසුව දැඩි අධිෂ්ඨානයෙන් මෙම ලෝක කුසලානට ලෑස්ති වූ නිසාය. ඔවුන් ලෝක කුසලාන සටන ආරම්භ කළේ ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්වෙමිනි. ක‍්‍රිකට් මහත්වරුන් එහෙමය. නමුත් අපේ ක‍්‍රිකට් තවමත් අයාලේ යන්නේ හරි වේලාවට තීන්දු තීරණ ගැනීමට නොහැකි වීමෙනුයි. ක‍්‍රීඩා ඇමැතිවරයාද එංගලන්තයට ඇවිත් තරග නැරඹුවේය. නමුත් ඔහුටද ඇත්ත තත්ත්වය තවමත් තේරුම් ගැනීමට නොහැකිව තිබේ. තවත් මාස කිහිපයකින් අලූත් ආණඩු මාරු වීමට නියමිත බැවින් ක‍්‍රීඩා ඇමැතිවරයාද ඇස් පියා සිටිනවා විය හැක.
 
 ඇෆ්ගනිස්තානයද ලෝක කුසලානයෙන් පසුව කණඩායමේ නායකත්වය සහ පුහුණුකරුවන් වෙනස් කළේය. ඉන්දියාවද සිය පුහුණුකාර්ය මණ්ඩලය වෙනස් කරමින් අලූත් ගමනක් ඇරඹීමට සැලසුම් කරමින් සිටියි. නමුත් ශ‍්‍රී ලංකාවේ එසේ නොවීම කණගාටුදායකය.
 
 ලසිත් මාලිංග බංග්ලාදේශය සමග තරගාවලියෙන් පසුව එක්දින පිටියෙන් සමුගන්නා බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල්ට පවසා තිබේ. මාලිංග බංග්ලාදේශය සමග එක් තරගයකට පමණක් සහභාගි වීමට නියමිතය. නමුත් තේරීම් කමිටු සභාපතිවරයා තරග තුනම ඔහුට ක‍්‍රීඩා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. මාලිංග යනු චමින්ද වාස්ගෙන් පසුව ශ‍්‍රී ලංකාවේ වේග පන්දුවේ ඔටුන්න බාරගත් ක‍්‍රීඩකයාය. නමුත් ඔහු යන විට ඒ ස්ථානයට කිසිවෙක් නොමැත. ඉන්නා වේග පන්දු යවන්නන් ආබාධිත ලැයිස්තුවේ සිටියි. ක‍්‍රිකට් පරිපාලකයන් අවධානය යොමු කළ යුත්තේ මේ වැරැදි නිවැරදි කර ගැනීමටය.
 
 ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන වැන්නන් ලෝක කුසලාන සංචිතයට යෙදවූ ක‍්‍රිකට් තේරීම් කමිටුවද හරිනම් ගෙදර යා යුතුය. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලේ නායකයා සහ තේරීම් කමිටුව ඉල්ලා අස්විය. නමුත් අද අස්කරගත් අස්වෙන්නේ නැති අය ක‍්‍රිකට් වටා සිටීමද එක්තරා කරුමයකි.
 
 2015 න් පසු මෙරට කි‍්‍රකට්වලට පාත් වූ හෙනහුරාගේ තරම නොදැන යළිත් ඉදිරියට ක‍්‍රිකට් ඉදිරියට යන්නේ නම් 2023 ලෝක කුසලාන සහභාගිත්වයත් අවිනිශ්චිතය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles