Divaina - ධර්මසේනගේ හයට හැමෝම කැමැති වෙලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 darmasena


අසේල විතාන එංගලන්තයේ සිට


ලෝක කුසලානය නවසීලන්තයට හිමි නොවීමත් සමග කුමාර් ධර්මසේන විසින් ලබාදුන් ඕවර් ත්‍රෝ ලකුණු හය ජාත්‍යන්තරයේ රැව් පිලිරැව් දෙන්නට පටන් ගත්තේය. එහිදී ධර්මසේන අතින් වැරැද්දක් සිදුවූ බව ලෝකයට ප‍්‍රසිද්ධ කළේ ජාත්‍යන්තර විනිසුරු සයිමන් ටෆල්ය.

ඕවර් ත්‍රෝ නීතියේ අනුව පන්දුව යොමු කරන අවස්ථාවේ සම්පුර්ණ කර තිබෙන ලකුණු පමණක් සීමාව ඉක්මවා යන විට ලැබේ. නමුත් එදා සිදු වූයේ ස්ටොක්ස්ගේ පිත්තේ වැදී එය හතරේ සීමාව ඉක්මවා යන විට ඔහු සම්පුර්ණ කරමින් සිටියේ දෙවැනි ලකුණ බැවිනි. එම ලකුණද සම්පූර්ණ නොවී තිබීම සහ ඕවර් ත්‍රෝ නීතිය අනුව ධර්මසේන ගිරයට හසුවිය.

නමුත් ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වන්නේ ධර්මසේන අනෙක් අන්තයේ විනිසුරු සහ තෙවැනි විනිසුරුවරයාගේ දැනුම මත ලකුණු හය ලබාදුන් බවයි. එසේ වූයේ නම් විනිසුරුවන් තිදෙනාම ගස් යා යුත්තේ නීතිය නොදන්නා බැවිනි. නමුත් විනිසුරුවරුද මනුෂ්‍යයෝය.. ඔවුන්ට වරදින්නට පුළුවන.

‘‘එම තීන්දුව වැරදියි. විනිශ්චයේ දෝෂයක්. විනිසුරුවරයෙක් විදිහට එළියෙ ඉඳන් මෙහෙම විවේචනය කිරීමට සිදුවීමත් කනගාටුවක්.’’ යැයි ජාත්‍යන්තර විනිසුරුවරයකු වන සයිමන් ටෆල් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. නමුත් ධර්මසේන යනු ලොව අංක එකේ විනිසුරුවරයාය. ඔහුට සහය දැක්වූ අනෙක් විනිසුරුවන් ධර්මසේනව කඬේ යැව්වේද යන්නත් ප‍්‍රශ්නයකි. අයි.සී.සී.ය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරු කමිටුව සමග කෙසේ කටයුතු කරනු ඇතිද යන්නත් සැවොම බලා සිටිති.



විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles