Divaina - කන්න හිතෙන රටක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

desapsaමේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් වෙන රටක් ලොව නැතැයි ජ.වි.පෙ. නායක සහ ජන බලවේගයේ ජනාධිපති ධුරාපේක්‍ෂක අනුර දිසානායක පවසා ඇත. ඉකුත් 12 දා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැති වැඩ කරන ජනතා සමුළු රැස්වීමේදී එසේ කියූ ඔහු මෙසේ ද කීය; ‘‘දැන් එළඹ තිබෙන්නේ හොඳම නිදිවරන්නා තේරීමේ තරගය හෝ හොඳම සොරමුලට නායකයෙක් තේරීමේ තරගය නොව ඉදිරි අවුරුදු පහේ රට පාලනය කරන්නේ කවර කණ්ඩායමක් ද යන්න තීරණය කර ගැනීමය’’ ‘හොඳම නිදිවරන්නා’ යනුවෙන් අනුර දිසානායක අදහස් කරන්නේ කවරෙක්ද යන්න අපි දනිමු. එසේම ‘හොඳම සොරමුල’ ලෙස ඔහු හඳුන්වන්නේ එ.ජා.ප. පක්‍ෂය සහ පොහොට්ටු පක්‍ෂය බවද අපි දනිමු. කෙසේ වෙතත් මේ රට හැදීමට පුළුවන් ද නැත්නම් බැරිද යන කාරණය නොවිසඳෙන දෙයක් ලෙස තවදුරටත් පවතිනවා ඇත. ශී‍්‍ර ලංකාව ‘ඉන්න හිතෙන රටක්’ බවට පත් කිරීමේ වැඩපිළිවෙළක ප‍්‍රචාරක ව්‍යාපාරය මේ දිනවල ඇරැඹී ඇත. මෙය මහා නගර සංවර්ධන ඇමැති චම්පික රණවකගේ වැඩපිළිවෙළකි. එහෙත් අපට හැෙ`ගන පරිදි මේ රට (දැනට) ඉන්න හිතෙන රටකට වඩා කන්න හිතෙන රටකි. දේශපාලනඥයෝ ද ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ද රට කති.
 
 හොරොව්පතානේ ශී‍්‍ර ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසී සාමණේර දෙනමක් චොකලට් දෙකක් සොරා ගත්තේ යැයි කියමින් උන්වහන්සේලාට කන පැලෙන්නට පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් ‘උට්ටියා’ නමැති තිරිසන් දාමරිකයා ගැන පසුගියදා සමාජ ජාලා මගින් හෙළිදරව් කරන ලදී. මේකා දැන් හිරගෙදරය. පොලිසියෙන් අල්ලාගෙන විත් උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මේ තිරිසනා වෙනුවෙන් පෙනී නොසිටීමට කැබිතිගොල්ලෑවේ නීතිඥ සංගමය තීරණය කළේය. මේ විශිෂ්ට සහ මානුෂීයවාදී නීතිඥ සංගමයට අපගේ ගෞරවාචාරය හිමිවේ. උට්ටියා වැනි කාලකන්නින් සිටින රටක ඉන්න හිතෙන්නෙ නැත. මිනිසුන්ට හිතෙන්නේ උට්ටියාවත් කා උට්ටියා සිටින රටත් කන්නට ය.
 
 මියගිය සිය 81 හැවිරිදි මව වන වල්ලිඅම්මා රාගෙයිගේ දේහය ඇගේ එකම දරුවා විසින් ති‍්‍රරෝද රථයක පටවාගෙන ගොස් කැලයකට විසි කරන ලදැයි හැටන් ප‍්‍රදේශයෙන් වාර්තා විය. පුතා මවගේ දේහයට මෙසේ කළේ ඇගේ අවමංගල කටයුතු උදෙසා මුදල් නැති නිසාලූ. මෙවැනි රටක ඉන්න හිතෙනවා ද? එහෙම නැත්නම් රට කන්න හිතෙනවාද? වල්ලි අම්මා රාගෙයිගේ මරණය පිළිබඳ තවත් කතන්දරයක් තිබේ. ඇය මියගියේ සිය පුතාගේත් ලේලියගේත් ලොකු මුණුබුරාගේත් පොලූ පහරවලට ලක් වීමෙනි. ඒ බව ඇගේ බාල මුණුපුරා විසින් පොලිසියට කියා තිබේ. මෙවැනි මිනිසුන් ජීවත් වන රටක ඉන්න හිතෙනවාද? නැත්නම් ඒ මිනිසුනුත් සමග රට කන්න හිතෙනවාද?
 
 රත්නපුරේ ජීවත්වූ එවකට අවුරුදු 17 ක් වයස් වූ යොවුන් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සාමූහිකව දූෂණය කළ වෑල්ඩින් මංජු (ඒ. වී. සුසිත) සහ ජනක රුවන් විමලරත්න (චුටි අප්පෝ) යන නීචයන් දෙදෙනාට අවුරුදු 30 ක සිර දඬුවමක් හිමිවිය. මේ ස්තී‍්‍ර දූෂණය සිදු වූයේ මෙයට අවුරුදු 10 කට පෙරය. දූෂණයට ලක්වූ තරුණියගේ වයස මේ වන විට අවුරුදු 27 කි. සිද්ධියෙන් පසු ඇය යළි කෙදිනකවත් පාසල් ගියේ නැත. ඇගේ උසස් අධ්‍යාපනය මෙන්ම ජීවිතය ද සම්පූර්ණයෙන්ම කඩාකප්පල් විය. සාධාරණ සමාජයක් අපේක්‍ෂා කරන සිවිල් පුරවැසියන් වන අප කළ යුත්තේ කුමක්ද? වෑල්ඩිං මංජු සහ චූටි අප්පෝ වැනි අයගේ අතපය වෑල්ඩින් කරන ලෙස සමාජයෙන් ඉල්ලා සිටීමද? එහෙමත් නැත්නම් එම සිද්ධීන් සඳහා ඔවුන් යොදාගත් උපකරණ ප‍්‍රසිද්ධ සභාවකදී කපා ඉවත් කිරීමද?
 
 මේ රට ඉන්න හිතෙන රටක් ද නැත්නම් කන්න හිතෙන රටක් ද යන්න තීන්දු කිරීම ජනතාවට භාරය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles