Divaina - නවසීලන්තය හදවත් දිනා ගැනීම... ක‍්‍රිකට් නීතිරීති අනූව ජයග‍්‍රහණය එංගලන්තයට හිමිවිය යුතුයි කී... නවසීලන්ත නායකයා සැබෑ ක‍්‍රිකට් මහත්මයෙක්‌....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

kensනවසීලන්තය යනු පිට පිටම දෙවරක් ලෝක ක‍්‍රිකට් කුසලාන අතපොවන මායිමට පැමිණ පරාජය වූ කණ්ඩායමකි. 2015 දී සිදුවූ වරද මෙවර ඔවුන් නිවැරදි කර ගත්තද ඔවුන්ගේ කරුමයටම පාත්වූ ක‍්‍රිකට් නීතියක් හේතුවෙන් කුසලාන අහිමි විය.
 
 පන්දුවාර පනහේ තරගය දෙපිලම ලකුණු 241 ක් වශයෙන් අවසන් වෙද්දී සුපිරි ඕවරයද ලකුණු 15 බැගින් සමවිය. නමුත් වැඩිම සීමා පහරවල් (හතරේ පහර) එල්ල කළ කණ්ඩායමට කුසලාන පිරිනැමීමේ නීතිය අනුව ඔවුන්ට අනුශූරයන් වීමට සිදුවිය. එහෙත් නවසීලන්තයේ නිහතමානී ක‍්‍රිකට් හරඹය නිසා ලොව සියලූ ක‍්‍රිකට් රසිකයන්ගේ හදවත් දිනා ගැනීමට ඔවුන් සමත් විය.
 
 ‘මගේ රට වැසියන් මෙන්ම මමත් අවසන් තරගයේ ප‍්‍රතිඵලය දැකලා ගොඩක් කම්පාවට පත් වුණා. ඒත් අපි අපේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. ඔවුන් සියලූ දෙනාගේම හදවත් දිනා ගත්තා.’ යැයි නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරිය පැවසුවාය.
 
 නවසීලන්ත ක‍්‍රිකට් නායකයා පරාජයෙන් පසුව ඊට හේතු කමක්ද යන්න විවේචනය නොකළේය. ඔහු විනිසුරුව විවේචනය නොකළේය. ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා වූ කෙන් විලියම්සන් ලෝක කණ්ඩායමේද නායකයා විය. ‘‘ක‍්‍රිකට් නීති රීති අනූව ජයග‍්‍රහණය එංගලන්තයට හිමිවිය යුතුයි. පාලනය කළ නොහැකි දේ ගැන කතා කර වැඩක් නැහැ.’’ යැයි නවසීලන්ත නායකයා පවසන්නේ සැබෑ ක‍්‍රිකට් මහත්මයකු ලෙසිනි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles