Divaina - එංගලන්තය දිනපු සැලැස්ම... සුපිරි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ ජොෆ්රා ආචර්ගේ ආගමනය.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 england
එංගලන්තය සිව් වසරක් පුරා දැඩි කැපවීමක් ලෝක කුසලාන වෙනුවෙන් සිදුකළ කණ්ඩායමකි. එහිදී කණ්ඩායමේ එකමුතුකම සහ තරග ජයගැනීමේ ක‍්‍රමවේදයන් දිනෙන් දින අධ්‍යනය කරමින් ඔවුන් මුවහත් විය.
 
 ‘‘අපි 2015 දී බංග්ලාදේශයට පරාජය වුණාට පස්සෙ සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. කණ්ඩායමක් වශයෙන් ගොඩක් සාමූහිකව ඉදිරියට ආවා.’’ යැයි එංගලන්ත නායක ඔයින් මෝගන් පවසයි.
 
 එංගන්ත කණ්ඩායමට ක‍්‍රීඩා කළ කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුම විදෙස් ජාතිකයන්ය. නමුත් ඔවුන් නීත්‍යානුකූලව එංගලන්ත පුරවැසියන්ය. එංගලන්තයේ ක‍්‍රිකට් සැලසුම කොතෙක්ද යන්න පැහැදිලි වුයේ සුපිරි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ ජොෆ්රා ආචර්ගේ ආගමනය විමසා බැලීමේදීය.
 
 ආචර් යනු බටහිර ඉන්දීය කොදෙව් හී බාබේඩෝස් හී උපත ලද තරුණයකි. වයස අවුරුදු 19 න් පහළ කොදෙව් සංචිතය නියෝජනය කළද ආචර්ට කොදෙව් කණ්ඩායමේ අවස්ථාවක් නොලැබුණි. ආචර් එංගලන්තයේ පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට පැමිණියේ විදෙස් ක‍්‍රීඩකයකු ලෙසය. නමුත් ඔහු පළමු පෙළ දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්තයේ පුරවැසිකම ලබාදීමේ මෙහෙයුම ඇරඹුණි. ආචර්ගේ පියා එංගලන්ත ජාතිකයෙකි. ඒ අනුව ඉකුත් නොවැම්බර් මස ආචර්ට එංගලන්තයේ පුරවැසිකම ලැබුණි. අපේ‍්‍රල් මස එංගලන්ත ලෝක කුසලාන කණ්ඩායමට ඔහුව නම් කරන විට කී‍්‍රඩා කර තිබුණේ එක්දින තරග තුනකි. ඇතැමුන් ආචර්ට විරුද්ධ වූහ. නමුත් ක‍්‍රිකට් දන්න එවුන් ඔහුට කැමැති වූහ. ආචර් අවශ්‍ය වෙලාවෙ වැඬේ කළේය. එංගලන්තය දිනුවේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles