Divaina - කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කඩා වැටීම - III කී‍්‍රඩාවට වැරදුණු තැන් -13

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

kri sanwardanaදෙවැනි කී‍්‍රඩා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත් කේ.බී.රත්නායක මහතා අනුරාධපුර දිස්ති‍්‍රක් පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයෙක් හා පාපන්දු විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කර තිබුණි. ඔහුත් කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්ව සිටි මඩුගල්ලේත් කී‍්‍රඩා අධ්‍යක්ෂ රාජකරුණාත් මෙරට කී‍්‍රඩා පරිපාලනය ඉදිරියට ගෙන යන අන්දම ගැන දැනුම්වත්ව සිටියේ නැත. එහෙයින් ඒ සම්බන්ධව උපදෙස් ගැනීම සඳහා වාර්තාවක් සකසා ගැනීමට දොස්තර එච්.එස්.ආර්.ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළේය. මෙම කොමිසමෙන් ඉල්ලා සිටි ප‍්‍රධාන කරුණු දෙක වූයේ 1. මෙරට ජාතික කී‍්‍රඩා සංගම් පාලනය කරන සැටිත් 2. ශ‍්‍රී ලංකාවේ කී‍්‍රඩාව දියුණු කරන සැටිත් කියා දෙන ලෙසය. උගන්වන ලෙසය.
 
 
1965-1970 අතර කාලයේ ජාතික කී‍්‍රඩා සංගම් ගැටලූ විසඳීම සඳහා කී‍්‍රඩා පනතක සහාය නැතිවම කටයුතු කිරීමට සුගතදාස මහතා සමත් විය. ඒ ඒ ජාතික කී‍්‍රඩා සංගම්වල ව්‍යවස්ථාව හා විනය කමිටු බලතල සහාය කර ගනිමින් දූෂිතයින්ට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන එමින් ඔහු සාර්ථක පරිපාලනයක නිරත විය. සුගතදාස මහතාගේ අයෝමය කී‍්‍රඩා සුදුසුකම් හමුවේ අගුටුමිට්ටන් වූ ජාතික කී‍්‍රඩා සංගම් නිලධාරීහු ඔහු දෙන උපදෙස් අකුරටම කි‍්‍රයාත්මක කිරීමට බැඳී සිටියහ.
 
 
දෙවනු කාර්යය වූයේ මෙරට කී‍්‍රඩා දියුණු කරන්නේ කෙසේද? යන්න ගැන සෙවීමයි. මේ සම්බන්ධව කිසිදු දැනුමක් නොලත් නිලධාරි පෙලැන්තියක් කී‍්‍රඩා අමාත්‍යාංශයේ නොසිටි බව මින් පෙනී ගියේය. එසේ සිටියේ නම් කී‍්‍රඩාව ඉදිරියට ගෙන යන පාර අහන්නට සිදුවන්නේ නැත.
 
 
කෙසේ වෙතත් දොස්තර ගුණවර්ධන මහතා මාස 8ක් ඇතුළත ඉදිරිපත් කළ සිය වාර්තාවෙන් මේ ප‍්‍රශ්න දෙකට විසඳුම් ලබා දුන්නේය. එවකට පැවති ජාතික කී‍්‍රඩා සංගම් අක‍්‍රමිකතා 14ක් හඳුනාගත ඒ මහතා ඊට අදාලව පවතින කාරණා සඳහා කී‍්‍රඩා පනතක අවශ්‍යතාවය නිර්දේශ කළේය. ජාතික කී‍්‍රඩා සංගම් පරිපාලනයේ දී ඒ සංගම් නිලධාරීන්ගේ ස්වේච්ඡා සේවා ගරුත්වය මරා නොදමන ලෙස ද කියා සිටියේය. 
 
 
මෙම කොමිසම නිර්දේශ කළ ආකාරයෙන් කී‍්‍රඩා පනත සකස් නොවීය. එම පනත අවියක් කර ගත් කී‍්‍රඩා බලධාරීන් ‘ එනු දුෂ්ටය- ගනු කඩුව ’ කියමින් ජාතික කී‍්‍රඩා සංගම් සමග ද්වන්ධවාත්මක සටන් වල යෙදුණු අන්දම පශ්චාත් කාලීන කී‍්‍රඩා ඉතිහාසය විමසන්නෙකුට පෙනේ. 
 
 
කී‍්‍රඩා අධ්‍යක්ෂ හා කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට දිගින් දිගටම පත් වූයේ කී‍්‍රඩා පිළිබඳ කිසිම සුදුසුකමක් නැති ශ‍්‍රී.ලං.ප.සේ නිලධාරීන්ය. ජාතික කී‍්‍රඩා සංගම්වල සිටියේ කී‍්‍රඩා අතින් උච්ච ස්ථානයක දැනුමක් ඇති නිලධාරීන්ය. මෙම ඇති-නැති දැනුම් පරතරය නිසා මෙම දෙපක්ෂය අතර ගැටුම් ඇතිවිය. 1984 වකවානුවේ කී‍්‍රඩා අධ්‍යක්ෂ වූ ඔලිවර් සිල්වා මහතාත් ජාතික ඔලිම්පික් කමිටුවත් අතර ඇතිවූ ගැටුම විසඳීමට කුරුඳුවත්ත පොලීසිය කැඳවීමට සිදුවිය. ජාතික ඔලිම්පික් කමිටුව සිල්වා මහතාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේ තමන්ට කී‍්‍රඩා පිළිබඳ දැනුමක් නොමැතිව මෙම ප‍්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නය. ඔහුගේ පිළිතුර වූයේ තමා ශ‍්‍රී.ලං.ප.සේ විශේෂ නිලධාරියෙක් ය යන්න පමණි. එවිට ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් කී‍්‍රඩාවලදී භාවිතා කරන රැකට් කිහිපයක් හා පන්දු කිහිපයක් පෙන්වා ඒවා හඳුනා ගන්නා ලෙස දැන්වීය. විවිධ කී‍්‍රඩා කණ්්ඩායම්වලට සහභාගිවන කී‍්‍රඩකයන් ගණන නම් කරන ලෙස දැන්වීය. ඒ එකකට වත් පිළිතුරු දීමට ඔහු අපොහොසත් විය. ඉතා මෑතක දී රගර් බෝලය රවුම් නැත්තේ මක්නිසාදැයි යන ප‍්‍රශ්නය ද මෙබඳු බලධාරියෙක් විසින් අසන්නට යෙදුනි. පසුකාලීන ජාතික කී‍්‍රඩා සංගම් නිලධාරීන් කී‍්‍රඩා දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩා සංවර්ධන සැලැස්ම කුමක්දැයි විමසු විට ලැබුණ පිළිතුර වූයේ ෆෙස්ටිවල් එක බවය. (ජාතික මහා කී‍්‍රඩා උළෙල) ඒවා පවත්වන්නට නීතිමය බලය ඇත්තේ ජාතික කී‍්‍රඩා සංගම්වලට බව කියා සිටි ඔවුහූ තමන්ගේ ජාතික කී‍්‍රඩා තරග මේ නිසා දෙවැනි ස්ථානයට පත්ව පිරිහෙන්නට පටන් ගෙන ඇති බව කියා සිටියහ. මෙම ජාතික සංගම් කියා සිටි කරුණු නිවැරදිය. රජය විසින් කළ යුත්තේ කී‍්‍රඩා සංවර්ධන සැලසුම් හඳුනාගෙන ඒවා නිසියාකාරව කි‍්‍රයාත්මක කිරීමයි. කී‍්‍රඩා තරග පැවැත්වීම ඕනෑම අට සමතෙකුට වුවත් කළ හැකි සරල කාර්යයක් බවත් තවදුරටත් කියා සිටි ඔව්හු ඒ සඳහා ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් කියා සිටියහ. 
 
 
මෙතැන් පටන් මෙම දෙපාර්ශ්වය අතර වූ ගැටුම තීව‍්‍ර වන්නට පටන් ගත්තේය. මෙම අවලස්සන කි‍්‍රයාදාමයන්ට මැදිහත් වීමට අකමැති වූ අවංක, සදාචාරගරුක, නීති ගරුක ජාතික කී‍්‍රඩා සංගම් නිලධාරීහු සිය තනතුරු අත්හළහ. මෙම තනතුරුවලට ඉන් පසු පත් වූයේ හොඳින් හෝ නරකින් සිය ඉල්ලීම් දිනා ගත යුතු යයි කියන ත‍්‍රස්තවාදීන් බඳු පිරිසකි. 1970 පටන් මේ දක්වා කී‍්‍රඩා අධ්‍යක්ෂ හා කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට වෘත්තීය නොවන ශ‍්‍රී.ලං.ප.සේ නිලධාරීන් පත් කිරීමෙන් ආණ්ඩුද මෙම ගැටුම් උච්ච ස්ථානයට පත් කර හත් පොලේ ගා ගත්තේය. මෙම දෙපාර්ශ්වය එකිනෙකා දෙස වෛරයෙන් බලමින් දිසා අධිකරණ ඉදිරියේ නඩු ගොඩගසන්නට පටන් ගත්තේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදිත්වයක් පෙන්නුම් කරමිනි.
 
 
ගුණවර්ධන කොමිසම සිය වාර්තාවෙන් මෙරට කී‍්‍රඩා දියුණු කිරීම නැගෙනහිර ජර්මන් මොඩලය අනුව කළ යුතු බව කියා සිටියේය. එම දර්ශනය තේරුම් නොගත් මෙරට කී‍්‍රඩා බලධාරීහු මෙරට කී‍්‍රඩා වැඩ සටහන් 1. ජාතික කී‍්‍රඩා තරග පැවැත්වීම 2. කී‍්‍රඩා භාණ්ඩ බෙදා දීම 3. කී‍්‍රඩා පිටි හා කී‍්‍රඩාගාර තැනීම වැනි ඉතාමත් සීමිත ක්ෂේත‍්‍රයක කොටු කර තැබූහ. අවුරුදු 49 ක් තිස්සේ කෙරෙන්නේ මේ සෙල්ලමයි.
 
 
කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නායකත්වය දිය යුත්තේ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරල්වරයාය. ඔහු ඒ තුළ කි‍්‍රයාත්මක කරන කී‍්‍රඩා වැඩ සටහන්වලට උපදෙස් දිය හැකි දැනුමැති මට්ටමේ චරිතයක් විය යුතුය. කාන්තාරයේ ඔටුවන් බැඳි තවලම් ගෙන කණ්ඩාමේ නායකයා අහසේ දිස්වන තරු දෙස බලා සිය කණ්ඩායම ඉදිරියට යන මග පෙන්වයි. එසේ සිදු නොවූ විට ඔටුවන් කලින්දා නවාතැන් ගත් ස්ථානයට ආපසු ගමන් කරයි. කී‍්‍රඩාවට වසර 49ක් තිස්සේ සිදුවී ඇත්තේත් මේ ටිකය. (මතු සම්බන්ධයි)
 
 
 
ලලිත් ගුණවර්ධන 
 
 
හිටපු ලේකම්
 
 
ජාතික කී‍්‍රඩා සංගමය

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles