Divaina - මානසික ආතතිය සමග ගහන ලෝක කුසලාන කි‍්‍රකට් සෙල්ලම... වැරදි නොකර ඉන්න කී‍්‍රඩකයන්ට ලැජ්ජාවක් සහ බයක් තියෙන්න ඕනෑ... ලසිත් මාලිංග කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

kri malingaක‍්‍රිකට් ලෝක කුසලාන යනු සිව් අවුරුද්දක් පුරා පදම්වී කළ එළි බසින මහා මංගල්‍යයක් වේ. එවැනි ලෝක කුසලාන තරගයකට ක‍්‍රීඩා කිරීමට වරම් ලබන සියලූම ක‍්‍රීඩකයෝද වාසනාවන්තයෝ වෙති. නමුත් එවැනි වාසනාවක් සමග මානසික ආතතිය හෙවත් මානසිකත්වය බිංදුවට වැටී ‘කුජීත’ වන ක‍්‍රීඩකයන් ඇත්නම් ඔවුන්ට යළිත් ජාතික කණ්ඩායමේ ස්ථාන වෙන්කිරීම ඥානාන්විත නොවනු ඇත.
 
 
2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිව් වරක් පුරා 2019 ලෝක කුසලානට ලක ලැහැස්ති වීමට හැකියාවක් නොතිබුණි. නමුත් ඒ පරණ කතාව වර්තමානයට වලංගු නොවන්නේ මෙවර ලෝක කුසලානට ගිය ශ‍්‍රී ලංකා සංචිතය අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේදී අත්දැකීම් අතින් පරිපූර්ණ කණ්ඩායමක් බැවිනි. ලෝක කුසලාන කණ්ඩායම් දහය අතරේ වැඩිම වයස සාමාන්‍ය ඇති ක‍්‍රීඩකයන් රංචුව සිටින්නේද ශ‍්‍රී ලංකාවේය.
 
 
මෙවර ලෝක කුසලාන ශ‍්‍රී ලංකාවට දිනා ගන්නවානම් දිනා ගත හැකි අශ්වයන් බැලූ බැල්මට සිටියි. ප‍්‍රශ්නය ඇත්තේ ඔවුන්ගේ මනස අවුල් වී පරාජයෙන් හෙම්බත් වී තිබීමයි. සෑම තරගයකම පරාජයෙන් පසුව ගහන ‘බයිලාව’ ඊළඟ තරගයේදී වැරදි හදාගෙන ඉදිරියට යන බවයි. එය පරාජයෙන් ගැලවීමේ අලූත් ක‍්‍රිකට් සුත‍්‍රය වේ. මාධ්‍ය හමුවේ මෙවැනි ‘බයිලා’ ගසන්නට දැන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ලැජ්ජාවක් තිබිය යුතුය. 
 
 
නවසීලන්තය සමග තරගයේදී ශ‍්‍රී ලංකා පිල නන්නත්තාර විය. නමුත් ඊළඟ තරගය ඇෆ්ගනිස්තාන තරගයයි. හොඳින් ආරම්භයක් ලබාගත් නමුදු මැද පෙළ පිතිකරුවන් මානසික කලබලයෙන් එක පිට එක කඩුලූ විසි කර දැමූහ. හරි පුහුණුවක් නැති අන්තර්ජාතික ක‍්‍රිකට් කෙළිය ගැන නොදන්නා ‘බබාලා’ මෙන් ඔවුන් කඩුලූ විසි කර දැම්මේය. නමුත් කුසල් පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ ලසිත් මාලිංගගේ කර මතින් ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන තරගය ජය ගත්තේය. කෙසේ වෙතත් හැමදාමත් කියන එකම බයිලාව ගැන ලසිත් මාලිංග අපූරු කතාවක් එංගලන්තයේදී සිදු කළේය.
 
 
‘අපි අවුරුදු දෙක තුනක් තිස්සෙ කියන්නෙ පරාජයක් වුණහම ඒක අමතක කරලා දාමු කියලා. එහෙම ක‍්‍රිකට් ගහන්න බැහැ. පැරදුනහම ඒ දේවල් ඉගෙන ගන්න ඕන. එහෙම නැතිව ඉස්සරහට යන්න බැහැ. මම ලෝක කුසලාන හතරක් ක‍්‍රීඩා කළත් හෙට තරගයේදී පීඩනයක් තියෙන්න ඕන. පීඩනයක් නැතිව ක‍්‍රිකට් ගහන්න බැහැ. පීඩනයක් නැතිව තමන්ට චකිතයක්, බයක් නැති ක‍්‍රීඩකයකුගෙන් සියයට සියයක් කණ්ඩායමට ලබාගන්න බැහැ. තමන් ළග තියෙන වැරැද්දක් තිබ්බහම හදාගන්න ඕන. පසුගිය කාලයේ වගේ මේක හදා ගන්නව ඒක අමතක කරමු කිය කියා ගියොත් හැමදාමත් මෙහෙම වෙන්නෙ. ක‍්‍රීඩකයන්ට බයක් සහ ලැජ්ජාවක් තියෙන්න ඕන. හැම ක‍්‍රීඩකයෙක්ටම ඒ ලැජ්ජාව සහ බය තියෙන්න ඕන තමන්ගෙ රාජකාරිය කරන්න ඕන කියලා. නැතිනම් ලංකාව වෙනුවෙන් 15 ක් තෝරලා තියෙන්නෙ නිකන් නෙමෙයි.’
 
 
‘තරගයකදී අයි.සී.සී ශ්‍රේණියේ අංක එකත් දහයත් එකයි. මොකද තරගය පටන් ගන්න කොට කාටවත් ලකුණු පුවරුවේ ලකුණු සහ කඩුලූ නැහැ. අවශ්‍ය වන්නේ ඒ තරගයේදී හොඳට ක‍්‍රීඩා කිරීමයි. අපේ කණ්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ට ක‍්‍රීඩා කරලා තියෙන තරග ඇති ඔවුන්ගේ අත්දැකීම් මේ තරගාවලියට. අනිත් කණ්ඩායම අපිට මොනව කරන එකද නෙමෙයි වැදගත් අපේ ඉන්න කට්ටියත් එක්ක අපිට කරන්න පුළුවන් දේ ගැන අවධානය යොමු කරන එක තමයි වැදගත්.’ ලසිත් මාලිංගගේ කතාව මෙරට සාමාන්‍ය ජනතාවට මෙන්ම මහ මොළ ඇති ක‍්‍රිකට් ඔස්තාර්ලාටද වැටෙන සත්‍යයකි.
 
 
ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිය සරු සාර කර ගැනීමට තවත් ශ‍්‍රී ලංකාවට තරග හතක් ඉතිරිව තිබේ. කෙසේ වෙතත් පරාජයේ මානසිකත්වයෙන් එළියට පැමිණීමට ඇෆ්ගනිස්තාන් තරගයේ ජය රුකුලක් විය. පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එම ජයග‍්‍රහණයෙන් පසුව තම කණ්ඩායමට ලැබුණු තණතිලි සම්බන්ධයෙන්ද දෝස් මුරයක් නැගුවේය. එය සැබෑය. ශ‍්‍රී ලංකාවට ලැබුණු තණතීරු අනෙක් කණ්ඩායමට ලැබුණු තණතීරුවලට වඩා වෙනස්ය. නමුත් වැටී ඇති පිතිකරු නඩයකට එවැනි තණතීරුවලදී නැගිටීම ද අපහසු බව සත්‍යයකි. 
 
 
‘‘අපි ගහපු තණතීරු දෙකම එක්දින තරග ගහන්න පුළුවන් තණතීරු නෙමෙයි. පුහුණු තරගත් එක්ක බැලූවහම අපි තරග හතරක් විතර ගහලා තියෙනවා. හැබැයි අනිත් අය ගහපු තණතීරු බැලූවහම අපිට ලැබිලා තියෙන තණතීරු වෙනස්. මේ ජයග‍්‍රහණයත් එක්ක හොඳ තණතීරුවක් ආපු ගමන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එයි කියලා විශ්වාස කරනවා.’’ යැයි චන්දික හතුරුසිංහ පවසයි.
 
 
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කර ඇති වැරදි පසුගිය මාස සහ අවුරුදුවලින් ගතහොත් ටොන් ගණන්ය. ඒවා නිවැරදි කරමින් යළි අළු ගසා නැගී සිටීමට ඉතිරි තරගවලදී ඔවුන් උත්සහ කළ යුතුය. මාලිංග පවසන ලැජ්ජාව සහ බය දෙකම තිබුණහොත් ඔවුන් වැරදි නිවැරදි කර ගනු ඇත. ලෝක කුසලාන ඉදිරි තරගවලදී එය කෙසේද යන්න පිළිබිඹු වනු ඇත.
 
 
අසේල විතාන
 
එංගලන්තයේ සිට


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles