Divaina - නොනිමෙන පහන (38 න් 39 ට)

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

sun Copy

දිවයින අද සිය ජීවිතයේ 38 වැනි අවුරුද්ද පසුකර 39 වැනි අවුරුද්දට පා තබන්නේය. නූතන මනුෂ්‍යයා සිය ජීවිතයේ 39 වැනි අවුරුද්දේදී හතළිස් ඇඳිරියට සූදානම් වෙයි. හතළිස්වන අවුරුද්දේ සිට විඳින්නට සිදුවන හන්දිපත් රුදාව, දුර පෙනීම ළඟ නොපෙනීම (දුර දෘෂ්ටිකත්වය) ළඟ පෙනීම - දුර නොපෙනීම (අවිදුර දෘෂ්ටිකත්වය) ගැස්ට‍්‍රයිටිස් හෙවත් අම්ලපිත්තය, පුරස්ථිත ග‍්‍රන්ථි ප‍්‍රදාහය, අර්ශස්, ගර්භාෂ දෝෂ ඇතුළු අට අනූවක් රෝග සහ අට අනූවක් ව්‍යාධිවල ලක්‍ෂණ ඔහු/ ඇය කෙරෙන් විiමාන වෙයි. පත්තරයක හතළිස් අවුරුද්දක් අසූ හැවිරිදි මිනිසකුගේ ජීවිතය හා සමානය. මිනිසකු අසූ හැවිරිදි වියට පත්වන විට හොඳටම ගුටිකා අවසන්ය.
 
 හතළිස්වන වයසේ තිබුණාක් මෙන් ලෙඩ රෝග දෙගුණයක් අසූ හැවිරිදි වයසේදී ඇත. එහෙත් දිවයිනට අදටත් කිසිදු රෝගයක් නැත. මෙයට අවුරුදු 39 කට පෙර ළදරුවකු ලෙස නොව ජවසම්පන්න තරුණයකු ලෙස දිවයින පුවත්පතේ ශක්තිමත් ජීවිතය අදටත් එහෙමමය. කිිසිදු ත‍්‍රාසයකින් හෝ භීතියකින් තොරව මේ පුවත්පත අදටත් සෘජුවත් ශක්තිවන්තවත් සිටී. මේ පුවත්පත බිය ගන්නේ් රටට දැයට සමයට ප‍්‍රශ්නයක් වුණොත් පමණි. රට කැඩෙන සෙයක් දුටුවොත් පමණි. මරාගෙන මැරීම දුටුවහොත් පමණි. එහෙත් රට දැය සමය අනතුරකට ලක් වෙන විට ඒ පව කර අපාය යන්නට වුව මේ පුවත්පත සූදානම්ය.
 
 මෙයට අවුරුදු 39 කට පෙර උපාලි විජයවර්ධනයන් විසින් දිවයින අරඹන කාලය වන විටත් ශ‍්‍රී ලංකාව පැවැතියේ වැඩවසම් රාජ්‍යයක් ලෙසය. අධිරාජ්‍යවාදය විසින් චූන් කරන ලද ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන යකඩ සපත්තුවේ අඩියේ තිබූ කොටු සලකුණ සහ කිරිබත් කැබලි හැඩ, විමුක්තිකාමී කම්කරුවන්ගේ පිටේද තිබෙනු ඒ යුගයේදී දක්නා ලදී. එකල පැවැති යූ.එන්.පිය. අද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී යූඑන්පියට වෙනස් ත‍්‍රාඩ සහ දාමරික යූඑන්පියකි. එකල පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යු.එන්.පි.යෙන් නිතර ගුටි කෑ හි`ගන ශ‍්‍රී.ල.නි.ප.යකි. අසූවේ ජූලි වැඩවර්ජනයේදී එකී වැඩ වර්ජකයන් මහමගට ඇද දැමීමට එවකට සිටි ජනාධිපති වූ ජේ. ආර්. කටයුතු කළ ආකාරයත්, එවකට පැවැති ශ‍්‍රී.ල.නි.පය එම වැඩවර්ජනයේදී ජේ. ආර්. වෙතින් ගුටි කෑ ආකාරයත් මතක ඇති අයට අප කියන කතාවේ ඇත්ත - නැත්ත පැහැදිලි කරගත හැකිය. 80 දී පාරට වැටුන වර්ජකයන් වෙනුවෙන් 81 සිට හඬ නගන ලද එකම පුවත්පත දිවයිනය. 83 දී ප‍්‍රභාකරන් විසින් අරඹන ලද සිංහල - මුස්ලිම් සංහාරයේදී ප‍්‍රභාකරන් සමග මුහුණට මුහුණ සිටගත් එකම පත්තරය දිවයිනය. එක්දහස් නවසිය අසූගණන්වල සිට අයෝමය බෞද්ධ භික්‍ෂුවක් වූ ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවෝ වරක් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට එරෙහිව දරුණු ප‍්‍රකාශයක් කළහ. ඉන් කුපිත වූ ජේ. ආර්. පේරාදෙණියේ පිහිටි උන්වහන්සේගේ පන්සල වටා කටු කම්බි වැටක් ඉදි කළහ. ඒ වෙලාවෙදී ප‍්‍රගතිශීලී බලවේගවලට අමතරව, සිරිධම්ම හිමියන්ට පක්‍ෂවත් ජේ. ආර්. ට විරුද්ධවත් නැගී සිටි එකම මුද්‍රිත මාධ්‍යය දිවයිනය. මේ වැඬේ දුරදිග ගියානම් ඊළඟට කම්බි ගැසීමට නියමිතව තිබුණේ දිවයින පත්තර කන්තෝරුව වටේය. දෘඪතර භාවය සහ දරුණු විචාරශීලීත්වය නමැති ප‍්‍රතිපත්තිය නිසා දිවයින තහනමට ලක්වීමේ තර්ජනයද කලින් කලට ඇතිවිය. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතා දුර්වලව සහ අප‍්‍රකටව පැවැතියා වූද මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදියා යන වචන පළාතකවත් නොතිබුණා වූද කාලයක මේ පුවත්පත අරඹන ලදී. මේ රටේ ප‍්‍රගතිශීලී ඡුන්ද පදනම නිතරම මේ පුවත්පත සමග සිටියේය. දිවයින නමැති නොනිමෙන පහනට තෙල් උනන්නේ අපගේ ආදරණීය පාඨකයින්ගේ හදවත් වලිනි. ඔවුනට අපගේ ප‍්‍රණාමය හිමි ය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles